Monday , September 28 2020
Breaking News

Planet Dinosaur [S01 : E01] Sinhala Subtitles | අහිමි වූ ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 5 votes.
Please wait...

ඔබ අප වෙසෙන මේ ලෝකය අප පහළ වන්නටත් බොහෝ කලකට පෙර තමන්ගේ උරුමයක් බවට පත් කරගත් පිරිසක් සිටියා. ඔවුන් මෙලොවින් තුරන් වී ගියේ කොයියම් ආකාරයකින් වුණත් ඒ දැවැන්තයන් ගැන අප්‍රකටව ලෝකයට හෙළි වූ කරුණු පළමු වරට මුළු ලෝකෙටම කියා පෑවේ විද්‍යාප්‍රබන්ධ රචක Michael Crichton. ඔහුගේ නිර්මාණ පදනම් කරගෙන ඊට පස්සෙ Steven Spielberg කරපු අති දැවැන්ත සිනමා නිර්මාණවලින් තමයි බහුතර ලෝකයා මේ දැවැන්තයින් දැනහඳුනා ගත්තේ. එය කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් මුළු ලෝකයෙම ජුරාසික උන්මාදයක් ඇති කළා. බැරි වෙලාවත් මේ සත්තු අපි ඉන්න කාලෙ නොහිටපු එක කොච්චරනම් දෙයක්ද කියලා අපි නොහිතුවයි කිව්වොත්නම් ඒක පට්ටපල් බොරුවක්. ඒ කොහොම වුණත් මෑතක අපේ බයිස්කෝප් අඩවියෙන් ඒ Jurassic Park සිනමා නිර්මාණ ත්‍රිත්වයම සිංහල ගන්වා ලබා දුන්නා. ඒව දෙන්ඩ පටන් ගනිද්දි මමත් මේ දැවැන්තයින් ආශ්‍රිත නිර්මාණයක් ගෙන එන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නා බවක් කිව්වා, ඔබට මතකද දන්නෙ නෑ!

ටිකක් කල් පහුවෙලා වුණත් මේ සූදානම එය ඔබ වෙත සමීප කරලීමට. මෙය ප්‍රබන්ධයක් නොවෙයි. සත්‍ය හා නිවැරදි තොරතුරු මත පදනම්ව පරිගණකානුසාරයෙන් නිර්මාණය කළ ඉතිහාසමය වැඩසටහනක්. මෙය වාර්තා වැඩසටහනක් 2011 වසරේ BBC නාලිකාවෙන් විකාශය වූ Planet Dinosaur නම් වාර්තා වැඩසටහනයි මේ විලසින් සිංහල සහිතව මා ඔබට සමීප කරවන්නේ. මෙහි දැක්වෙන තොරතුරු සියල්ලක්ම පාෂාණිභූත වී ගිය මේ දැවැන්තයින්ගේ ශෛලකයන් ඇසුරින් හෙළිදරව් කරගනු ලැබූ; දැනට මේ සත්ත්වයින් ගැන මිනිසා දන්නා වඩාත් නිවැරදිම දත්ත මත පදනම්ව ප්‍රතිනිර්මාණය කළ ඒවා බව පැවසිය යුතුමයි. මේ සත්ත්වයින් ගැන කුහුලක් දක්වන, ඔවුන්ගේ චර්යා රටාවන් ගැන දැනගැනීමට කැමති, ඔවුන්ව අධ්‍යනය කිරීමට සතු‍ටු අය වෙතොත් ඒ අය වෙනුවෙන් තමයි මේ නිර්මාණය මම සිංහල කළේ.

මේ පළමු වැනි කොටසින් හෙළිදරව් කරන්නේ, මේතාක් කලක් මේ පොළෝ තලය මත ඇවිද යන්නට, හිටගන්නට වරම් ලද විශාලතම මාංශ-භක්ෂකයා ගැනයි. මීටර 17ක ටොන් 11ක යෝධයෙක්. ඒ විතරක් නම් මදැයි. මෙයා ජලාශ්‍රිතව ගැවසුණු කෙනෙක්. එච්චරද; මෙයා දඩයම් කරපු විදිහ, ඒ සඳහා උපයෝග වුණු ආවේණික ලක්ෂණ වගේ විස්තර මෙහි දැකගන්ඩ පුළුවනි. මෙයාගෙ දඩයම් විදිහ හරිම අපූරු එකක්. හරිම අසාමාන්‍ය ආකාරයක හැකියාවක් සහිත මේ දැවැන්තයා එක්ක උරෙනුර ගැටුණු තවත් කෙනෙක් ගැනත් මෙහි කියැවෙනවා. මේ කොටසෙහි ප්‍රධාන චරිත දෙකක් ගැන දැන් මම කිව්වනේ. ඒ චරිත දෙකම මස්-බුදින අය. එතකොට එහෙමනම් ඒ අයගෙ ගොදුරු බවට පත් වෙච්ච අය කවුද? මේ අයට තර්ජනයක් එල්ල කළේ කවුද? එරෙහි වුණේ මොනවද? ඔවුනගේ විශේෂතා, දුර්වලතා මොනවද? විද්‍යාවෙන් හෙළි කළ ඔවුනගේ ආවේණික සුවිශේෂීත්වයන් මොනවද?

