You dont have javascript enabled! Please download Google Chrome!
×
Wednesday , November 13 2019
Breaking News
Home / All / Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E12] | නුඹ සැබවින්ම කවරෙක්ද… [සිංහල උපසිරැසි සමඟ]

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E12] | නුඹ සැබවින්ම කවරෙක්ද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Marvels-Agents-Of-S.H.I.E.L.D 3

සුපුරුදු පරිදි මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 12 වන කතාංගයයි. ගිය සතියේ 11 වන කතාංගය ඔයාලට අරගෙන ආවේ අපේ විමා. විමාට ඒ වෙනුවෙන් නැවත වතාවක් ස්තූතිය පුද කරනවා. මේ 12 වන කොටස විකාශය වුනේ අපේ වෙලාවෙන් පසුගිය බදාදා උදෑසන වගේ. ඉතින් දවස් දෙකක් ප්‍රමාද වුණා උපසිරැසිය අරගෙන එන්න. මේ මාස කීපය ඉතාම කාර්ය බහුල නිසයි මෙහෙම පමා වෙන්නේ. ඒත් ලබන සතියේ ඉඳන් සුපුරුදු පරිදි ඉක්මනින් උපසිරැසිය අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 

මතක් කරන්න ඕනේ ගියවර උපසිරැසියත් එක්ක විමා බොහොම වටිනා ලිපියක් අරන් ඇවිත් තිබුණා. ඔයාලා ඒක කියවන්න ඇතියි කියලා හිතනවා. ඒ ලිපියේ ස්කයිගෙන් මාර්වල් සිමාරූපී විශ්වයට ඉන්හියුමන්ස්ලා අවතීර්ණ වීමේ ආරම්භය සනිටුහන් වුනු බව කියැවුණා. ඒ වගේම ඒ ලිපියේ අඩංගු වුනු Fantastc Four සහ Inhumans අතර සම්බන්ධය ගැන කියවුණු කරුණ මෙන්න මේ විදියට සංශෝදනය වෙන්න ඕනේ කියලා විමා අද ලිපියෙන් මතක් කරන්න කිව්වා.

“ෆැන්ටෑස්ටික් ෆෝ කොමික් පොතෙන් තමයි ඉන්හියුමන්ලව හඳුන්වා දුන්නේ, සිනමාවේදී ෆැන්ටෑස්ටික් ෆෝ ඉන්හියුමන්ලට සම්බන්ධ නැහැ. එතැනදී මට වැරදීමක් වුණා, එතන නිවැරදි කරන්න ඕනේ ඔය විදියට, – විමා”

ඒ කරුණ දිහාවට අවධානය යොමු කරන ගමන් අපි පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. ගියවර කොටස ආරම්භ වුණේ තවත් නොමිනිසෙකුගේ (Inhuman) පැමිණීමත් එක්ක. අපිට දෙවන කතා සමය අතරමැද නතර කළ කොටසේදීත් (10) මෙයාව යන්තන් දැකගන්න ලැබුණා. ඒ එක්කම ස්කයිගේ මව සහ ඔහු අතර යම් කිසි සම්බන්ධයක් ඇති බව ගියවර කොටසෙන් පේන්න තිබුණා. දැක්ක ගමන් මම හිතුවේ මේ X-Men කණ්ඩායමේ කෙනෙක්වත්ද කියලා. ඒත් බලන් යනකොට X-Men එක්කලා හැප්පෙන්න පුළුවන් පිරිසක් මේ නොමිනිසුන් අතරින් බිහි වේවි කියලත් හිතෙනවා.

ඔබෙලිස්කයේ විධාරණයට නිරාවරණය වුනු ස්කයිව නිරෝධායනය කරලයි තිබුණේ. ඒ වැඩිදුර පරීක්ෂණ උදෙසා. රූපමය වශයෙන් වෙනස් නොවූවත් ස්කයිගේ ජානමය වෙනස්කම් තියෙන බව ෆිට්ස් අවධාරණය කරගන්නවා. නමුත් ඒ බව ඔහු කණ්ඩායමේ අනෙක් පිරිසට දන්වන්නේ නැහැ. ඒ ස්කයිගේ ආරක්ෂාව ගැන හිතලා. ස්කයි සමඟම පරිවර්ථනයට ලක් වූ රෙයිනා රූපමය වශයෙනුත් වෙනස් වී සිටි බව පේන්න තිබුණා. රෙයිනාගේ ස්වරූපය මම නම් දැක්කේ ඉත්තෑවෙක්ගේ වගේ. බොහොම අසරණ ඒ වගේම මෘග පෙනුමක් තමයි එයාට ලැබිලා තිබුණේ. ඒ වගේම අසරණව ස්කයිගේ පියාව සොයාගෙන යන රෙයිනාට ඔහුගෙන් පිහිටක් ලැබෙන්නේත් නැහැ.මල් මල් වත හැඳි සුන්දර රෙයිනා විරූපී මෘගයෙකු බවට පත්ව සිටි නිසා, තව දුරටත් ජීවත් නොවන්නයි ඇය කල්පනා කරන්නේ. ඒ නිසා දිවි තොර කරගන්න හැදුවත් ඒ උත්සාහය මම ඉහතින් සඳහන් කළ නොමිනිසා නිසාවෙන් වැළැක්වෙන බවයි ගියවර කොටසින් දකින්න ලැබුණේ.

