Monday , November 29 2021

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 8.3/10. From 18 votes.
Please wait...

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය ටිකක් මනෝ ව්ද්‍යාත්මක පැත්තට බරවෙච්ච චිත්‍රපටයක්.කෙසේ වෙතත් ඉතින් Thriller චිත්‍රපට බලන්න ආස අයටනම් මේ චිත්‍රපටය ගොඩක් උද්වේගකර වේවි.

ඉතිං අපි මේ චිත්‍රපටය දිහාට පොඩ්ඩක් හැරිලා බලමු. මේක ඇත්‍තටම කිව්වොත් පුංචි පවුලක් වටා ගෙතුනු ටිකක් සංවේදී මෙන්ම, ගොඩක් ත්‍රාස්‍යජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙ පුංචි පවුලේ චූටි දූ කුමරියක් ඉන්නවා, එයාගෙ නම තමයි ජෙනී. ඉතිං මේ පුංචි මල් කැකුලගෙ අම්මා හදිසියේම රිය අනතුරකින් මිය යනවා. පස්සෙ ඒ අම්මගෙ ආත්මය මේ දූව හොයාගෙන එයාලගෙ ජීවිතයට ආයෙමත් එන හරි අපූරු සිද්ධියක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ.

චිත්‍රපටය නිකුත් වෙන්නෙ අප්‍රෙල් මාසෙ 30 වෙනිදා. ඉතිං මේ චිත්‍රපටය ඇත්තටම ටිකක් බයානකයි. ඒ කියන්නෙ, මේ ච්ත්‍රපටයේ අපේ හිත කම්පා කරවන ආකාරයේ පසුබිම් සංගීත, දර්ශන වගේම දෙබස් ඇතුලත් වෙනවා. ඒ නිසා හර්දයාබාධ වගේම සුලු දෙටත් බියවන පුද්ගලයින් මේ චිත්‍රපටය බලනකොට ටිකක් ප්‍රවේසමින්. ඒ කෙසේ වෙතත් ඉතා අපූරු කතා තේමාවක් පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන මෙම චිත්‍රපටය,අද වෙනකොට IMDb රේටින්ග්ස් 4.9 ත් ඉක්මවලා ගිහින් තියෙනවා.

ඒ වගේම මේ චිත්‍රපටයේ චරිත ගැන කතා කරනවනම්, මේ චිත්‍රපටයෙ පුංචි සෝස පැටික්කිවෙන “ජෙනී” ගෙ චරිතය රග දක්වන්නේ Violet McGraw. ඒ වගේම එයාගෙ තාත්තා, එහෙමත් නැත්නම් “ජෙෆ්” කියන කලාකරුවගෙ චරිතය, Rupert Friend විසින් නිරුපණය කරනවා. ඊට අමතරව, Madeline Brewer, Brian Cox, Mamie Gummer වගේ ප්‍රවීන හොලිවුඩ් රංගන ශිල්පීන් මඩුල්ලක්ම සිය රංගනයෙන් දායක වෙනවා.

William Brent Bell විසින් අද්‍යක්ෂණය කරපු මේ separation චිත්‍රපටය Universal චිත්‍රපට ආයතනයේ ඉදිරිපත් කිරීමක් වෙන අතර Open Road Films සහ Briarcliff Entertainment වැනි ආයතන මගින් මෙම චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු කරලා තියෙනවා.මේ චිත්‍රපටය ඇතුලේ තියෙන ඒ මනෝවිද්‍යාත්මක ත්‍රාසය නිසාම ඇතිවෙන කුතුහලය අපේ අවදානය චිත්‍රපටය තුලම රදවාගන්නෙ හරි අපූරු විදියට.

