Saturday , May 27 2023

Manhunt [S01 : E02] Sinhala Subtitles | අපරාධකරු ගැන හෝඩුවාවක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 13 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා MANHUNT බ්‍රිතාන්‍ය කතාමාලාවේ දෙවැනි කොටසත් ඔබ හමුවට. ඉතින් කට්ටියට මොකද හිතෙන්නේ කතාව ගැන? කම්මැලියි වගේද ? ඇක්ෂන් මදි වගේ කියලා හිතෙනවද? එහෙමනම් ඉතින් ඒක ඔබේ චින්තනයේ අවුලක් කියලා තමා කියන්න වෙන්නේ. මොකද මේක සැබෑ ලෝකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ගැන පාදක වෙච්ච කතාවක් මිස ඔබලා අපි බලන්න පුරුදු වෙලා උන්න යතාර්ථයෙන් ඔබ්බට ගිය සුපිරි වීරයෝ ඉන්න කතාවක් නෙවෙයිනේ. හරි එහෙනම් අපි බලමු කතාවේ මේ වෙනකම් ගමන්මග.

ට්විකෙන්හම් ග්‍රීන්හිදි ඇමෙලි ඩෙලග්‍රාන්ජ් නම් ප්‍රංශ තරුණිය අමානුෂික සහ අභිරහස් ලෙස ඝාතනය වීමේ නඩුව පිළිබදව විමර්ශනය බාර උනේ කොලින් සට්න් නම් පරීක්ෂකවරයාට. හැබැයි ගොඩ දෙනෙක් මේ නඩුව කොලින්ට ලැබීම ගැන ප්‍රසන්න සිතකින් නෙවේ හිටියේ. ඒ අයට තව තවත් මේක එපා වෙන්න හේතුවක් වෙනවා කොලින් මේ සිදුවීම් ගැන විමර්ශනය කරන්න භාවිතා කරන උපායඋපක්‍රම. අපි දැක්කා කොලින්ට මේ සදහා ලැබෙන 60/70ක් තරම් වූ කණ්ඩායමේ සැළකිය යුතු සංඛ්‍යාවක් ඔහු යොදවන්නෙ මුලින්ම CCTV දර්ශන එකතු කරන්න.. කට්ටියගේ අප්‍රසාදය මැද්දෙ ඒ වැඩේ කොහොමහරි සාර්ථක වෙනවා. එකෙන් ඇමෙලි ගැන බොහොම වැදගත් හෝඩුවාවන් කීපයක් ලැබෙනවා.

විශේෂයෙන්ම CCTVවලින් ඝාතකයාගේ වාහනය විය හැකි වාහනයක් දකින්න ලැබෙනවා. නමුත් එහි අංකය පැහැදිලි නොමැතිකම ඒ වර්ගයේ වාහන 25000ක් තරම් අධික ප්‍රමාණයක් පිළිබදව පරික්ෂා කරන්න කොලින් සට්න්ගේ කණ්ඩායමට සිද්දවෙනවා. ඒ වැඩේටත් ඇතැමෙක් අප්‍රසාදයෙන් තමා ඉන්නෙ. ඔය අතරේ කොලින් මේ විමර්ශනයට යොදවන අවධානය වැඩි හින්දම ගෙදරත් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න අරගෙන තියෙන්නෙ. එව්වනම් ඉතින් අවුලක් නැතිවෙයි කියලා හිතමු. හැබැයි වැඩේ කියන්නෙ මේ මනුස්සයා ඇමෙලි ගැන හොයන්න ඇවිල්ලා දැන් මේ සිදුවීම මාෂා මැක්ඩොනෙල් ඝාතනය, සාරා නයිට්ව වාහනයකින් හප්පා පලා යාම, 2002 වසරේදී මිලී ඩොව්ලර් අතුරුදන් වීම කියන කාරණාවලට ගාවගෙන ඉන්නෙ.

මේ සම්බන්ධයෙන් පොලිසියේ ගොඩ දෙනෙක් ඉන්නෙ අසතුටෙන්. එහෙමනම් අපි බලමු ඔවුන්ට මිනීමරුවා ගැන ලැබෙන පළමු ඉගිය මොකක්ද? එය ලැබෙන්නේ කෙසේද කියලා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV MTB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 comments

  1. Thanks ………………….good luck …………………….

  2. Chameeradilshan

    sthuthi sub 1ta…………

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඊලග කොටසත් ඉක්මනට ගේමු…
    කට්ටිය එකතු වෙලා The Punisher Season 2 එකටත් ඉක්මනටම සබ් ගෙන්නකෝ…

  6. Waruna_Rathnayaka

    punisher S02 subs denne nadda 🙁

  7. බොහොම ස්තූතියි සහෝ

  8. Thank broo sub ekata. Hoda tv series ekak meka. Jayawewa..

error: Alert: Content is protected !!