Tuesday , January 25 2022
Breaking News

Hotel Mumbai (2018) Sinhala Subtitles | ජීවිත සිය ගණනක් අහිමි කල අන්තවාදී ත්‍රස්තයින්ගෙ”26/11″ ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ] 18+

Rating: 9.3/10. From 60 votes.
Please wait...

වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරලා අපේ රටේ සියලු ජාතීන්ට සාමයෙන් සතුටින්, කිසිදු ජාති භේදයකින් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට හදලා දීලා තිබුනා. එහෙම යුද්ධය නිමා කරලා අපි අවුරුදු 10 ක් යනකල් කිසිදු යුධ බියකින් තොරව ජීවත් වුනා. දැං ඉන්න පොඩි උන් ඒ බය දන්නෙ නෑ. යුද්ධෙ කාලෙ ඒවට මුහුණ දුන්න, ඒ වගේම අම්මලා තාත්තලා ඒ කාලෙ යුධ හමුදාවෙ සේවය කලා නම් ඒ පවුල් වල අය මේක හොදට දන්නවා.

ඉතිං ඔහොම ආතල් එකේ කාලෙ ගත කරපු අපිට වසර 10 පස්සෙ එක පාරටම බෝම්බ පිපිරීමක් ගැන අහන්න ලැබෙනවා 2019 අප්‍රේල් 21 ඉරිදා දවසෙ. එදා තමයි කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදාව සමරන්න දේවස්ථාන වල එක් රැස් වෙලා හිටියෙ. එහෙම දෙවියන් වදින්න ගිය අයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් කුරිරු ප්‍රහාරයක් එල්ල කරනවා. ඇත්තටම එක තැනකට නෙවෙයි, මං පහලින් සඳහන් කරන්න ප්‍රහාර එල්ල වුන වෙලාවන් සහා ස්ථාන.

Time (UTC+05:30) Locations

  • 8:25 AM Negombo: St.Sebastian’s Church
  • 8:45 AM Colombo: St. Anthony Church, Kochchikade
  • 9:05 AM Batticaloa: Zion Church
  • 9.15 – 9.20 AM Colombo: Cinnamon Grand Hotel, Kingsbury Hotel, Shangri-La Hotel
  • 2:00 PM Dehiwala: Tropical Inn
  • 2:15 PM Dematagoda: Housing complex

මේ සියළුම ප්‍රහාර වලින් ශ්‍රී ලාංකික පමණක් නෙවෙයි විදේශීය ජාතිකයින් ඇතුලුව 250 කට අධික පිරිසක් මිය ගියා. ඒත් එක්කම ප්‍රහාරය තවුහිද් ජමාඅත් කියන මුස්ලිම් සංවිධානය විසින් දියත් කල එකක් බවට අනාවරණය වුනා වගේම රට පුරා සෝදිසිකිරීම් ආරම්භ වුනා, රටේ තිබුන නිදහස් බව මුලු මුලින්ම නැති කරමින්. එතකොට ඇයි මෙහෙම දෙයක් මේ අය කලේ. ඒකට උත්තරේ දැං කවුද නොදන්නෙ නේද.

දැං මේක කියවන අය බලයි මූ මොකද මේ කතාව මෙතන ඇදලා ඇරන් තියෙන්නෙ කියලා. මේකයි සීනෙක….

පෝස්ට් එක ඇතුලට එනකොට ෆිල්ම් එකේ නම දකින්න ඇතිනෙ, “Hotel Mumbai”. මේ චිත්‍රපටිය බලනකොට මට සම්පූර්ණයෙන්ම වගේ මතක් වුනේ අපේ ලංකාවෙ සිද්දවුන පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒ ඇයි කියලා දැං කියන්නම්….

2008 මුම්බායි ප්‍රහාරය එහෙම නැත්තං 26/11 ප්‍රහාරය යනුවෙනුත් හදුන්වන ඉන්දියාවෙ මුම්බායි නගරයෙ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන අන්තවාදී ත්‍රස්තයින් විසින් ප්‍රහාර මාලාවක් 2008 නොවැම්බර් 26 වෙනිදා දියත් කරනවා. අන්තර්ජාලයෙ සදහන් වෙන අන්දමට මේ ප්‍රහාරය පාකිස්තානය මූලික කරගත්ත Lashkar-e-Taiba නමින් හැදින්වෙන සංවිධානයෙ සාමාජිකයින් 10 දෙනෙකු විසින් තමයි සිද්ද කරලා තියෙන්නෙ. මේ ප්‍රහාරය හේතුවෙන් 174 දෙනෙක් මිය ගිහින් තියනවා ත්‍රස්තවාදී 9 දෙනෙක්ද ඇතුලත්ව. ඒ වගේම 300 ට අධික පිරිසක් තුවාල ලබලා තියනවා. එතකොට මේකෙ අරමුණ මොකක්ද, ඒක ෆිල්ම් එක බලනකොට තේරෙයි. ලංකාවෙ ප්‍රහාරයෙ අරමුණට සමානයි.

