Friday , December 3 2021
Breaking News

Forever My Girl (2018) Sinhala Subtitles | සදහටම අපි අපේ [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 45 votes.
Please wait...

වසර අටකට පෙර

මට හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා. ඔයාලට හිතා ගන්න පුලුවන්ද අද දවස මොකක්ද කියලා. කෙල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම දවස! සුදු පාට මංගල ගවොමකින් සැරසිලා හිටපු මට, කුවින් නෝනා ගෙනැත් දුන්නා ලස්සනම ලස්සන මල් කලඹක්! මේ මල් වගේම මගේ ජීවිතෙත් අදින් පස්සේ ලස්සන වෙයි, සුවඳ දෙයි. හැමෝම වර්ණනා කරන්නේ මගේ ලස්සන! සතුටට අපේ අම්මා අඩන්නත් ගත්තා. ඇත්ත තමයි, මගේ ඇස් සතුටින් දිලිසෙනවා, මාව සතුටින් පිරිලා ඉතිරිලා ගිහින්. මේ විදියට මාව දැක්කොතින් එයා මොනවා කියයිද! කියන්න අමතක වුනානේ, එයාගේ නම ලියම්. ලියම් පේජ්. එයා ගොඩාක් හොඳ කෙනෙක්. අපේ ආදර කතාව පටන් ගත්තේ ඉස්කෝලේ කාලෙදි. එයා මට පිස්සුවෙන් වගේ ආදරේ කරා. මටත් එයාට වඩා කෙනෙක් හිටියේ නෑ. එයා මේ දවස් වල ටිකක් ප්‍රසිද්ධයි. ඇත්තටම කිව්වොත් එයාට සින්දුවෙන් කෙනෙක්ව පිස්සු වට්ටන්න පුලුවන්. රේඩියෝ එකෙත් එයාගේ සින්දු යනවා. ඉතින්, මගේ ජීවිතේ හැමදේම හිතනවටත් වඩා ලස්සනට සිද්ධ වෙනවා. නියමයි නේද?

වසර අටකට පසු

මුලින්ම කියන්නම් මම ඔයාලා හිතන තරම් හොඳ මිනිහෙක් නෙවේ වෙන්නැති. මට මගේම හේතු තියනවා. අතීතේ මට හරියට හීනයක් වගේ.මම කැමතියි, බැඳීම් නැති වෙන තරමට. ජීවිතේට එක එක්කෙනා එනවා, යනවා. එහෙමයි කියලා මම එයාලාව මගේ ජීවිතේ කොටසක් කරගන්න යන්නෙ නෑ. මම ගොඩක් වැඩ අධික මනුස්සයෙක්. ඔව්, සමහරවිට කසාදයක් බඳින්න, දරුවෙක් හදන්න මට ඕනකමක් නැත්තේ ඒ නිසා වෙන්නත් ඇති.මම ගායකයෙක්. පත්තර වල මං ගැන කියන්නේ සුපිරි ගායන තරුව ලියම් කියලා. බොරු කියන්න ඕන නෑනේ, වැඩියෙන්ම මට පිස්සු වැටිලා ඉන්නේ කෙල්ලෝ. මගේ ජීවිතේ ඔහේ ගත වෙනවා. කෙල්ලෝ, මත්පැන්, සංගීතේ, ඕවාත් එක්ක. අපරාදේ කියන්න බෑ මගේ හැමදේම බලා කියා ගන්නේ සෑම්. මිනිහා නැත්නම් මට මොකුත් කරගන්න වෙන්නේ නෑ. මොකද මම ගොඩක් වෙලාවට හොඳ සිහියෙන් නෙවේනේ ඉන්නේ.

ඕක තමයි මට ඔයාලට කියන්න පුලුවන් ටික. මම තාමත් ඉස්කෝලේ කාලේ පාවිච්චි කරපු කසිකබල් ෆෝන් එක පාවිච්චි කරන්නෙ මොකද, හැමදාම මම අහන වොයිස්මේල් මැසේජ් එක කාගෙන්ද, කවදාවත් ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා නැද්ද වගේ අනවශ්‍ය ප්‍රශ්න මගෙන් අහන්නෙපා.

අවුරුදු අටකට කලින් කතාවකුයි, ඊට පස්සේ කතාවකුයි එකට සම්බන්ධ වුනොත් සමහරවිට ජීවිතේ පෙරළියක් වෙන්නත් ඉඩ තියනවා. මුලින්ම කියන්නම්, පිටින් බලලා කාටවත් චරිත සහතික දෙන්න යන්නෙපා. සමහරවිට හිතන්නෙවත් නැති හේතුවක් දෙන්නෙක් වෙන් කරන්න පුලුවන්, දෙන්නෙක් එකතු කරන්නත් පුලුවන්. Forever my Girl 2018 චිත්‍රපටය, Bethany Ashton Wolf ගේ අධ්‍යක්ෂණයෙනුත්, Alex Roe සහ Jessica Rothe ගේ අපූරු රංගනයෙනුත් හැඩ වුන මේක බොහොම සුන්දර, සංගීතයත් එක්ක හරි අපූරුවට ගලා යන, සංවේදි ආදර අන්දරයක්. මෙය IMDb දර්ශකයේ 6.5 ක අගයක් දිනා ගන්නට සමත් වී තිබෙනවා.

