Thursday , March 23 2023

Man of Steel (2013) | අලුත් කතාවක්! අලුත් ආරම්භයක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 60 votes.
Please wait...


ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ වෙනුවෙන් තමන්ගේ හමුදා නායකයාටත් එරෙහිව යන්නට ඔවුන් පසුබට වුණේ නෑ. ඔහුට සුදුසුම ලෝකය ලෙස ඔවුන් ‍තෝරාගත්තේ අපේ ලෝකය. නමුත් ඔවුන් හිතූ තරම් මේ ලෝකය ඔහුට කාරුණික වුණේ නෑ. ඒත් ඔහුව හදාවඩා ගත්, ‍රැකබලාගත් මේ ලෝකයේදී ඔහුට හිමි වූ දෙමාපියන් තමයි ඔහුට මේ ලෝකෙට ඔරොත්තුදෙන්ඩ වුවමනා ශක්තියත් විශ්වාසයත් ඔහු තුළ ඇති කළේ. මේ ලෝකෙදි ඔහු හිතාගන්ඩත් බැරි තරම් පුදුමාකාර ශක්තියකින් යුතු කෙනෙක්. ඒත් ඒ හේතුව නිසාම ඔහු හරියට අසරණ වුණා. හරි බව දැන දැනත් කළ ඇතැම් දේවල් නිසා ඔහුගේ හිත වේදනාවෙන් රිදුම් දුන්නා. සියල්ල වනසන්නට තරම් වේගයන් හිත දවනකොට, ඔහු අසලින්ම ඉඳගෙන අවැසි ශක්තිය දුන්නේ මේ ලෝකෙදි ඔහුට ලැබුණු තාත්තයි, අම්මයි දෙන්න තමයි.

ඒ වුණත් අන්තිමේදී ඔහුට, තමන්ගෙ අයව හමුවුණේ කොහෙත්ම නොසිතූ විදිහකට! සැබැවින්ම තමන්ගේ අය කවුද? කාගේ පැත්ත ගන්නද? කාව විශ්වාස කරන්නද? කා වෙනුවෙන් සටන් කරන්නද? කවුරුන් ඔහුව පිළිගනීවිද? කවුරුන් ඔහුට එරෙහිවේවිද? ඒ කොහොම වුණත්; මේ සියලුම ප්‍රශ්න එලෙසම හිත දරාගෙන ඔහු ඒ ගැන තීරණයක් ගත්තා. අන්න ඒ විදිහටයි ඔහු; සිය ලෝකයෙන් ලද උරුමය වූ බලාපොරොත්තුවේ සලකුණ පෙරදැරි කරගත්, එලොවින් ආ ගැළවුම්කරු බවට පත්වුණේ…

DC Comics’ලගේ සුපුරුදු නිර්මාණ රටාවෙන් යුතුව මේ වසරේදී තිරයට ආ මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ ඔන්න දැන්! ඉතිං මෙතෙක් කලක් මේක නොදුන්නේ හොඳම පිටපතකට නැතුව මෙහෙම එකක් දීලා වැඩක් නැති නිසා. ඒක තනිකරම මගේ තීරණයක්! අපේ අනිකුත් සගයන් ඒ සම්බන්ධව වගකිව යුතු නෑ! ඒ කාලපමාවෙන් ඔබේ ඉවසීම යළි යළිත් පෑරුණානම්, ඒ ගැන වගකිවයුත්තා වන්නේ මමයි.

අවසාන වශයෙන් මා ඔබට අවධාරණය කරනවා; මේ චිත්‍රපටයේ වීරයන් මිස දුෂ්ඨයන් නැති බව! එයයි මා මෙහි දු‍ටු සුවිශේෂීම ලක්ෂණය. ඔබටත් එය වැටහේදැයි මෙය නරඹන විට සැලකිල්ලෙන් බලන්න! එයයි මාගේ ඉල්ලීම…

