Monday , January 24 2022
Breaking News

ImMATURE [S01 : E3] Sinhala Subtitles | මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මන් විතරද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 19 votes.
Please wait...

අද තුන්වෙනි දවස. තුන්වෙනි කතාංගය. තව කොටස් දෙකයි.. කතාව ඉවරෙටම ඉවරයි. බොහොම පොඩියට මුලු කතාමාලාවම ඉවර වුණාට විනෝදේ නම් පොඩියක් නෑ. එපිසෝඩ් දෙකක් පුරාවට ඒ බව හොඳටම දැනෙන්න ඇතිනේ…

මතකනේ චවී වෙනුවෙන් නාට්‍යක රජතුමාගේ චරිතය රඟපාන්න ගිය දෘව්ට වුණු අකරතැබ්බිය. අන්තිම මොහොතේ ඒ පටලැවිල්ලෙන් බේරෙන්න පුලුවන් වුණාට කතාව ඉවර වුණේ චවීගේ පෙම්වතාගේ පැමිණීමත් එක්කමයි.

මොකක්?? චවීගේ පෙම්වතා..?

එතකොට දෘව් කවුද.. මොනවා කරන්න ඉතින්! මුල ඉඳන්ම අවාසනාව මිනිහා පස්සේ පන්නගෙන ආවනේ. පිට පිට බාධක!! නොහිතපු වෙලාවක කඩන් වැටුණු මේ මරාලය නිසා දෘව්ගේ හිත හොඳටම රිදෙනවා. මේ වගේ වෙලාවක තමයි හිතේ දුක තුනී කරගන්න කබීර් නියම යෝජනාවක් ගේන්නේ.

“මන් අහලා තියෙනවා බිව්වාම හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවලු. අපිත් අද බාර් එකට ගිහින් ට්‍රයි පාරක් දෙමු!”

මසුරන් වටින මේ අදහසට කැමති වුණු දෘව් හා සුසූ බාර් එකට යනවා…

හොඳටම වෙරි වුණු මේ ට්‍රිබල ඊළඟට යන්නේ චවීගේ පෙම්වතා, ශාන්තනූගේ ගෙදරට. රෑ කෑමකට එහෙම නෙමේ ඉතින්… චවී එක්ක යාලු වුණාට හොඳටම ගහන්න!

IMDb මීටරය 9.2ට කරකවපු මේ කතාංගයත් පෙර කතාංග වගේම විහිලුවෙන් තහලුවෙන් උපරිමේටම ගිහින් තියෙනවා. මේ ලිපියෙන් කතාමාලාව ගැන උනන්දුවක් ආපු මිත්‍රයෝ ඉන්නවානම් ආරාධනා කරනවා ඔවුන්ටත් පළවෙනි එපියේ ඉඳන්ම එකතු වෙන්න කියලා! ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවක පොඩ්ඩක් හිත සැහැල්ලු කරගන්න හොඳම බෙහෙතක් විදිහට මේ කතාමාලාව රෙකමන්ඩ් කරන්න පුලුවන්.

වැඩි කතා ඕනේ නෑ. බලන්න පටන් ගන්නකෝ එහෙනම්. හැබැයි පෙර කතාංගයේ අපැහැදිලි තැන්.. හිත ඇඳගත්තු දේවල්.. කතාමාලාවේ ගුණදොස්.. ඔයාලගේ අදහස් ඔක්කොම කියාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා. සුපුරුදු පරිදි හතරවන කතාංගය සමඟින් හෙට හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Shyam Singha Roy (2021) Sinhala Subtitles | ඔබ තුරුලේ මිය යමි… මියෙන තුරා ඔබ ලඟින් හිඳිමි… [සිංහල උපසිරසි]

මරණයේ එක් කෙළවරක ඔබ, තවත් කෙළවරක මම ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම මගෙන් අහන්නෙ, …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  2. Sohan Jayasooriya

    සබට තෑන්ක්ස් මලේ

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

  4. Thanks bro

  5. pradeep hashan

    sub ekata thanks

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Dilanka Wijesingha Yasindu

    මේ වගේ තව සුපිරිම එකක් ඕන,මේක ඉවර උනාම.

  8. bro thama episode 4 1e sinhala sub dala naa ne………???????????

  9. tnx machan” episode 4 ekath ikmanta denna

  10. Meekanam supiri.. mn episode 5ma download karaa.. sinhala sub denakal inne..

  11. thanks….

  12. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි බං සබ් එකට… කතාව නම් පට්ට කියන්න දෙයක් නෑ හිනාව, ආදරය ඔක්කම එකට තියෙන සුපිරි කතාවක්. සබ් එකත් සුපිරියට දීලා තියෙනවා. එහෙනම් ජය වේවා…!!

  13. Touch your heart korean series eke sub eka dennakooo

  14. Niranga.lakshitha

    Thanks for subtitles

  15. Thank you for subtitles

  16. බොහොම ස්තුතියි මේකේ තුන් වෙනි කොටස දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  17. Lahiru Sandharuwan

    bokka nthaaama baiscope downloads eke naaane

  18. kiyanna deyak nae,,nobalana un pau ban..pattama series ekak.supirima supiri.hina kaala marenna puluwan.godak sthuthie sinhala sub denawata

  19. thx bro niyama kathawak

  20. Thanks …………………good luck ……………………..

  21. thank you brother…

  22. thanks

error: Alert: Content is protected !!