Saturday , October 31 2020
Breaking News

Message from the King (2016) with Sinhala Subtitles | පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 8.0/10. From 44 votes.
Please wait...

කොහොමද ඔයාලට..මේක තමයි මගේ පලවෙනි සබ් එක..මටත් හිතුනා සබ් එකක් කරලා බලන්න ඕන කියලා..ඉතින් මම මේ ‍ෆිල්ම් එක ‍තෝර ගත්ත..මේක ලේසි වැඩක් නෙමෙයි කියලා එතකොට තමයි තේරුනේ

Message from the king කියන මේ චිත්‍රපටය 2016 තමයි තිරගත වෙලා තීයෙන්නේ…මේක අයිතිවෙන්නේ Action, Thriller කියන ගනයට. Fabric Du Welz කියන බෙල්ජියම් ජාතික අධ්‍යක්ෂ වරයා තමයි මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ..චිත්‍රපටයට imdb දර්ශකයේ 6.4 වගේ හොද අගයක් ලැබිලා තියනවා.. නලු නිළියන් ගැන බලද්දි chadwick boseman තමයි මේකේ ප්‍රධන චරිතේ වෙන්නේ captain america:civil war සහ Avengers ‍ෆිල්ම් එකේ බැලැක් පැන්තර් මතකයි නේද? එයා තමයි මේ ඉන්නේ ජේකබ් කිංග් විදියට..ඊට අමතරව Luke Evans,Tom felton,Teresa palmer, Natalie Martinez වගේ ජනප්‍රිය නලුනිළියන් පිරිසක් ඉන්නවා..ඒ වගේම මේක netflix හරහා ප්‍රචාරය උන චිත්‍රපටයක්.

ජේකබ් කිංග් දකුනු අප්‍රිකාවේ ඉදන් ලොස් ඇන්ජලීස් වලට එන්නේ එයාගේ නංගි බියන්කගෙන් හිටිහැටියේ ලැබුන දුරකතන ඇමතුමක් නිසා.ජේකබ් කියන්නේ වැඩි කතාවක් නැති අමුතු පොරක්..ජේකබ් ලොස් ඇන්ජ්ලීස් වල බියන්කාගේ ගෙදරට යද්දි එයා අතුරුදහන් වෙලා..කිසිම කෙනෙක් ගෙන් හරිහමන්විස්තරයක් ගන්න ජේකබ්ට බැරිවෙනවා..අන්තිමේදි බියන්කගේ විකෘති වෙච්ච මල සිරුර ජේකබ්ට හම්බ වෙනවා.මොචරියක තිබිලා..තමන්ගේ නංගිව මරපු ඝාතකයන්ව හොයාගෙන ඔවුන්ගෙන් පලිගන්න ජේකබ් තීරනය කරනවා..බියන්කට වෙච්ච්ච දේ හොයන ඔහුට ගණිකා ජාවාරම් කරන මැර කල්ලියක් එක්ක තමයි හැප්පෙන්න වෙන්නේ..ඇත්තටම බියන්කාට මොකද උනේ? ගුවන් තො‍ටුපලේදි ජේකබ් තමන් හදුන්වලා දෙන්නේ කැබ් ඩ්‍රයිවර් කෙනෙක් විදියට.ඇත්තටම ජේකබ් කැබ් ඩ්‍රයිවර් කෙනෙක්මද? සහෝදරිය වෙනුවෙන් යුක්තිය ඉ‍ටු කරන්න ජේකබ්ට පුලුවන්වේවිද? මේවට උත්තර හොයන්න ‍ෆිල්ම් එක බලන්නම වෙනවා

මේක කම්මැලි නැතුව එකදිගට බලන්න පුලුවන් ‍ෆිල්ම් එකක්..ඇමරිකාව පුරාම තියන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගණිකා ජාවරම් ගැන මේකෙදි කතා කරනවා.කුතුහලයත් එක්ක බලන්න පුලුවන් ‍ෆිල්ම් එකක් කිව්වොත් හරි..චිත්‍රපටියේ සමහර දර්ශන වගේම දෙබස් නිසා මේක 18ට වැඩි අයට තමයි ගොඩක් හොද…

මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම නිසා ටිකක් වැරදිම් ඇති..‍ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න…ස්තූතියි..!!

 

Message from the King (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E13] Sinhala Subtitles | අපි සටන් කරන්නෙ මේ වෙනුවෙන් ❤ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. Thanks you.oyalage samahara Aya film gana onawata wada karunu dala lipiya denawa.ehema balana film attatama echchara hoda nati eawa tiyanawa.eka nisa plz balana ayatama terum gannam arala keti vistarayak dunnanam ati.natnam sub Deepu Kena ekka taraha yanawa vitarane.meka dosak kiuwa meme.oyala hamoma godak hodata sub denawa.eth man kiyana de tikak balannako.thanks again.

  2. Thanks bro

  3. wow………… fatta film eka. sub ekata thanxxxxxxxxxxxxxx

  4. tharaka madushanka herath

    උපසිරැසියට බෝහොම තුති සහෝ

  5. දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ..
    ජයෙන් ජය.

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

  8. දිගටම සබ් දෙමු බ්‍රෝ….

  9. Udaya Fernando

    බොහොම ස්තූතියි තිලින සහෝ.

  10. sub ekata thanks saho.. jaya wewa!!

  11. Good luck brow narcos walata kauruth sub denne nh nedaa

  12. Godak watinawa obe uthsahaya .good luck.

  13. Ruwan Kasun Madhuranga

    Thank you sahoo sub akta..
    Best of luck..

  14. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..!
    ******************බුදුසරණයි*******************

  15. උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

  16. biscope team දෙයක් කියන්න තියෙනවා ., පොඩි kiss scene 2 , 3 තිබ්බා කියලා, 18+ ලේබල් කරන්න එපා . 18+ එවා දීලා ඒවා කරන්න ඕකේ. උපසිරසි එකට ජය වේවා.

  17. Thanks machan…..jayawewa…..!

  18. උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Well done bro…..දිගටම කරගෙන යමු……

  20. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
    බොහොම ස්තුතියි උපසිරැසියට,
    ජයෙන් ජයම වේවා…!!

  21. thanks for sub brooooooooo

  22. elama saho thanks
    digatama sub denna
    jaya wewa!!!

  23. බයිිස්කෝප් සයිිට් එකේ සබ්ස් දෙන හමුදාවට තවත් අලුත් සවියක් වන්නට නව සෙබළෙක්!
    සාදරයෙන් පිළිගනිිමු!

  24. Congratulations bro first sub ekata.. !

  25. ඉෂාන් මදුෂ

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි

  26. congrtz saho. idiriyatath hoda film tikakata sub karamu. jaya wewa

  27. එකෙන්ම ගන්නව හිත ගියා.. පලවෙනි උපසිරැසියට සුභපැතුම්

  28. Sub ekata godak sthuthi sahodaraya. Dunkirk 2017 me film ekatath puluwan nam ikmanin sub ekak denna. jayen jayama wewa

  29. G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  30. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  31. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    බ්ලැක් පැන්තර් ඉන්න හින්ද බලන්නම ඕනේ.

error: Alert: Content is protected !!