You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Room (2015) with Sinhala Subtitles | මගේ පුංචි ලෝකය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 8 votes.
Please wait...

මට යන්තම් අවුරුදු 24 අද මගේ පැටියට වයස අවුරුදු 5ක් වෙනවා නමුත් එයාගේ උපන්දින කේක් එක වෙනුවෙන් ගහන්න මට ඉදි පන්දමක් නැහැ. මම දැන් මේ කාමරයේ වහලෙක් වෙලා අවුරුදු 7ක් වෙනවා. මගේ පුතා ජැක් තවමත් එලිය දැකලා නැහැ, එයාට අනුව කාමරයෙන් එහා ලෝකය අභ්‍යවකාශය, රුපවාහිනි නාලිකා වෙනම ලෝකයන්, බල්ලෝ, පුසෝ වගේ ඒකි නොකී හැම සතෙක්ම ඇත්ත නෙමෙයි, ඔවුන් රුපවාහිනියේ මායා රූ. මම කොහොමද එයාට ඇත්ත කියන්නේ ?

මම කොහොමද එයාට මේ මාව හිරකරන් මගේ අයුතු ප්‍රයෝජන ගන්න තිරිසනා එයාගේ තාත්තා කියන්නේ ? අනේ දෙවියනේ මම මොනවා කරන්න ද? මගේ ළමයාගේ ජීවිතය මෙහෙම විනාස වෙන්න දෙන්න මට තවත් බැහැ, නමුත් මම කාමරයේ දොර අරගන්න රහස් කේතය දන්නේ නැහැ, මේ තිරිසනා එකක් හැප්පෙන්න මම උත්සාහ නොකලා නෙමෙයි, එකෙන් වුනේ මගේ හොඳට තිබ්බ අතක් විනාස වුන එක… මම කොහොම හරි මේ අපායෙන් මගේ ළමයා ගලවා ගන්න ඕනේ, මෙතෙක් හිටියේ මම විතරයි දැන් අපි දෙන්නෙක් ඉන්නවා, සහතිකයි එයා මම කියන දෙය කරාවි, නමුත් පොඩ්ඩක් වැරදුනොත් මගේ ජිවිතයේ වටිනාම දෙය මට නැති වෙන්නේ නිමේෂයකින්…. මුළු ජිවිතයක් නැති වුන මට ඒ අවදානම ගන්න ඇහැකි ද?

එලියට ගියත් මගේ පුතා ලෝකය ගැන දන්නේ මොනවා ද? මේ අසරණයට අඩුම තරමේ පඩිපෙලක් නැගගන්න බැහැ. මොකද එයා කිසිම දවසක පඩිපෙලක් දැකලා නැහැ… දෙවියනේ මම මොනවා කරන්න ද? පිටත ලෝකය මගේ ළමා කොහොම පිලිගනී ද? අවුරුදු 7ක් මිනිස් ඇසුරෙන් වෙන් වෙලා උන්න මට කොහොම නැවත සමාජය එකක් ගැටෙන්න හැකි වේවි ද? මම දන්නේ නැහැ දෙවියනේ…. වෙලාවකට මරණය සැපයි කියල හිතෙන්නේ මේ වෙලාවට, නමුත් මේ තිරිසනා එකක් මගේ ජැක් දාලා යන්න මට හැකියාවක් නැහැ….

ඒ තමයි ජෝයි නිව්සම්ගේ ජීවිතය, වසර 7 කට පෙර පැහැරගෙන ගොස් කාමරයක හිරකර ගෙන සිටින ඇය ලෝකය ගැන දන්නේ නැහැ, නමුත් ඔබ මම යමක් දන්නවා මේ ලෝකය ගැන ඒ අපි හැමදාම ඒ එක්ක ගැටෙන නිසා, ඇයට අවස්තාවක් දෙන්න අර අසරණ කොලු පැටියා එකක් ලෝකය දිහා බලන්න…. මේ ලගකදී අප වෙබ් අඩවිය විසින් සංවිධානය කල කාර්යයක් නිසාවෙන් මට ළමා ලෝකය ගැන ඇත්තෙන්ම වෙනස් ඇහැකින් දකින්න ලැබුනා, ඉතින් මේ කතාව තවත් සංවේදී, ඔබට වෙලා තියේ නම් නාටකයක් කියලා මගහැර යන්න එපා මිනිසුන් හැටියට මෙය නරඹන්න….

