Monday , October 26 2020
Breaking News

Ronaldo (2015) With Sinhala Subtitles| පාපන්දුවේ නොමැකෙන රන් නාමය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Ronaldo-(2015)

ළඟදි අළුතින්ම නිකුත් වුණ, ගොඩක් කට්ටිය බලන් ඉඳපු චිත්‍රපටියක් උණු උණුවෙන්ම මං දැන් අරගෙනයි ආවෙ. මේක බයිස්කෝප් වෙබ්අඩවිය සඳහා මං විසින් කරපු පළමුවෙනි උපසිරුසි නිර්මාණය. ලොව එදාමෙදාතුර බිහිවූ අති විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සම්පූර්ණ ජීවිත කතාව මේ ච්ත්‍රපටියෙන් විදහා දැක්වෙනවා. රොනාල්ඩෝ, ඔහුගේ පවුලේ අය වගේම තවත් ඔහුට නොදෙවනි තරුවක් වන ලියොනල් මෙසී හා තවත් පාපන්දු තරු රැසක්ද ද මීට තම රංගන දායකත්වය ලබාදෙනවා.

ලංකාවෙ ලොකුම පාපන්දු ලෝලීන්ට නම් මේක කියවන්නත් කලින් බලන්නම හිතෙයි. එත් පාපන්දු ලෝලීන් නොවන අයටත් මේක චරිත කතාවක් විදිහට ජීවිතයට ආදර්ශයක් ගන්න ගොඩක් දේවල් තියෙන චිත්‍රපටියක්. දුප්පත්, කටුක ජීවිතයක් ගෙවමින් දුක් විඳිමින් ඉඳපු කෙනෙක් තමන්ගෙ දක්ෂතාවයෙන් ඉදිරියට ඇවිත් ලෝකෙම ජය ගත්ත කතාවක් නිසාම මේකෙන් චරිත කතාවක් විදිහට හැම කෙනෙක්ටම ආදර්ශයක් ගන්න පුළුවන්. රොනාල්ඩෝගෙ නම කිව්වම ලෝකෙ නොදන්න කෙනෙක් නැති තරම් වුණත් ඔහුගේ මේ ජීවිත කතාව ගැන අහුවම නම් ගොඩක් අයට පුදුම හිතේවි. දැනට මෙම චිත්‍රපටයේ IMDB අගය 6.5ක් ලෙස සටහන් වන අතර මෙය ඇන්තනී වෝකි නැමති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරලා තිබෙනවා.

මදේරා කියලා පුංචි දූපතක ඉපදිලා දුප්පත් පවුලක හැදීලා වැඩිලා, මුල් කාලයෙදි රොනාල්ඩෝ කටුක ජීවිතයක් ගතකරලා තියෙන්නෙ. ඔහුට අවුරුදු 11ක් තරම් පොඩි වයසකදි ගෙදරින් අයින්වෙලා, තනියම වෙනත් නගරෙකට යන්න වෙලා තියෙන්නෙ පාපන්දු නිසාමයි. ඒ වගේ අඩු වයසකදි තමන් පවුලෙන් ඈත්වුණ නිසා තරමක් මානසික පීඩනයකිනුයි ඔහු මුලදි ඉඳලා තියෙන්නෙ. ඒ විදිහට දුක් වින්දත් ඔහු මුල් කාලෙ ඉඳන්ම විශේෂිත දක්ෂතාවයන් දක්වපු නිසා තමන් මුල් කාලයේදී ක්‍රීඩා කළ කණ්ඩායම් වලින් කැපීපෙනෙන ලෙස ඉස්මතු වෙමින් ඉදිරියටම ආවා. ඔහුගේ මේ අසාමාන්‍ය දක්ෂතාවයන් නිසා ඔහුට අවුරුදු 18 වෙද්දි මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සමඟ යුරෝ මිලියන 15ක වාර්තාගත ගිවිසුමක් සඳහාද ඔහුව 2003 වසරේදී තෝරාගත්තා. එම කාලයේදීම ඔහු පෘතුගාල ජාතික කණ්ඩායමටත් තෝරාගනු ලැබුවා. අවුරුදු 22 වන විට කණ්ඩායමේ නායකත්වයද ලබාගත් ඔහු තම තනි උත්සාහයෙන් පෘතුගාල කණ්ඩායම ඉදිරියට රුගෙන ආවේ මුළු කණ්ඩායමේම බර තනි අතට ගනිමින්. 2009 වසරේ සිට ඔහු රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සඳහා තෝරාගත්තේ යුරෝ මිලියන 132ක දැවැන්ත ගිවිසුමක්ද සහිතවයි. මේ වන විට තම රට වෙනුවෙන් හා තම ක්‍රීඩා සමාජ වෙනුවෙන් ඔහු ගෝල 500කට වඩා වාර්තා කොට තිබෙනවා. වර්තමානයේ සිටින අංක එකේ පාපන්දු ක්‍රීඩකයාද වන රොනාල්ඩෝ ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට වසරක් පාසා පිරිනැමෙන FIFA Ballon d’Orසම්මානය තුන් වතාවක්ම දිනාගැනීමටද සමත් වුණා.

