Thursday , August 11 2022
Breaking News

Jan.E.Man (2021) AKA Janeman Sinhala Subtitles | ජොයිමන්ගේ උපන්දින සාදය [සිංහල උපසිරසි]

Rating: 7.0/10. From 7 votes.
Please wait...

ටිකක් පරක්කු වුණත් ඔන්න තවත් නවක මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වුණ Jan-E-Man (2021) නම් අති සාර්ථක සිනමා නිර්මාණයට සිංහල උපසිරසි අරගෙනයි මම අදත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුණේ. 2021 නොවැම්බර් 19 වෙනි දින තිරගතවීම ආරම්භ කළ Jan-E-Man සිනමාපටය Chidambaram S Poduval ගේ කුළුදුල් අධ්‍යක්ෂණයක්. Basil Joseph (Joymon), Arjun Ashokan (Sampath), Ganapathi S Poduval (Dr. Faizal Khan), Balu Varghese (Monichan), Lal (Plathottathil Kochukunju) ඇතුළු අති දක්ෂයින් පිරිසක් මෙම සිනමාපටයට රංගනයෙන් දායක වෙනවා.

IMDb දර්ශක‍යේ 7.8/10 අගයක් වගේම 93% ක ඉහල ගූගල් පරිශීලක අගයක් හිමිවුණ මේ සාර්ථක නිර්මාණය මලයාලම් රසිකයින් මඟහැර නොගත යුතුම සිනමාපටයක් කියලත් මේ වෙලාවේ කියන්න කැමතියි.

මේ කතාව පටන් ගන්නේ ජොයිමන්ගෙන්. ‍ජොයිමන් කැනඩාවේ ජීවත් වෙන නර්ස් කෙනෙක්. ජොයිමන් තමන්ගේ 30 වෙනි උපන් දිනය කේරළයේ පාසල් මිත්‍රයෝ එක්ක සමරන්න තීරණය කරනවා. මේ උපන්දින සාදය පවත්වන්න තැනක් ලෑස්ති කරන්න භාරගන්නේ ජොයිමන්ගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් වුණ ෆයිසල්. ෆයිසල් වැඩේ ලේසියෙන්ම ගොඩ දාන්න හිතාගෙන, පන්තියේ හිටපු තවත් යාළුවෙක් වුණ සම්පත්ගේ ගෙදර මේ සාදය පවත්වන්න තීරණය කරනවා. උපන් දින සාදය මහ ඉහළින් සමරන්න හිතාගෙන ජොයිමන්, සම්පත්ගේ ගෙදරට අඩිය තිබ්බ හැටියෙම සම්පත්ලගේ ‍ගෙදරට ඉස්සරහා ගෙදර වයසක මනුස්සයෙක් මැරෙනවා. උපන් දිනය සමරන්නම හිතාගෙන කැනඩාවේ ඉඳන් කේරළයට ආපු ජොයිමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයිද?

උපන් දින සාදයක් අතරෙදි මළ ගෙදරක්. මේ කලබගෑනි අස්සේ මුණගැහෙන ජානේමන් (සොඳුරිය) කවුද? විවිධ මානසික මට්ටම් වල පුද්ගලයෝ රැසක් එකට ගැටෙන රස සාගරයක් වුණ මේ සිනමා පටයේ සුන්දර ජානේමන් ඔයාලට කතාවේ අවසානෙට මුණ ගැහේවි.

එහෙනම් තවත් උපසිරසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Footfairy (2020) Sinhala Subtitles | මරු කැඳවන දෙපා යුගල [සිංහල උපසිරසි]

පාළුවට ගිය රාත්‍රියක්…. ස්ටේෂන් එකට ආපු දුම්රිය හෙමින් සීරුවෙ කෙඳිරි ගාමින් නතර වුනා.. වැඩිය සෙනගකුත් …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  2. Thanks sister
    Keep it up

  3. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  4. Thanks sister

  5. විමුක්ති

    මාරම ලස්සන කතාවක්,මලයාලම් ඩ්‍රාමා ෆිල්ම්වල අපේ ජිවිතවල සිදුවීමුත් ඕන තරම් අහුවෙනවා,හරිම තාත්විකයි සියල්ලම..බොහෝමත්ම ස්තුතියි මෙවැනි නිර්මානවලට උපසිරසි ගේනවට..ඉදිරියටත් මෙවැනිම ෆිල්ම්වලින් හමුවෙමු..

  6. උපසිරසියට ස්තුතියි

  7. ස්තුතියි !

  8. උපසිරසියට තුති

  9. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  10. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  11. Idunil Weerasinghe

    Thanks sister

  12. තෑම්ක්ස් බොම්කි❤️

  13. Ada tamilmv eke dapu aluthma malayalam movie ektath sub dennko

  14. Achintha Udayanga

    මේ වගේ චෝර ඒවාට නොදී දෙන්නකෝ ඩොක්ටර් ස්ට්‍රෙන්ජර්

  15. සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  16. සබ් එකට බොහොම ස්තූතියි….!

  17. Sub akta thanks

  18. අවුරුද්දේ බලපු මලයාලම් කීපයෙන් ආස කරපු නිර්මාණයක්
    ගොඩක් ස්තුතියි අක්කේ සබ් එකට..

  19. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Oruthee (2022) – IMDb

  20. Thanks a bunch

  21. Thanks for sub

  22. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

error: Alert: Content is protected !!