Monday , September 21 2020
Breaking News

Nikita [S01 : E01] |දිගු ගමනක කෙටි ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 10 votes.
Please wait...

Nikita TV1-1

ගොඩාක් කාලෙකට පස්සේ ඔන්න තවත් රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි සපයන්න කියලා තමයි මේ මුලපුරන්නේ. The Mentalist කතා මාලාවෙන් පස්සේ සම්පූර්ණයෙන්ම උපසිරැසි වැඩේ නවත්තනවද නැතිනම් රෑපවාහිනී කතා මාලාවන් අතහැරලා චිත්‍රපටියකට බහිනවද කියලා කල්පනා කර කර ඉඳලා හිත වාවන්නේම නැති තැන පුරුදු විදියටම තවත් එකක් පටන් ගත්තා. ඔන්න අද පටන් ඒක තමයි මේ NIKITA නමින් ඔයාලාට මේ ඉදිරිපත් කරන්න මගේ සූදානම.

 මෙන්න කතාවේ අතීතය ගැන පොඩි විස්තරයක්…
==========================================

CW වලින් මේක විකාශය කරන්න පටන් ගත්තේ 2010 සැප්තැම්බර් 9 වෙනිදා. ඒ කියන්නේ දැනට ගොඩක් කාලෙකට කලින්. (ඔන්න ඉතිං කතාව පරණයි කියලා අතෑරලා දාන්නේ එහෙම නෑ… 🙂 ) මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ 1990  දී Nikita නමින් විකාශය වුනු ප්‍රංශ කතා මාලාවක් අනුසාරයෙන්. ඊට පස්සේ මේක ප්‍රති නිර්මාණයක් විදියට චිත්‍රපටයක් නිශ්පාදනය කලා 1993 දී Point of No Return නමින්. ඊටත් පස්සේ 1997 දී La Femme Nikita නමින් මේ කතාව නැවත වතාවක් ටෙලි තිරයේ වෙනස්ම නිර්මාණයක් විදියට පෙලගැස්වුනා. ඕන්න ඊටත් පස්සේ මේක ආපහු පරණ නමින්ම කලින් කතා වලටත් වඩා සුපිරි විදියට 2010 සැප්තැම්බර් 9 වෙනිදා CW නාලිකාව ඔස්සේ විකාශය කරන්නට යෙදුනා. අපේ ගොඩක් අය ෆිල්ම් වල ගුණාත්මක බව මනින විදියට IMDb මීටරෙත් මේ කතාව වෙනුවෙන් 7.7 ක් දක්වා කරකැවිලා තියෙනවා.

මෙහි පලමු සමය විකාශය කිරීම ආරම්භ කලේ 2010 සැප්තැම්බර් 9 වනදා කොටස් 22කින් යුක්තවයි. ඉන් පස්සේ දෙවනි සමය 2011 සැප්තැම්බර් 23 දින කොටස් 23කින් සමන්විතවත්, තෙවැනි සමය 2012 ඔක්තෝබර් 22 දින කොටස් 22කින් යුක්තවත්, අවසාන වශයෙන් සිව්වෙනි සමය කොටස් 6 කින් සමන්විතව 2013 නොවැම්බර් 22 දින විකාශය කරන්න කරන්නට යෙදුනා. සම්පූර්ණ කතා මාලාවටම කතාංගයන් 73ක් අඩංගුයි. අවසාන කතාංගය Canceled නමින් 2013 දෙසැම්බර් මස 27 දින විකාශය කර මේ කතා මාලාව සමාප්ත කරන්නට යෙදුනා. (ඒ කිව්වේ කතාව මග හිටියේ නෑ හොඳේ. ඉවරයක් වෙන්න පෙන්නනවා)

