Thursday , May 26 2022
Breaking News

Sex Education (2019-) [S03 : E01] Sinhala Subtitles | ලිංගිකත්වය ඔයාලගේ ජිවිත විනාශ කරාවි [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 8.9/10. From 68 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන හැමෝම වගේ මගබලාගෙන හිටිය කතාමාලාවක්. ඇත්තටම මුලින්ම මේක දෙද්දී මන් හිතුවේ නෑ පසුකාලීනව මෙච්චර ඉල්ලුමක් එයි කියල. ඉතින් කොහොමහරි හිතුවේ නැති විදිහට ජනප්‍රිය උන නිසාම මමත් ඇඟිලි ගැන ගැන හිටියේ රිලීස් වෙන දවස වෙනකන්. ලංකාවේ ප්‍රේක්ෂකයෝ සෑහෙන දෙනෙක් ට්‍රේලර් එක බලන්න ඇති කියල හිතනවා. හැමෝම දන්නවනේ මේක බ්‍රිතාන්‍ය කතාමාලාවක් කියල. IMDb හි 8.3 ක අගයක් ලබාගෙන තියෙනවා මම මේ ලිපිය ලියන අවස්තාව වෙද්දී. තුන්වෙනි සීසන් එක ඉවර වෙද්දීනම් කොහොම වෙනස් වෙයිද කියල කියන්න බෑ. ඒවගේම රුපවාහිනි සම්මාන 35කට නිර්දේශ වෙලා 11ක් ජයග්‍රහණය කරලා තියෙනවා.

තිබුණු ඉල්ලුම නිසාම අපි හය දෙනෙක් එකතුවෙලා තමයි මේ වතාවේ කතාමාලාව සම්පූර්ණ කරන්න සැලසුම් කරගෙන ඉන්නේ. මාත් එක්ක වැඩේට එකතුවෙන්නේ ගිය වතාවෙත් උදව්වට ආපු මගේ මිත්‍ර රවිඳු රුක්ෂාන්, හිරාන් එරන්ද, පසිඳු මදුමාල්, මලිත් වීරමුනි මෙන්ම මේ වතාවේ අපිට එකතුවෙන සචින්ත බෙනට් සහ ලහිරු මදුශානුයි. එයාලටත් මගේ විශේෂ ස්තුතිය පුදකරන ගමන් එහෙනම් මන් කතාමාලාව දෙසට යන්නම්.

හදිසි කෙනෙක් ඉන්නවනම් හරි කතාවේ මෙතෙක් සිදුවුණ දේවල් මතකයේ තියෙනවනම් කෙලින්ම උපසිරැසිය ලබාගන්න යන්න පුළුවන්. නැවත අතීත ආවර්ජනයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලිපිය පොඩ්ඩක් කියවලා මතකය අලුත්කරගෙනම යන්න කියලා ඉල්ලනවා. එතකොට කෝකටත් හොඳයිනේ.

ඕටිස් ගේ අම්මා ජීන් ඉස්කෝලෙට ඇවිත් කරපු දේශනය නිසා හැමෝම ටිකක් කලබල උනානේ, ඒවගේම අලුත් අදහස් ගැන කුතුහලයක් ඇතිවුනා. ඊටපස්සේ පාසලේ තියෙන ලිංගික උපදේශන වැඩමුළුවට සහභාගී උන ඇඩම්ගේ අම්මා තමන්ගේ මනුස්සය ගැන කලකිරිලා, කසාද ජිවිතේ නීරස වෙලා දික්කසාද වෙන්න ඕනේ කියනවා. මේ හැමදේමත් එක්ක ජීන් ගැන තිබුණු අප්‍රසාදය ඉවසගන්න බැරුව විදුහල්පති ග්‍රොෆ් මහතා ප්‍රධාන උත්සවයක් වෙලාවේ ජීන් ට බැනවදිනවා. ඒක අවසන් වෙන්නේ ග්‍රොෆ්ට තාවකාලික නිවාඩුවක් ලබාදීමෙන්. ඒවගේම ඕලාහේ තාත්තත් එක්ක තිබුණු සම්බන්ධය නිසා ජීන් දැනගන්නවා එයා ගැබ්ගෙන කියලා.

