Saturday , January 23 2021
Breaking News

Permission (2017) Sinhala Subtitles | අවසරලත් තහනම් ගස්! [සිංහල උපසිරසි සමඟ] 18+

Rating: 9.1/10. From 40 votes.
Please wait...

යාළුවනේ, අදත් ආවා සබක් අරගෙන. මේක ටිකක් අමුතු කතාවක් කිව්වොත් හරි. මොකද, කාතාවෙ තේමාව වගේම කතාවත් ටිකක් වෙනස් එකක්. මං එහෙම කිව්වෙ මොකද කියල ඔයාලා මේක බලද්දි තේරේවි. නූතන දියුණුයි කියල කියන මහ ලොකු බලවත් රටවල සංස්කෘතියේ තියන නොමේරූ අපරිණත භාවය මෙහි නිර්මාණ කරුවන්ටත් නොතේරීම එලියට ඇවිත් තියෙනව. කතාව ගැන ටිකක් කියන්නම්,

ඇනා කියන්නෙ නිබන්ධන ගුරුවරියක්, විල් කියන්නෙ ඇයගේ පළමු හාදුවේ, පළමු ප්‍රේමයේ සහ අවුරුදු 10ක් පුරාම කායිකව ඇසුරු කල එකම පුද්ගලයා. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි වූ ප්‍රේමයෙන් දස වසරක් පුරාම එකට ජීවත් වෙන දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම ජීවිත කාලය පුරාවටම ලිංගික සහකරුවන් කරගෙන තියෙන්නෙ ඒ දෙදෙනාම පමණයි. ඇනාගෙ සහෝදරයා තමයි හේල්. ඔහු සමලිංගිකයෙක්. ඔහුගෙ සහකරුවා තමයි රීස්. ඉතිං ඒ යුවළවල් දෙක රාත්‍රී ආහාරයක් ගැනීම සඳහා එකතු වෙනවා. එහිදී බීමතින් සිටින රීස් ඇනා සහ විල් මෙතුවක් කාලයක් ඔවුන් දෙදෙනා අතර පමණක් සීමාවෙලා තියෙන ලිංගික සම්බන්ධය හාසයට ලක්කරනවා.

ඉතිං ඒ නිසා වගේම කාලයක් තිස්සේ ඇනාගෙ සිතේ තිබෙන අතෘප්තිමත් භාවය නිසාම ඇනා සහ විල් තීරණය කරනවා වෙනත් පුද්ගලයන් සමඟ විවෘත ලිංගික ඇසුරක් පවත්වන්න. කතාවෙ මූලාරම්භය තමයි ඒ. වැඩි දුර දිගක් නොබලා ගන්නා එම තීරණය නිසා ඔවුන්ගෙ ජීවිත උඩු යටිකුරු වෙනවා. ඉතිං ඒ ගැන බලාගන්න කතාව බලන්න වෙනවා.

එහෙනම් කතාවෙ නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්. මෙහි ප්‍රධාන චරිත වලට Rebecca Hall, Dan Stevens, Gina Gershon, François Arnaud, Morgan Spector, David Joseph Craig යන අය පණ පොවනවා. මේ සළරුව රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brian Crano විසින්. විනාඩි 96ක් පුරාවට දිවෙන මෙහි IMDB අගය වෙන්නේ 5.3ක්. මෙය comedy, drama, romance යන ඛාණ්ඩ යටතේ නම් කරලා තියෙනවා. මෙය 2018 පෙබරවාරි 9 වන දිනයෙ තමයි ඇ.එ.ජ.තුල ප්‍රදර්ශනය අරබලා තියෙන්නෙ.

මූලිකවම කියන්න තියෙන්නෙ මේ ටික තමයි. එහෙමනම් ඔයාලට ආරාධනා කරනවා මේකත් වොච් ලිස්ට් එකට දාගන්න කියල. අවසානයේ කියන්න තියෙන්නෙ බුදු දහමට අනුව ආශාවන් පසුපස හඹා ගොස් සන්තර්පණය කර පිනවීමට හැකි වූ පිනවා අවසන් කළ හැකිවූ කිසිඳු සිතක් නොතිබිය හැකි බවයි. එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Peaky Blinders [S05 : E04] Sinhala Subtitles | තොණ්ඩුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Thanks …………………good luck …………………..

  2. sampath n perera

    thanks

  3. thanks bro….

  4. chanakadushmantha

    Niyamai…..

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  6. thank for sub

  7. thanxx bro………..

  8. nice job ! good luck

  9. Kolithabasnayaka

    Thnks bro

  10. AsithaDilruwan

    ela saho thanks

  11. මොනවා නැතත් ලිපියේ තියෙන අවසාන කියමන නම් වටිනවා.

  12. sabata thanks

  13. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. බොහොම ස්තූතියි

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Mona jarawakda ban me.Aparade ube time eka meka hadanna gaththu.Melo rahak na.Me film ekawt download karanna epa aparade data.Meke thiyena comedy monada bn comedy category ekata danme.Neddakin.

    • machan kalaawa kalathmak ahakin balanna ekata saradarma,sadacharaya,sanscruthiiya gawaganna epa me loke api ahapuwath nethi kala nirmana thiyanawa ewa ek ek pudgalaya anuwa rasawidima wenas wenawa e nisa balana aya aran balanna nobalana aya nobala inna obe hitha riduna nan sama wenna “Royoer”

  18. බුදු දහමට අනුව ආශාවන් පසුපස හඹා ගොස් පිනවීමට හැකි වූ පිනවා අවසන් කළ හැකිවූ කිසිඳු සිතක් තිබිය නොහැක. පට්ට සහෝ…

  19. Thanks for Sub!

  20. පට්ට සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

  21. Lakshithanuwan68

    Thanks bro

  22. බෝම තුති සහෝ

  23. Ela ela

  24. උපසිරැසියට බොහොම ස්තූතියි.

  25. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  26. යුරාන් ධනුක (ධනූ)

    නියමයි සහෝ…
    බොහෝම ස්තූතියි උපසිරැසියට ….
    ජය ….!!! 😀

  27. Hashan M. Priyadarshana

    Thank you wewa bro

error: Alert: Content is protected !!