ප.ලි. :-
හරි එහෙනම්! ඔන්න කාලෙකට පස්සෙ මං ආපහු ආවා සුපිරි-මිනිසාවත් එක්කරගෙනම. කොච්චර සුපිරි වුණත් මේ මනුස්සයට සිංහල බිංදුවක් බෑ. ලංකාවෙත් එයාගෙ රසිකයො ඉන්න හන්දා යං කියලා මම කතා කළහම මිනිහා බෑම කිව්වනේ සිංහල දන්නෙ නෑ කියලා 😀 අයියෝ; ඒ හින්දා ඉතිං ඒ ගමන ඒ වැඩේ කරල දෙන්ඩ මට සිද්ධ වුණා. 🙂 දැන්නම් මිනිහාට ගාණක් නෑ. සිංහල තියෙනවනේ… 😛

බැලින්නම් මේ මිනිහා සුපිරි සුපිරි කිව්වට එයාට වඩා මම සුපිරි! ඇයි ඉතිං එයාටත් බැරි වැඩක්නේ මම කළේ 😉 හා නැද්ද මං අහන්නේ? 😉

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “උදා”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

***

Check Also

Rana Naidu (2023) [S01: E09] Sinhala Subtitles | අමිහිරි මතකයන් සදහටම මිහිදන් කල යුතුයි. [සිංහල උපසිරැසි] [18+]

නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ 9 වැනි කොටස මේ විදියට අරගෙන ආවා. එහෙමත් නැත්නම් මේකේ …

Leave a Reply

Your email address will not be published.

202 comments

  1. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  2. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට …. ජය වේවා..❤️❤️❤️

  3. Vishwa sasanka

    Thanks

  4. කාල භූතස්

    සබ් එකට වඩා විස්තරේ සුපිරියක්

  5. thank you aiye

  6. thz bro

  7. Thanks for the sub

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  9. Thank you

  10. මොළ කකුලුස්

    Thanks for subtitles….උඩ තියන විස්තර ටිකටත් ගොඩක් ස්තූතියි……

  11. අවුරුදු ගානකට කලින් බලපු කතාවක් අද සිංහල සබ් එක්ක හරියටම බැලුවා.ෆිල්ම් එක නියමෙටම දිරවල ගියෙ අද.අම්මෝ කවර කතාද සබ් එක ඩොටටම කරල තිබ්බා.වචනෙක අකුරක් වත් වැරදි නැතුව.ස්තූතියි සහෝදරයා සබ් එකට!!

  12. Thank you

  13. Thnks mchn

  14. Thanks …………………..good luck …………….

  15. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro……….!

  16. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

  17. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  18. sub ekata thanks..

  19. Film 1 download karanna bane ai e???

  20. thank you for the sub… 🙂

  21. Thanks..

  22. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  23. සුපර් මැන් ගැන අහලා තිබුනට දැන් තමා බලන්නේ.තැන්ක්ස් සබට

  24. subs niyamai. film eka gena kiyannawath one nehe. thanks UDHA. jaya wewa.

  25. thanks saho

  26. Dulshan tharusha

    thanks sub aekata.digatama karagena yanna

  27. ela toner link nam wada ethe cd adun eth usub ela good luck 🙂


  28. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  29. කොහොම වුනත් ඔයාල මේ ලබා දෙන සිංහල උපසිරසට ස්තුතියි .ඒ වගේම තව තවත් අලුත් filmes එහෙම දන්න .හැබැයි සමහර filmes ඒවායේ size එක ලොකු වුනාමත් බලනකොට අවුල්ගහනවා .ඒකනිසා 720p විතර තිබුනම ඇති ……

  30. මේ film එකනම් මරු.sub ටිකත් හොදට වැඩ .මම ස්තුති වන්ත වනවා ඔය ගොල්ලන්ගේ sit එකට

  31. thanks macho mama meka awa gaman baluwa eth ada ayemath balanawa ubata pin sidda wenna sinhalen………..budu saranai

  32. පට්ටා ෆිල්ම් එක!ස්තූතියි!

  33. Onna ehenam Udata godak sthuthi kiyana gaman Fil eka balanna gannawa….Suba Nawa wasarak Yaluwo hemootama

  34. Achintha sameera

    උදා තැන්ක්ස් සබ් එකට.මේකේ සබ් එක සහෙන්ට බාගත කරලනේ

  35. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි උදා. ජයවේවා!!!

