You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , October 20 2019
Breaking News
Home / All / Kursk (2018) Sinhala Subtitles | අවාසනාවට සත්‍ය කතාවක්….. [සිංහල උපසිරසි සමඟ]

Kursk (2018) Sinhala Subtitles | අවාසනාවට සත්‍ය කතාවක්….. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 39 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” In Order of Disappearance (2014) නිහඬ ඝාතකයා…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

Kantha DLA සහෝගෙ ඉල්ලීමකට අනුව මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 6.5ක් rotten Tomatoes වර්ගීකරනයේ 71%ක් ලබාගත්තු සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන සුපිරිම සිනමා සිත්තමක්. කෙටියෙම්ම කිව්වොත් මිනිත්තු 117 ක් පුරාවට ඉහලට ගත්තු හුස්ම ආපහු පහලට දාන්න අමතක කරවන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ 2000 අවුරුද්දේ අගෝස්තු මාසෙ 12 වෙනිදා බැරන්ට් මුහුදේදී සිද්ද උන රුසියානු Kursk සබ්මැරීන් ඛේදවාචකය අලලා ” Robert Moore “ විසින් රචිත ” A Time to Die “ කෘතිය පාදක කරගෙනයි. මේ ෆිල්ම් එකේ කතාව ගැන කියන්න උත්සාහ කරන එක මහම අමාරු වැඩක්.

2000 දශකයේ මුලු ලෝකෙම හොල්ලපු මේ සිදුවීම ගැන නං නොදන්න කෙනෙක් නැතුව ඇති. මේ සිද්ධිය වෙනකොට පුටින් ජනාධිපතිපති වෙලා යන්තං මාස 8යි. බංකොලොත් වෙලා හතරගාතෙන් වැටිලා හිටිය රුසියාව අවුරුදු 10කට පස්සේ ලෝකෙටම පේන්න නාවික අභ්‍යාසයක් කරන්න සූදානම් වුනා. ඒ පුහුණුවට සහභාගී උන න්‍යෂ්ටික සබ්මැරීනයක් උන Kursk එකේ ඉදලා පුහුණු ටෝර්පිඩෝවක් නිකුත් කිරීමට කරපු උත්සාහයේදී ටෝර්පිඩෝ ආවරණයේ වෙල්ඩින් තියපු තැනක තිබුන කුඩා සිදුරකින් උන කාන්දුවක් නිසා ටෝර්පිඩෝව සබ්මැරීනය තුලදීම පුපුරා යනවා. ඊට මිනිත්තු කීපයකට පසුව ගබඩා කර තිබූ ඉතිරි යුධ අවි සියල්ලමත් රිච්ටර් පරිමානයේ 4.2ක දැවැන්ත පිපිරුමක් සනිටුහන් කරමින් පුපුරා යනවා. ඒත් සමගින්ම සබ්මැරීනය එහි සිටි නාවිකයන් 118 දෙනාම සමගින් බැරන්ට් මුහුදු පතුලේ සැගව යනවා. නමුත් පිපිරුමෙන් සබ්මැරීනයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශයට පත් උනත් පසුපස කොටසේ සිටි නාවිකයන් 23දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් උනා. නමුත් ඔවුන් සියලු දෙනාම සබ්මැරීනයේ 9වෙනි කුටීරයේ කුඩා ඉඩක සීමිත ඔක්සිජන් සහ ආහාරත් සමග මුහුදු පතුලේ සිර වෙනවා.

