Sunday , August 7 2022
Breaking News

Mortal Kombat Legends: Battle of the Realms (2021) Sinhala Subtitles | අන්තිම තරඟාවලිය! [සිංහල උපසිරැසි]

Rating: 9.0/10. From 39 votes.
Please wait...

“බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂

අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ?”

මතකද දන්නේ නැහැ කට්ටියට මම දවසක් ඔය විධියට ලිපිය පටන් ගත්ත. වැඩේ කට්ටියට අල්ලලා ගියා. අපිට විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න මෝටල් කම්බැට් රසිකයින් හැමෝටම. අපේ අය දහතුන්දාහකට අධික ගණනක් උපසිරැසිය ඩව්න්ලෝඩ් කරලා තිබ්බ එකෙන්ම මට තේරුම් ගියා කට්ටියට ඇනිමේෂන් එක අල්ලලා ගිය විත්තිය. ඒ නිසා මම ඒකේ කරපු විස්තර කිරීම මේකෙත් කරන්නේ නැහැ. මුල් ෆිල්ම් එක වෙන Mortal Kombat Legends: Scorpions Revenge (2020) බැලුවේ නැති අය ඉන්නවා නම් වහාම ගිහින් ඒක බලන්න මේක බලන්න කලින්. ඒ සේරටම කලින් හොඳ අවධානයෙන් ලිපිය කියවන්න. වැඩේ සෑහෙන දුරකට තේරෙයි එතකොට. 🙂

ඉතිං මේ තමයි කලින් කියපු විධියටම Mortal Kombat Legends: Scorpions Revenge (2020) ෆිල්ම් එකේ දෙවැනි දිගහැරුම. මතක ඇතිනේ මුල් එකේ මොකද උනේ කියල. අන්තිමේදී ෂාහෝ ඛාන් මෝටල් කම්බැට් තරඟාවලිය පරාජයට පත්වුනා. අවුටර් වර්ල්ඩ් එකට හැම රෙල්ම් එකක්ම එකතු කරගන්න බැරිවුනා. ඉතිං මේ වෙනකොට ෂාහෝ ඛාන් අර්ත් රෙල්ම් එක, එහෙම නැත්නම් පෘථිවිය ආක්‍රමණය කරමින් ඉන්නේ. තරඟයෙන් බැරිවුණ දේ බලහත්කාරයෙන් කරගන්න. ලෝඩ් රෙයිඩන් ඇතුළු අර්ත් රෙල්ම්’හි ශුරයින් පිරිස පෘථිවිය ආරක්ෂා කරමින් සටන් කරනවා. ඔහොම ඉන්න අතරවාරයේ ෂාහෝ ඛාන් එතනට එනවා. ඒ එන්නේ යෝජනාවක් අරගෙන. ඒ තරමයි අවසාන මෝටල් කම්බැට් තරඟාවලිය පැවැත්වීමට එල්ඩර් ගෝඩ්වරුන්ගෙන් අවසර ගමු කියල. ඒ අතරවාරයේ ස්කෝපියන්හට භාරදුර කාර්යයක් ඉටුකරන්න සිද්දවෙනවා. ඔය සිදුවීම් දෙකේ අවසානය එක තැනකට එකතු වෙලයි මේ ෆිල්ම් එක ඉවරයක් වෙන්නේ.

සුපුරුදු පරිදි වැඩේට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා. imdb 6.8 අගයක් ලබාගත්තු මේ සිනමාපටයේ අධ්‍යක්ෂනයත් පළමු සිනමාපටයේ අධ්‍යක්ෂක Ethan Spaulding විසින් සහ හඬ නළුවන් පිරිසත් ඔවුන්ම තමයි. එහෙමනම් නැවත වතාවක් පළමු සිනමපටයෙන් ඔබ විඳගත් කෘරත්වය නැවත විඳ ගැනීමට කෙරෙන ආරාධනයයි මේ. 🙂

 

Director: Ethan Spaulding

Writers: , &

IMDB Ratings : 6.8

Release Date: 31 August 2021

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

සර්කාරු වාරි පාටා (2022) Sinhala Subtitles | රාජ්‍යයම කැළඹුව රුපියලක්. [සිංහල උපසිරසි]

මේ වසරේ සුපිරි තරුව MBගේ බ්ලොක්බස්ටර් හිට් එක තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉස්සෙල්ලාම මේ …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Dhanujaya Sankalpa

    thx brother…thamusela me krn de gana kiynn wachana na ithin

  4. මධුකප්‍රිය පෙරේරා

    thanks vima

  5. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  6. සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. Super Thanks

  8. එළ

  9. 13000 හක් අරන්
    එඑ මිනිස්සුන්ට
    කමෙන්ට් එකක් දාnda බැරි ද
    මන් අහන්නේ

  10. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  11. bohoma sthuthi

  12. Sub ekata thanx

  13. Thanks for the substitle!

  14. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  15. Ted Lasso tv series eke sub dennako

  16. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  17. THANKS…

  18. සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  19. kavinda gamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  20. Thnx sub saho…. Vikings eke sub bluray walat update krl dennako…. Loku udawwak

  21. subata Thanks saho..
    jayama wewa…!!!

  22. බොහොම ස්තූතියි සබ් එකට

  23. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  24. අම්මෝ මෙන්න බඩු දීලා….
    නියමයි අශාන් අයියේ….
    මේක වැටෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ…
    Thank you so much…❤️

  25. Pattaaaaaaaaaaa

  26. උපසිරැසියට බොහොම ස්තුතියි!

  27. මුලින්ම සබ් එක ගත්ත එකා මම, ගුඩ් ලක් බ්‍රෝ. දිගටම මේ වගෙ සුපිරි ෆිල්ම් වලට සබ් ගේමු

error: Alert: Content is protected !!