  36. ala wadakne….mare maru…

  37. pahuwela hari apith gaththa

  38. its an ammaizing movie

  39. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  40. aayeth ahala…… lankaawene super heeroos inne..

  41. ela ban ela

  42. super machan niyamaiy biscop thma ban lankawe anka 1k anik ekakwath wdak naha machan digatama yamalla niyamaiy kollane

  43. වරුණ නිරෝෂණ

    මම ආසම තවත් කතාවක්….. බයිස්කෝප් එකෙන් දෙනකල් මඟ බලාගෙන හිටියේ… ස්තුතියි සහෝ……..

  44. මෙන්න කාලෙකට පස්සෙ super man ලා දෙන්නක්ම ඇවිල්ලා වැඩ පෙන්නන්න…නියමයි!!!

  45. iRsHAad මැකා

    පළවෙනියට හෝල් එකේ 3D බලපු ෆිලුම් එක
    කමක් නෑ…ඔන්න ඔහේ බානවා
    සබ එකටනම් තැන්කු මචෝ
    හෝල් එකේ සබ තිබ්බේ නෑ නොවැ

  46. Haaaapoooo,mata nam epaa welaa hitiye sinhala sub eka hoyalama 🙁 baiscope eketh baeluwa tibbe ne nah ne,sinhala sub eka hamba wenakan balanne naetuwa inna hitiye,nikamata wage search paarak daana kota thamai daekke viirayage sub eka waetila tiyenawa,parakku wela hari daemmata waede hondai,godak stuti bro…. 🙂

  47. සබට බොහොම ස්තුතියි උදා සහෝ…

  48. ජය අපිත් ගත්ත එල එල

  49. Thanks !!!!!!!!!!

  50. අපි හිතාගෙන හිටියේ “උදා” දකින්න හම්බෙන්නේ baiscope මන්සලෙන් විතරයි කියලා.

    මොනවා උනත් ඉදලා ඉදලා දුන්න ෆීල්ම් එකනම් සුපිරි.

  51. නියම ෆිල්ම් එක මචන්.පුලුවන්නම් තවත් මේ වගේ අලුත්ම ෆිල්ම් ටිකක් දාන්න.:)

  52. patta. thanks saho

  53. නියමයි උදා! මේක එනක්ං කෙල ගිල ගිල හිටියේ. කොහොමත් ඔයා අරන් තියෙන්නෙ නිවැරදි තීරණයක්, හොඳ පිටපතක් එනක්න් හිටපු එක. ඒකෙ කිසිම වරදක් නෑ.
    අනික ඔයා සුපිරියි තමයි. සුපිරිම බයිස්කෝප් එකක්නෙ දීල තියෙන්නෙ.
    සබට ස්තුතියි.

  54. saho 6ooMB copyata seed nane……

  55. Elakiri thanx machan !!!

  56. බොහොම ස්තුතී…!!! ^_^

  57. බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. මම අහන්නේ මෙච්චර අමාරුද උඹෙන් උපසිරැසියක් ගන්න. මෙච්චර කමෙන්ට් ගානක්, මෙච්චර බාගත කරගැනීම් ගානක් දකින්න මමත් සෑහෙන ආසයි. කෝ අපිට ඉතින් ඒ වාසනාව නෑ නොවැ. ඉස්සර උඹ, නිලන්ත අයියා දුන්නා කියන්නේ අනිවා බානවා කියන එකයි. ඉඳලා හිටල හරි සබ් එකක් දාහන් බන්. කම්මැලි වෙන්න එපා. ජය෴෴ 😛 😛

