Tuesday , October 27 2020
Breaking News

Paatal Lok (2020-) [S01: E04] Sinhala Subtitles | සැලසුම් අවුල් වෙයි [සිංහල උපසිරසි සමඟ] [18+]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

මුලින්ම මයුර අයියට ස්තූතියි කියන්න ඕනි මාවත් මේ වැඩේට එකතු කරගත්තට. කතාව මොන තරම් සුපිරියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ දැන් මේක බලන අයට. IMDB රේටින්ග්ස් බැලුවාම තේරෙනවා ඇතිනේ මොන තරම් සුපිරි සීරීස් එකක්ද කියලා. මේ සීරීස් එක නොබලපු අයත් මඟෑරගන්න එපා අනිවාරෙන් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

කලින් කොටසේ වුන දේවල් හැමෝටම මතක ඇතියි කියලා හිතනවා. ත්‍යාගිගේ වගේම තෝප් සින්ග්ගේ කුරිරු අතීතේ ගැන හෙළිවුනේ පහුගිය කොටසින්. ඒ වගේ අතීතයක් තියෙන අය දරුණු වැඩවලට පෙළඹෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒ වගේම හඳුනා ගැනීමේ පරීක්ෂණේදි ත්‍යාගි කියලා කෙනෙක්ව අඳුරන්නෙ නෑ කියලා මෙහෙරා කිව්වත් එයා පහුගිය කොටසේ අන්තිමට කරපු දේ දැක්කනේ. ඒ විස්තර හොයාගන්න එයාට උදව් කලේ සේරා. ඒ වගේම තව එක දෙයක් තියෙනවා. පළවෙනි කොටසේ ත්‍යාගි කාමරේ ඇතුලේ ඉඳන් මාස්ටර් කියලා කෙනෙකුට කතා කරනවා හෝටලේ සේවකයට ඇහුනා. ඒ වගේම කලින් කොටසෙදිත් ඔයාලා දකින්න ඇති ත්‍යාගිගේ ඉස්කෝලේ ක්‍රීඩා ගුරුවරයටත් ළමයි කතා කරන්නෙ මාස්ටර් කියලා. එතන පොඩි පටලැවිල්ලක් තියෙනව වගෙත් පේනවා. මං මේ නිකන් මට හිතුන දෙයක් කිව්වේ ඉතිං අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඉතිං අද කතාව එතන ඉඳන්. කතාව එන්න එන්නම අවුල් සහගත වෙන හින්දා අද කොටස ගැන මුකුන් නොකියා ඉන්නම්.

සබ් එකේ වැරදි තිබුනොත් සමාවෙන්න ඈ මොකද මං වැඩිය හිංදි සබ් කරලා නැති හින්දා. එහෙනම් මට මේ අවස්ථාව දීපු මයුර අයියට වගේම මේ සීරීස් එක වෙනුවෙන් එකතු වුන අනිත් උපසිරැසිකරුවන්වත් මතක් කරන ගමන් තවත් සුපිරි ටීවී සීරීස් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Thank u bro

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. සබට තුති වේවා
    ❤️

  5. mchoo aluth eka kwdada dnne thnks for sub

    • Sohan Jayasooriya

      ඊළග එපියද? හැමදාම උදේට එපිය ගානෙ සබ් එක පල කරනව සහෝ

  6. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  8. Thanks for sub!

  9. Chandima Prasad

    thanks sub ekata..

  10. Thank broo sub ekata

  11. සබට ස්තුතියි සොහාන් අයියා..!
    #පාතාල්_ලෝක් ❤️

  12. සබට ස්තූතියි මචෝ.
    ඉස්සරහට කට්ටියට මේක බලන්න සෙට් වෙයි කියලා හිතනවා

  13. Tharushaperera

    thank u sub ekata

  14. සිංහල උපසිරැසියට ස්තූතියි

  15. Thanks jayawewa…..!

error: Alert: Content is protected !!