Sunday , August 7 2022
Breaking News

Pig (2021) Sinhala Subtitles | ළබැදි ඊරිය [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 18 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ නිකලස් කේජ් කියන විශිෂ්ට රංගධරයාගෙ අලුත්ම සිනමාපටය.. විමා මට මේක බාර දීලා සතියක් ගෙවුනා උපසිරැසිය ලබා දෙන්න. ඉතින් ඒකට සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලන ගමන්ම කතාවේ වෙන්නෙ මොකක්ද කියලා කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.

pig එහෙමත් නැත්නම් ඌරා සිනමාපටය නිකලස් කේජ්ගෙ අද්විතීය රංගනයෙන් හැඩ වෙන මේ වන විට IMDB දර්ශක අගය 7.0ක් තරම් ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශක අගය 97%ක් තරම් ඉතාමත් ඉහළ අගයක් ලබාගන්නටත් ලොව වටා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නටත් සමත් වුන අනර්ඝ සිනමාපටයක්. drama වර්ගීකරණයට අයත් සිනමාටයක් ලෙස මෙය හදුන්වන්නට පුළුවන්.

කතා නායකයා වන රොබ් කැලෑවකට වෙලා තනියෙම ජීවත් වෙන වයසක මනුස්සයෙක්. මේ මනුස්සයාගෙ තනි නොතනියට ඉන්න එකම කෙනා ඊරියක්. හැබෑට බල්ලෙක් පූසෙක් හැදුවානම් කමක් නෑ කියමු? ඒත් මොකටද මේ ඌරෙක් හදන්නෙ. රොබ්ගෙ ජීවිකාව වෙන්නෙ විශේෂිත පොළව යට හැදෙන හතු වර්ගයක් හොයලා අමීර් නම් වූ ගැනුම්කරුවෙකුට ඒවා විකුණන එක. ඉතින් ඒවා හොයාගන්න සහය වෙන්න ඉන්නෙ රොබ්ගෙ ඌරා පමණයි. රොබ් කිසිම අවස්ථාවක කැලෑවෙන් එළියට නොයන, පිටත ලෝකය එක්ක සම්බන්ධකම් පවත්වා ගන්නෙ නැති පුද්ගලයෙක්.

ඉතින් කැලෑවට වෙලා තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වෘත්තීය සහයක, හුරතලා, හිතවතිය මේ කියන හැමදේටම ඉන්න ඌරා එක්ක ජීවත් වෙන රොබ්ට දවසක් ලොකු ඇබැද්දියකට මූණ දෙන්න වෙනවා. ඒ හොරු දෙන්නෙක් ඇවිල්ලා තමන්ගෙ තනියට හිටිය එකම දේ වෙච්ච ඌරාව හොරකම් කරගෙන යන එක. ඉතින් මේ සිද්ධිය නිසා රොබ්ට අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා ආයෙම නගරෙට යන්න.

ඉතින් මේ කැලෑවේ ජීවත් උන මනුස්සයා නගරෙන් ඈත් වෙලා හිටියාට නගරෙ අයව අදුනනවා. ඒ කොහොමද? ඉස්සර මේ රොබ් මොන වගේ කෙනෙක්ද? නගරෙට ගියාට පස්සෙ මොනා වෙයිද? එයාට තමන්ගෙ ඌරාව ආයේ හොයාගන්න ලැබෙයිද නැද්ද කියන දේවල් ඔයාලා බලලම දැනගන්න එහෙනම්.

එහෙමනම් යළිත් උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂාවෙන් මං සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

සර්කාරු වාරි පාටා (2022) Sinhala Subtitles | රාජ්‍යයම කැළඹුව රුපියලක්. [සිංහල උපසිරසි]

මේ වසරේ සුපිරි තරුව MBගේ බ්ලොක්බස්ටර් හිට් එක තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉස්සෙල්ලාම මේ …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Thanks for Sub!

  3. Ko Yakuuuu….Bluray Sub aka…….??

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Bluray Sub Update Karandoo … Pleese..

  6. Bluray Sub Dendoooooo….

  7. Bluray Sub Plieeeeeeeeeeeees……….

  8. ආදරයෙන්, සංගීතයෙන් මිනිස්සුන්ව වෙනස් කරන්න පුලුවන් කියලා අහලා තිබ්බට කෑමෙනුත් මිනිස්සුන්ව වෙනස් කරන්න පුලුවන් බව අදයි දැක්කේ. කලාතුරකින් දකින අමුතු ස්ටෝරී ලයින් එකක් තියෙන තියෙන ඉහළ ගුණාත්මක චිත්‍රපටියක්. උපසිරැසියට ස්තූතියි. එකිනෙකාගේ රසවින්දනය සාපේක්ෂ දෙයක් නිසා මේකේ ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය ගැන කතා කරලා වැඩක් නෑ.

  9. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  10. Thanx bro…………

  11. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  12. Chandima Prasad

    Thanks Sub Ekata……..

  13. Thanks…. good luck

  14. Good work friend, thanks for the sub

  15. thanks..

  16. Thanks Brother

  17. Niyamama Wadak F9 ekata sub denne naedda

  18. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  19. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  20. සබ් එකට ස්තුතියි සහෝ

  21. Thank you for the sub.

  22. download karala sub nathuwa balan hitiya sathi 2k withara

  23. බොහොම ස්තුතියි සබ් එකට…F9 එකට සබ් නැද්ද සයිට් එකෙන්

  24. බොහෝම ස්තූතියි සහෝ

  25. Rurouni Kenshin ඒකෙ අලුත් ඒවට සබ් දෙන්න පුලුවන්ද

  26. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  27. thanks machi

error: Alert: Content is protected !!