ඇත්තෙන්ම මේ චිත්‍රපටයට සිංහල උපසිරැසිය ගේන්න හිටියේ අපේ සොහාන් මල්ලි. එයාට වෙලාවක් හොයා ගන්න අමාරු නිසා සිසිල අයියා තමයි මගෙන් මේක කරන්න කැමතිද කියලා ඇහුවේ. ඉතින්, ඇඩ්මින් සිසිල අයියටයි, සොහාන් මල්ලිටයි ස්තූතියි. ලස්සනට සබ් එක කරන්න අක්කේ කියලා, සොහාන් මට කිව්වත් එක්ක. ලස්සනද කියලා ඉතින් ඔයාලා තමා බලලා කියන්න ඕනේ.

එහෙමනම්, ආදරය, වේදනාව මුසු වුන බොහොම අපූරු ගීත කිහිපයකුත් රස විඳින්නට මේත් එක්කම ඔයාලට ආරාධනා කරලා මම සමුගන්නම්.

ආයුබෝවන්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. WDL සඳරුවන් ....

    Thanks for sub…

  2. Thank you…

  3. sudharaka Jayanath

    sub ekta sthithi sis!

  4. yasith Maduran

    Good…..

  5. Thank u for sub..

  6. Sub eakata thanx

  7. හොදටම කරලා තියනවා ..මමත් තාත්තා කෙනෙක් උනා විතරයි.ඒකනම් වැදුනා නියමෙට ඇඩුනා කදුලු බාල්දිගනන්…කියන්ඩ වචන නෑ සුපිරි. ජය!!

  8. Thank you

  9. හැමෝටම බොහොම ස්තූතියි!

  10. Thank You Helili sis & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……..

  11. nimal dissanayake

    මේ ලස්සනම ලස්සණට වැඩේ කරලා තියෙන්නේ.
    ෂෝක්! හැබැයි දුකයි. හරිම සංවේදී ෆිල්ම් එකක්!
    තෑන්ක්ස් හෙළිලි!

  12. Subta Thanks

  13. Sub එක නැහැනෙ…
    “සොයා ගත නොහැක” කියලා එනවා

  14. AsithaDilruwan

    ela ela sahi thanks

  15. thankszz

  16. Thank u wagema mage subapethum sis.

  17. lakmal chathuranga

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට මෙවැනි සුන්දර film වලට සබ් කරන්න ශක්තිය ලැබේවා !!!

  18. සිංහල උපසිරැසියට ස්තුතියි
    ජය.

  19. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
    ජයෙන් ජය.

  21. dilipvijethunga

    Thank you mchn

  22. උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  23. Naleen_De_Zilva

    Wow….
    Perfect…
    Thanx Helili….

  24. Pasan_Madusankha

    Bohoma Sthuthiy Sahodaree.. Jaya Wewaa..!

  25. සබ් එකට ගොඩාක් ස්තූතියි. තව තවත් මෙවැනි සුන්දර film වලට සබ් කරන්න ශක්තිය ලැබේවා !!!
    ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!
    ✌️

  26. ස්තූතිය

  27. බොහොම ස්තූති උපසිරසියට !!!

  28. thank you

  29. maheesha.kaweesha

    Romance Movie.Great Sister….

  30. සොහාන් ජයසූරිය

    ගොඩක් ස්තූතියි අක්කේ උපසිරසට.. ආසාව තිබ්බට කරගන්න වෙලාවක් නැතුව මං හිර වෙලා හිටියේ.. අනිවා අක්කා ලස්සනට සබ් එක කරලා ඇති.. ඒක ආයෙ අහන්න දෙයක් නෑ.. ජයවේවා අක්කේ…

  31. Thank You sis

  32. niayamai…..lassana storyak wge…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  33. Meka dei kiyalanam nikan vath hitune na .thx for sub sis digatama sub denna labeva kiya hadavatinma partana karanava sis obata jaya….

  34. උපසිරැසියට බොහෙම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  35. Gathsara Umesh

    Bhoooom sthuthiyi akkee

  36. බොහොම ස්තුතියි

  37. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  38. විදුෂාන් සජිත්

    එනකන් බලන් හිටපු කතාවක්.. බොහොම ස්තූතියි සොයුරිය උපසිරැසියට!!.. දිගටම යමු, ජය වේවා!!..
    ලිපිය මැද තිබුණ පරණ ෆෝන් එකේ කතාව කතාවෙම කෑල්ලක්ද කියලා ටික වෙලාවක් යනකන් හිතාගන්න බැරි උනා. (“කවදාවත් ඇත්තටම ‘කෙල්ලෙක්ට’ ආදරේ කරලා නැද්ද.”) කමක් නෑ කොහොම උනත් දුක හිතුනා කියවද්දී.. 🙁 🙁

  39. අක්ක ෆිල්ම් එක දෙනකන් මග බලන් හිටියේ. දැන් ඉතින් අර දෙක එක්ක මේකත් බලන්නෙපැයි. බුදු සරණයි අක්කට.

  40. ෆිල්ම් එක හිරවෙලා තිබ්බ වෙලාවේ බැහැ කියන්නේ නැතුව බාරගෙන කරලා දුන්නට බොහොම ස්තුතියි.
    මේක බලන්න වටින කතාවක්. ඒ නිසා අනිවාර්‍යයෙන්ම බලනවා.
    එහෙනම්, ජයවේවා!

error: Alert: Content is protected !!