Monday , September 28 2020
Breaking News

Grown Ups (2010) with Sinhala Subtitles | එදත් එකයි, අදත් එකයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 9 votes.
Please wait...

මෙන්න ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය පට්ටම ෆිල්ම් එකක් එක්ක කට්ටියට අරන් ආවා.අපේ ගොඩාක් දෙනෙක් මේ වෙනකොටනම් මේ ෆිල්ම් එක බලලා ඇති. ඒත් මෙතෙක් කවුරුත් සබ් නොදී තිබුන නිසා නොබලපු අයටත් වඩා හොඳින් බලන්න මම මේකට සබ් නිර්මාණයකරා.ෆිල්ම් එකගැන කියනවානම් මේක comedy ගනයට අයත් සුපිරිම ෆිල්ම් එකක්. IMDb අගයනම් මේකට 5.8 වගේ සාමාන්‍ය අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒත් මේක බොහෝ දෙනෙක් නැරඹු ආදායම් අතින් ගොඩාක් සාර්ථක ෆිල්ම් එකක්. මේ වසරේ පහුගිය ජූලි 12 වෙනිදා මෙහි දෙවන කොටසත් නිකුත් කිරීම නිසා පළමු කොටසේ සාර්ථකත්වයට තව සාධක ඕන වෙන්නේ නෑ. තව මේකට දායක වෙලා ඉන්නෙත් සුපිරිම නළුවෝ සෙට් එකක්. අපි කවුරුත් දන්න Adam Sandler (Lenny),Kevin James (Eric),Chris Rock (Kur), David Spade ( Higgins) සහ Rob Schneider (Rob) මේකෙ ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්න කලින් දැන්ම ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දාගන්න. 😉

කථාව ගැන කියනවානම් කුඩාකල සිටි මිතුරන්ව සිටින යාළුවන් පස්දෙනෙක් සහ එයාලගේ පවුලේ සාමාජිකයින් වටායි කථාව නිර්මාණය වෙලා තියෙන්නේ. ෆිල්ම් එක කෙලින්ම පටන් ගන්නේ 1978 අවුරුද්දේ මේ යාළුවො පස්දෙනා සෙල්ලම් කරන පැසිපන්දු තරගයකිනුයි. ඒ තරගයෙන් මේ පස්දෙනා ජයග්‍රාහනය ලබන අතර ඒක මොවුනුගේ පුහුණුකරු ලැබු පළවෙනි හා අවසාන ජයග්‍රාහණය වෙනවා. මේ සිද්දියෙන් වසර 30කට පසු දවසක මේ යාළුවන් පස්දෙනා නැවත පවුලේ කට්ටිය එක්කම පුහුනුකරුගේ අවමගුලෙදි හමුවන අතර ඒත් එක්කම මේ කට්ටියටම සති අන්තය ගත කිරීමට හොලිවුඩ්වල චිත්‍රපට කර්මාණ්තේ ලොකු ඒජන්කවරයෙකු වෙන Lenny විසින් ගෙයක් කුළියටගනී.ඒත් Lennyට යාළුවන් එක්ක ඉන්න අවස්ථාව තියෙන්නේ නම් එක දවසක් විතරයි.මොකද එයාගේ බිරිදගේ විලාසිතා දැක්මකට මිලාන් යන්න ලෑස්තිකරන් ඉන්න නිසා. ඒත් ලෙනීටනම් ඕන හැමොම එක්ක සාමාන්‍ය විදිහට නිවාඩුව ගෙවන්න. ඒකට පොඩි උපක්‍රමයකුත් හදාගෙන තමා Lenny මෙතනට එන්නේ.

තව මෙයාලට මෙහෙදී තවත් කණ්ඩායමකින් පොඩි අභියෝගෙකුත් ලැබෙනවා. ඒ කණ්ඩායම කවුද? මොකක්ද ඒ අභියෝගය කියල දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙයි.මිටවඩානම් දෙයක් මම කියන්නේ නෑ. ඒත් මට කියන්න පුළුවන් කට්ටිය අනිවා මේකට ගොඩක් කැමති වෙනවා කියලා. මොකද පටන්ගැන්මේ සිට අවසානය දක්වාම මේකෙ හිනා වෙන්න දේවල් පිරිලා. පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා අඩුපාඩු ඇති, ඒවත් මගේ ඊලඟ නිර්මාණයට කලින් පෙන්වලා දෙන්න කියලා මම කට්ටියගෙන් ඉල්ලනවා. මේ වෙද්දිනම් මෙහි දෙවැනි කොටසෙත් හොද කොපි නිකුත්කරලා අවසානයි. මමනම් ඒකත් බලලා ඉවරයි. ඉක්මනට ඔයාලට දෙවැනි කොටසත් බලන්න ලැබේවා කියලා මම හිතනවා. හැබැයි ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ මොකද අපිත් එක්ක බයිස්කෝප් සිංහලෙන් ඉන්න නිසා. අනිවා ඒකටත් සබ් දෙයි. මට අවස්ථාව ලබා දුන්නට බයිසකෝප් සිංහලෙන් අඩවියට ස්තූකි කරනවා .එහෙනම් කට්ටියටම ජයවේවා!