එතකොට කොහෙටද මේ පහරදීම සිද්දවුනේ. ලංකාවෙ පාස්කු ප්‍රහාරය වගේමයි. එක තැනකට නෙවෙයි, හෝටල්, රෝහල්, දුම්රිපොළවල් ඇතුලු ස්ථාන කිහිපයකටම මේ ප්‍රහාරය එල්ල වෙලා තියනවා. ඒකයි මං කිව්වෙ මේක බලද්දි මට මතක් වුනේ අපේ රටේ වුන පාස්කු ප්‍රහාරය කියලා. දැං බලමු මේ ප්‍රහාර එල්ල වුන තැන් මොනවද කියලා.

දකුණු මුම්බායි හි චත්‍රපති ශිවාජි දුම්රියපොළ, Oberoi Trident, ටාජ් පැලස් හෝටලය, ලියෝපෝල්ඩ් කැෆේ, මෙට්‍රො සිනෙමා, කමා රෝහල, Nariman House Jewish community centre, Times of India ගොඩනැගිල්ල පිටුපස මාර්ගයක, St. Xavier’s College, ඒ වගේම Mazagaon ඩොක් යාඩ් හි වගේම Vile Parle වලදි ටැක්සියක පිපිරීමක් සිද්දවෙලා තියනවා. ඔය තමයි ප්‍රහාරයට ලක්වුන ස්ථාන ටික.

මුම්බායි හි ටාජ් හෝටලයෙ එක් පසක් 2008 නොවැම්බර් 27 දා රාත්‍රියෙ ගිනිගන්නා අයුරු.

ඉන්දීය ආරක්ෂක නිළධාරි දෙදෙනෙක් චත්‍රපති ශිවාජි දුම්රිය පොලේ වෙඩි වැදි වැටි සිටින අයුරු.

චත්‍රපති ශිවාජි දුම්රිය පොලේ ප්‍රහාරය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්.

බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ මෝටර් රථයක්.

ටාජ් හෝටලයෙ නවාතැන් ගෙන සිටි අමුත්තන් සහා කාර්යමණ්ඩලය ජනෙල් රෙදි ආධාරයෙන් පිටතට පැමිණෙන ආකාරය.

චත්‍රපති ශිවාජි දුම්රියපොළේ ත්‍රස්තයින් රැදි සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්.

ඔය අතරින් “Hotel Mumbai” චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ ටාජ් හෝටලයට වුන පහර දීම සහා එහි වෙච්ච සිදුවීම්. දැනගන්න ලැබෙන විදිහට චිත්‍රපටියෙ මනඃකල්පිත නම් වලින් සදහන් වෙන්නෙ ප්‍රහාරය වෙලාවෙ ඒ ඒ සිදුවීම් වලට මුහුණ දීපු ඇත්තම පුද්ගලයින්ගෙ චරිත බවයි. ඒ වගේම හෝටලේදි තුවාල ලබලා වගේම වැඩිම පිරිසක් මිය ගිහින් තියෙන්නේ තම හෝටලයෙ සේවාව ලබා ගැනීමට පැමිණි අමුත්තන්ව ආරක්ෂා කරන්න ගිය සේවකයින්. තවත් විස්තර ඕනනම් අන්තර්ජාලයෙ “2008 Mumbai attacks” නමින් ගූගල් සෙවුමක් කරන්න විස්තර ඕන තරම් හම්බවෙයි. ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්න උවමනා නෑ බලලම දැනගන්න.

Hotel Mumbai චිතපටිය IMDb දර්ශකයෙ 7.8/10 අගයකුත්, කුණු තක්කාලි දර්ශකයෙ 76% ක අගයකුත් ලබාගන්න සමත්වෙලා තියනවා. නිෂ්පාදන වියදමක් පිළිබඳව හොයාගන්න නොහැකි වුනත් ඩොලර් මිලියන 16 ක මුදලක් උපය ගන්න සමත් වෙලා තියනවා. චිතපටියෙ අධ්‍යක්ෂණය Anthony Maras විසින් සිදුකර තිබෙනවා.

අපෝ හින්දියක් කියලා අහක් දාන්න හදන්නෙපා අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්. හින්දි දිරවන්නෙ නැති අය ඉන්නවනම් කිසි අවුලක් ගන්න එපා, මේකෙ හින්දි දෙබස් බොහොම ස්වල්ප ප්‍රමාණයක් තියෙන්නෙ. 95% ම වගේ ඉංග්‍රීසි දෙබස් තමා අන්තර්ගත වෙන්නෙ. ආයෙත් කියනවා හැමෝම බලන්න ඕන ෆිල්ම් එකක්. එහෙනම් මෙවන් විපත් කිසිවෙකුට යලි සිදු නොවේවායි පතමින් මං සමු ගන්නවා.