  58. mudiya / මුදියා

    හපෝයි කමෙන්ට්ස් 130 ක් වැටෙනකං මට මේකට එකක් දාන්න බැරි වුන හැටියක්.මොනව කරන්නද රාජකාරී බහුලත්වය තමයි.
    උදාගෙ සබ් එකක් කියල දැක්කම පිස්සු හැදුන.කොච්චර කාලෙකට පස්සෙද.උඹ දුන්න ඔක්කොම වගේ බැලුව.විශේෂයෙන් ඇනිමේෂන් ඒව.ඔන්න මේ පටන් ගත්තු ගේම දිගටම ගහපන් මචෝ හොඳේ.
    ඉඳල ඉඳල බස්සල තියෙන්නෙත් පිස්සු කොර වෙන එකක්නෙ.ඔයාගෙ ලිපි කොහොමත් මාරම කලාත්මකයිනෙ.ඔන්න එහෙනම් දෙයියනේ කියල බාන්න දැම්ම.නියමයි උදෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

  59. තැන්ක්ස් මචෝ !!!!!!!

  60. Dreamboy Arosh

    මයේ අම්මා මෙහාට වරෙන් උම්මා එකක් දෙන්න… මේක එනකන් තමා මන් ජීවත්වුණේ… තැනකුයි වේවා !

  61. thnx machoo

  62. ගොඩක් ස්තුතියි

  63. Elakiri hode…………………..

  64. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි උදා සහෝ මේක සිංහල සමඟ අප හමුවේ තැබුවාට,ඔයාගේ උපසිරසියක්නම් මම අනිවා බලනවා, අනික මේක පිටසක්වල හා සම්බන්දයිනේ.ජයවේවා.

  65. Patta sub eka macn film eka wagema supiri. Anthimata weeraya underwear eka yatin edala neh

  66. onna maxxxa katawak balanna puluwan supurudu widiyata sinhala sub ekkama….. .
    bohoma stuti saho….. .
    meka enakan tama balan hitiye… .

  67. Thanks!!!!!!!!!

  68. Enakam balan hitiye sub ekka

  69. subata thuthi onna gaththa

  70. බොහෝම ස්තුති උපශීර්ෂ වලට. ඔයාල මහන්සි වෙලා කරන මේ උතුම් සේවයට ගොඩක් පින් සහෝදරයා. සමහර සයිට් වල මම පුද්ගලිකව දන්නවා වෙන අය මහන්සි වෙලා හදන උපශීර්ෂ වලින් සල්ලි හම්බ කරගන්නවා.ඒ සයිට් වලට උපශීර්ෂ දෙන අය දන්නේ නැ වෙනත් අය මුදල් උපයනවා කියලා. ඒත් මේ සයිට් එකේ කිසිම වෙළද දැන්වීමක් මම දැකලා නැ. මේක සහෝදර කණ්ඩායමක් එකතුවෙලා කරන සමාජ සත්කාරයක්. සියල්ලට ජයෙන් ජය !

  71. Buddhika Sampath

    බොහෝම පින් උදා සහෝ උපසිරසියට…

  72. ඉසුරු

    මැක්සා මචං මේක නම් අනිවා බලනවා.
    ස්තූතියි!
    ජයවේවා!

  73. බාගත්ත චිත්‍රපට තුනක් බලන්න තියෙනවා.මෙහේම දෙන්න ගියෝත් නොකා නොබි සබ් බලබලා ඉන්න වෙනවා.ඒ මේකත් බලන්නම ඕනී.ස්තූතියි

  74. great work buddy

  75. ela ela.meka denakm thama balan hitiye.uda sahoo meka dunnata thanx.jayen jaya…….!

  76. brip akata onaaaaa

  77. enakan kela hala hala hitiye

  78. බොහොම ස්තුතියි ජය වේවා

  79. supiri matchan

  80. Thanks macho sinhala subtitle walata. mamath may film aka hoda print akak anakan nobalai hiteyae.

  81. thanks machan,,,

  82. sub akata godak sthuthi yaluwaaa ,,,,, jaya wewa!!!!1

  83. පට්ට පට පට නියමයි මචං තැන්ක්ස් සහෝ

  84. කේ.යූ.ජී. උදාර

    නැවත පැමිණි උදා ව බොහොම සාදරයෙන් පිළිගන්න කැමතියි. කලින් වගේ ආයෙ හැංගිලා යන්නෙ නැතුව මේ හුස්මට ම අපිත් එක්ක දිගට ම ඉමු. එහෙනම් කොල්ලො සිංහල සබට තුති කරන ගමන් දිගට ම අපිත් එක්ක ඉන්න කියල ඇරයුම් කරන්න කැමතියි………………

  85. තිසර ප්‍රමුදිත

    thnkx….