එයින් පස්සෙ ඇරැඹුණේ ලෝක ඉතිහාසයේ මිනිස් ජීවිත ඇපයට තියා ගනිමින් සිදුකල ලැජ්ජා සහගතම දේශපාලනික බල සංග්‍රාමයකුයි. රුසියානුවන්ට නාවිකයින්ව බේර ගන්න අවශ්‍ය උන නවීන තාක්ශණික උපකරණ තිබ්බෙ නෑ. ඒ වගේම එයාලට බටහිර රටවල් වලින් උදව් ඉල්ලන්නත් බෑ ලැජ්ජාව නිසා. ඒක නිසා රුසියානුවන් කලේ බොරු මාධ්‍ය හමු තියමින් නාවිකයින් මියයනතුරු කල් මරන්න උත්සාහ කරපු එක. ඒ වගේම ඒ මාධ්‍ය හමු වලදී ප්‍රශ්න අහන නාවිකයින්ගේ පවුල්වල සාමාජිකයන්ව රහසේම අඩපන කරලා ශාලාවෙන් එළියට දාන එක. ( කෑගහන අයට හොරෙන්ම එන්නතක් විදලා එලියට අරන් යන සත්‍ය දර්ශන ඇතුලත් වීඩියෝවක් යූටියුබ් එකේ තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකෙත් ඒ සිදුවීම අන්තර්ගතයි. ) මේ අතරතුරේදී බටහිටර රටවල් වලට ඕනෙ උනේ ලැබුන චාන්ස් එකෙන් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම බිම දා ගන්න. සබ්මැරීනයේ හිර උන නාවිකයින්ව බේරගෙන මුලු ලෝකෙටම පේන්න හිත හොද වීරයගෙ චරිතෙ රගපාන ගමන්ම රුසියාවට ලෝකෙම ඉස්සරහා රිදෙන්න ටොක්කක් අනින්න. කොහොම උනත් දේශපාලනික කඹ ඇදීමේ අවසානය වගේම විනිශ්චයත් ඉතිහාසයටම බාරයි. මේ ෆිල්ම් එක ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක රසවිඳින්න. අනිත් එක මේක කරන්න බාර අරන් ටික දවසක් ගත උන නිසා හසන්ත සහෝගෙ අනතුරු ඇගවීමේ නලාවත් වදින ගමන් තියෙන්නෙ. ඒ නිසා තවත් ලියන්න වෙලාව ගන්නෙ නෑ. වැඩි විස්තර දැන ගන්න ආස කෙනෙක් ඉන්නවා නං පොඩ්ඩක් ගූගල් දෙයියගෙන් අහලා බලන්න. ඒ වගේම සමාවෙන්න ඕනෙ සිද්ද උන ප්‍රමාදයට.

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. ඒ වගේම සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

ඔබට ජය….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

121 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    The Photographer of Mauthausen (2018) mekata sub dennako aiye meka nazi concentration camp ekaka wena siddiyak gana patta film ekak

    • සමාවෙන්න සහෝ අදයි කමෙන්ට් එක දැක්කෙ. දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ෆිල්ම් තමයි මගෙත් ආසම කැටගරිය. හොද ෆිල්ම් එකක් වගේ සහෝ. මම බලලම කියන්නම් කොහොමද කියලා…

  2. patta film eka tnx sub ekata jaya wewa

  3. Thanks saho sub ekata

  4. තාමත් මතකයි මේක ගිලිච්ච කාලේ සිදවීම්… නියමයි සිංහලෙන් ගෙනාවාට

  5. Super thanx bro..jayawewa

  6. eranda weerasinghe

    supiriyak. jayawewa

  7. thanks bro….

  8. Hasitha Aiye.. Pattaten 4to eka dakala ..aye baluwe kawda kiyala (Y)

  9. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  10. Thanx bro

  11. Sub ekata thanx

  12. sampath n perera

    thanks

  13. AsithaDilruwan

    ela saho thanks

  14. thanks bro !

  15. 100 comment eka magen.. lipiyata asa hithuna thanks bro sub ekata

  16. Theekshanapower

    bohoma sthuthuyi saho

  17. Sandaru_umayanga

    Thanks for the subtitle

  18. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  19. thank you.

  20. RavindraRishantha

    ඔබට ජයෙන් ජය

  21. bohoma sthuthi sahooo jaya …

  22. Rashmika dumidu

    Thank bro

  23. එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම දෙනෙකුටම බොහොම ස්තූතියි….!

  24. මේ වගේ අහිංසක වීරයෝ කොච්චරක් නම්.
    බල ලෝභී- ස්වාර්ථකාමී- උදාසීන නිවටයන් නිසා
    මරු තුරුලට ගිහින් ඇතිද?
    ඉස්සරහටත් යාවි, නේද?
    අර පොඩි එකාගෙ මුහුණ හැඟීම් ආකරයක්,
    හරියට ‘වීරයා ගෙදර ඇවිත්’ එකේ පොඩි පුතාගේ වගේ!

    ගොඩක් ස්තුතියි හසිත,
    උසස් ෆිලුමකට නියමෙට සබ්ස් දීලා
    රසික අපට දුන්නාට!

    • බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දන්න නතර වෙලා ගියාට. ඒ එක දරුවෙක් විතරයි. ඒත් ඇත්තටම ඒ වගේ පුංචි දරුවෝ 71 දෙනෙකුට කර්ස්ක් සබ්මැරීන් අනතුරින් පිය සෙනෙහස අහිමි වෙලා තියෙනවා….

