You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / All / Mask of Zorro (1998) with Sinhala Subtitles | වෙස් බැඳී අසරුවා…[සිංහල උපසිරැසි සමඟ]

Mask of Zorro (1998) with Sinhala Subtitles | වෙස් බැඳී අසරුවා…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Mask of Zorro (1998) ඔන්න අදත් චිත්‍රපටියක් අරන් ආව බයිස්කෝප් කට්ටියට දීල යන්න කියලා. මං ඉතින් අද වෙනකම් දුන්නේ ටිකක් පරණ චිත්‍රපටිනේ. එහෙම කිවුවට මම අදත් අරගෙන ආවේ පරණ චිත්‍රපටියක් තමයි. :D… මේක තමයි මම මෙතෙක් දීපු පරණම චිත්‍රපටිය. The Mask of Zorro. ඔන්න ඕක තමයි චිත්‍රපටිය. මුලින්ම කියන්න ඕනා විකියා සහෝ මට වෙන චිත්‍රපටි වගයක් කරන්න කියල බල කරද්දිම තමයි මං සෝරෝ එක කරන්නම් කියලා බාරගත්තේ. ඒ ගැන විකියා සහෝ තරහක් නැතිව ඇති කියලා හිතනවා. මොකද අද මේ වෙනකම් මම කලේ එයා කරන්න කියපු චිත්‍රපටි නෙවෙයි. 😀 :D… නෑ, නෑ, සහෝ තරහක් නැතුව ඇති… හරි එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. නම කිවුවාම හිතාගන්න පුලුවන්නේ මේ චිත්‍රපටිය මොකක් ගැනද කියලා. ටයිටස් තොටවත්තයන්ට පින්සිද්ද වෙන්න පොඩිකාලෙ සිංහලෙන් හඩකවල අපි බලපු සෝරෝ කාටූන් චරිතයෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් තමයි මේ.මේක නිකුත් කලේ 1998 අවුරුද්දේ. ඒ වුනාට චිත්‍රපටිය පට්ටෙට හදලා තියෙනවා. ච්ත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Martin Campbell කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. රඟපාන නළු නිළියන් මෙහෙමයි. Desperado, Spy Kids 1, 2, 3, 4, Once upon A Time in Mexico, Shrek, Puss in Boots කියන චිත්‍රපටිවල රඟපාපු සහ ලබන වසරේ එන්න තියෙන Expendables 3 චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙන Antonio Banderas තමයි අලෙහැන්ද්‍රෝගේ චරිතය, එහෙමත් නැත්නම් දෙවන සෝරෝගේ චරිතය රඟපාන්නේ. එලේනාගේ චරිතය රඟපාන්නේ Sinbad: Legend of The Seven Seas, Rock of Ages, Broken City, Side Effects සහ මේ ඊයෙ පෙරේදා නිකුත්වෙච්ච Red 2 චිත්‍රපටියටත් රංගනයෙන් දායක වෙච්ච Catharine Zeta-Jones. දියේගෝ විදිහට, නැතිනම් මුල්ම සෝරෝ විදිහට The Wolfman චිත්‍රපටියෙන් එහෙම ඔයාල දැක්ක Anthony Hopkins තමයි රඟපාන්නේ. කපිතාන් ලව් විදිහට Matt Letscher සහ රෆායල් විදිහට Stuart Wilson රඟපෑමෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටිය IMDb එකේ 6.7 ක අගයක් අරන් තියෙනවා. හරි එහෙනම්… පොඩ්ඩක් කතාවත් කියන්නම්….

කතාව මෙහෙමයි. මෙක්සිකෝවේ තිබුන පාලනයට විරුද්ධව තිබුන මිනිස්සු අරගල කරන කාලයක මිනිස්සුන්ගේ උදව්වට වෙස්වලා ගත්ත මිනිහෙක් ඉන්නවා උදව්වට සෝරෝ කියලා. ඉතින් කොහොම හරි වංශාධිපති රෆායල්ට ඕන වෙනවා මේ සෝරෝව අල්ලගන්න. ඉතින් කොහොම හරි රෆායල් එයාගේ අරමුන ඉෂ්ඨකරගනිමින් සෝරෝව අල්ලගන්නවා. එතනදි මේ සෝරෝගේ බිරිඳව එතනදි මැරෙනවා. ඊට පස්සේ සෝරෝව, එහෙමත් නැත්නම් දියේගෝව හිරකරලා එයාගේ පුංචි දුවව, එලේනාව රෆායල් හදාගන්න අරන් යනවා. ඉතින් කාලය ගෙවිලා යනවා. ඉතින් තවත් අලුත් සෝරො කෙනෙක්ගෙ අවශ්‍යතාවය මතුවෙනවා. ඒව මොනවද කියලා කියන්න මම යන්නේ නෑ. ඔයාලම ඩවුන්ලෝඩ් කරන් බලන්න. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි යනවා. Baiscopelk එන හැමෝටම… බුදු සරණයි……… !!! ‍යන ගමන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. 😉

The Mask of Zorro (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Mask.of.Zorro[1998]DvDrip[Eng]-Zeus_Dias

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

45 comments

  1. Pasindu kushan

    Parana unata lassana film 1k. Thank u bro…

  2. jaya wewa!!!
    thanks.