ඔය වගේ තොරතුරු මහ තොගයක් දැන කියාගන්ඩ ඔබට හැකි වෙනවා මේ වාර්තා වැඩසටහන හා ඒකාත්ම වුණොත්. ඒ කිසි දෙයක් ඔබ කිසිදාක දැන නොසිටි රහස්, ඒ වගේම කිසිලෙසකින් අනුමාන නොකරන දෑ බව මම සහතික කරනවා. එහෙමනම් දැනුමට අලුතින් යමක් එක් කරගැනීමේ පිපාසයෙන් පෙළෙන උදවිය වෙනුවෙන් ගෙනෙන මේ වැඩසටහන නරඹන්න කියලා ඔබට ඇරයුම් කර සිටිනවා. එමෙන්ම පාසල් සිසු-සිසුවියන්ටත් තමන්ගේ දැනුම ඔප මට්ටම් කරගන්නට හිතනවානම් මෙය අනර්ග අවස්ථාවක් බව අමුතුවෙන් කියන්ඩ ඕනි නෑනෙ? එහෙමනම් දෙවෙනි කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. Navanjanaishan

    thanks for sub!!!

  2. Thank You uda brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………

  3. වරුණ රංගජිත් (වරූ)

    බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා!!

  4. වරුණ රංගජිත් (වරූ)

    බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා

  5. වරුණ රංගජිත් (වරූ)

    මම ආසම වාර්තා වැඩසටහනක්..
    සුපිරි සබ්..
    ජයම වෙවා…

  6. වරුණ රංගජිත් (වරූ)

    ඩයිනෝසර් ඉන්නවා කියන්නේ ඉතින් අනිවා බලන්න එපැයි..
    මම ආසම වාර්තා වැඩසටහනක්..
    සුපිරි සබ්..
    ජයම වෙවා…

  7. subb aka download wenne nane bn!!! balapanko moko kiyala!

  8. great……….tnx mcn ube mahinsiyata.me wage spiri deyak wenuwen uba kapu katta attatama watinawa.

  9. තාම download කලේත් නැ එත් මන් දන්නවා මේකනම් සුපිරි කියල.. තැන්ක්ස් මචං මේ වගේ වෙනස් දේවල් වලට sub දෙනවට.. මේක වටිනා එකාට කියන්න බේරී තරම් වටිනවා..

  10. Thisara Buddhika (තිසර නියෝ)

    බොහොම ස්තුතියි කොල්ලෝ
    මෙන්න දැන් ගන්නවා

  11. Tharanga Dissnayake

    පට්ට මචන් සුපිරි

  12. ස්තුතියි උදා… වෙනස් විදියට හිතන වෙනස් දේ කරන්නට අත ගහන අය තමයි ලෝකයට අළුත් දේ නිර්මාණය කරන්නේ… ඔබට ජය…… මේවටත් සබ් දෙන්න කාටහරි පුළුවන් නම් එළම එළ BBC Planet earth http://www.imdb.com/title/tt0795176/
    BBC Blue Planet http://www.imdb.com/title/tt0296310/
    BBC Human planet http://www.imdb.com/title/tt1806234/
    BBC Frozen Planet http://www.imdb.com/title/tt2092588/

  13. Nandana Jayantha

    අපූරු නිර්මානයක්.බොහොම ස්තුතියි.

  14. machan සිංහල උපසිරැසි ba ganna bane

  15. niyamayi machan…thax..

  16. බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. උඹ දුන්නොත් රජ බඩුවක්නේ. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  17. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියම වැඩක් උදා සහෝ.ඇත්තටම මේ වගේ කථා මාලාවකට උපසිරැසි දීම අගය කල යුතුයි. මෙයාලට මොකද උනේ කොහොමද ජිවත් උනේ කියල දැන ගන්න මමත් ගොඩක් අසාවෙන් හිටියේ.බලමු බලමු.ජයමවේවා

  18. Cannot Download the Subtitle file. Please help…

  19. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  20. වරුණ නිරෝෂණ

    ෆිල්ම් එකනම් බෑවා….. බෙහෝම ස්තුතියි
    සබ් එකනම් ගන්න බැහැ නේ……

  21. මේක නම් වටිනවා බන්.. මේ වගේ දේවල් තව දෙන්න.. එල…

  22. බොහොම ස්තුතී සහොදරයා, මෙ වගේ තවත් හොඳ අධ්යාපන වඩසටහන් ලබා දෙනමෙන් ඉල්ලා සිටිනවා.

  23. ජුරාසික් පාර්ක් වගේම තමා නේ….. 😀

  24. සමීර කරුණාරත්න

    මේක මම දැනට් මාස 5කට් වගේ ඉස්සෙල්ල මේක මාර වටින වැඩසටහනක්..
    විනෝදය විතර්ක් නෙමයි මේවගෙ වටින දෙවලුත් අපි වෙත ගේනව
    ගොඩක් ස්තුතියි…!

