You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

La La Land (2016) with Sinhala Subtitles | එන්න! ජීවිතය විදින්න! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 21 votes.
Please wait...

La La Land (2016)සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන් කැමති වාදනයක් නිදහසේ  ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි සෙබස්තියන්ගේ හීනය. වැඩිදෙනෙක් අවදානය යොමු කරන්නෙවත් නැති ජෑස් සංගීතය තමයි සෙබස්තියන්ගේ හීනය.

මියා. රංගනයට ගොඩක් ඇලුම් කරන ඇය නිලියක් වීමට උත්සහ ගන්නා කෙනෙක්. නමුත් සහභාගී වෙන හැම පරීක්ෂණයකින්ම ඇය අසමත්වෙ නවා. ඇයගේ එකම බලාපොරොත්තුව තමා නිලියක් වෙන එක. නමුත් ඇයටත් ඒ වෙනුවෙන් සමාජයෙන්ඉ ඩක් ලැබෙන්නේ නෑ. එහෙමවුනත් තවමත් ඇයගේ උත්සහය අත් හරින්න ඇය සූදානම් නෑ.

බිදුණු පැතුම්, ලොකු බලාපොරොත්තු, සිහින, මැද දිවිය ගෙවන මේ දෙදෙනා එක දවසක් මුනගැහෙනවා. ඉන්පසු තව දවසක්. මේ විදියට දැන හදුනාගන්න මේ දෙන්නා නොදැනීම එකිනෙකාට ලංවෙනවා. ඒ දෙදෙනාම සිහින දකින්නන්. ඒ දෙදෙනාම එකවගේ. ඉතින් මේ දෙන්නාගේ ජීවිත කතාව නරඹන එක ඔබට භාරයි! ඔවුන් තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගනීද? ඔවුන් දෙන්නා එක්වෙයිද?ඔවුන්ට මොනවගේ දේවල්වලට මුහුණදෙන්න වේවිද? කියන ඒවා ඔයාට මේ කතාව නැරඹුවොත් දැනගන්න පුළුවන්.

අද ගෙනාව කතාව ගැන තමා උඩින් ටිකක් වෙනස් විදියට සදහන් කලේ. චිත්‍රපටිය ගැන නම් බොහෝ දෙනා දන්නවා නොඅනුමානයි. මොකද මුළු ලෝකයේම අවදානය දිනාගන්න සමත්වුන චිත්‍රපටියක්. ඒවගේම 2016 නිකුත් වූ චිත්‍රපට අතරින් සුවිශේෂීම චිත්‍රපටියක්. මෙය අයත්වෙන්නේ Drama, Musical, Romance යන කාණ්ඩවලට. චිත්‍රපටිය නිකුත්වුනේ දෙසැම්බර් 25වෙනිදා වෙන අතර මේ වනවිට imdb 8.5ක විශාල අගයක් ලබාගෙන ඇති අතර හොදම චිත්‍රපට අතරේ 53වෙනි ස්ථානයේ රැදී ඉන්නවා. ඒවගේම මේ වනවිටත් වාර්තාගත ආදායමක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු Ryan Gosling සෙබස්තියන් ලෙසත්, සුරූපී නිලි Emma Stone මියා ලෙසත්, විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. ඒවගේම මේ වනවිට විවිධ සම්මාන උලෙලවල් හිදී සම්මාන 153ක් ලබා ඇති අතර ඔස්කා සම්මාන 14කට නිර්දේශ වී තියෙනවා. ඉතින් චිත්‍රපටියේ සාර්ථකත්වය ගැන තවත් කතාකරන්න දෙයක් නෑනේ.

ඒවගේම මේක සංගීතමය චිත්‍රපටියක් නිසා හැමෝටම වෙනස් අත්දැකීමක් විදින්න හැකිවෙයි කියලා හිතනවා. අලංකාර ගීත කීපයක්ම චිත්‍රපටියේ ඇතුලත් වෙනවා. ඒවගේම මෙය ඔබට මතකයේ රැදෙන චිත්‍රපටියක් වන බව මට විශ්වාසයි. ඒ නිසා බොලද ආදර කතාවක් නොවන, සැබෑ ආදර කතාවක් නැරඹීමට කැමති හැමෝටම මෙය නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් නරඹන්න! ජීවිතය, ආදරය විදින්න!!

