Wednesday , May 27 2020
Breaking News

Leave No Trace (2018) Sinhala Subtitles | ජීවන ගවේෂණය හා ගැටුනු තාත්තා සහ දියණිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 19 votes.
Please wait...

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ තමයි මං ඔයාලට උපසිරැසියක් අරන් ආවේ. The House සබ් එකෙන් පස්සෙ සබ් එකක් කරේම නෑ.වෙලාවක් තිබ්බෙ නෑ. මොකද උසස් පෙළ විභාගෙ තිබ්බනෙ.😊ඒ කියලා ඉතින් ෆිල්ම් බලන එකනම් නැවැත්තුවෙ නෑ.😁 ඇත්තම කිව්වොත් මං කලින් සබ් දෙකක්ම බාර ගත්තා. ඒත් ඒ දෙකම කරන්න බැරි උනා.කොහොමහරි ඔන්න 8 වෙනි සබ් එකත් කරා.😂 හැබැයි ඉතින් ඉදලා ඉදලා ගෙනාවෙ ක්‍රියාදාම චිත්‍රපටයක්වත් ආදර කතාවක්වත්ඇ නිමේශන් එකක්වත් නෙමෙයි.මේක ඇවිත් නාට්‍යමය (Drama) චිත්‍රපටයක්. ඔව් ගොඩ දෙනෙක් අකමැතිම චිත්‍රපට තමයි මේවා.නින්ද යනවා මේවා බලද්දි. කරන්න සබ් එකක් නැතුව ඉද්දි අහම්බෙන් මේකෙයි තව ෆිල්ම් එකකයි trailer එක දැකලා, පස්සෙ මං සිසිල සහෝට කිව්වහම එයා මේක කරන්න කිව්වා. ෆිල්ම් එක ඇවිත්නම් ටික දවසක් වෙනවා.ඉතින් සමාවෙන්න ඕනි මට මේක කලින් භාර අරන් කරන්න බැරිවුනාට.🙂

Peter Rock කියන නවකතා රචකයාගෙ My Abandonment කියන ග්‍රන්ථය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙන්නෙ. PTSD කියන මානසික රෝගයට ගොදුරු වෙලා ඉන්න ඇමරිකානු හමුදාවෙ හිටපු නිලධාරියෙක් වන විල් සහ එයාගෙ 13 හැවරිදි දුව ටොම් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. මේ රෝගී තත්වය මෙයාව ගොඩක් දුර්වල කරනවා. යුද බිමේ ලබපු කටුක අත්දැකීම් නිසා තමයි මේ ලෙඩේ එයාට හැදෙන්නෙ. දෙන්නා සමාජයෙන් ඈත්වෙලා පොට්ලෑන්ඩ්වල රක්ශිත උද්‍යානයක ගොඩක් කල් අනවසරෙන් තමයි ජීවත් වෙන්නෙ. ඉතින් දවසක් මේ දෙන්නව බලධාරීන්ට අහුවෙනවා. ඒ අය මෙයාලට මිනිස්සු වැඩිය පැත්තක නැති ගෙදරක් දෙනවා. ඒත් තාත්තයි දුවයි ඒ ගේ අතෑරලා ආයෙත් කැලේට යනවා.තාත්තගෙ රෝගී තත්වය නිසා කරන වැඩ හින්දා මෙයාලට ගොඩක් කරදර වෙනවා. කෙසේවෙතත් මේ කතාවෙදි තාත්තගෙයි දුවගෙයි දෙන්නගෙ බැදීම ගොඩක් ලස්සනට පෙන්නනවා.ලස්සනට කියන්නෙ එක වෙලාවකට ආදරණීය විදිහටත් තවත් වෙලාවකට දුක්ඛිත විදිහටත්. මේ දෙන්නගෙ දෘෂ්ටි කෝණ වලින් කතාව ගලාගෙන යන එක මේකෙ සාර්ථකත්වයට හේතු වෙනවා කියලා මං හිතනවා. ගොඩක් සාමාන්‍ය චිත්‍රපටයක් විදිහට ගලාගෙන ගියත් මේකෙ ඇතුලාන්තය ගොඩක් ලොකු අර්ථයක් තියෙනවා ප්‍රේක්ෂකයට හිතන්න යමක් ඉතුරුකරමින්ම.මේ චිත්‍රපටය සහ පොත විවිධ විචාරකයින් විවිධාකාරයෙන් නිර්වචනය කරලා තියෙනවා.මං ඒවා මෙතන දාන්න යන්නෑ කැමතිනම් ඔයාලට පුලුවන් ඒවා අන්තර්ජාලයෙ පොඩ්ඩක් හොයලා බලන්න. Action, Adventure, Horror, Love Story, Animation, වැඩි වශයෙන් බලන අයට මේක වෙනස් විදිහෙ අත්දැකීමක් වෙයි කියලා හිතනවා.