  25. Ashen Weerasinghe

    sub ekata thnx bro elaa, fighter in the wind film ekata hariyata sub eka na puluwannm eka balala danda tnx

  26. tnx sahoo subata supiriyakne

  27. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. thank you saho sub ekkata. lipiyath kiywwama movie eka balannama hithenawa.
    jaya wewa…..

  29. ලිපිය නම් එල…ෆිල්ම් එක බලන්න හිතුනා

  30. chinthaka_priyadrshana

    Thank U bro………..fatta…Menna mewa thama film kiyanne…..Ela Ela…..

  31. malithmadhushan45

    thanx saho sub ekata download karagena mai hitiye

  32. Vihanga sathsara

    thankss for sub machan

  33. Bandaramudiyansi

    විනාඩි16ක් යනකල් විඩියෝ එක කුඩාවට පෙන්වන්නෙ.එ ආපු විදියද නැතිනම් මම අරගත්ත එක අවුලක්ද?

  34. Thanks for sub.good luck bro

  35. Sub ekata thanks saho.jaya wewa!!!

  36. ස්තුතියි සහෝ….පට්ට ෆිලුමක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

  37. Thanks for sub!

  38. mojin the worm valley 2018 mekata sub denna plz

  39. Godak Thanks machan sub 1ta & Mahansiyata…..!!! Jayaweva…!!!

  40. godak sthuthiy me chithra patiyata upasheersha dunnata.mama godakma kemathi widihe chithra patiyak.thawa thawath upasheersha laba deemata shakthiya, dhairyaya labewa…!!!

  41. Rumesh dhanushka

    Thanks hasitha

  42. Lahiru Lakshan

    thanks machn….

  43. Sisila ft Dilshan

    Judwaa 1997 ෆිල්ම් එකට හරි kyaa cool hain hum 2005 ෆිල්ම් එකට හරි, සබ දෙන්නකො….

  44. thank u sahodaraya

  45. THANKS…………….

  46. Thisara karunanayaka

    Supiri filumak aran thiyanne
    sub eakata thanks macho

  47. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට බොහෝම ස්තූතියි හසිත සහෝ…!!!

  48. Thnks broo sub ekata

  49. Sub akata pattama thankz mcho….jaya wewa…!!!!!

  50. උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  51. ස්තුති හසිත සහො
    තෙරැවන්සරණයි
    ජයවේවා
    බයිස්කෝප් හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා

  52. සුභ අලුත් අවුරුද්දක් වේවා…!!!
    බොහොම ස්තුතියි සහෝ…
    උපසිරැසියට…
    ඔබට ජය..!!!

  53. Thanks bro sub ekata. Puluwannam me film walatath sub denna balanna
    1.Suspiria 2018
    2.King of Thieves 2018
    3.The Cloverfield Paradox 2018
    4.Prospect 2018
    5.Slaugherhouse rulez 2018
    6.Instant Family 2018

  54. Hashan M. Priyadarshana

    තෑන්කස් සහෝ සබ් එකට…
    ජය වේවා…!!

  55. හෂාන්

    උපසිරැසියක් එනකන් බලන් හිටපු ෆිල්ම් එකක්. බොහෝම ස්තූතියි උපසිරැසියට…!!!!

  56. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  57. බොහෝම ස්තූතියි හසිත සබ අරගන්නවා. මේ සිද්දිය නොදන්න අය නම් ගොඩක් අඩු ඇති. මෝඩ දේසපාලුවන් තමන් ගේ ප්‍රතිරූප වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක කරන විගඩං වල අත් දැකීම් අපිට ඕනවටත් වඩා තියනවානේ. මේක අනිවාර්යයෙන් බලන එකක්. හසිත ඔබ ඇතුලු බයිස්කෝප්වාසී සියලු දෙනාටම ලැබුවාවු නව වසර සාර්තක වසරක් වේවා. ජයවේවා

    • කර්ස්ක් අනතුර උන කාලේ මම ඉස්කෝලෙ යන පොඩි එකෙක්. ඒත් මට තාමත් මතකයි ඒ දවස් ගානෙම රෑ ප්‍රවෘත්ති බැලුවා අද මොකද වෙලා තියෙන්නෙ? හිරවෙලා හිටපු අයව බේරගෙනද කියලා? පොඩි එකෙක් උනත් ඒ කාලෙත් මට දේශපාලනික කඹ ඇදිල්ල නිසා ඒ අසරණ මිනිස්සු මැරෙන්න යනවා කියලා දුක දැනුනා…
      බොහොම ස්තූතියි…..!
      සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ….!