ඔහුගේ ක්‍රීඩා ජීවිතයට අමතරව ඔහුගේ පවුල් ජීවිතය හා අනෙකුත් පෞද්ගලික විස්තරද මෙහි අන්තර්ගත වෙනවා. ඊට අමතරව ඔහුගේ තිබෙන ජනප්‍රියතාවය නිසා තම රසික රසිකාවියන් ඔහු කෙරෙහි ආකර්ෂණය වී තිබෙන හැටි, මාධ්‍යව්දීන්ගෙන් ඔහුගේ නිදහසට එල්ල වෙන බලපෑම්, තම රටේ සමහර ක්‍රීඩාලෝලීන්ගෙන් එල්ල වන විවේචන ගැනද මෙහි සඳහන් කොට තිබෙනවා. ඒ ගැන ඔහු දැඩි කණස්සල්ලකින් ඉන්නවා කියලා මේකෙ පෙන්නලා දීලා තියෙනවා.  (සමහර විට එගොල්ලොත් අපේ රටේ සමහර ක්‍රිකට් ප්‍රේක්ෂකයො වගේ “රටට වඩා සල්ලි වලට සෙල්ලම් ලොකුයි, රියල් මැඩ්රිඩ් වලට වදින ගෝල් පෘතුගාලෙට ගහද්දි වදින්නෙ නැත්තෙ ඇයි” වගේ ඒවා කියනවා වෙන්නත් බැරි නෑ. )

Finding Neverland (2004) on IMDb

 

 

725 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න

92BC16C53FFE3C9C0664059D4871DA1269DE030F
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණ දුලාංජල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kaadhal Kondein (2003) Sinhala Subtitles | ආදරයෙන් බැදුනේමි. [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ …

Leave a Reply

Your email address will not be published.

66 comments

  1. messi best

  2. Tv ake baladdi pen aka gahala sub pennanne bro help me

  3. thank you very much..grt job..

  4. බොහොම ස්තූතියි නිර්මාණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Sub akata Thanks Mtc.Puluwannan Z nation Season 2 ake Ithuru tikata sub denawada tikak awilla nawathila.

  6. Niyamai Mchn..Thanx Sub ekata..Digatama Karagena yanna.. (Y)
    Malingawath gawagena thiyenne anthimata 😉

    • එළ තෑන්ක්ස් වේවා මචන්. ඔව් මාලිංගව මතක් වුනා රොනාල්ඩෝගෙ කතාව බලන් යද්දි

  7. thanx macho sab ekata

  8. බොහොම ස්තුතියි…. (Y)

  9. මේ මම කැමතිම පාපන්දු ක්‍රීඩකයා… සබට තැන්ක්ස් මචං…. පළවෙනි සබට සුභ පතනවා….