 කතාව ගැන පොඩි විස්තරයක්…
=========================

මේ කතාව ආවරණය කරන්නේ නිකීටා කියන ප්‍රධාන චරිතයක්. ඒ වගේම තමයි මේ කතාව මධ්‍යගත කරගෙන තියෙන්නේ රජයෙන් පවත්වාගෙන යන ඩිවිශන් (Division) නම් රහසිගත (Black Ops)ක්‍රියාන්විත සංවිධානයක්. මේ සංවිධානය විසින් සමාජයේ කැපී පෙනෙන්නේ නැති, විවිද දුරාචාරයන් වලට අසුවුනු හෝ අපරාධයන් සිදු කරලා හිරේට නියම වන තරුණ තරුණියන්ව රහසින් ඒ සංවිධානයට බඳවා ගන්නවා. ඒ කියන්නේ සැබෑ ලෝකයට මෙයාලා මැරුණූ අය පමණයි. මේ විදියට බඳවා ගන්න අයව මේ ඩිවිශන් විසින් සෑම අන්දමකම පුහුණුවන් සහිත ඔත්තුකරුවන් සහ ඝාතකයින්, මිනීමරුවන් විදියට පුහුණු කරනවා. මේ සංවිධානයේම පුහුණුව ලබපු කෙනෙක් තමයි අද ඉඳන් අපි මේ බලන්න සූදානම් වෙන කතාවේ කතා නායිකාවත්. නමුත් නිකීටාගේ විශේෂය තමයි මේ සංවිධානයෙන් පැනගත්තු පලමු කෙනා වීම. මේ විදියට මේ සංවිධානයෙන් පැනලා ගියෝතින් හෝ සංවිධානයට විරුද්ධව වැඩ කරනවා නම් එයාලව ඩිවිශන් විසින් කැන්සල් කරලා දානවා. (ඒ කියන්නේ මරලා දානවා). ඩිවිශන් කියන සංවිධානය පිහිටුවලා තියෙන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදු කරන්න. කොටින්ම කිව්වොත් මේ වගේ සංවිධානයක් තියෙනවා කියලා ඇමරිකාවේ ජනාධිපතිතුමාවත් දන්නේ නෑ. මේ ඩිවිශන් වල ප්‍රධානියා තමයි පර්සි කියලා කියන්නේ. නමුත් රජය වෙනුවෙන් වැඩ කරන මේ සංවිධානයෙන් ඇයි මේ නිකීටා පැනලා යන්නේ? ඒ වගේම ඇයි ඇය මේකට විරුද්ධව වැඩ කරන්නේ? ඒකට හේතුව තමයි, රජය වෙනුවෙන් වැඩ කරපු ඩිවිශන්, රජය වෙනුවෙන් පමණක් නැතිව විවිධ අපරාධ සංවිධාන වෙනුවෙන් කුලී වැඩ කරන තැනක් බවට පත්වීම. මේ නිසා මේ ඩිවිශන් වලින් විටින් විට තමුන්ගේම රජයට විරෝධීව පවා කටයුතු සිද්ධ කරනවා. නමුත් මේ පිලිබඳව මේ ඩිවිශන් තුල සිටින බොහෝ ආධුනිකයින් දන්නෙ නෑ. ඔවුන් හිතන්නේ තමුන් තමුන්ගේ රට වෙනුවෙන් සේවයක් කරනවා කියලා විතරයි. නමුත් මේ පිලිබඳව දැනගන්න නිසාවෙන් තමයි නිකීටා ඩිවිශන් වලින් පැනලා ගිහින් ඩිවිශන් විනාශ කිරීමේ අරමුණින් ඩිවිශන් වලට එරෙහිව වැඩ කරන්නේ.

කතාවේ මූලික චරිත ටිකක් තියෙනවා. ප්‍රධානතම චරිතය තමයි නිකීටා කියන්නේ. මැයගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්නා හඳුනන ප්‍රසිද්ධ නිලියක් වන Maggie Q. Naked Weapon, Mission Impossible III, Die Hard, Divergent, වැනි චිත්‍රපට වල මැයගේ රංගන දායකත්වයන් අපිට දකින්න ලැබෙනවා.

 අනිත් චරිත ටික තමයි
=====================

•ඇලෙක්ස් (Alex) – Lyndsy Fonseca.
Kick-Ass, Kick-Ass 2 චිත්‍රපටි වල වගේම Marvel’s Agent Carter වලත් දකින්න ලැබෙනවා.