මේකෙ ප්‍රධාන චරිත වලට දායක වන්නෙ Ben Foster සහ ළමා නිළි Thomasin McKenzie. මතක ඇතිනෙ Warcraft (2016), The Mechanic (2011) ෆිල්ම් වල හිටපු Ben Foster.සෙසු චරිත විදිහට Isaiah Stone, Dale Dickey, Dana Millican ආදී අය දායක වෙනවා.මෙය Debra Granik කියන කාන්තා අධ්‍යක්ෂිකාව අධ්‍යක්ෂනය කිරීමත් විශේෂත්වයක්..චිත්‍රපටයේ IMDb අගයම 7.3ක්. Rotten Tomatoes 100%ක අගයක් තියෙනවා.චිත්‍රපටය පැයකුත් විනාඩි 59 ක කාලයක් ගලා යනවා. Box office ආදායම ඩොලර් මිලියන 7ක්. මෙය සම්මාන 13කටම නිර්දේශවීමත් සම්මාන, 4ක් දිනාගැනීමත් විශේෂිතයි.  ඒ වගේම මේ සම්මාන හතරම ලැබෙන්නෙ Debra Granik අධ්‍යක්ෂිකාවට. ඉතින් ඔය දේවල් තමයි මේ චිත්‍රපටයෙ ඇතුලාන්තයේ තියෙන්නෙ.🙂 *විශේෂ කරුණක් තමයි Ben Foster නළුවා සහ Debra Granik අධ්‍යක්ෂිකාව මෙහි එන දෙබස් 40%ක්ම සංස්කරණය කරලා තියෙනවා මොකද එතකොට චිත්‍රපටයෙ කතා රසය වැඩි වෙයි කියලා හිතලා.

මං හිතනවා මේ කරුණුවලින් ඔයාලට ෆිල්ම් එක බලනවද නැද්ද කියලා පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා. මේ වගේ චිත්‍රපට බලන අය මග නොහැරිය යුතු චිත්‍රපටයක් මේක. එහෙනම් බයිස්කෝප්වාසි හැමදෙනාවම ඉක්මනටම තවත් උපසිරැසියකින් හම්බවෙමු.  ජයවේවා!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/BR පිටපත සඳහා වලංගු වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Carriers (2009) Sinhala Subtitles | බයානක වයිරස් එකක් [සිංහල උපසිරැසි සමග]

මුලින්ම බයිස්කෝප් පේජ් එකේ මේ ලිපිය කියවන ඔය හැමදෙනාවම සාදරෙන් පිලිගන්නවා.දැන් අපි ගෙවන කාලෙ තියෙන …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. I loved it. Beautiful silence. Thanks for the subtitles. Keep up the good work.

  2. Thanks ❤ ❤❤

  3. Thanks ❤ I

  4. Thanks a lot

  5. Thanks bro

  6. ඔබට බොහොම ස්තූතියි

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  8. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Thanks …………….good luck …………….the exorcist season 02,colony season 03…………sinhala sub denna………………………..

  11. AsithaDilruwan

    Ela saho thanks

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  13. Thanks …

  14. Thank u Madubashana brother & baiscope team for the sub, all the best to baiscope team………

  15. Udara Damith Dissanayaka

    ස්තුතියි
    සිංහල
    උපසිරසට

  16. patta

  17. සබ් එකට ස්තූතියි සහෝ. දිගටම කරගෙන යමු.

  18. THANKS…………………………..

  19. Thanks sub akta……..

  20. thanks bohoma

  21. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  22. thanks sub ekata

  23. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  24. Thanks for Sub!

  25. thnkzzzzzzzzz bro

error: Alert: Content is protected !!