  25. මට උපශීර්ෂ ගන්න බැ ,,,යාළුවනේ මට උඩු කරනවද ,,,
    [email protected],,,ඔයාලා ගන්නේ කොහොමද කියලා මට කියනවද,,,,

  26. niyama wadak ”uda” bro…me wage documentary movies godak watinawa.BBC eke wadanan ai katha dekak na 🙂 earth, ocean patta documentary movies.me wage ewa digatama denna bro…atharinna epa.baiscope eke palawechcha pattama lipiyak thama meka 😀 hamotama jaya wewa!!!

  27. සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ ::::::::

  28. Hamadama Film Balana Apita Me wage Varthamaya Ewwa Harima Vadagath.. WOMB Balapu Dawase Mata Hithuna Meka Balapu Eka Film Balanawata Wada KochChara Hodaida Kiyala.Evagema Mekath Api Danne Nathi Deval Gana Kiyavena ekak Nisa Adama Balanawa.. Boma Sthuthi UDA saho.. Anik Kotas Tikath Ikmanata Denna.. Jaya Weva…

  29. මේ වැඩේ නම් හරිම වටිනවා. බොහෝම ස්තුතියි. මමත් මේක බාන්න දාන්න ඕනේ. 😀 😀 😀

  30. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල එල උදා උබ කියනවා නම් පට්ට ඇති.කොහොමත් මම මේ වගේ ඒවාට ආසයි.
    ස්තුතියි මචන්,,,ජය වේවා!!

  31. මේ වගේ දේවල් දැනගන්න ලැබෙන එක ඇත්තටම ඉතාමත් හොඳ දෙයක්.. මමත් එහෙනම් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා!!

  32. Elazzz Tnx bro

  33. thnx udaa bro…meke episode okkma dennna mhcn..superb work..

  34. රාම් රාජ්

    ස්තූතියි.උදාගේ නියම වැඩක් එහෙනම්.

  35. ada aluth film tikak awahanko

  36. තෑන්ක්ස් මචන්… පුලුවන් නම් මෙවත් බලපල්ලා… පට්ට
    BBC Planet earth http://www.imdb.com/title/tt0795176/
    BBC Blue Planet http://www.imdb.com/title/tt0296310/
    BBC Human planet http://www.imdb.com/title/tt1806234/
    BBC Frozen Planet http://www.imdb.com/title/tt2092588/

  37. Ela macho.. kiyala wadak na. apita thawa oni me wage..

  38. mudiya / මුදියා

    පට්ටම වැඩක් තමයි‍ මේක නම්.ඇත්තටම ‍ඩයිනෝසරයන් ගැන තියෙන ෆිල්ම් කතා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.සුපිරි වැඩක් තමයි උදා පටන් ගෙන තියෙන්නෙ.දෙපාරක් හිතන්නෙ නැතුව බාන්න දැම්ම.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  39. කේ. යූ. ජී. උදාර

    මෙව්ව නම් රත්තරන් කොල්ලො……
    ඊළඟ කෑල්ලත් ඉක්මනට ම අරන් වරෙන්.
    වැඩේට පින්….

  40. patta… thank bro…

  41. “චූටී මල්ලි”

    ela ela udaa digatama apita sinhala sub denna thankzzzzzzzzz meikata

  42. බොහොමත් ස්තුතියි උදා අයියාට

  43. patta uda… dl karan balanna ona.. bohoth pin 😀

  44. එලකිරි උදා ඉදලා ඉදලා පට්ට Gameනෙ Play කරන්නෙ
    බෝහෝම ස්තුතියි සහෝ

  45. කැලුම් ගුණසේකර

    අම්මෝ උදා. කාලෙකට පස්සේ. නියමයි හොදේ.

  46. Thanx macho

  47. Didula Kd Silva

    නියමයි..මේක පට්ටයි..බොහොම ස්තූතියි෴

  48. නලින්

    ස්තුති උදා සහෝ..

    ඔන්න මමත් බා ගන්නවෝ..

  49. thanx…………….

  50. නාමල්

    elama ela

  51. ඊයා,මම ගත්තා ඕං

  52. $..Creative EYE..$

    mama neda ada 1st

  53. ජය වේවා මරුනේ

  54. Superb aaa..
    me wage Documentary ewa sub dala denawanam supiri..
    Elakiri bn..
    keep going… 😀

  55. නියමයි උදා..මාත් කැමති මේ වගේ වැඩසටහන් බලන්න.. ජය

  56. බොහොම පින් මචං

  57. supiri machan Thanks

  58. වටිනා කියන වැඩක් සහෝ.හැමෝම කරන්නම් වාලේ නොකර මේ වගේ දැනුමට උපකාරී වෙන දෙයකට අත ගැහුව එක හොදා..

    ජය

  59. තැන්ක්ස් කිවුවා කොල්ලා

  60. පට්ට මචං ලොවෙත් නෑ

error: Alert: Content is protected !!