Monday , June 5 2023

Murder Mystery (2019) Sinhala Subtitles | අභිරහස් මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 35 votes.
Please wait...

නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. අනික ඉතින් අතේ මිටේ පොඩ්ඩක් සල්ලි හිඟ පාඩු නිසා පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න බලන මනුස්සයෙක්. එයාගේ නෝනා ඕඩ්‍රි කියන්නේ කොණ්ඩා මෝස්‌තර ශිල්පිනියක්. මේ දෙන්නා බැඳලා අවුරුදු 15ක් වෙද්දී සංවත්සරය සමරන්න නික් ගෙන් ලැබෙනවා එය මුල් කාලේදී පොරොන්දු වුනු තෑග්ගක්. ඒ කියන්නේ යුරෝපා සංචාරයක්.

මේ කියන සංචාරය යද්දී නික් සහ ඕඩ්‍රි ට අපූරු මනුස්සයෙක් හම්බ වෙනවා අපූරු යෝජනාවක් එක්ක. ඒ තමයි එයාලගේ චාරිකාව මේ කෙනාගේ පවුලත් එක්ක නැවක ගත කරන්න කියන එක. අපූරුයි නේද? නමුත් නොහිතු විදියට මේ ගොල්ලෝ ඇද වැටෙන්නේ ජරමර ගොඩකට. මිනීමැරුම් ගොඩක් අස්සේ ඒකටත් බෙල්ල ළඟටම හිර වෙලා අතරමං වුනු මේ ජෝඩුව ලොකු උත්සාහයක් ගන්නවා ඒවා විසඳාගන්න. නමුත් මේවා එසේ මෙසේ පරීක්ෂණ නෙවෙයි, දිවි පරදුවට තියලා කරන්න වෙන දේවල්. ඒ විතරක්ද? බිලියනපතියෙක්, ජනප්‍රිය නිලියක්, ඉන්දියානු මහරාජා කෙනෙක්, රුසියානු ආරක්ෂකයෙක්, නයිජීරියානු හමුදා නිලධාරියෙක්, රේස් කාර් රියදුරෙක් සහ තවත් චරිත රැසක් අස්සෙන් මිනීමරුවට ලංවෙන ලංවෙන තත්පරයක් පාසා එයාලගේ අනුමාන නිගමන සම්පූර්ණයෙන්ම වෙන අතකට හැරෙනවා. අන්තිමේදී තමන් හරි කෙනා අල්ලාගත්තා කියල එයාල හිතුවත් ඇත්තටම ඒක එහෙම වෙනවද?

2019 ජුනි වල නිකුත් වුනු මේ ඇමරිකානු කොමඩි, අපරාධ, අබිරහස්, වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටය IMDB අගය 6/10ක් සහ Rotten Tomatoes අගය 45%ක් ලබාගෙන තියෙනවා. බෙදාහැරීම අපි කවුරුත් දන්නා Netflix වෙතින්. ඉතින් බලල කියල පොඩ්ඩක් හිනා වෙලා අදහසකුත් දක්වාගෙන යන්නකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

51 comments

  1. Thanks bro…

  2. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  3. Thank you

  4. Thanx bro.Good luck….

  5. supiri sub ekk
    adam sandlergem Big Daddy kiyana ektath sub ekak dannakko please

  6. thankx machan

  7. Thanks for sub!

  8. thank you

  9. AsithaDilruwan

    ela saho thanks

  10. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. janitha pushpakumara

    tnx

  13. thanks

  14. THanks brooo

  15. Thanxx bro………..

  16. බොහොම ස්තූතියි සබ් එකට……

  17. thanks bro

  18. RavindraRishantha

    thanx bro

  19. Thanks for the sub good luck bro

  20. thanks

  21. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  22. thank you,,..

  23. bohoma sthuthi

  24. thanks bro

  25. thank you saho…bs

  26. Thank You saho

  27. thanks..

  28. baiscopeshanukap

    Thanks bro

  29. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  30. thank you for the subtitle.

  31. එල ජය වේවා.

  32. niyama film ekak, thanks bro

  33. ස්තූතියි සහෝ

  34. සිංහල උපසිරසියට බොහොම ස්තූතියි….

  35. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  36. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  37. අම්මප මම හිතෙන් බැන බැන හිටියෙ ඇඩම් සැන්ඩ්ලර්ගෙ අලුත් පිලුමට සබ් නැති එකට.දැන් මේක බලන්න පුලුවන්. සබ් එකට ස්තූතියි.

  38. thanks malinda supiri bro

  39. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (මාලින්ද පිටිගල) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  40. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්…

    • පට්ට බං…නියමයි…ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

error: Alert: Content is protected !!