      • sanjeewa19761973

        මෙතන අදහස් දක්වලා තියෙන කිසිමකෙනෙක් සත්‍ය සගවලා තමයි අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද මෙම සබ්මරීන් අනතුරින් ඉතිරිඋන අය බේරගන්න මුලින්ම නොර්වේ සහ අඑමරිකාව ඉදිරිපත් උනා ඔවුන්ගේ යටි අරමුණ උනී රුසියානු නාවිකයන් බෙරාගෙනීමට වඩා රුසියානු සබ්මැරීන් තාක්ෂනය ගැනීමයි, නමුත් පුටින් ජනාධිපති එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ යම් හෙයකින් එම තාක්ෂනය ඔවුන් අතට ගියානම් මුළු රුසියාවම දැවෙන්ත අනතුරකට නිරාවරණය වන බව තෙරුම්ගෙනයි

        • ඒ කතාව එක්තරා දුරකට ඇත්ත. ඔය කතාව තමයි රුසියාව
          එයාලගෙ පැත්තෙන් ලෝකාපවාදයෙන් බේරෙන්න කිව්වේ. ඒත් නාවිකයින් සිර වෙලා හිටපු 9වෙනි කුටීරය තිබුනේ සබ්මැරීනයේ පිටිපස්සටම වෙන්න ඒ වගේම හරියටම එතනින් හදිසි හුවමාරු දොරටුවක් පිහිටලා තිබුනා. රුසියානුවන්ට බොහොම ලේසියෙන්ම තිබුනා නෝර්වේ හෝ ඇමරිකානු ජීවිතාරක්ෂක කුඩා සබ්මැරීනයක් මගින් ඒ දොරටුව හරහා නාවිකයින්ව බේර ගන්න. වැඩිදුරටත් සැකයක් තියෙනව නං ජීවිතාරක්ෂක මෙහෙයුම නෝර්වේ හෝ ඇමරිකානු උපකරණ යොදාගෙන රුසියානු නාවික නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිද්ධ කරන්න. අවාසනාවකට වගේ අනතුරෙන් සතියකට පස්සේ අවසානයේ සිද්ද උනෙත් ඒකමයි. එකම වෙනස ඒ වෙනකොට ඒ මිනිස්සු ටික මැරිලා හිටපු එක විතරයි. පුටින් තව දවස් දෙකකට කලින් ලොකු කම අත ඇරලා උදව් පිලිගත්තා නං අදටත් ඒ මිනිස්සු ජීවතුන් අතර. මේ ෆිල්ම් එකෙත් පුටින්ව විවේචනය වෙන කොටසක් තිබුනත් රුසියාවෙන් එල්ල උන තර්ජන නිසා ඒ කොටස් ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

          • sanjeewa19761973

            රුසියාව ලෝක අපවාදයෙන් බීරෙන්න එහෙම කිවුවත් අපිනම් හොදාකාරයෙන්ම දන්නවා නොර්වේ සහ ඇමරිකානු රටවල් වල යටි අරමුනුගෙන . සාම සාකච්චා කාලයේ LTTe එකට සන්නිවෙධන උපකරණ යුධ උපකරණ තාක්ෂනය ලබාධුන් හෙටි ඒ සියලුම දේවල් ඔවුන්ගේ යටි අරමුණු නොවේද. ඉතින් මෙමෙ අවස්ථාවෙදිත් ඔවුන් කරන්නේ ඒ ටිකමයි.

        • මට නම් රුසියාවට තියනවායි කියන තාක්ශනය ගැන ඒ හැටි විස්වාසක් නෑ (කොහොම උනත් ඒවා දැනගන්න යුද්දයක් නොඒවා කියල තමයි මම පතන්නේ ) S 300 තිබුනත් ඊශ්‍රායලය සිරියානු ඉලක්ක වලට ගහලා යනවා. ඉතින් මම නම් හිතන්නේ ඉතුරු උන මිනිසුන් බේරාගන්න තිබුන අවස්තාව මෝඩ දේසපාලුවෙක් නිසා විනාස වෙලා ගියා කියලා

