You dont have javascript enabled! Please download Google Chrome!
Monday , October 21 2019
Breaking News
Home / All / Sand Storm (2016) AKA Sufat Chol Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ….. [සිංහල උපසිරසි සමඟ]

Sand Storm (2016) AKA Sufat Chol Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ….. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 14 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Omar (2013) අහස කඩා වැටේ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නා වූ විශිෂ්ට සිනමාපට රැසක් අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී යන්නාවූ වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමක උපසිරැසියක් ලබා දෙන්නයි.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ ඊශ්‍රායල සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කරලා උපසිරැසියක් කරමු කියලා ඉල්ලීමකුත් කරපු ජගන්නාථ එහෙමත් නැතිනම් ප්‍රේමකුමාර ගම්ලත් මහත්මයාට බොහොමත්ම ස්තූතියි මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කලාට. මොකද එහෙම නොවන්නට මටත් මේ සිනමා සිත්තම මග හැරී යන්නට තිබුනා….

IMDb දර්ශකයේ 6.9ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 92%ක් ලබා ගත්තු මේ සිනමා සිත්තම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 15ක් සහ තවත් නිර්දේශවීම් 19ක් ලබාගත්තු වෙනස්ම විදියේ ඊශ්‍රායල සිනමා සිත්තමක්. මේ සිනමා සිත්තම මේ වසරේ පැවත්උන ඔස්කාර් සම්මාන උලළේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් ඊශ්‍රායලයේ ඉදිරිපත් කිරීම බවටත් පත් උනා. මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. ඒ නිසා තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි….

ඇයත් කෙල්ලකි…. පියා සැමියා පුතා කේන්ද්‍රකරගත් සමාජයක, ගැහැණිය යනු තවත් එක් අජීවී වස්තුවක් පමණකැයි සිතූ සමාජයක, ගැහැණිය යනු පිරිමියාගේ ලිංගික සතුට උදෙසා පමණක්ම දෙවියන් විසින් මවනු ලද්දාවූ කෙළි බඩුවක්යැයි සිතූ සමාජයක ඇයත් කෙල්ලකි. ඛේදනිය ඉරණමක හිමිකාරියකි. සිය තාරුණ්‍යයේ හැඟීම් සිර කරගෙන ජීවිතය විඳවනා කෙල්ලකි. මුසල්මානු ඉගැන්වීම් සිය වාසියට හරවාගත් පුරුෂ පක්ෂයක අතොරක් නැති තාඩනයන් හමුවේ ආගමේ නාමයෙන්, පරපුරේ නාමයෙන් තහනම් ආදරයක් වෙනුවෙන් හඩා වැටෙනා කෙල්ලකි. මේ ඇයගේ ආදර කතාවයි….

සිහින නොදකිමි,
    නිසල රැය බොහෝ කෙටි නිසා….
කල් මරන්නෙමි,
    කාලයම බොහෝ දේ දුන් නිසා….
කඳුළු සඟවමි,
    පිරිමි හිත් ගල් වූ නිසා….
රහසේ හඬමි,
    ගලුත් ඉරි තලනා නිසා….
( උපුටා ගැනීමකි. )

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය IMDb දර්ශකයට අනුව හොඳම සිනමාපට 250ට ඇතුලත් තවත් වෙනස්ම විදියේ සිනමා නිර්මාණයක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

54 comments

  1. Thilina sasala

    EXcellent work.the keeper 2019?

  2. me film ekata link ekak denna puluwanda kata hari plz !!!!!!!!!!!!!

  3. Motorcycle Girl 2018 පකිස්ථාන ෆිල්ම් එක හොද ෆිල්ම් එකක් කියල අහල තියනවා.හින්දි ෆිල්ම් බැලුවට එක පකිස්ථාන ෆිල්ම් එකක්වත් බලලා නෑ.පකිස්තානයේත් හින්දි ෆිල්ම් වගේම හොද ෆිල්ම් තියනව කියල එක්කෙනෙක් fb එකේ ඔය ෆිල්ම් එක ගැන කියල තිබුන.පුලුවන් නම් ඔය ෆිලම් එකේ උපසිරස ලබා දෙන්න.

  4. AsithaDilruwan

    ela saho thanks

    IMDB Top 250 walata sub demu

    Alfred Hitchcock ge hoda film thiyenwa tawa…The Man Who Knew Too Much (1956) wage ewatath sub demu

    • මම බලල තියෙන එකක් නං නෙමෙයි සහෝ….
      මම බලලම කියන්නම් කොහොමද කියලා…
      අනාගතේ දවසක Imdb 250 සම්පූර්ණ කරමු සහෝ…. තව ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ.
      මමත් ටිකෙන් ටික උත්සාහ කරනවා. හැබැයි තනියම අමාරුයි. අද Metropolis එකට සබ් එක දුන්නා.
      Imdb 106 වෙනි එක.