ඒ එක්කම බක්ෂිව ඇමක් ලෙස පාවිච්චි කරමින් වයිට්හෝල්ගේ තැන ගන්න සූදානමින් සිටින අනෙක් හයිඩ්‍රා බල මූලයන් කීපයක්ම කොල්සන් ඇතුලු කණ්ඩායම විසින් විනාශ කර දමන්නේ, එක් හිසක් කැපූ විට හිස් දෙකක් මතු වෙනවා යැයි කියන හයිඩ්‍රා උදෘත පාඨය විහිළුවක් කරමින්. අද කොටස ගැන යමක් කීවොත් අද ස්කයිට නෑ කම් කියන පිටසක්වළයෙක්ගේ ආගමනයක් සිද්ද වෙනවා. ඒ එක්කම ඇස්ගාඩ් වල සිෆ් ආර්යාවත් පැමිණෙනවා. ඔබෙලිස්කය, ස්කයි සහ මේ අය අතර කතාව මොන විදියට වේවිද කියලා බලන්න එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්.. 

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

49AEEE068F101D1BB7530825D6D5067B11DC8EA8

264 MB කොපිය මෙතනින් බාගන්න

B1235EB473ADF3B09E965CFD5DAC40E941FF0558

166 MB (720p) කොපිය මෙතනින් බාගන්න

0E291EDC3620DDFC923D1DD3E6C12CEE2F6B6C5E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Leave a Reply

40 comments

  1. thanxx bro……….

  2. Thank you very much….

  3. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. 166MB (720p) torrent link eka වැඩකරන්නේ නෑ

  5. sub ekata thanx aaaaaaaaaaaaaa

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  8. thanks bro !

  9. Thanks!!!!!!!!!!!!!!!!!!!!

  10. ඔන්න ගත්තෝ…. ජය….
    සබට තුති….

  11. කොමෙන්ට් එකක් කොටන්න පමා උනා මචෝ
    බොහොම තුති හොදේ සබට,අනිත් එපියත් ඉක්මනටම ඕනේ ජය!!

  12. බොහොම ස්තුතියි යශෝධ

  13. Jayz Waniganeththi

    සහෝ ඊයෙ SHIELD වගේම Flash 15 කොටසත් රිලීස් උනානෙ අනික මේ වෙද්දි ටොරෙන්ට් කොපිත් හැම එකක්ම වගේ රිලීස් වෙලා තියෙන්නෙ. ඉතින් Flash වෙනුවෙන් මාසයක්ම බලන් හිටපු එකේ ඉක්මනටම සබ දෙමුනේද දෙකටම??

  14. සුපුන් මධුසංක

    Thanks saho…..


  15. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂
    #Hail_Hydra

    5000 comment

  16. එල ඈ..
    වැඩ ටික ඉවර කරගෙන සුපුරුදු ස්පීඩ් එකට එමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  17. අදිත ප්‍රවීන්

    මාත් කලින්ම බැලුවා .
    දැන් ආයෙත් බලමු .
    බොහොම ස්තුතියි යශෝධ අයියේ උපසිරැසියට !

  18. ශාන් විමුක්ති [විමා]

    සබට තුති යශෝධ සහෝ
    තිබ්බ නොයිවසිල්ලට කලින්ම බැලුව 😀

  19. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  21. Thusitha Hettiarachchi

    Thanks saho….

  22. sub ekata thanx aaaa

  23. ගොඩක් ස්තුතියි අයියේ 🙂

  24. niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. sub 1ට ස්තුතියි…….

  26. Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. පරක්කු උනත් බොක්කා හොඳයි.අපේ engli knowledge eka poddak adui. Mn wage gonnun wenuwen karadara unata tnxxxxxxx aiyaaaaa

  28. thank you very much ale

  29. Jayz Waniganeththi

    හෆ්ෆේ… යාන්තම් ඇති දවස් තුනක විතර ඉදල ටොරෙන්ට්ටුවත් බාගෙන බලාගෙන හිටියෙ.. ඇති යන්තම්. මේ පාරත් දිග ලිපියක් දාල තියෙන්නෙ අපේ යාළුවන්ට කියවන්න. ඇති ඇති ටයිප් කොර කොර හිටිය දැන් බලමු.. සියළු දෙනාටම ජය.. “Hail S.H.I.E.L.D” බුදුසරණයි..!!

  30. නලින්

    ස්තුතියි යසෝ!..

    කලින්ම බා ගත්තා.

    ජය වේවා!

  31. ෂෙරින් සමාධි ගිනිගේ

    පරක්කු උනාට කමක් නෑ සහෝ…
    අපි දන්නවනේ තියෙන වැඩ අතරෙ මේ වැඩ කරන්න තියෙන අමාරුව…
    ස්තූතියි උපසිරැසියට…

  32. Ravindu Adithya

    බොහෝම ස්තුතිවන්ත වෙනවා sub එක වෙනුවෙන්.
    තවත් පරක්කු වෙන්න බෑ .මේක බලන්න ඕන.දැනටමත් පරක්කුයි.

error: Alert: Content is protected !!