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Lost in Space (2018-2021) [S03 : E02] Sinhala Subtitles | හැම ප්‍රශ්නෙක්ටම විසදුමක් තියෙනවා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. Thanks Brother

  2. Fucking allah i want to fuck you

  3. මේ චිත්‍රපටයේ free ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දන්නා කෙනෙක් එවනවද ?

  4. aluth hindi love story tikak enakan balan inne.

  5. hoda aluth hindi film tikak dannako.api hamadama biscope ekka thami.

  6. thanks,….

  7. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  8. BIMBISHA INDURUGALLA

    thanks!

  9. උපසිරසට බොහොම ස්තූතියි

  10. Thank U Lahiru brother & baiscope team for the sub, it was amazing. all the best to baiscope team…………..

  11. සබට බොහොම තුති කිව්වා…
    කාලෙකින් හින්දියක් ගෙනත් වගේ.. 😛
    අනිවා බැලිල්ලක්.
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  12. නියමයි… බොහෝම ස්තූතියි උපිසරැසියට…..

  13. Thank you Brother sub ekata . Bluray rip ekata hadala dnna

  14. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  15. Thankyou bro

  16. Lahiru Lakshan

    thanks machn…

  17. Tz sub ekata….

  18. සනිඳු ලක්ඛිත

    BR අප්ඩේට් එක දෙන්න පුලුවන්ද සහෝ?? Web එකේ සබට BRb rip එක සින්ක් වෙන්නෙ නෑ

  19. thanks ……………..

  20. Thilesh De Silva

    බොහෝම ස්තුතී සිංහල උපසිරැසිය ලබාදුන්නාට ජය වේවා

  21. thank you

  22. thanxxx bro……..

  23. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. webrip eka nene bn

  25. Thanks ………………..good luck ……………………..

  26. Thanks for Sub!

  27. Thilankadissanayake

    THANK U

  28. chinthaka_priyadrshana

    Thank U bro………..

  29. bohoma sthuthi sahoooo jaya

  30. සබ් එකට බොහොම ස්තූතියි

  31. Thanks for sub.good luck bro

  32. Thanks Bro

  33. AsithaDilruwan

    ela saho thanks

  34. madhubashana bandara

    jaya wewa !!! br eka update karannako.

  35. Hindi nam mala jarawal bn eth meka balanawa

  36. බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට…. තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ….

  37. super girl eke S04 Epi 18,19,20,21,22 sub denne needa machanla? ai digatama sub deela nawaththuwe?

  38. මමත් කැමති නෑ හින්දි චිත්‍රපට වලට. ඒත් හින්දියක් කියලා අහක දාන්නෙපා කියපු නිසාම ගන්න හිතුනා.
    නිදුක් නිරෝගී වේවා….!
    තෙරුවන් සරණයි….!

  39. Thanks Machooo….!!!!

  40. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  41. thanks brother

  42. bohoma sthuthi saho…

  43. Thanks bro

  44. Thank You

  45. tnx bro sub ekata

  46. McMillanStyles

    බොහොම ස්තුතියි

  47. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……

    ජය වේවා !!!!!

  48. Thank you….

  49. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  50. meke sub eka BRrip ekapa update karanna.pls.BRrip relese una.thanks

  51. උපසිරසියට බොහොම තුති සහෝ ..සබ් එක දෙනකන් බලන් හිටියේ..ඔන්න එහෙනම් ගත්තා..

  52. elama bro. thanks ☺

  53. Good work friend, Thanks!

  54. Mohantha_kumara

    Tnx macho

  55. Thanks Lahiru Bro

  56. Rumesh Tharindu

    thanx bro

  57. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  58. Thanks machan…..jayawewa….!

  59. Thanks

  60. lakshan madhusankha

    Thanks bro sub ekata…

  61. THANKS…………….

  62. ජය බෝම තුති සහෝ

  63. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata….
    Jaya wewa.!

  64. Thank you! මෙකෙ sub එක එනකන් බලාගෙන හිටියෙ.. thank you subtitle එකට❤️

  65. BLANK 2019 කියල හින්දි ෆිලුමක් ඇවිල්ලා තියනවා…අලුතින් …ත්‍රස්තවාදී කේස් එකක් ඒකත්…පුළුවන් නම් එකේ සබ් එකත් දෙන්න බලන්න ………………….

  66. මේකේ බ්ලූරේ පිටපතත් ඇවිල්ලා…………

  67. පට්ට සහෝ…මේක බාගෙන හිටියේ කොයි වෙලාවෙ හරි උපසිරැසි දෙයි කියලා….ස්තුතියි ස්තුතියි ස්තුතියි…..ජය වෙිවා…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..

  68. තැන්ක්ස් බ්‍රෝ …මේකට සබ් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ

  69. Mee siddiya sambandawaa mumbai attack kiyala movie ekak tibunaaa. Thank brooo supirima movie ekak..

error: Alert: Content is protected !!