  10. පළවෙනි උපසිරස ගැන්වීමට උණුසුම් සුබ පැතුම් නිර්මාණ සහෝට…
    සාදරයෙන් පිළි ගන්නවා බයිස්කෝප් කණ්ඩායමට…
    සුපිරිම චිත්‍රපටයකටනේ සබ් එක දීලා තියෙන්නේ… එළ එළ…
    උපසිරසටත් බොහෝම ස්තූතියි මචෝ….
    ආයෙත් එළකිරි බයිස්කෝප් එක්කට උපසිර එක්ක එකතු වෙමු… ජයෙන් ජය…

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.. 🙂
    ඔබට ජය 😀

    #Hail_Hydra

  12. ශුභ පතනවා ඔයාගෙ උත්සාහයට. ලස්සන කතාවක්. මේ වාගේම කතාවක් බැලුව අවු 10 විතර කලින් ඒකත් දුප්පත් පවුලක කොලු ගැටයෙක් පාපන්දු වලට පිස්සු වැටිලා දුක් කම් කටොලු මැදින් යන ගමනක් ගැන. අන්තිමට වනගත වෙලා ඉන්න හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු හෝයාගෙන ගිහින් ඉගන ගන්න කතාවක් ගැන. ඇත්තටම මට ඒ කතාව අයෙමත් මතකයට ආවා මේක දැක්කාම. කොහොම නමුත් මම ආයෙමත් සුබ පතනවා…!

    • ගොඩක් ස්තූතියි සහෝ. මාත් බැලුවා ඒ 2006 ෆිල්ම් එක නම්. ඒකත් නියමයි

  13. Thanks a lot saho… Jaya wewa…

  14. Ela machoo….thx sub ekata ……patta filomak vagee baalama balamu….:-)

  15. Sandeep Tharaka

    Onna math dwn krnwa 😀
    Thanks a Lot sub akata saho 🙂

  16. digatama karahn mchnla

  17. Kulanjana Maduranga

    1st filumama supiri 1k ne…..G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NIRMANA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  18. “චූටී මල්ලි”

    tanx mcn
    titli 2015 hindi ekata sub denna mcn

  19. ela machan vede digatama saba demu.magen unusum subapethum sahoo…

  20. thanks bro……………………………

  21. බොහොම ස්තුතියි නිර්මාණ සහෝ .. මමත් කැමතිම ක්‍රිඩකයෙන් තමයි අනිවා බලනවා. මෙන්න සබ ගත්තා ඒ වගේම පළමුවැනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් සහෝ .. ජය වේවා !!

  22. තැන්ක්ස් බන් දෙනකම් උන්නෙ

  23. දිල්ෂාන් සචින්ත (සචී)

    පලමු වැඩේට සුබපැතුම් සහෝ.ඒවගේම අඩවියට සාදරයෙන් පිලිගන්නවා…..බොහොම ආසාවෙන් හිටිය ෆිලුමක් ස්තූතියි සබට….ජය!!!

  24. “ නිර්මාණ දුලාංජල” සොහොයුරාගේ Ronaldo.2015.720p.BRRip.x264.AAC-ETRG.srt සබ් ෆයිලය සදහා හොදින්ම ගැලපෙන මූවී ෆයිලය නොමිලේ ටොරන්ට් නැතුව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට.

  25. Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  26. කේ.යූ.ජී. උදාර

    මුලින් ම අතගහල තියෙන්නෙ වටිනා ම නිර්මාණයකටනේ…
    දිගට ම මේ වැඩේ කරමු. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………

  27. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!!!!!!

  28. ela machan …
    thanks sabata

  29. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  30. අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
    පළමු උපසිරසට සුභ පැතුම් නිර්මාණ සහෝ…
    උපසිරසට ස්තුතියි ඩවුන්ලෝඩ් කරගෙන උපසිරස එනකං බලාගෙන හිටිය එකක්…
    ඔන්න දැන්මම උපසිරස ගන්නවා…
    දිගටම උපසිරස දෙමු…
    ජය…

    • Nirmana Dulanjala

      ගොඩක්ම ස්තූතියි සහෝ. අනිවා….ගොඩක් අය බලන් ඉඳපු නිසාමයි මේකට උපසිරුසි දැම්මේ. ජයවේවා…

    • ගොඩක්ම ස්තූතියි සහෝ. අනිවා….ගොඩක් අය බලන් ඉඳපු නිසාමයි මේකට උපසිරුසි දැම්මේ. ජයවේවා…

  31. Thanx bro……….keep it up the gd work………………………

  32. Thanks for the sub………… 🙂

error: Alert: Content is protected !!