අද දවසට (පෙබරවාරි 14) මේ චිත්‍රපටිය හොදින්ම ගැලපෙන නිසා මේක අදම දෙන්න ලොකු කට්ටක් කන්න වුනා. ඒවගේම මේක Dvdscr පිටපතක්. හැබැයි ඉතා හොද මට්ටමේ තියෙනවා.ඒ නිසා කැමති අය විතරක් බාගන්න. Br එනකම් ඉන්න අය ඉවසලා ඉන්න. ආව සැනින් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. එහෙනම් මං ගියා!! හැමෝටම ජයවේවා!!

Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.

La La Land (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

La.La.Land.2016.DVDSCR.-.750MB.-.ShAaNiG
La.La.Land.2016.DvDScr.850.MB.-.iExTV
La.La.Land.2016.DVDSCR.900MB.-.MkvCage

La.La.Land.2016.720p.BluRay.x264-SPARKS
La.La.Land.2016.1080p.BluRay.x264-SPARKS
La.La.Land.2016.BDRip.x264-SPARKS
La.La.Land.2016.BRRip.XviD.MP3-RARBG
La.La.Land.2016.BRRip.XviD.AC3-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. Thanks Hasantha bro 🙂

  2. අදයි මම ෆිල්ම් එක බැලුවේ. මේක කට්ටියක් එක්ක සෙට් වෙලා, කතා කර කර බලන ජාතියේ එකක් නෙවෙයි. සම්පූර්ණ අවධානයෙන් බලන්න ඕනි ෆිල්ම් එකක්. නැත්නම් ඒකේ ගතිය දැනෙන්නේ නෑ. මම බැලුව හොඳම ආදර කතා වලින් එකක්. මේ උපසිරැසියට බොහොම ස්තූතියි. මම ආදර කතා වැඩිය බලන්නේ නැති නිසා, සිංහල උපසිරැසියක් නොතිබුනා නම් මම මේක නොබලන්න තිබුනා.

  3. Thanks

  4. Thank you for the sub bro!!

  5. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  6. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata.. Jaya wewa!

  8. thanks

  9. කෙල්ලගේ මූන නිකන් මිස්ටර් බින් ගේ දුවක් වගේ..

  10. thanks Isuru! hedai, hondai, apurui!

  11. Br update ekata thx bro

  12. sub ekata thanks saho..

  13. thnx bro… meka yts eke 720p ekata match weida?

  14. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  15. Sajith Anthony

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට,
    ජය වේවා..!!

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…

  18. A Monster Calls bluray sub eka denna puluwanda

  19. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  20. Thnks for the sub

  21. thank but dan godak aya balanna blu-ray plz bluray awama sub dennako… thanks

  22. ගිය අවුරුද්දේ ආපු IMDB 250 ෆිල්ම් වලින් තව සබ් දෙන්න තියෙන්නේ Manchester by the Sea (2016) ෆිල්ම් එකට විතරයි.
    එකටත් දෙමු.bluray ඇවිත්.

  23. ade ela bn lipiya .meka balanna patta asawen inne ath mna karannada tawa masayak wath inna wei br balanna.papuwa palenna katawa ati.best film of the year wei oscar ake loweth.

    Manchester by the Sea (2016)
    The Edge of Seventeen (2016)
    Nocturnal Animals (2016)
    me tiketh br avilla bn puluwnnam sub danna kiyapnko. balanna vidihak natuwa inne bn sub nethuwa.
    YO BRO DIGATAMA SUB DAMU JAYAMA!

  24. niayamai…br 1ka enakm innawa.thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. ishani shanika

    thanx puluwannm another cinderlla story ekata sub denna

  26. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

  27. Udara Damith B/K

    මොන බ්ලුරේද ඔන්න ඔහේ බලනවා

  28. උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ.
    Br කොපියක් ආවට පස්සෙම බලනවා.
    ජයවේවා!!!

  29. මෙන්න මග බලානම හිටපු එකක්. බාගන්න එක හැමදාම තියාගන්න ඕන හින්දා බ්ලුරේම එනකන් ඉන්නවා. බොහොමත්ම ස්තුති වේවා සහෝ. ජය

  30. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
    දවසට ගැලපෙන්න නියම සබක් නොවැ දිලා තියෙන්නේ..!

error: Alert: Content is protected !!