Saturday , July 31 2021
Breaking News

Pelé: Birth of a Legend (2016) With sinhala subtitles | පුරාවෘත්තයක උපත… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 17 votes.
Please wait...

Pele-Birth of a Legend (2016)

මුලින්ම කියන්න ඕන උපසිරැසි ලබාදෙන්න පරක්කු උනා නම් සමාවෙන්න කියල. මාසෙකට විතර කලින් වැඩේ බාරගත්තට මොකද තියෙන අනිත් වැඩ රාජකාරිත් එක්ක බොහෝම හෙමීට තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. සමීර කරුණාරත්න සහෝදරය තමයි මේ සිනමාපටය ගැන මට කිව්වෙ,ඉතිං මුලින්ම එයාට ස්තූතිවන්ත වෙනව මේ ලස්සන සිනමාපටය හොයල දුන්නට.

මේක ඇවිල්ල IMDb වර්ගීකරණයට අනුව චරිතාපදාන, නාට්‍ය සහ ක්‍රීඩා ලෙස වර්ගීකරණයට ලක්ව ඇති සිනමාපටයක්. “එඩ්සන් ඇරන්ටෙස් ඩෝ නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” නමින් හදුන්වන පාපන්දු ක්‍රීඩයයා සහ ඔහුගේ පියා කේන්ද්‍ර කොටගෙන සත්‍ය කතාවක් මත පදනම්ව තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2016 මැයි මස 13 වන දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල පැය 1යි මිනිත්තු 47ක් පුරා දිවෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Jeff Zimbalist සහ Michael Zimbalist යන අධ්‍යක්ෂක වරු දෙදෙනා විසිනුයි. නවක නළු Kevin de Paula විසින් “එඩ්සන් නසිමැන්ටෝ” හෙවත් “පෙලේ” චරිතයට පණ පොවනු ලබන අතර “පෙලේ” ගේ පියාගේ චරිතයට Seu Jorge රංගනයෙන් ධායක වෙනවා. මේ වන විට 7.6/10 වැනි ඉහල IMDb අගයක් දිනාගන්නට මෙම සිනමාපටය සමත් වෙලා තියෙනවා.

හැල හැප්පීම්, කණගාටු වීම්, අහිමි වීම් රැසක් මැදින් තම රටට දශකයක පමණ කාලයක සිට අහිමි වෙමින් පැවතුන පාපන්දු ලෝක කුසලානයක් දිනා ගැනීම දක්වා එඩ්සන් නසිමැන්ටෝ යන ධෛර්යයමත් ගමන මේ සිනමාපටය තුලින් ලස්සනට රූපයට නගා තිබෙනවා. කිසිම කම්මැලි කමක් නැතිව ඉවර වෙනකම් බලන්න පුලුවන් ලස්සන කතාවක්. ඔයාල හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්…!

 

 

 

 

 

Pelé: Birth of a Legend (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pele Birth Of A Legend 2016 1080p WEB-DL DD5 1 H264-FGT1

Pelé.Birth.Of.A.Legend.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Man with the Answers (2021) Sinhala Subtitles | ප්‍රේමණීය චාරිකාව [සිංහල උපසිරසි] [18+]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. ස්තූතියි

  2. Sub ekata thanx

  3. සබ් එකට බොහොම ස්තූතියි!!

  4. nimal dissanayake

    ලස්සනම ලස්සන
    බලා ඉන්න කම්මැළි නැති
    ජීවිතයට නව දිරියක් ළඟා කරවන
    අරුමැසි ෆිල්ම් එකක්!
    සම්මානනීය ගණයේ සබ්ස් ටිකක්!
    තුති මල් මිටක්
    හසන්ත, ඔයාට!
    ජය!

  5. ඉෂාන් මදූෂ

    සුපිරි.බොහොම ස්තූතියි සහෝ

  6. Supirima supiri… patta.

  7. patta film ekak saho sathya katha kiuwa meka godak sanweedi kathawak.eththataa anthimata es dekata kadulu awa.sub ekata thanx

  8. මචෝ… මේ ෆිලුම මට යාලුවෙක්ගෙන් හම්බුනේ. මේ තරම් සුපිරි ෆිලුමක් කියලා මම හිතුවේ නෑ. ජීවිත කතාවක් වගේ කියනකොට එච්චර උනන්දුවක් කරේ නෑ. ඒත් මචෝ මෙතෙක් මම බලපු ඉංග්‍රීසි ෆිල්ම් වලින් හොඳම ඒවගෙන් එකක් කියලා කියන්න පුලුවන්. චරිතාපදානයක් කිව්වට විස්තරේ දන්නේ නැතුව බැලුවොත් චිත්‍රපටයක්ම තමයි. ඉවර වෙනකල්ම ආසාවෙන් බැලුවා. අන්තිම මොහොතේ ඇසට කඳුලක් උනන්න තරම් විශිෂ්ඨ ලෙස චිත්‍රපටය නිමවා තිබෙනවා කිව්වොත් නිවැරදියි. උඹ සබ් එක නියමටම ගහලා තියෙනවා. ඒකෙන් චිත්‍රපටයේ රසය දෙගුණ තෙගුණ වෙලා කිව්වොත් නිවැරදියි. මම දෙතුන් පාරකට වඩා බැලුවා. බොහොම ස්තූතියි උපසිරැසියට. දිගටම සබ් දෙමු ආ… ඔබට ජය!

  9. Sabata sthuthi saho!

  10. Thanks Machan film eka download wenna damma thama baluwe nathuwata sub ekata thanks

  11. Sub ekata thanx aaaaaaaaaaaaa

  12. Ela kiri bro.thank u .

  13. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. oyata kohoma sthuthie karannnada kiyala dan na saho.. balapu hodama film walin ekak.. andenawa.. 2016 apu hondama film ekada kiyalath hithenawa.. e tharamata film eka super.. bohoma sthuthie saho mekata sub dunnata. oya sub dun naththan me film eka miss wennata tibuna. godakma honda film ekak.. scleka unath pennanna tharam watina film ekak. meke hotel eke football gahaddi sini bhajanayak watenne. ethana inne aththama pele.. harima watinawa film eka adarshamath film ekak!

  15. චිත්‍රපට දැනටමත් බාල ඉවරයි උපසිරැසි වලට තුති සහෝ.
    බලන්නම ඔන කියල ලිස්ට් එකට දාගත්ත තවත් හොද සිනමාපටයක්. ඔයට බොහොම තුති මහන්සි වෙල උපසිරැසි ගැන්නුවට .ඉදිරියටත් උපසිරැසි ගන්වන්නට ඔබට කාලය ලැබෙව ජය

  16. elama thanks.
    hapith hari kamathyi sport film movies balanna

  17. niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. ඉසුරු රණසිංහ

    ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්.. ගොඩාක් ස්තුතියි සබ් එකට…

  19. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  20. ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

error: Alert: Content is protected !!