You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 19 2020
Breaking News
Home / All / Kismet Love Paisa Dilli (2012) – Sinhala Subtitles | සල්ලිද ? නම්බුවද ? [සිංහල උපසිරසි සමඟ]

Kismet Love Paisa Dilli (2012) – Sinhala Subtitles | සල්ලිද ? නම්බුවද ? [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Kismet Love Paisa Dilli (2012)ඔන්න මම ඔයාලට මගේ ඊළඟ නිර්මාණයටත් හින්දි එකක්ම අරගෙන ආවා. ටිකක් පරක්කු වුනා මේකේ සබ් එක හදල ඉවර කරන්නනම්. කොහොම උනත් මේකේ ස්ටෝරි එකනම් ටිකක් වෙනස්. මේ ෆිල්ම් එක ටිකක් දේශපාලනය එක්ක සම්බන්ධව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමතිවරුන්ගේ තියෙන දූෂණ අක්‍රමිකතා වගේ දේවල් වගේම සමාජ අන්තර්ගතය ගැනත් මේකේ කතාවෙන් කියවෙනවා. ඒ වගේම ටිකක් වෙනස් විදියේ ආදර කතාවකුත් මේකේ තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ විවෙක් ඔබරෝයි සමග මල්ලිකා ශරාවත්.

එක රැයක් තුල මිනිහෙකුගේ ජීවිතයට මොනතරම් දේවල් වෙන්න පුලුවන්ද කියලා ඔයාල නිකමට හරි හිතලා තියෙනවද ? එක නොදන්නා සිදුවීමක් නිසා තමාගේ ජීවිතයේ ඉරණම මොන විදියට වෙනස් වේවිද කියලා කාටවත් කියන්න බෑ. ඒක සමහර විට අපේ ජීවිතයට යහපත් විදියට බලපාන්නත් පුළුවන්. ඒ වගේම ජීවිතයට අනතුරකට මුහුණ දෙන්න වෙන්නත් පුළුවන්. ඒ වගේ සිදුවීමකට තමයි මේ ෆිල්ම් එකේ කථා නායකයා ලොකෙෂ් ටත් (විවෙක්) මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්, හැබැයි හැම කොල්ලෙකුගේම වගේම එයාගෙත් තියෙන දුර්වලකම තමයි කෙල්ලෝ. එයාට පාටි එකකදී හමු වෙනවා ලවීනා (මල්ලිකා) කියලා කෙල්ලෙක්ව. මෙයා එයාගේ පස්සෙන් යන්නේ ආදරය කරන්නම නෙමෙයි. ඒ වගේම මෙයා පස්සෙන් එන එක ගැන එයාට ලවීනගෙන් ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. හැබැයි මේ දෙන්න ආපහු සැරයක් අහම්බෙන් වගේ මුණ ගැහෙනවා. හැබැයි ඒ හමුවීම අහම්බයක් නෙවෙයි. ලෝකෙෂ්ට විරුද්දව සිදුවන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් කියලා දැන ගන්න කොටනම් ටිකක් පරක්කු වැඩියි. මේ හමුවීමත් එක්ක මේ දෙන්නගේ ජීවිතත් වෙනස් වෙනවා.

මම තවත් විස්තර කරන්න යන්නේ නෑ ෆිල්ම් එක ගැන. මොකද මේක එහෙම විස්තර කරන්න ටිකක් අමාරුයි වගේම ඔයාලට බලන්න දෙයක් ඉතුරු කරන්නත් එපැයි. ඉතින් ලෝකෙෂ්ට විරුද්ධව සිදුවෙන කුමන්ත්‍රණය මොකක්ද? ලෝකෙශ්ගෙයි ලවීනගෙයි ජීවිත වලට මොන වගේ ගැටළු වලට මුහුණ දෙන්න වෙයිද ? එක රැයකින් මිනිහෙක්ගේ ජීවිතේ සම්පූරණයෙන්ම වෙනස් වෙන්නේ කොහොමද ? කියලා දැනගන්න ඕනේ නම් ඔයාලටත් මේක බලන්න වෙනවා. මේ ෆිල්ම් එකේ සිංදු වලටනම් සබ් දෙන්න බැරි උනේ ඉංග්‍රීසි සබ් එකේ ඒ ලයින්ස් ටික තිබුනේ නැති නිසා. ඒකටනම් හිත නරක කර ගන්න එපා කියලත් ඉල්ලනවා. කට්ටියට මේ ෆිල්ම් එක දිරවයිද කියලනම් දන්නේ නෑ. මොනවා උනත් මේකත් බලල ඔයාලගේ අදහසුත් කියලම යන්න.

හැමෝටම ජය වේවා…!!!

 

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

44 comments


  1. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  2. Ela kiri machan…..digatama hindi film walata sub deepan..jaya wewa

  3. thanx hindi film ekak dunnata….

  4. thanks!!!!!!!!!!!

  5. රාම් රාජ්

    ස්තූතියි.

  6. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  7. Shaolin Soccer 2001,saw 1-7,naa ne menname film wala sinhala subtitle hadala ikmanata dannako

  8. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!! 😉

  9. ela kiri machan……..

  10. පට්ට පටපට මෙව තමා සුප්ප පිල්ම් කියන්නෙ අනිවා බානවා ජයෙන් ජය

  11. නියමයි… බොහොම ස්තූතියි සහෝ…

  12. mudiya / මුදියා

    නියමයි නවීන්.කලින් දුන්න දරුවු තෙළිඟු එකත් පට්ටම ආතල්.මේකත් අනිව බලනව.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  13. බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් කොයිකද වඩා වටින්නේ කියලා 😛 😛

  14. mekata mehema photo ekkak dala thiyenne ai?

  15. කැළුම්

    ඔන්න පට්ටම එකක් වගේ…තවත් හොද ෆිල්ම්ස් සබ් එක්ක දෙන්න ඕනේ නවින් හොදේ

  16. නවීන් ලක්ෂිත

    comments walata godak sthuthiyi

  17. ට්‍රයල් එක බැලුවාම පට්ට කියල හිතුනා. ඔන්න බෑවා.. පලවෙනි බෑම මගෙන් වෙන්න ඕන!

  18. niyamae………………

  19. $..Creative EYE..$

    elakiri macho

  20. mihin ලංකා

    මරු මචෝ අනිවා බැලීමක් තියෙන්නේ

  21. හසන්ත වික්‍රමරත්න

    එල සහෝ…
    පරක්කු උනත් වැඩේ නියමයි…

  22. එල එල මචං

  23. thkzzzzz so much

  24. ජයම වේවා සහෝ මමත් බානවා

  25. හින්දි නේ බලමු././///// ජය වේවා

    තවත් ඒවා සබ් දාලා ඕනේ ඔන්න

  26. තෑන්ක්ස් බ්‍රෝ

  27. ඔන්න මමත් ගන්නවා හින්දි ෆිල්ම් එකක් නොබලා කොහොමද … තුති

  28. “චූටී මල්ලි”

    බලලම බලමුකො දිරවයිද කියලා

  29. ලොවෙත් නෑ නේ ෆිල්ම් එක තියේ බලන්න ඕනේ…සබ් වලට පින්

  30. niyama film akak wagey aniw abalanwa

  31. thnxz weywa!!!!!!

  32. lasanatha!!!!!!

    ela kiri ne patta naluwek inne

  33. තෑන්ක්ස් වේවා

  34. මොන පරක්කුද දන්නෙත් දැන් හොද කොපියක් ඇවිත් කියලා ..ජයම වේවා

  35. patta patta macho

error: Alert: Content is protected !!