•මයිකල් (Michael)- Shane West
අපි නම් මෙයාව ගොඩක්ම දන්නේ A Walk to Remember කතාවෙන් තමයි.

•පර්සි (Percy)- Xander Berkeley
The Mentalist කතාවේ තෝමස් මැකැලිස්ටර් චරිතයෙන් වගේම 24 රූපවාහිනී කතා මාලාවන් වලින් පවා අපිට මෙයාව බහුලව දකින්න ලැබෙනවා.

•බර්ක්ඕෆ් (Birkhoff) – Aaron Stanford
ප්‍රධාන වශයෙන් X-Men: The Last Stand චිත්‍රපටයෙන් සහ 12 Monkeys රූපවාහිනී කතා මාලාවෙන් අපිට මෙයාව දැකගන්න පුළුවන්.

•අමන්දා (Amanda)- Melinda Clarke
ගොඩක් කතා වල රඟපාලා තියෙනවා නම් තමයි. නමුත් විශේෂ වශයෙන් ප්‍රසිද්ධ වුනු චිත්‍රපටි වල නම් අපිට මැයව දැකගන්න ලැබෙන්නේ නෑ.

•ඔවන් (Owen) – Devon Sawa
Final Destination කතාවේ පොඩි කොල්ලෙක් විදියට මෙයාව දැකගන්න ලැබෙනවා.

•රයන් ෆ්ලෙචර් (Ryan Fletcher) – Noah Bean
12 Monkeys රූපවාහිනී කතා මාලාවේ අපිට මෙයාව දකින්න ලැබෙනවා.

=======================================================

ඔය විදියට මෙකී නොකී ගොඩක් චරිත ඉදිරියට හමුවෙවි තමයි මේ කතාව දිගට ගලාගෙන යන්නේ.

හොඳයි එහෙනං, මේ කිව්වා මදෑ…. දැන් ඉතිං කට්ටිය අද ඉඳන් නිකීටා බලන්නත් පටන් ගනිමු. දැනට නම් මේ කතාව ගොඩක් දෙනා බලලා ඇත්තේ. ඒත් නොබලපු අයට අද ඉඳන් සිංහල උපසිරැසිත් එක්ක කතාව බලන්න පුළුවන්. හැමදාම වගේ කට්ටියම මට දොසක් අඩුපාඩුවක් හරි කමක් නෑ, කමෙන්ට් එකක් දාලා යන්න එහෙම අමතක කරන්න එහෙම එපා.

බලාපොරොත්තුවෙන් හිටියේ කතාවේ ඔක්කෝම එකපාර දෙන්න, ඒත් ඉතිං කන කෑම වුනත් ජබස් ගාලා එකපාර බඩට හලාගන්නේ නැතුව ඩිංග ඩිංග කටින් කට කනකොටනේ රසේ තියෙන්නේ. එහෙම හිතලාම එකින් එක දෙන්න හිතාගත්තා. එහෙනං ඉතිං අද ඉදං හැමෝම කටින් කට බන්ඩිය පුරෝ ගන්නකෝ  🙂 🙂 🙂 (බඩගින්නේ තියන්නේ නෑ…. !)

 කතාව ගැන කිසිම අදහසක් තාමත් නැත්නං…
===============================

“ක්‍රියාදාම වලින් පිරුණු, ත්‍රාසජනක සටන් ජවනිකා වලින් පිරුණු රූපවාහිනී කතාමාලාවක්” කියලා අන්තිමටම කියන්නං…

ආයු – බෝ – වේවා !!!

 

 Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                              All Episodes                          Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. මිලින්ද ප්‍රියලාල්

    ♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
    ◼️◼️◼️ප්‍රණිත් රණසිංහ ◼️◼️◼️

  2. ME sub eka set wenne mona quality ekatada bn?

  3. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

  5. thanks..

  6. Supiri series eka

  7. ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!