  86. charith kodikara

    thank you yaluwana …oyata puluwannama KL GANSTER 1,2 namin malaysian thai boxing film 2 tiyanawa…puluwannama e2 sinhala subtitle add karala post karanawada

  87. Persy jakson Sea Of Monsters …ekath apu gaman sub denna hode
    Jaya wewa…..

  88. නියම වැඩක් . අලුත් හැම ෆිල්ම් එකකටම සිංහල sub තියෙන වටින site එකක්. කියන්න වචන නැ අපිමේක හැමෝම ඉල්ලා සිටිනවා දිගටම කරන යන්න කියල අපිට පුළුවන් මේ විදියට comment කරලා supportඑක දෙන්න

  89. කැලුම් ගුණසේකර

    අනිවා. උදා කවදත් සුපිරි තමයි. බාගෙට කියවන් යද්දී මට හිතුනා “මේ අපේ උදාවත් දෝ?” කියලා. හරි නේ ඉතින් අනුමානේ? සබ් එක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. සුපිරිය‍ට ම ඇති. ස්තුතියි. සංතෝසයි කාලෙකින් උපසිරැයක් දුන්නා ට, ඒකත් සුපිරි මිනිසගේ චිත්‍රපටයට ම.

  90. Patta , thanks bro

  91. ස්තූතියි.
    ජයවේවා!

  92. සුපිරි කථාවක් වගෙයි සබ් එකට ස්තූතියි සහෝ

  93. thank bro

  94. meka denakan hitiye….thnx mchn

  95. http://www.imdb.com/title/tt0100405/

    mekata sinhala subs denna….

  96. ela machan dn film eka balal end une ekarala ava coment parak dan kiuva vagema meke dustayo nam na viryo thama inne unge loke vada danda bari unata ape lokenam supiriyatama vadaparaval danava balan giyama supermangeth bella kadanda puluvan vage

  97. hahaaa.. aiyypp superman kiywata sinhala berida 😀

    kamak nee.. ape biscope superi miniha gaanata wede kala neee.. 🙂 thnks machioo..

  98. “චූටී මල්ලි”

    මන් දවසක් කිව්වෙ දේ නේද මේ?
    Return of උදා
    එල එල
    ඉදල ඉදලා දුන්නා නේ
    ඇඬිලා කොරවෙලාම යන එකක්
    මේව නම් ඉතින් කොහොමත් බැලෙනවනෙ
    සබට තුති ඈ…
    ඔබට ජය….

  99. කැලුම් රණවක

    කොච්චර පරක්කු වුනත් ඒක ප්‍රශ්ණයක් නෙවි උදා..
    හොඳම කොපියත් එක්ක දෙන එක තමා වටින්නෙ…
    උපසිරැසියට බොහොම තුති සහෝ..

  100. thank you uda malli oyage wachana patta…

  101. ගොඩක් ස්තුති… මල්ලී.. මේක එනකල් ගොඩක් කල් බලන් හිටියා..patta thanx

  102. rusuru | රුසිරු

    බැලුවා පට්ටම ෆිල්ම් එක

  103. thanks macho. ehenam banawa….

  104. උදා සහෝ ඔයානම් සුපිරි! අයෙත් කියලා වැඩක් නෑ මේකේ bluray එනකම් හිටියේ
    ඒක ආව ගමන් ඔයා සබ් දුන්නා නියමයි ආ……….!

  105. hamobooooo meka denakan hitiyeeee……………..hithuvata vada parakku una hoda copy ekak enna…….

  106. සංජිව

    ela ela enakan hitiyee thanks uda saho sub walata

  107. thanks… danakan balagena hitiye.