හමුදා පුහුණුවකට යැව්ව ඇඩම් ආපහු ආවට පස්සේ එයා දකිනවා එරික් රහීම් එක්ක සම්බන්ධයක් ඇතිකරගෙන ඉන්න බව. නමුත් අවසානෙදි උත්සවය දවසේ ඇඩම් මුළු පාසලම ඉදිරියේ එරික්ට තමන්ගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරනවා. ඔය අතරේ අපි හැමෝම බලාගෙන හිටියේ ඕටිස් සහ මේව් අතර ආදර සම්බන්ධය ආරම්භ වෙයි කියල. නමුත් මේව් කියනවා එයාට කිසිම තරහක් නෑ, තියෙන්නේ කලකිරීමක් විතරයි කියල. කොහොම උනත් තමන්ගේ පෙර වැරදි වලට සමාව ඉල්ලලා සහ ආදරය ප්‍රකාශ කරලා ඕටිස් වොයිස්මේල් එකක් යවනවා මේව්ගේ ෆෝන් එකට. නමුත් අපි හැමෝගෙම බලාපොරොත්තු බිඳදමමින් රෝද පුටුවේ ඉන්න අයිසැක් ඒ මැසේජ් එක මකලා දානවා. බොහොම කෙටියෙන් කියනවනම් ඔය ටික තමයි කතාවේ මෙතෙක් දුරට සිදුවුනේ. එහෙනම් ඉක්මනට අලුත් සීසන් එකේ ආරම්භය ගැන පොඩි හැඳින්වීමක් දීලම ලිපිය ඉවරයක් කරන්නම්.

විදුහල්පති ග්‍රොෆ් ගියාට පස්සේ අලුතෙන් පත්වෙලා ඇවිත් තියෙන්නේ විදුහල්පතිනියක්. එයා මේ වතාවේ ඇවිත් තියෙන්නේ හැමෝවම බ්‍රේන් වොෂ් කරලා ගන්න අදහසින් වගේ. හතරවටේට ලිංගිකව එකතුවෙන පාසල් දරුවන් නිසා මේ ඉස්කෝලේ දැන් අමුතුම තැනක් වීගෙනයි එන්නේ. ඒනිසා හැමෝටම නිල ඇඳුමක් ලබාදීලා, මේ මොර්ඩේල් පාසල ආයෙත් සුපුරුදු රිද්මයට ගන්නයි ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒවගේම අර අයිසැක් මේව්ගෙන් වෙන්කරන එක අමාරු වේගෙනයි එන්නේ. මොකද තවමත් ඕටිස් ගැන මේව්ගේ හිතේ තියෙන්නේ අප්‍රසාදයක්. ඉතින් අපි බලමු අවුරුද්දක් ඉවසගෙන ඉඳලා අපි බලාපොරොත්තු උන අවසානයක් කරා කතාමාලාව ගලාගෙන යයිද කියල.

ඒවගේම ඉක්මනින් කරපු නිසා පොඩි පොඩි වැරදීම්, අකුරු එහෙමෙහෙ වීම් තියෙන්න පුළුවන්. මම පුළුවන් තරම් බලල තමයි මේ එව්වේ. එහෙම තියෙනවනම් කරුණාකරලා පහලින් කමෙන්ට් කරන්න කියල ඉල්ලනවා. එහෙම උනොත් ආයේ වැරදි නිවැරදි කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්.

එහෙනම් ලිපියත් ටිකක් දිගු උන නිසා මං මෙතනින් නවතිනවා, අපේ සහෝදරවරු ඉදිරි කොටස් ටික ඉක්මනට අරගෙන එයි. ඔයාලගේ අදහසුත් ලබාදීලා අපිව තවත් දිරිමත් කරන්න කියල ඉල්ලන ගමන් මන් සමුගන්නවා.

බයිස්කෝප් අඩවියට ජය!

“අප, පෙරට වඩා පරිණත වෙමු,
පෙරට වඩා ශක්තිමත් වෙමු,
පෙර සිටියාටත් වඩා හදවතින් එක්වෙමු! “

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

12th මෑන් (2022) Sinhala Subtitles | දොලොස්වෙනි ආගන්තුකයා [සිංහල උපසිරසි]

මෝහන්ලාල් – ජිතූ ජෝසප් නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්… විශේෂත්වයක් නැහැ! ඉන්දියානු සිනමාවේ තවත් එක් චරිත ද්විත්වයක්… …

Leave a Reply

Your email address will not be published.

70 comments

  1. thanks ……………….

  2. Sex/Life (TV Series 2021 eke sub dennako

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  5. Tharindu Wanasinghe

    මතක් කරලා දුන්න එක ලොකු දෙයක්..ස්තූතියි මිත්‍රයා උපසිරසියට..ජය..

  6. Anuja Lakshitha

    thanks saho sub ekata

  7. උපසිරැසියට බොහොම ස්තුතියි!