  8. Machan patta TV seris eka …..

  9. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. තෑන්ක්ස්.
    දැන් තමයි මේක ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ.
    Mentalist වගේ හිතට ඇල්ලුවොත් දිගටම බලන්න පුළුවන්.

  11. wow maxa.thanx machan for ur great work.gud luk!!!!!!!!!!

  12. එල එල ඈ ස්තූතියි………………..

  13. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තවත් අලුත් වැඩක් පටන් ගන්නයි යන්නෙ. අනිවා බැලීමක් තමා මෙන්න. ජය෴෴ 😛 😛

  14. සුපුන් බුද්ධික

    බලන්න ආසවෙන් හිටපු තවත් කතවක්නේ ආයෙත් ගෙනල්ලා තියෙන්නේ..
    බොහෝම ස්තුතියි සහෝ එහෙනම්..
    දිගටම සබ් දෙමු..
    පුලුවන්නම් Dexter කතා මලාවටත් සබ් දෙන්න බලන්න,
    ඒක ලෝකු දෙයක් සහෝ..
    කොහොම උනත් මේ කරන වැඩේට හදවතින්ම සුභ පතනවා..

    ජය වේවා !!!

  15. thanks ,good luck…

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි හොදේ…
    මේක එකම කතා තේමාවක් යට‍තේ යන කතාවක්ද? නැත්නම් දවසින් දවස එක එක ප්‍රශ්ණ ඇති වෙන කතාවක්ද?
    කොහොම වුනත් උපසිරිසිය්ට බොහොම ස්තුතියි සහෝ..
    ජය!!

    • ප්‍රධාන අරමුණ තමයි ඩිවිශන් කියන සංවිධානය බිඳහෙලීම.
      ඒ අතරතුර දවසින් දවස එක එක විදියේ ප්‍රශ්ණත් ඇති වෙනවා. 🙂
      හරියටම එකක් කියලා කියන්න අමාරුයි.

      1. ඒ වගේම අධි තාක්ශනික උපකරණ භාවිතය (නැනෝ තාක්ශණය, කම්පියුටර් හැකිං)
      2. ක්‍රියාදාම.
      3. ප්‍රේමාන්විත සිදුවීම්.

      එකී මේකී නොකී දේවල් තියෙනවා. 🙂

  18. තැන්ක්ස් මචන් උබ නම් සුපිරි

  19. Thanks “ප්‍රණිත් රණසිංහ” සහෝ….!! මෙක action බලන අයට කියාපු සීරිස් එකක්…action+ romance සුපිරිම තමා..! අනිවා බලන්න.

  20. STYLISH PRINCE

    saho oya deviyek saho…………………

  21. Kathawa nam supiri wage (Y) 😀

  22. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…නැවත පැමිනි එක ගැන බොහොම සතුටුයි෴

  23. tnx mcn tama beluwe nehe hodai kiyala hithanawa jaya wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. thanks saho……….digatama demu…

  25. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  26. super man පරණ ෆිල්ම් වලට sub දෙන්නකෝ.

  27. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  28. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  29. Hitha honda kolla

    අනේ බන් මේවා නෙමෙයි CSI CYBER කියන එකට දීපන්කො සබ්…
    ඒක සුපර් ටීවී සිරිස් එකක් ඇරෝ වගේ ප්‍රසිද්ධ වෙයි ලොවෙත්.
    දීපන්කො

  30. Anuruddha Kulasekara

    Dan ithin meka ayeth balanna wenawaaaaa…………………

  31. Dhanuka sulakshana

    smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා.

  32. maxxa 1k ne..mekn nm atharin na balanawama thama…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……

  33. ඉන්ඩ්‍ර්හ පාල

    මේකේ ඇඩ්මින්ලත් එකයි, සබ් දෙන උනුත් එකයි. යකෝ සබ් දෙනකොට බලන්න පුලුවන් කොපියකට සබ් දීපල්ලා. බ්ලූ රේ රිපකට හරි. නැත්තම් වෙබ් ඩවුන්ලෝඩ් රිපකට හරි. එච්ඩිටිවි තැරි වලට සබ් දාන්න කාලේ කන්න එපා යකුනේ. මේවා පරන ඒවා නිසා ඒ වගේ කොපියකට සබ් දාන්න බැරි කමක් නෑනේ.

