You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 23 2019
Breaking News
Home / All / Jo Pil-ho: The Dawning Rage (2019) AKA Bad Police Sinhala Subtitles | අවලම් පොලිස් නිලදාරියෙක් [සිංහල උපසිරැසි සමඟ]

Jo Pil-ho: The Dawning Rage (2019) AKA Bad Police Sinhala Subtitles | අවලම් පොලිස් නිලදාරියෙක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 18 votes.
Please wait...

2019.3.21 දින netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මම අද අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය දූෂිත පොලිස් නිලදාරියෙක් වටා ගෙතුණු කතාවක්. ‘a hard day’,‘The King’s Case Note’ ඇතුළු චිත්‍රපටි ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ ලී සුන් ග්යුන් කියන කෙනා තමයි මේකට රංගනයෙන් දායකත්වය වෙන්නෙ.

ඉතින් මේ පොලිස් නිලදාරියා රාජකාරියට අමතරව හොරකම් කරන එකත් කරනවා. ඉතින් දවසක් මෙයයි මෙයාගෙ හොර සගයයි හදන්නෙ පොලිස් ගබඩාවකට වැඩේ දෙන්න. ඒත් මේ ගබඩාව පුපුරලා ගිණි අරන් සගය මැරෙනවා. පොලිස් නිලදාරිය ඒ කියන්නෙ ජෝ පිල් හෝ එතනම සිහි නැතුව වැටෙනවා. ඒ නිසා මේකට කෙලින්ම සැක කරන්නෙ ජෝ පිල් හෝව. ඒත් මරණ පරීක්ෂණයෙදි හොයාගන්නවා අර මැරුණු කෙනා ඒ කියන්නෙ හන් ගි චුල් මැරිල තියෙන්නෙ ගින්න ඇතිවෙන්න කලින් කියලා. එතනදි කතාව උඩුයටිකුරු වෙනවා. ඒත් එක්කම හොයාගන්නවා මෙයා මැරෙන්න කලින් වීඩියෝ එකක් යවල තියෙනවා දෙන්නෙක්ට. එක්කෙනෙක් තමයි මේ ජෝ පිල් හෝ. ඒත් මේ යකා ඉස්පිරිතාලෙන් නැගිට්ටගමන් පෝන් එක ටොයිලට් එකට දාල වතුර ගැහුවා.. කාල වරෙන්කො.  අනිත් කෙනා තමයි ඉස්කෝලෙ යන වයසෙ ඉන්න කෙල්ලෙක්. ජන්ග් මීනා කියන්නෙ මෙයා තමයි. ඒත් මේ වගක් පොලිසිය දන්නෙ නෑ. මේ ජෝ පිල් හෝ සහ ගබඩාව පුපුරපු එක ගැන හොයන පරීක්ෂකවරුයි විතරයි මේ ගැන දන්නෙ. මේ ගබඩාවෙ තිබිල කොරියාවෙ ලොකු සමාගමක් වෙන ටෙසන් සමාගමට විරුද්ධව තියෙන සාක්ෂිත් විනාශ වෙලා යනවා. ජෝ පිල් හෝ එයාගෙ හංගල තියෙන සල්ලි ගන්න හන් ගි චුල්ගෙ ගෙදරට ගියාම මේ මීනා කියන කෙල්ල සල්ලිත් අරන් පැනල ගිහිල්ලා. ජෝ පිල් හෝ ඉතින් මේ කෙල්ල හොයාගෙන හැම තැනම යනවා. ඒ අස්සෙ තව එකෙක් මේ කෙල්ලව හොයනවා. ඒ තමයි කොරියාවෙ අර සමාගමට වැඩ කරන එකෙක්. මිනිහ හොයන්නෙ කෙල්ලගෙ පෝන් එක. ඒ අර වීඩියෝ එක නිසා.. ඊට පස්සෙ ජෝ පිල් හෝට මූණ දෙන්න වෙන දේවල් ගොඩයි.

කතාව හුඟක් රසවත්.. ටිකක් ලේ හෙල්ලෙන සීන් තිබුනත් සංවේදී පැත්තකුත් මේ කතාවෙ තියෙනවා. ඒ නිසාම තමයි මං හිතන්නෙ මේ චිත්‍රපටිය තවත් රසවත් වෙන්නෙ. ඒ නිසා මේක මග ඇරගන්නෙ නැතුව හැමෝටම බලන්න කියල මං ආරාධනය කරනවා. එහෙනම් තවත් කතාවක් අරන් එනකල් සමුගන්නම්.

බුදුසරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

26 comments

  1. Thanks sub ekata mojin the worm valley film eke sub enne natthe ai?

  2. SUPER thanks

  3. Dan korean drama walata sub karanne nadda kauruth

  4. dimuthu lakmal

    Thanks ban.bs

  5. pathum tharusha

    me karanawade nan supiri bro elama ❤️

  6. chinthaka_priyadrshana

    Thank U bro……….

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට ෆට්ට Thanks සහෝ….ජය

  9. AsithaDilruwan

    ela saho thanks

  10. Sub ekata thanx

  11. ස්තුතියි සහෝ….නියම ෆිලුමක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..

  12. ටයිප් එක ෆට්ට

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata….
    Jaya wewa.!

  15. බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  16. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  17. doom patrol ekatath mehemma sub demu.

  18. thanks for sub

error: Alert: Content is protected !!