  3. patta pata pata……:D thanku

  4. godak thanx bro…ela wadak

  5. Good work bro.

    thank you.

  6. මට මතක විදිහට සෝරෝ කාටුන් එක එන්න කලින් සිංහල උපසිරැසි එක්ක ටීවී සිරිස් එකකුත් ගියා.

    • Saman Prasad (Black Panther)

      මට ඒක අමතක වුණා සහෝ. ඉස්සර පොඩි කාලෙ ගොඩක්ම බැලුවෙ කාටූන් තමා. ඒකයි කාටුන් එක හොඳටම මතක. මතක් කළාට තුති සහෝ. 🙂

  7. නලින්

    එළ එළ මෙකත් දැක්කේ දැන් බෝලේ

    ස්තුතියි සමනා

    ජය වේවා!

  8. එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  9. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  10. ela ela..
    patta wedak saho….

  11. Download Manager

    Maxxxa film 1k

  12. meke deweni ekath(the legend of zorro 2005) sab dala denna.

  13. thank you bro. than you very much……

  14. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්. කමෙන්ට් වලිනුත් කතාව අගයල තියෙන නිසා ඔන්න මමත් බා ගන්නවා.

  15. mudiya / මුදියා

    අසිපත අත ගත් අසරුව සෝරෝ සෝරෝ.
    ඇන්ටෝනියෝ අයියා ඉන්න පට්ට ෆිල්ම් එකක්නෙ මේක.
    අනිව ආයෙත් බලන්න වටිනව.
    නියමයි කළු නයෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

  16. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  17. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  18. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. පුදුමයි මේක බයිස්කෝප් එකේ නිකන් පෝස්ට් එකක් විදියටවත් නැති වෙච්ච එක. නියම කතාවක් සහෝ. ජය෴෴ 😛 😛

  19. charitha herath

    මෙයික නම් පස්ට වගේ…..බොහොම පින් සහෝ…….

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම කතාවක් වගේ සහෝ මේක බලන්න ඕනි ඔන්න මම ගත්තා,ජයවේවා.

  21. නියමයි සහෝ,පොඩි කලේ zoro කාටුන් එක මාර ආසාවෙන් බැලුවේ,මේකත් බලමු,thanks

  22. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මේවගේ පට්ට උපසිරසි දෙනවට…

  23. “චූටී මල්ලි”

    සොරෝ ගැන කවුද නොදන්නේ සහෝ
    එල එල

    ////////////////
    //
    //
    //
    //
    //
    //
    //////////////////

    සබට තුති
    ඔබට ජය………

  24. ශාන් විමුක්ති [ විමා]

    විකියා බොලා එක්ක අමනාපනම් සන්තෝස වෙයන්
    මම බොරු කියනවනම් අහලා බලාපන් ඕනෑම කෙනෙක්ගෙන්
    ඒ තරම් සන්තෝසයක් වෙන කෙනෙක්ට ආත්මෙකට ලැබෙන්නේ නෑ බන්
    (විහිලු කරන්නේ හොදේ විකියා අපි කාගේත් ගජයා නොවැ [ශේප් එකේ තියන් ඉන්න ඕනනේ] ) 😉

    එල බන් සබට බොහොම තුති
    ජය!

  25. ජය වේවා සහෝට මේක මැක්සා ෆිල්ම් එකක්

  26. maxxa maxxa machan patta athi

  27. නියමයි සහෝ..තව මේ වගේ එව්වා දෙමු.:) 🙂 🙂

  28. එලස් බාන්න දැම්ම දෙවෙනි එකකුත් තියෙනවා ඒකත් දෙන්න සහෝ

  29. නියමයි සහෝ 🙂 2 කත් දෙමු

  30. හර්ෂ ලහිරු

    පට්ට පජාත කොර ෆිල්ම් එකක් බස්සලා තියෙන්නෙ
    බොහොම ස්තුතියි සහො ජය 😀

  31. balanna one jaya wewa!!!

  32. elane balanna one meyke 2 kath demu legend zoro aka

  33. පට්ට නේ මචං කාටුන් බැලුවට දන්නේ අයි ෆිල්ම් තියේ කියලා

  34. asama kathwak ne macho meyke thwa akaka thiyenawa neyda akatath demu

error: Alert: Content is protected !!