    • okata marenna hadanne mokatada ban…. ehema hari sub dena nisane balanne. thamanta hoda vidihe quality ekaka copyak bagena sub eka a name ekata Rename karala KMP eken balanawanam sub eka Align nattan “[” “]” menna me key deka obala align karan baluwanam iwarainem podi seen ekakatane ke gahanne

  34. adoooooooooo meknam patta pata pata wedak bn…..ubnam dewiyek…thnx mchn sub ekta . ube wedath paadu krgan nethuwa dgtma sub demu hode……jaya wewa mchn

  35. niyamayi machan, digatama denna, ara Breaking Bad wage atharama maga nathara nokara digatama denna obata jaya

  36. 1st season eka apu kale baluwa.dan matkath na mcn.aye mula idama blamu.mekat sub deid kiyla bla bla hitiye.ela ube choice 1 nm patta

  37. subata thanks saho……

  38. MAXXA praneeth MAXXA……………….

    mechra kal tiyan hitiya bt khmahari antimedi eke sub ekath karanda patan gatttha ela mchannn thnnnnxxxxxxxxxx

    kiyala wadak na bn sira bn meketh sub daida kiyala hitana hitiye ekatah patan gatttha ela mchan ela

    ehenum obata JAYA WEWAAAAAAA……….. SUB WALTA THNXXXXXX$%^&*()))(*&^%$#@

  39. චතුර බුද්ධික

    අම්ම ගහයි බැට් එකෙන්… අඩෝ උඹ දෙන ඕනි මගුලක්.. 🙂
    Mentalist සුපිරි ඈ… Prison Break වලින් පස්සේ ආසාවේ බලපු සිරා කතාව..
    උඹේ සබට පින්සිද්ද වෙන්න තමා ඒක බැලුවේ…

  40. පට්ට සහෝ.. උබ sub දෙන්න ගන්නවනම් බය නැතුව බලනවා මචං..
    මග නතර වෙන්නේ නැ කියල දන්නවනේ…
    දිගටම ! ඉක්මනටම ! sub දෙන්න ලැබේවා !!!!
    ජයවේවා…… 🙄

  41. subtitle pissa

    saho oya karala thiyana wade hoda .eth baiscope eken patan aran subtitle denne nathi serias godak thiyanawa..eka hinda oya peretha kamata loku line gahanne nathuwa ara anith unge wada tika iwara karoyh hodai neda,,

  42. ෂෙරින් සමාධි ගිනිගේ

    ආයෙත් කතාවක් ගෙනත් නේද?
    මුලින් එච්චර ගණන් ගත්තෙ නෑ…
    ඒත් අපේ ප්‍රණීත් සහෝ කරපු උපසිරැසියක් නිසා නොගෙන බෑනේ…
    The Mentalist එකට පිස්සු වැටිලා වගේ බලපු හැටි තාම අමතක නෑ.
    එහෙනම් ඉතින් මේකත් ඒ වගේ ආසාවෙන් බලන්න හැකියාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.
    එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි.
    දැන් එන්න එන්නම සතියකට බලන කතා ගණන වැඩි වෙනවා.
    අතාරින්නත් බෑ.
    එහෙනම් ඊළඟ උපසිරැසියත් ඉක්මනින්ම දෙන්න.
    ජය!!!

  43. thnx saho 😀

  44. මරු ගොඩ කාලයක් series ඒක තියාගෙන බලන් හිටියේ සිංහල sub එයි කියල.නියමයි,දැන් බලනවා,sub එකට thanx

  45. Macho.. Digatama sub dipan.. athara meda atharamn karane nethuwa.. elazz (Y)

  46. ela ela broooooo ohoma yan ohomayan…… jayawewaaaa

  47. එල සහො දිගටම දෙන්න

  48. බලලම විස්තර දානන්මි සහෝ…. සබට බොහෝම පිං……….