මෙය නවකතාවක් පාදක කරගෙන නිර්මාණය කරන ලද සලරුවක් පොතේ රචකයා වෙන්නේ Emma Donoghue ඇයම තමයි පිටපත නිර්මාණය කරන්නෙත්, අධ්‍යක්ෂකවරයා වෙන්නේ Lenny Abrahamson. මෙහි මවගේ චරිතය වෙනුවෙන් එක්කාසු වෙන්නේ Brie Larson ඇය මෙම ඇති විශිෂ්ට චරිත නිරුපනය වෙනුවෙන් මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සමානය දිනාගත්තා වගේම මෙවර ඔස්කා සම්මානය වෙනුවෙනුත් නිර්දේශ ලබලා තියනවා. බොහොම වෙලාවට දිනන බවක් තමා තියෙන්නේ, කුඩා ජැක් ලෙස එක්වෙන්නේ Jacob Tremblay. තවමත් වයස අවුරුදු 10 පමණක් වෙන මේ පොඩි කොලු පැටියා මගේ මතය අනුව නම් මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම සහය නළුවා හෝ ප්‍රධාන නළුවා කියන කාණ්ඩ දෙකෙන් එකක් වෙනුවෙන් නිර්දේශ විය යුතුමයි, නමුත් බොහොම සම්මාන උළෙල වල ඔහු මගහැර වැඩිහිටි පිරිස වෙත ඇස් යොමුකළ බවක් තමයි පෙන්නේ, නමුත් මේ චරිතය වෙනුවෙන් විතරක් මේ කුඩා නළුවා සමාන 27 සඳහා නිර්දේශ වෙලා එයින් සම්මාන 12 දිනාගන්න සමත් වෙලා තියනවා තව කොල්ලාගේ වැඩ ගැන කියන්න ඕනේ නැහැ නෙව.

විචාරක ප්‍රේක්ෂක පැසසුම ගැන කතා කරනවා නම් IMDB 8.3 ක් වගේ ඉහල අගයක් ලබාගෙන හොඳම චිත්‍රපටි 250 ඇතුලේ 169 වැනි තැන දිනාගන්නත් සමත් වෙලා තියනවා. මේ වෙනුවෙන් වියදම් වෙලා තියෙන්නේ මිලියන 6 වගේ බොහොම සුළු මුදලක්. රෝටන් ටෝමාටෝ 96% වගේ ඉළහ ප්‍රතිශතයක් ලබාගන්නත් මේ චිත්‍රපට සමත් වෙලා තියනවා, ඒ එකක්ම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 4 වෙනුවෙන් නිර්දේශ වෙන්නත් සමත් වෙලා තියනවා.

එහෙනම් ඉතින් තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඹ සැමට ජය වේවා !!

 

Room (I) (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 Room.2015.BDRip.x264-SPARKS.SDH

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E16] Sinhala Subtitles | සමුගනිමි, මම ඔබව යම්දිනයක නැවත හමුවීමට බලාපොරොත්තුවෙමි [සිංහල උපසිරසි සමඟ]

ලී ගී සුක් වෙනුවෙන් හුඟක් මහන්සි වුණ මහාචාර්යතුමාට එයාව බේරගන්න බැරි වුණා. තමන්ගේ ඇඟ ඇතුලේ …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. mara lassana movie ekk thanks for sub

  2. Saranga J. Liyanagama

    Thanks

  3. Thank U Sameera brother & baiscope team for the sub, Beautiful movie. all the best to baiscope team………

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  5. උපසිරැසියට තුති සමීර සහෝ,ජය!