2010 ජූලි 22 රොයිලි ප්‍රනාන්දු සොහොයුරා පල කළ ලිපිය.

අද අරගෙන ආවේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් මැක්සා බයිස්කෝප් එකක්. කාගෙද? ඔව් මේක තමයි “Adam Sandler”ගේ අළුත්ම චිත්‍රපටිය. මේකෙ ඔහුත් සමඟ ඉන්නෙත් ලේසි පහසු විකට නළුවො ටිකක් නෙවෙයි. “Kevin James”, “Chris Rock” සහ “Rob Schneider” මෙහි ඉන්නවා. ඇයි තව Salma Hayek වත් කාලෙකින් දැකපු නැති අයට බලාගන්න පුළුවන්. 🙂

මේකේ ඉන්න යාළුවෝ පස් දෙනාගේ පාසල් කාලයේ ඔවුන් කනිෂ්ඨ පැසිපන්දු ශූරතාවය දිනාගෙන තියෙනවා. ඔවුන් ඒ ජය සමරන අවස්ථාවේ ඔවුන්ගේ පුහුණු කරු පවසනවා ඔවුන් එකිනෙකා තම තමුන්ගේ ජීවිත බොහොමත්ම සරල ලෙස, නැතහොත් ඔවුන් ක්‍රීඩාකළ ආකාරයටම ගත කරන්න කියා. දැන් අවුරුදු 30 කට පසුව ඔවුන් වෙන් වී ඇතැමුන් විවාහ වී බොහොමත්ම කාර්යය බහුල ජීවිත ගෙවමින් සිටින විට ඔවුන්ට ආරංචි වෙනවා තම ආදරණීය පුහුණුකරු මෙළොවින් සමුගෙන ඇති බව. ඉතින් ඔවුන් තම පවුල් සමඟ අවමගුලට සහභාගී වීමට පැමිණෙනවා. ඒ වනවිට ඇමෙරිකා නිදහස් දින නිවාඩුව යෙදිලා තියෙන නිසා ඔවුන් වැඩිපුරටත් එක්ක සතියක් නැවතිලා ඉන්න සැලසුම් කරනවා. පුදුමවෙන්න දෙයකුත් නෙවේනේ අවුරුදු 30 කට පස්සෙ මොනතරම් දේවල් ඇද්ද කතා කරන්න. ඒත් කට්ටියට තියෙන්නෙ විවිධාකාරයේ ප්‍රශ්න.

මෙතනින් එහාට කතාව කියන්න අවශ්‍ය නෑ කියලා හිතෙනවා. බාගෙන බලන්න. කාලෙකින් බඩ අල්ලගෙන හිනාවෙන්න බැරිවුණු අයට විශේෂයෙන් නිර්දේශ කරනවා. 😛

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දික පතිරණගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/10/26

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. Thanks for Sub!

  2. Dinith Kaluperuma

    Thank you

  3. thanks bro….

  4. Thank u Randika.

  5. උපසිරැසියට බොහොම ස්තූතියි…

  6. Patta thank bro.. jaya wewa!!!

  7. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  8. PATTA………thankz

  9. bohoma stuti saho…… .

  10. niyama film ekak

  11. Thanks!!!!!!!!!!!!!!!!!!

  12. එල එල බොහොම ස්තුතියි සහෝ…

  13. patta film 1a maxxxa aaa thanks jayawewa බයිස්කෝප් ….. 🙂

  14. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බයිස්කෝප් අඩවියට ආදරයෙන් පිලිගන්නවා, දිගටම සබ් දෙමු,පළමු එකට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  16. not working සිංහල උපසිරැසි
    pls sen sinhala corect
    font

  17. සිරා…. සුපිරිම එකක් ඇ…. මම දැන් ෆිල්ම එක බැලුවා විතරයි… 😀

  18. නියමයි බොස් ………………..
    හොඳටම තියෙනවා

    • Randika Pathiranage

      ස්තූතියි සහෝදරයා. ඔයාලගේ අදහස් මට මීළග සබ් එකට හයියක්.

  19. බොහොම ස්තූතියි රන්දික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    • Randika Pathiranage

      ඇගයීමට ස්තූතිය රොයිලි සහෝදරයා. බයිස්කෝප් සිංහලෙන් අඩවියට එකතුවෙන්න ලැබුන එකත් මට ගොඩක් ලොකු සතුටක්

  20. thanks macho..

  21. Amila Kaushalya

    1st Vadata Suba Bro Randy film 1nam Fatta bn Thanx Sub dunnata.ikma thavath sub denna labava kiyala Wish karanava bn

  22. mudiya / මුදියා

    ඔන්න මචං බාන්න දාලයි තියෙන්නෙ.ඊට පස්සෙ තමයි කොමෙන්ටුව දාන්නෙ.
    මුලින්ම පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම් රන්දිකයො.
    නියම ෆිල්ම් එකක් කියල හිතෙනව එකෙන්ම.
    ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!