  49. ගොඩක් ස්තුතියි ප්‍රණිත් සහෝ …………………..

  50. ගොඩාාාාාාාක් ස්තූතියි!

  51. Gret. Thanx

  52. thanks machan

  53. බොහෝම ස්තූතියි සහෝ

  54. ගොඩක් ස්තුතියි ප්‍රණිත් සහෝ මේක බලන්න ඕනේ ඒත් මේ තියන ටීවී කන්දරාව එක්ක වෙලවක් හොයාගන්න තමා අවුල 😀 The Mentalist බලන්න උනෙත් නැහැ එකත් මේ බලන්න සැරසෙන ගමන් එත් අනිවා මේකත් බලනවා මේ කරන කාර්යට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ බොහොම පින් එහෙනං ඔන්න මමත් වන්දනාවට එකතු උනා 😀 😀 හරේ යං 😉

  55. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. ඇත්තට ම ඔයාගේ ලිපිය නිසා තමයි මේක බාන්න හිතුවේ. මං ආසාවෙන් බලපු ටෙලි කතා තීපයක් ම මේ වෙද්දි ඉවර වෙලා. මේක අලුතෙන් ම පටන් ගත්ත නිසා මේක බලන්න ඕන.

  56. onna sub eka gaththa tnx.. sahooo…..
    ‘The Vampire Diaries’ TV Searice sub danna puluwanam loku deyak sahoo…..
    natham puluwan kenekwath innawadoo…..

  57. නලින්

    ස්තුතියි ප්‍රණියා! දැන්නම් ඉතිං ඇත්තම කිව්වොත් බලන්න වෙලාවක් ඇත්තෙම නැහැ..

    තියෙන කෙනෙක්ගෙන සේරම ඉල්ලගෙන..හිමිටි බලන්න ඕනේ වෙලාවක.. එලස්ස් වේවා! මචෝ..

    ජය වේවා!

  58. digatama yamu jayawawa

  59. niyama wedak saho. . Ela. . Digatama karagena yanna. . . . Sub ekata thanx. .

  60. Niyamai saho….

  61. Jayz වනිගනෙත්ති

    බොහෝම ස්තූතියි සහෝ දිගින් දිගටම අළුත් කථා මාලා චිත්‍රපට ගේන්න ශක්තිය දෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. බුදුසරණයි..!!

  62. thanx bro !!!!!

  63. නියමයි ප්‍රනීත් මේක බලලා තියෙනවා එත් අද ඉදලා ආයේ බලනවා සබ් එක එක්කම ජය වේවා ඉස්සරහටම යමු ….

  64. ela sub walata thanks

  65. මේ දීලා තියෙන්නේ Mentalist season 1 torrent file එකනේ

  66. thx machn

  67. ප්‍රණිත් සහො එල පහරක් බස්සල තියෙන්නෙ……….the mentalist වගෙ උඩ මළුවටම අපිව අරන් කරුනාකරන්ඩ ශක්තිය ලැබෙන්ඩ කියල සුබ පතනවා…………….ජය වේවා……………….

    • එල ඈ..
      Mentalist එකෙන් පස්සේ තවත් පට්ට කතාවක් ගෙනත් තියෙන්නේ.
      CW එකේ ගියපු එකක්නම් ආයි හිතන්න දෙයක් නෑ සුපිරියට ඇති.
      ප්රණිත් සහෝ සබ් දෙන නිසා ආයි හිතන්න දෙයක් නැ සබත් ඒ වගේම සුපිරියට ඇති.
      ඔන්න එහෙනම් හැමෝගෙම බන්ඩි පුරවන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. 😀
      ලිපියත් සුපිරි ඈ. ඔන්න එහෙනම් වැඩ පටන් ගන්නවා.
      ආ… ඒ වගේම Mentalist එකෙන් පස්සෙ අපිව අමතක නොකරපු එකටත් බොහොම ස්තුතියි.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

error: Alert: Content is protected !!