කොහොම වුනත් මම මේ චිත්‍රටය කුඩා ලමුන්ට නම් නිර්දේශ කරන්නෙ නෑ. හේතුව තමා එක අතකට මේකෙ තියෙන බයානක ගතිය. අනික් එක තමා මේ චිත්‍රපටයේ යම් යම් තැන්වල මනෝ විද්‍යාත්මක තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට කුඩාලමුන්ට තේරුම් ගන්න අමාරුයි. කෙසේ වෙතත්, මම අර කියපු කාරණය, ඒ කියන්නෙ, කුඩා ලමුන්ට අමතරව අර මම ප්‍රවේසම් විය යුතු පිරිසක් කිව්වෙ? අන්න ඒ අය මම ඒ කරපු අවවාදෙත් එක්කම, ඒ අයට ඇතුලු, අනික් හැමෝටමත් මේ අපූරු චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් අදට මම නවතිනවා! හැමෝටම සුබ දවසක්!

ප.ලි

ඒ වගේම ඔයාලට පුංචි මතක් කිරීමකුත් කරන්න ඕන. මම මේ උපසිරැසි වැඩේට අලුත්. ඔයාලා ඒක දන්නවනේ 🙂.ඉතින් මගේ උපසිරැසි වල යම්කිසි වැරදි සහගත් තැන් තියෙනවද? ඒව හොදයිද? නරකයි ද? පිලිවෙලයි ද? අපේ වචනයෙන්ම කිව්වොත්, “පහරක්!” ද කියලා දන්නෙ ඉතිං උපසිරැසි කියවන දයාබර ඔබලාම තමා.ඉති‍ං ඒ නිසා, මගෙ උපසිරැසි වල ගුනාත්මක බාවය ගැන ඔයාලට හිතෙන දේත් පොඩි කොමෙන්ටුවකින් දන්වගෙනම යන්න හරිතෙ. 😊 එතකොට මට පුලුවන් වැරදි තියේනම් ඒවත් හදාගෙන ම ඉදිරියට යන්න.

ප.ලි අවසන්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Hanna (2019-2021) [S03 : E03] Sinhala Subtitles | උගුල [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම..රඛිත සහෝ පටන් ගත්ත Hanna කතා මාලාවෙ අන්තිම සීසන් එකේ තුන්වන සහ හතරවන …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Paharak saho…

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  3. elaaaaa

  4. Anjana Wickramasinghe

    Thank you

  5. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  6. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  7. Thank you

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Thanks…..jayawewa….!

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. දිසානායක බණ්ඩාරළාගේ අවිශ්ක පැතුම් සමරදිවාකර

    Spontaneous 2020 Movie එකට Subtitle දෙන්නකෝ…

    Dune 2021 එකටත් ඕනි….

  12. thanks..

  13. උපසිරසියට තුති

  14. Thanks brother
    Keep it up

  15. ලගදි ආපු හොරර් සෙට් එකනම් අන්තිමයි
    බලමු මේකවත් කොලිටියට තියේද කියලා
    සබට තැන්ක්ස් මචන්

  16. Dilahan Sachintha

    සුපිරී. දිගටම සබ් දෙමු…

  17. Thanks brother

  18. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  19. Sub akta thanks

  20. tnx ban sub ekata

  21. සහෝ , Netflix ලගේ සුපිරි හොරර් සීරීස් එකක් තියෙනෝ Midnight Mass කියලා
    පුලුවන්නම් අනිත් අයත් එක්ක එකතුවෙලා ට්‍රයි එකක් දෙන්න බලන්න

  22. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    හරිම වටිනවා මේ වැඩේ. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳිලා Horror movies සබ් කරන්න. සබ් නොකරපු Horror Films සබ් කරන එක සෑහෙන වටින වැඩක්.

    හැකිනම් Jakob’s Wife – 2021 ෆිල්ම් එකටත් සබ් දෙන්න.

  23. ප.ලි. කියන එකේ තේරුම කියන්නකො

  24. සුලු වැරදි වලට නම් සමාව දෙන්න පුලුවන්
    ලොකු වැරදි තිබුනොත් තමයි අවුල…

  25. උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

error: Alert: Content is protected !!