  6. sajitha rasanga

    sub ekt thnk u

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  8. Thanx saho

  9. Thank you saho. wadi wadiyen imdb top 250 ta dayaka wenna labewa

  10. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…..ජයෙන් ජය….!

  11. ඇත්තටම ගොඩක් සංවේදී චිත්‍රපටියක්,
    කාලෙකට පස්සෙ මේ වගේ එකක් බැලුවමයි,
    ගොඩක් ස්තූතියි සහෝ සමීර අයියෙ sub එකට.

  12. සබ් එකට බොහොම ස්තුතියි සහෝ……………….

  13. thanks …….

  14. මෙලෝ වැදගම්මක් නැති සමහර හින්දි දෙමළ ජාරාවට වඩා මෙවැනි දේ කෙතරම් නම් වටීද? මින් සමාජයට ලබාදෙන පණිවුඩය මිනිසුන්ට යහපත් ලෙස හැසිරෙන්න කෙතරම් නම් පාඩමක් කියා දෙනවද කියා ඔබම බලා දැනගන්න. මෙවැනි හොඳ දේ තිලිණ කරන සමීර සහෝටයි. බයිස්කෝප් ටීම් එකටයි සඳා ජය..!

  15. කාලයකින් බලපු ලස්සනම ෆිල්ම් එක කියන්න පුලුවන්. සබ් වලට තෑන්ක්ස්!

  16. මෙක BR rip එකට අප්ඩෙට් එකක් දෙන්නකො බ්‍රො
    හොද copy ඇවිදින්..

  17. Devinda Ranasinghe

    BR copy please. Thanks.

    • extratorrent වෙබ් සයිට් එකෙන් බාගන්න.
      Room.2015.720p.BRRip.x264.AAC-ETRG
      Room (2015) 1080p BluRay – 6CH – 2GB – ShAaNiG
      oom 2015 1080p BluRay x264 DTS-JYK

  18. thank you

  19. මෙක නම් සුෆිරි ෆිල්ම් එක,
    කියන්න වචන නෑ,
    බැලුවට පස්සෙ තව කොමෙන්ටුවක් දාන්නමයි හිතුණෙ **බයිස්කොප් සයිඩ් එකට ජය**

  20. සබ් එකට ගොඩාක් ස්තුතියි

  21. සබ් එකට ගොඩාක් ස්තුතියි…

  22. bohoma sthuthi aniwa balanna oni thanks…

  23. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    https://kat.cr/user/megaradon/uploads/
    https://yts.ag/browse-movies

  25. බ්‍රො මෙකෙ BrRip එක නැද්ද

  26. Thanks saho…….!

  27. නිර්මාණි

    උපසිරසියට බොහොම තුති. ලිපිය කියවපු ගමන්ම බලන්න ආස හිතුනා. ජය….

  28. niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  29. kathawa lassanai,thanx malli

  30. මුවි එකෙ ලිෆිය නම් සුපිරි bro.. ඔන්න මත් බාන්න දැන්ම
    මෙ වගෙ සුපිරි නිරිමාණ දිගටම දෙන්න කියා ඉල්ලනව

  31. ගොඩාක් ස්තුතියි…!!!

  32. නිරෝෂ්

    බොහොම ස්තුතියි සමීර.ජයවේවා !

  33. ela film ekk wagei. thnx bro

  34. බලාගන හිටපු film එකක් ස්තූතියි සහෝදරයා නියමයි …….

  35. උපසිරැසියටයි ලිපියටයි බොහෝම ස්තූතියි සමීර සහෝ…
    මම අනිවා බලන සිනමාපටයක්,
    ජය 😀

  36. @@@@උපසිරැසියට තුති බ්‍රො..

  37. ගොඩක් ස්තූතියි අයියෙ උපසිරැසියට…
    ජය වේවා!!!

  38. Givantha Arshakulrathne

    thank you…

  39. සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
    ජය වේවා…!!!

  40. thanx bro saub ta

  41. Thanksssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

error: Alert: Content is protected !!