  5. උපසිරසට ගොඩක් ස්තුතියි
    Heroes TV Series (2006–2010) එකටත් පුලුවන් නම් උපසිරස දෙන්නකො
    අනෙ plzzzzzzzzzzzzzzz

  6. Thanks Machooo….!!! Hoda wedak…..!!!!

  7. THANK UUUUUUUUUUU SOO MUCH BRO..jayawewaa…

  8. omar baluwa supiri film eka.. sabata thanks.. mekath balanna oone. thawath honda film ekakin hamu wemu; jaya;;;;

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. mirage hirantha

    funny nam — used cars (1980),
    awords nam — beasts of nation (2015)

    • Used Cars එක නම් මම බලල නෑ සහෝ….
      ඒක මම බලලම කියන්නම් කොහොමද කියලා….

      ඔය කියන අනිත් ෆිල්ම් එක Beasts of No Nation වෙන්න ඇති නේද?
      ඒකට නම් සිංහල සබ් එකක් දීල තියෙනව සහෝ….

    • Bandaramudiyansi

      Dvd walata dila thiyanna ita wada hoda copy ekak nadda brother

      • මට ඊට වඩා හොද කොපියක් නම් හම්බ උනේ නෑ. සහෝට හම්බ උනොත් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් පහලින් තියෙන මේල් එකට එවන්න. සබ් එක රීසින්ක් කරලා අප්ලෝඩ් කරන්නම්.
        Hasitha.m.skyඇට්gmailඩොට්com

  11. bohoma sthuthi sahoooo

  12. thans hoda film walata sub denawata

  13. Download Link ekak hoyaganna nadda?

  14. ඊශ්‍රායල් සිනමා පටයක් නම් කොහොමත් හොදයි.වෙනත් කිසිම රටකට වඩා ජනාධිපතිගෙ සිට කුඩා ළදරුවා දක්වාම තම ජාතිකත්වයට කෙස් ගසක තරම් හානියක් වීමට ඉඩ නොදෙන එකම රට තමයි ඊශ්‍රායලය. හසිත සහෝදරයා වටා දැන් බයිස්කෝපි එකේ වෙනම රසික කොටසක් ඉන්නව..ඒක සතුටට කරුනක්. සිනමාව කියන්නෙ හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් මලයාලම් විතරක් නොවෙයි සිනමාව රස විදිනව නම් ලෝක සිනමාවම රසවිදිය යුතුයි.

  15. sumithwickramarachchi

    thanks

  16. වෙනද වගේම බොහොම ස්තූතී හොඳම චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙනවට..

    මේ නම් විදේශීය භාෂා චිත්‍රපට නෙවේ.. ඒත් පුළුවන් මේවටත් උපසිරැසි ලබාදෙන්න

    500 Days of Summer
    Before sunset
    Before midnight
    Annie Hall
    Midnight in Paris

    Good Luck Bro

  17. Nadeesha rox alahakoon

    Tnx bro subt. Wolf worrier 2 ektath sub eka diyn puluwnnum

  18. mekath balanawoo, omar 2013 beluwaa, anthimata aru tom pachayak kiyala thiyenne 🙂

  19. හසිත සහෝදරයා මෙවැනි චිත්‍රපට නැරඹීමට කැමතියි පිරිසක් අද වන විට අඩවිය වටා රොක් වී ඇති අතර, ඒ ඔබ වැනි අයගෙ කැපවීම හා උත්සාහ නිසාය. ඔබ බයිස්කෝප් අඩවියට ගැම්මක් bro

  20. Lalani Maduwanthi

    Godaaak pin ,,,,,oyage mahansiyata,,e wagema bohoma sthuthy

  21. Niyama wadak, Godaaaak Sthuthiy, Me wage Hamotama amathaka wela giya supirima film walata sub dena eka supirima wadak.oyata me wade digatama karagena yanna shakthiya dhayrya labenna oni…….!

    The Aviator (2004) kiyana film eka supirima film ekak.ekata kawruwath thawama sub dila na.baiscopelk site eke e film eka gana post ekak witharay thiyenne.puluwan nam ekatath sub karanna.

  22. බොහොම ස්තූති හසිත මහතුනි. හුදීජන පහන් සංවේගය සඳහා ඔබේ කාලයත් බුද්ධිමය ශ්‍රමයත් කැප කළාට. මෙවන් සම්ප්‍රදානයන් සඳහා අවැසි විවේකයත් නිරෝගි සුවයත් ලැබේවා !

  23. ” prasthanam ” kiyana movie ekata sub denna…imd 8.9 ganak thiyanawa

  24. Thanks
    good film.

  25. සම් එකට thanks.. ahalya 2015 film එකට සබ් කරන්න

  26. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  27. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සහෝ සබ් එකට….
    ජය වේවා.!

  28. wow superb man Thank you so much Appreciate the effort for us.

  29. Thanx bn sub ekata.machan puluwan nam the big fish,the fountain ,500 days of summer mewata sub denna .ubalata pin

error: Alert: Content is protected !!