  23. තෑන්ක්ස් සහෝ

  24. Thaks machan

  25. deweni ekatath sub denna…maxxxxxxaaaa

  26. කට්ටියගෙම හොද ප්‍රතිචාරවලට ගොඩාක් ස්තූතියි.
    ෆිල්ම් එක බලලම මගේ අඩුපාඩුත් පෙන්නල දෙනවනම් මට තවත් සතුටුයි.
    මට පේන විදිහට කට්ටිය දෙවැනි කොටසත් බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ වගේ.
    බය වෙන්න දෙයක් නැහැ. අපේ බයිස්කෝප් සිංහලෙන් අඩවියේම සහෝදරයෙක් මේ වෙනකොටත් ඒකට සබ් දෙන්න වැඩපටන් අරන් තියෙන්නේ. ඒ නිසා දෙකත් ඉක්මනටම ලැබෙයි කට්ටියට බලන්න. මමත් මේ වෙද්දී තවත් මේ වගේම ෆිල්ම් එකකට සබ් හදන්න පටන් අරන් ඉන්නේ. හැකි ඉක්මනින්ම ඒකත් ඔයාලට දෙන්න මම හිතන් ඉන්නවා.

  27. “චූටී මල්ලි”

    මචන් 2නි එකත් ඔයාම දුන්නනම් හරි
    ඉක්මනටම
    ටික කාලයයි වෙන්නෙ ඒක ඇවිත්
    මේක තාම බලලා නෑ
    සබට තුති
    ඔබට ජය…………

    • බොහෙම ස්තූතියි සහෝ! දෙවැනි කොටසට සබ් හදන්න මේ වෙද්දීම
      අපේ බයිස්කොප් එකේ සහෝදරයෙක් වැඩ පටන් අරන් ඉන්නේ. ඒ නිසා ඒකත් ලගදිම ලැබෙයි.

  28. එල එල. පළවෙනි උපසිරැසියට සුභ පැතුම්.
    මතක විදිහට මේගේ දෙවෙනි කොටසකුත් තියෙනවද කොහෙද.
    ඒකත් දෙමු!
    ජයවේවා!

  29. නියමයි පළමු නිර්මාණයට සුබ පතනවා,මමනම් මේක බලලා නෑ,ඒ නිසා ඔන්න ගන්නවා,thanks

  30. fatta thankz bro…

  31. හර්ෂ ලහිරු

    මේවගේ කොමඩියක් නම් අනිවා බැලිල්ලක් තමයි
    ජයවේවා සහො මේකෙ දෙකත් දෙමුනේ

  32. ස්තුතියි මචෝ සබ් එකට. පලවෙනි වැඩේට සුබ පතන ගමන්ම දෙවෙනි එකත් ඉක්මනටම දෙන්න කියලා ඉල්ලනවා.

  33. දිල්ෂාන් කාලිංග

    එල එල…
    මේවානම් පට්ටයි මචෝ…
    හිනහ වේවි බලන්න පුළුවන් කිසි අවුලක් නැතුව.
    බොහෝ…..ම ස්තුතියි.
    සුබ පතනවා පළමු උපසිරසියට.
    ඒ වගේම ඉදිරියටත් අපත් සමඟ රැඳෙන්න කියල ඉල්ලනවා.

  34. pattai wage

  35. Saman Prasad (Black Cobra)

    ammo dan sata sata gala site ekata sub dena aya bahinawane. ela ela. digatama apith ekka imu. sub ekata thanx saho… jaya…!!!

  36. elazzz thnxzzz

  37. සබ් එකට බොහොම තුති ඊගාව සබ් එකත් ලගදීම දෙමු යාළුවා

  38. maxxa machan good luck

  39. bohoma pin digatama baiscope akath akka subs demu

  40. තැන්ක්ස් වේවා!

  41. ela ela ela

  42. nice work machan subs line ganath wadi akakin palamu aka patan gena thiyenne digatama yamu gamane

  43. දෙවෙනි එක දෙන්න කලින් පළමු සබ් දුන්න එක එල නැත්තම් කතාව තේරෙන්නේ නෑ නේ

    ජය වේවා පළමු වැඩේට

    දිගටම සබ් දෙමු

  44. suba pathum!

  45. shaa niyamai 2 weni aketh subs demu 😀

  46. rusuru | රුසිරු

    පළමු වැඩේට සුභ පැතුම්~!

  47. meyaka patta film aka 😀 thanks

  48. thanks saho thwath subs demu issarahata

  49. ah meyka balala na 1 balala dan 2 kath balanna ahaki 1 st akata cngrtzzzzzz

  50. palamu wadeyta suba pathum!!!!

error: Alert: Content is protected !!