  108. Chathura Madusanka

    patta patta hamadama wadata gihin awe baiscope ekata enakota nithin me wage ewa dakkama ibema bewenawa…ela ela

  109. thnx bro.ela

  110. Thanks saho……

  111. thanksssssssssssssssssssss

  112. බොහෝම ස්තුතිය් සහෝ මේක එනකම් කොච්චර කල් නම් හිටියද…

  113. නියමයි උදා සහෝ
    ජයවේවා!

  114. uda thanx .

  115. ශාන් විමුක්ති [ විමා]

    මට ඉන්න සුපිරිම විරයා අපෙ උදා කොල්ලගෙන් සබ් එකක් අරගත්තු කෙනා
    එයා තමයි මෑන් ඔෆ් ස්ටීල්
    අනිත් කෙනා තම හැමදාමත් කතාවේ විරයා වෙච්ච අපෙ උදා
    එහෙනම් උදෝ බොහොම ස්තුතියි සබට
    පටන් ගත්තු එක ආයෙ දිගටම කරන් යමු නේද?

  116. patta patta

  117. දිල්ෂාන් කාලිංග

    හප්පේ…මෙන්න මේක ඇවිත්.දන්නෙවත් නෑ දානකම්.
    එහෙනම් බලමුකෝ එකෙන්ම.
    මම මේ උදා සහෝගේ ලිපියකට දාන පළමු කොමෙන්ට් එකද මන්දා.
    එල එල..
    ජය වේවා එහෙනම්.

  118. UDA DUNNA NAM SUPIRIYATA ATHI

  119. සචිත උදාර

    සුපිරිම සුපිරි සහෝ, මේක එන්නේ කවද්ද කියලා බලන් ඉඳලා ඉඳලා එපා වුනා, අන්තිමට ඔන්න සබ් එක්කම ඇවිල්ලා. බොහොම ස්තූතියි,

  120. gr8 machan niyamai

  121. Pattai mcn ehh…dan download karanwa..ela elazz…jaya srii

  122. jayen jaya!!!!

  123. maxxa machan

  124. එල එල පට්ට ඇ ස්තුතයි 😀

  125. ජය වේවා!!!! අනිවා බානවා

  126. go go go baiscope huryyyyyyyy

  127. super man wage supiri set akak thama baiscope apey super heros ubala thama hamadama

  128. mihin ලංකා

    උදා පට්ට ඉදලා ඉදලා ඔය දීලා තියෙන්නේ මැක්සා භාණ්ඩයක්

  129. super man aniwa balanwa

  130. isuru samarasinghe

    thQ

  131. එළකිරි කිව්වා ඔන් එහෙනම් මමත් ගතතා

  132. apo yanatham athi awith meyka anakama kochhcra kal hitiyada 🙂

  133. බොහොම තුති

  134. ela 😀 kiyala awadak na baiscope aka nam dan maxxama maxxa mage asama no 1 aka oyala thama

  135. http://www.putlocker.com/file/6B3D7C0D86702EAB

    oka danna. direct link ekata oka BD RIP EKA

  136. බොහෝම ස්තුතිය් සහෝ. මෙික එනකනමයි බලාගෙන ඉදියේ thx thx thx (y) 🙂

  137. torrent anne koheda mehe subs pissu hadila aye hadenawa 🙂 thanks

  138. සුපිරි උදා හ්හ්

  139. niyamai bro

  140. maxxa paharak meyka onna gaththa

  141. නියමයි සහෝ 😀

  142. ela machan.me vage ewa thawa demu.obta jaya!

  143. saman prasad(Black Cobra)

    saho mata kiyanna wachana na. meka enakamma balagena hitiye.ela ela saho. supiri. niyamaaaaaaaaaaayyyyyyyyyyyyyyyyyiiiiiiiiiii……….

  144. uda sahota pin ath wewa!

  145. පට්ට පට්ට දැම්ම බානවා අදම බලනව ඔන්න

  146. elazz thnxzzz

  147. supiriiiiiiii sahooooooo

  148. බොහොම පින් උදා මචං මේක එනකම් ඇගිලි ගැන ගැන උන්නේ

  149. thnks bro

  150. හර්ෂ ලහිරු

    පට්ටපජාත ලොවෙත්නෑ…….
    උදා ඉදලා ඉදලා කලන්තෙදාන ෆිල්ම්
    එකකට සබක් බස්සලා තියෙන්නෙ
    බොහෝම ස්තුතියි සහො ජය

  151. තැන්ක්ස් වේවා!

