You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / Geukhanjikeob (2019) AKA Extreme Job Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Geukhanjikeob (2019) AKA Extreme Job Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 23 votes.
Please wait...

Extreme Job කියන්නෙ 2019 ජනවාරි 23 තිරගත කිරීම ආරම්භ කරපු action\comedy ගණයට අයත් වෙන දකුණු කොරියානු චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය twenty 2015 චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Lee Byeong-heon. (twenty චිත්‍රපටිය බලපු අයට මතක ඇති ඒක මොනතරම් හිනායන චිත්‍රපටියක්ද කියලා. මේකත් ඒ වගේම හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි.) මේ චිත්‍රපටියෙ බජට් එක වොන් බිලියන 6.5 ක් (ඇ.ඩො මිලියන 5.8) වෙනකොට දවස් 15 ක් ඇතුලත වොන් බිලියන 91.5 ක්(ඇ.ඩො මිලියන 81.6) ආදායමක් උපයගන්න සමත් වෙලා තියෙනවා. කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ කොරියාව තුල වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය හැටියට මේවනවිට මේ චිත්‍රපටිය අංක 1 ට පත්වෙලා තියෙනවා. මීට කලින් අංක 1 ට තිබුනෙ The Admiral: Roaring Currents කියන චිත්‍රපටය. (හැබැයි ‘world wide ගත්තම මේ චිත්‍රපටිය වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටිය හැටියට තාම අංක 1 ට තියෙනවා.)

ප්‍රධාන චරිත හැටියට Ryu Seung-ryong, Lee Hanee, Jin Seon-kyu, Lee Dong-hwi and Gong Myung යන අය රංගනයෙන් දායක වෙනවා. (බලද්දි තේරෙයි කවුද කවුද කියලා. දැකල පුරුදු අය.) imdb 7.1 ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට 86% ක Rotten Tomatoes අගයකුත් ලැබිල තියෙනවා. විනාඩි 111 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය සෝල් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකේ කණ්ඩායමක් වටා තමා දිව යන්නෙ. මේ කණ්ඩායම සාමාන්‍යයෙන් වැඩ අනාගන්න ජාතියෙ සෙට් එකක්. අනිත් හැමෝටම උසස්වීම් ලැබෙනකොට මේ සෙට් එකයි ඒකෙ ලොක්කයි වේලි වේලි ඉන්නවා. දවසක් මේ ටීම් එකේ ලොක්කට අපරාද අංශෙ ලොක්ක ඔත්තුවක් දෙනව, කොරියාවෙ ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයයි තව මැර කණ්ඩායමකුයි එකට එකතුවෙලා වැඩ කරනව, ඒ ගැන හොයන්න කියලා. (හොයල දැනුම් දෙන්න තමයි තියෙන්නෙ.) ඉතින් මේ මැරයො ටික ටික නැවතිලා ඉන්නෙ පොඩි තැනක. මෙතන චිකන් විකුණන පොඩි හොටෙල් එකකුත් තියෙනවා. පොලිසියෙ සෙට් එකත් ඉතින් මේ කඩේට වෙලා අර මැරයො ගැන ඇහැගහගෙන ඉන්නෙ උන්ගෙ ලොක්ක එනකල්. දවසක් ගියත් පොර එන්නෙ නෑ. පස්සෙ දැනගන්නව මේ මැරයො මේ කඩෙන් කෑම ඕඩර් කරනවයි කියල. ඉතින් ඊළඟ දවසෙ කෑම ඕඩර් කරාම පොලිසියෙන් එක්කෙනෙක් ඇතුලට ගිහින් ඔත්තු බලන්න තමයි ඉන්නෙ. ඒත් වැඩේ කියන්නෙ මේ කඩේ අරින අන්තිම දවස තමයි එදා. මේ කඩේට වෙන කවුරුත් එන්නෙ නැති නිසා බිස්නස් පාඩුයි. ඒ නිසා කඩේ විකුණන්න දාන්න හදන්නෙ. ඉතින් රටේ ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරය එනකල් මුන් ඉන්නත් ඕනෙ නිසා කඩේ සෙට් එක සල්ලි වලට ගන්නවා. කඩේට වෙලා ප්ලෑන් එහෙම ගහනකොට කස්ටමර්ස්ල එන්න පටන් ගන්නවා. මුන් අතින් වැරදිලා අළුත් වට්ටෝරුවක කෑම එකක් හැදෙනවා. මේකෙන් තව තව මිනිස්සු කඩේට එන්න ගන්නවා. ඔත්තු බලන වැඩේ පැත්තකට දාල කට්ටිය කඩේ වැඩ කරගෙන යනවා. අන්තිමට එතන මැර සෙට් එකත් මාරු වෙලා ගිහින් රස්සාවත් තහනම් වෙන තත්වෙට වැටෙනවා.

ඔහොම තමයි කතාව යන්නෙ. සාරාංශෙ තේරුණේ නැත්තන් චිත්‍රපටියට බලනකොට තේරෙයි මොකක්ද වෙන්නෙ කියලා. එහෙනම් වෙන දවසක තවත් චිත්‍රපටියක් අරන් එනකල් අදට ගිහන් එන්නම්.

(තව දෙයක් කියන්න ඕනෙ.මම මේ චිත්‍රපටියට උපසිරැසිය කරන්න අහනකොට වෙන කෙනෙක් භාර අරගෙන තිබුණා. ඒත් මං කොහොම හරි කියල කරන්න ඉල්ලා ගත්තා. කවුද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි එයාටත් ස්තූතියි මට මේ චිත්‍රපටියට සබ් එක කරන්න ඉඩ දුන්නට.)

ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

21 comments

  1. උපසිරිසියට බොහොම ස්තුති the keys to the heart (2018) korean movie ekata sub dennako

  2. thanks bro….

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Sub ekata thanx

  5. bohoma sthuthi sahoo

  6. Thanksssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. Thnxxxxxxxxx

  8. pushpika chandimal

    super wadak bro

  9. pushpika chandimal

    super bro

  10. ඔයාගෙ film නම් එකක් වත් miss කරන්නෙ නෑ.. Site එකට රත්තරන් වටිනව. ඒ තරමට සුපිරි. මේක නම් maximum. කාලෙකට පස්සෙ මාරම ආතල් movie එකක්. බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය වේවා.

  11. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….

  12. Thanks broo

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. බොහොම ස්තූතියි සහෝ
    පුළුවන්නම් The Battle: Roar to Victory (2019) සබ් දෙන්න
    ජය වේවා!

  15. බොහොම ස්තුතියි නියම වැඩක්

  16. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  17. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

  18. ගොඩක් ස්තුතියි උපසිරැසි දුන්නට මේ ෆිල්ම් එකට.

error: Alert: Content is protected !!