  8. Bohoma esthuthii mcnlaa ikmanatama sub tika aran awarataaa.

  9. thanks for sub

  10. Thanks for Sub!

  11. Thanks brother

  12. chinthaka.max4

    thankx machan

  13. matgaka kenek kiyandako mew otisui seasson dekedi taraha wenna hethuwa mata mathaka na season 2 awasanedi drnna taraha wenda hethuwa

  14. thank you machan..

  15. සබ් එක දුන්නට බොහොම ස්තුතියි…

  16. Thank you very much Brother…

  17. sanjula dilshan

    Thanks❤️❤️❤️❤️
    Godk kl bln hitiye……
    Ithuru 4th ikmnt denw neh..
    Thank youu❤️❤️❤️

  18. අඩ්ඩෙහ්..දැන්නේ දැක්කෙ..එල එල දිගටම දෙන්න ජය වේවා

  19. 2020 ඉඳන මග බලන් හිටපු එක

  20. Pamitha Uthpala

    jaya wewa saho…. thanks bokka… subak enna parakku wei kiyala baye hitiye

  21. තැන්ක්ස් මචන් සබ් එනකන් ඩවුන්ලෝඩ් කරගෙන බ්ලාගෙන හිටියෙ

  22. ithuru epi 7 tika kawad wage labeida brother

  23. Ade ithuru epi tiketh sub one ikmanata
    sub ekata thanx ❤

  24. Adeeeeeeee ikmanataa oneeeeee ❤❤❤❤❤❤❤❤❤
    Davsakata ekaida denne

  25. Budu ayye ikmanata anith episode tikath danna,..

  26. Nimthaka kumara

    Thanks for sub enakan heteya

  27. Prabhath Anjula

    Tnx for a sub

  28. Prabhath Anjula

    අනිත් එපිසෝඩ් ටිකෙත් සබ් ඉකමනටම ඕන.

  29. ඉතුරු ටිකත් ඉක්මණට දෙන්න. Sub එකට thanx

    • Thank you සහෝ. ඉතුරු සබ් ටිකත් ඉක්මනටම දෙමු. ජයවේවා… ❤️

  30. anith tika

  31. Thank u brother ✌️
    Ithuru epi 7th dnna ✌️
    Mth iye idan bln htye sub dnkm

  32. anith ewayth sub satgala denoooooooooooo

  33. plzzz anith episode tikath ikmnt dennooooo

  34. සච්ත්‍ර නිර්මාණ

    ඇත්තටම මේකේ season3 එනකන් ඇගිලි ගැන ගැන හිටියේ

  35. බොහොම ස්තුතියි සබ් එකට…
    පුලුවන් නම් ෆයිල් එකට english sub එකත් ඇඩ් කරන්න…
    English හදා ගන්න

  36. ස්තුති …❤️

  37. THISARU PEERIS

    Thanks bn

  38. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  39. Thanks bro♥️

  40. Thanks brother

  41. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  42. Thanks….jayawewa….!

  43. gammac kollo danakan hitiye

  44. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  45. ඉතුරු ටිකත් ඉක්මණට දාන්ඩ

  46. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  47. Elma bn. Ithuru tikth ikmntma damu. Jaya wewa

  48. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️❤️

  49. අම්බෝ එනකං ආසාවෙං බලං හිටියේ තැන්කු ආහ් ❤

  50. සබට තුති සහෝ…..
    ජය වේවා…

  51. අම්මේ ඇගිලි ගැන ගැන හිටියෙ දානකම්.. එලම තමා….

  52. අම්මේ අම්මේ දාල දාල ඇති යන්තම් යකෝ අද උදේ ඉදන් දාලද දාලද කියල බල බල හිටියේ. දැන් නම් මේක බලලම තමා නිදා ගන්නේ. සුපිරිබන් ඉතුරු ටිකත් පුළුවන් නම් හෙටම දියන්කෝ

  53. Thank you

  54. ikmanatama ithuru tkath ooni komlo

  55. Thanks sub ekata ♥️♥️♥️♥️♥️

  56. Indeesa Nisalithe

    ambooo thanks bn කොල්ලෝ, විනාඩි 5න් 5හට ඇවිල්ල බලනවා දාලද කියලා, ඉතුරු ටිකත් ඕනෙ පුලුවන් තරම් ඉක්මනට, ආදරෙයි.

    • අයියෙ ඉතුරු එපිසොඩ් ටිකෙත් උපසිරැසි ඉක්මනට ඔනෙ ව්නාඩි 5න් 5ට ඇවිල්ලා බැලුවා සබ් දාලාද දාලද කියලා තැක්න්ස් ඉක්මන්ට දුන්නට ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න ❤️❤️

error: Alert: Content is protected !!