  152. යුශාන් පියුමාල්

    මම මේක දෙනකම් මයි බලන් හිටියෙ උදා සහෝ ,,,,
    ,,,,මේක මම බාගෙන තිබුනෙ දැන් මේක සබ් එක්කම බලන්න පුලුවන්
    නියමයි පට්ට උදා ……. බයිස්කොප් එකට ජය

  153. සුපිරි හොද එකක් එනකම් උන්නේ උදා පට්ට

  154. thnxxxxxxxxxxxxx

  155. නියමයි සහෝ

  156. paharak thma meyka nm machan

  157. bohoma pin bro oyaata badu awa witharai sub awith…bohoma pin bro……

  158. නලින්

    සුපිරි මිනිහට වඩා වේගයෙන් උදා සුපිරි මිනිහට හඩ කවලානේ..

    ඔන්න දැන් ආපු ගමන්… පිස්සු හැදිලා ආයිත් හැදෙනවා..

    මැක්සා උදා.. ඒ වෙගෙන්ම අපිත් බා ගන්නවා

    ජයෙන් ජයම වේවා!!

  159. rusuru | රුසිරු

    බොහොම තුති

  160. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහේ පලයන් උදා ඊස් බැක් වත් ද සුපර් හීරෝ…
    මේකාගේ සබ් එකක් බලන්න දෙයියම්පා පෙරුම් පුරන්න ඕනේ…
    අනික මක්කා අහනවා සුපිරි වැඩ්ඩේක් නේන්නම් උදා කියන්නේ…
    සුපිරි මිනිහටත් බැරි දෙයක් නොවැ කරලා තියෙන්නේ..
    එල එල..
    ඔන්න 500 කොපිය දැම්මා හොදේ..
    එලට ඇති කියල හිතනවා…
    ජය වේවා..

  161. වාව් පට්ට තැන්කු වේවා එල

  162. නිරෝෂ්

    ela..thanx

  163. patta patta

  164. පට්ට උදා සුපිරි ෆිල්ම් එකක් නේ මේ දීලා තියෙන්නේ

  165. wow,,maru 😀

  166. මෙන්න බොලේ උදා සහෝ පට්ටම පට්ට චිත්‍රපටියක් සිංහලෙන්ම ගෙනල්ලා.. අර කිව්වත් වගේ සුපර්මෑන්ටනම් කොහොමත්ම බැරි වැඩක් තමයි මේ කරලා තියෙන්නේ.. ඒ කරපු වැඩේට බොහොම ස්තූතියි.. ජයවේවා!!

    ප.ලි. මේ කොපියෙ කොලිටිය කොහොමද මචං?

  167. bluray aka apu gaman deela maxxxa kollo tikak ne

  168. ela ela ela

  169. yes yes yes meka enakan thama balan hitiya
    Thanks
    and for our friends..

  170. ela saho niyamai mama meka anakam mai balan hitye
    meka mama bagen tiyene dan sub akkama banna puluwan
    niyama wadak patta pata pata uda….

  171. maxxa machan meyka supirine

  172. රෙහාන් චානක

    අම්මෝ මේක එනකම් කොච්චර කල් නම් හිටියද… නියමයි උදා

  173. #ChalinduDeshan (කිනා)

    යකෝ මේං පුදුමයක්
    උදා සබ් එකක් දීළ කියාංකෝ.
    ඒකත් ලොවෙත් නැති එකක් ඈ…
    එල එල..
    ආන් මිනිස්සු 😀
    උබත් නිකං මෑන් ඔෆ් බයිස්කෝප් වගේ වුනා එකපාරටම 😀
    ආතල් නේ..
    එල ඈ.
    අනිව බෑමක් ඉතින්.
    ස්තූතියි.
    ජයවේවා!

  174. patta patta anakam unne

  175. කැළුම්

    මම එක පට්ට උදා

error: Alert: Content is protected !!