Friday , March 5 2021
Breaking News

Limitless (2015) [S01:E03] with Sinhala Subtitle |මාකෝස්ගේ පුරාවෘත්තය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Limitless TV SE3

කොහොමද එහෙනම් හැමෝටම? Limitless කතාමාලාවෙ 3 වැනි කොටස තමයි මේ. ලිපිය ලියන්නෙ නම් උපසිරැසිය කරන්නත් කලින්. ලිපිය ලියන වෙලාවෙදිත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැති නිසා හෙමීට හෙමීට ලිපියක් ලියන්න හිතුනා. 😀 මුල් කොටස් ගැන පොඩ්ඩ පොඩ්ඩ මතක් කරගමුකො. බ්‍රයන් ෆින්ච් (Jake McDorman) කියන්නෙ, ගෙදරට වෙලා ඉන්න නිකන්ම නිකන් හාදයෙක්. ගෙදරට වෙලා ඉන්නෙ කිව්වට රැකියා කරන්න ට්‍රයි කලාට එකක්වත් සාර්ථක වෙලා නෑනෙ ඉතින්. 😛

ඔන්න ඔහොම ඉන්න අතරෙ පරණ යාළුවෙක් නිසා NZT-48 කියල හඳුන්වන මත්ද්‍රව්‍යක් පාවිච්චිකරන්න ලැබෙනවා. මත්ද්‍රව්‍යක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි. මේ NZT-48 මත්ද්‍රව්‍ය පාවිච්චි කලාම පැය 12ක් යනතුරු ඒක පාවිච්චි කරපු කෙනා අසීමිත පුද්ගලයෙක් වෙනවා. අසීමිත වෙනව කියන්නෙ ඉතින් මොළයේ හැම සෛලයක්ම ක්‍රියාකාරී වෙනවා. (මම දන්න විදිහට නම් සාමාන්‍ය පුද්ගලයෙකුගෙ මොළය ක්‍රියාකරන්නෙ 20% ක් විතරද කොහෙද.) ඉතින් මෙහෙම මොළයේ හැම සෛලයක්ම ක්‍රියාකාරී වුනාම අසීමිත පුද්ගලයෙක් වෙන බ්‍රයන් FBI සංවිධානය එක්ක ගණුදෙනුවක් ඇතිකරගන්නවා. ඒත් මේ NZT-48 පාවිච්චි කලාම ඒකෙන් අතුරු ආබාධ ඇතිවෙනව. කෙටියෙන්ම කිව්වොත් මරණය තමා. ඒත් සෙනෙට් සභික එඩී මොරා (Bradley Cooper) අතුරු ආබාධ නොමැතිව ඇතිතරම් NZT පාවිච්චිකරන්න හැකිවෙන විදිහෙ බෙහෙතක් ලබාදෙනවා. ඒත් එක කොන්දේසියක් මත. බ්‍රයන් එඩී මොරා ට සේවය කරන්න ඕනි.

බ්‍රයන් FBI ආයතනය සමඟ එකතුවෙලා සාමාන්‍යයෙන් නිරාකරණය කරන්න අපහසු ගැටළු නිරාකරණය කරන ගමන් එඩී මොරාටත් සේවය කරනවා. අද කොටස ගලාගෙන යන්නෙ එක්තරා මිනීමැරුමක් වටා. බලමුකො බ්‍රයන් ගැටළුව විසඳයිද කියලා…

 Limitless (2015– ) on IMDb

 

 

305 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5A1F6C653FE2CE5CB31790FE9366C535ED8C7991

198 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

3656FED37BA3ABCA14E9C06F1D6F295769B6FE2C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

The Walking Dead [S10 : E17] Sinhala Subtitles | සොඳුරු නිවහන! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. කොරෝනා නිසාවෙන් හදිසියේම ඇනහිටිය කතා මාලාව …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Episode 4 ekath awilla ikmanin sub dennako yaluwa

  2. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  5. බොහොම ස්තුතියි සහෝ 🙂

  6. එල සහෝ
    පට්ට සීරීයස් එක
    දීගටම සබ් කරන්න

    Login panel එක දාපූ එක ලෝකූ දෙයක්

  7. 3656FED37BA3ABCA14E9C06F1D6F295769B6FE2C

  8. Thnx saho sub 1ta…patta sres 1k…

  9. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  10. niayamai…suba denakm unne..suba gaththa…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. එහෙනම් සහෝ අපිත් බාගන්නවා ..
    ලබන සතියෙත් ඉක්මනට දෙමු.
    උපසිරසියට තුති.ඔබට ජය.

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  13. Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    මේක සුපිරි කතාව! මං පට්ට ආසාවෙන් බලන්නේ!
    දිගටම වැඩේ දෙමු!
    ජය!!!!!!!

  15. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකත් සුපිරි කතාවක්….

  16. බොහොමත්ම තුති..

    දෙනකල් බලන් හිටියෙ. ජය වේවා !!!

  17. නලින් පෙරේරා

    ස්තුතියි රවියා!

    ජය වේවා!

  18. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂 🙂

  19. thx sahoo

  20. බොහොම ස්තූතියි….

error: Alert: Content is protected !!