          • sanjeewa19761973

            මමනම් හිතන්නේ නැහැ රුසියානු තාක්ෂණයේ ඔබ හිතන තරම් ලොකු අවිශ්වශයක් තියෙනවා කියලා අපි හොදින්ම දුටුවා සිරියාවේ තියෙන ISIS ඉලක්ක වලට රුසියානු නාවික හමුධාවේ මිසල් නිවෙරධිම ඉලක්කයන් වලට එල්ල කරනවා ඒ බව පෙන්ටගනය බි බි බි ආයතන පවා තහවුරු කළා. ඔබ සධහන් කරන ආකාරයට s 300 ගුවන් ආරක්ෂක පද්දතියහෝ ඕනෑම ආරක්ෂක පද්ද්ධති තියෙන අවස්තාවක පරහධීම් සිධුවෙනවා. ගල්ෆ් ය්ද්දයේදී ඇමරිකානු ආරක්ෂක පද්ධති වලින් බෙරී ඉරාකගුවන් යානා පහරධුන් හෙටි සහ මිසයිල කුවේටයට එල්ල කරපු ආකාරය හොද නිධසුන්

  58. නියම වැඩක් සහෝ. සුබ පතනව. ඔයාල හැමෝටම සුබ නව වසරක්

  59. sub ekata thnx bn ohoma karagena yamu suba aluth awruddak wewa

  60. Happy New year!!!
    Fatta Broo…
    puluwanna time jumpers sub ekk dannoo….

    • සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ….!
      ටයිම් ට්‍රැවල් කියන්නේ මගෙත් ආසම සබ්ජෙක්ට් එකක්….
      මම ෆිල්ම් එක බලලම කියන්නම් සහෝ….

  61. නියමයි හසිත අයියේ..ඔයාගේ සබ් අනිවා බලනවා..පට්ටම ඒව තමයි….මේක ඩවුන් කරන් හිටියේ සබ කවද දෙයිද කියල බල බල? ඔන්න එහෙනම් අද බලනවා..ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා….

  62. බොහොම ස්තූතියි සහෝ
    පුළුවන්නම් Akira (1988),The Abyss (1989) සබ් දෙන්න.
    සුභ අලුත් අවූරුද්දක් වේවා!

  63. Bandaramudiyansi

    ඔයාගේ තෙරිම් අනර්ඝයි. ගොඩක් වටින හරයක් තියෙනවා ඔයාගෙ තෙරිම්.ස්තුතියි බලමු අරම්

  64. Ubal kiyana widiyt apit IDM unstall karl tama sub download krnn wenne..MEWA UBALGE AMMALGE NIITI WENN ATI NE

    • සහෝට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දකුණු අත පැත්තේ උඩින්ම Contact US කියලා තියෙන තැනට ගිහිල්ලා ගැටලුව කියලා ඒකට විසඳුමක් බොහොම ලේසියෙන්ම ලබා ගන්න පුලුවන්…

  65. ඇති යාන්තම් මේකට සබ් දීපු එක. බයිස්කෝප් එ⁣කේම කොමන්ටු ගානකින් මාත් මේක ඉල්ලුවා. බාගනිපු පිලුමත් මැකුවා සබ් නැතිව බලලා වැඩක් නැති නිසා. ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!
    සුබ අලුත් අවුරුද්දක් වේවා…!

  66. නියම වෙලාවට film එක දුන්නෙ දැන්නම් බඩගින්නෙ හිටියත් දැනෙන්නෙ නෑ.thanx baiscope..ජය වේවා.!

  67. madhawa chamuditha

    නියම වැඩක් …

  68. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    • සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ….!
      සතියක් ඇතුලත දෙන්නම් කියලා සහෝට පොරොන්දු උනාට හදිසියේ වැටුන වැඩ ටිකක් නිසා පරක්කු උනා…
      සමාවෙන්න සහෝ….!

  69. කවිනු වීරක්කොඩි

    අම්බෝ.. මේ අවුරුද්දේ බලපු හොඳම චිත්‍රපටියක්..!
    දැන් ඉතින් ආයේ පාරක් බලනවා.. බොහොම ස්තූතියි උපසිරැසියට!!!
    චිත්‍රපටිය ගැන දෙගඩියාවෙන් ඉන්න අයටයි කියන්නේ..
    බයවෙන්නැතිව බාගන්න!!
    ජය වේවා.. පුලුවන් නම් 2018 වර්ෂයේ තිරගත වුණු A Rough Draft සහ The Coach යන රුසියානු චිත්‍රපටි ද්විත්වයටත් උපසිරැසි ලබාදෙන්න.

error: Alert: Content is protected !!