You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / 18+ / Silent Hill (2006) Sinhala Subtitles | නොවිසදුනු අභිරහස.[සිංහල උපසිරැසි සමඟ]

Silent Hill (2006) Sinhala Subtitles | නොවිසදුනු අභිරහස.[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට.

කස්ටියට මාව මතක ඇති කියලා හිතනවා. මිට කලින් මම ඔයාලට ගෙනාව මගේ පළමු උපසිරැසි නිර්මාණ 6 Bullets (2012) හැමොම වගේ බලන්න ඇති කියලා හිතනවා. අතහැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතන කොටලා බලන්න.  ඒ වගේම පළමු නිර්මාණයට අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටම මේක වෙලාවක් කරගන්නවා නැවත වරක් ස්තුති කරන්න.

හරි ඒහෙම නම් මම දැන් හැරෙන්නම් මගේ මීලඟ උපසිරැසි නිර්මාණය ගැන කියන්න. දැන්ම ඔයාලා දන්නවා මම මේ මොකද්ද කියන්න හදන්නේ කියලා. මේ බයිස්කෝප් එකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මම තිරණය කලේ බයිස්කෝප් මංසලේ මේ බයිස්කෝප් එකට අදාල තවත් ලිපියක් නිසා. ඒ මොකද්ද කියලා මෙතනින් බලන්න.

මේ බයිස්කෝප් එක 21 April 2006 තිරගත වෙලා තියෙන්නේ. IMDb සිනමා දර්ශකය තුළ 6.5 ඡන්ද ලබාගෙන තියෙනවා. මෙම බයිස්කෝප් එකේ අපි දන්න හඳුන නළු නිළි පිරිසකුත් තම රංගන දායකත්වය ලබා දිලා තියෙනවා. ඒ අතරින් මේ සිනමා පටයේ ප්‍රධාන චරිත හසුරවන Radha Mitchell හෙවත් Rose Da Silva විශිෂ්ඨ චරිත නිරුපනයක් කරනවා කියන්න පුළුවන්. මේ අතර අපි දන්න අනිත් නළුවා තමයි Sean Bean, ඔහු ක්‍රිස්ටෝෆර් යන චරිතය මෙහිදි රඟ දක්වනවා.

මේ කථාව වෙන්නේ මොකද්ද කියලා ටිකක් කෙටියෙන් කිව්වොත්, එක්තරා පවුලක සිටින කුඩා දැරිවියක් වටා තමයි මේහි කථාව ගෙතිලා තියෙන්නේ. මේ දැරිවි නින්දෙන් ඇවිදිනවා. එක එයාගේ අම්මටයි තාත්තාටයි සැහෙන ලෝකු ප්‍රශ්ණයක්. එවගේම මේ දැරිවි යම් කිසි සිදුවිමක් නින්දෙන් කියවනවා. මේ තමන්ගේ දුව කියවන්නේ මොනාද කියලා මේයාගේ අම්මට ලොකු මානසික වදයක්. එක නිසා එයා තිරණය කරනවා මේ ගැන හොයන්න. හැබැයි තාත්තා මේ ගැන ඒච්චර උනන්දු වෙන්නේ නැ මුලින්ම. එක නිසා බලාගෙන ඉන්න බැරිම නිසා අම්මා තනියම වැඩේට බහිනවා…….!! 

අවසානයේදි අපි හිතන දේම වෙයි ද …….?

 ඉතින් මේ ඇති මෙතනින් එහාට කිව්වොත් වැඩක් නැති වෙනවා. එක නිසා බලලම ඉන්න කියලා මම කියනවා. තව දෙයක්.. මේ බයිස්කෝප් එක එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්. මොකද මේ බයිස්කෝප් එකේ හැම රාමුවෙන් රාමුවට කුතුහලය උපරිමයෙන්ම රැදිලා තියන නිසා.

බලපු අය ඉන්නවානම් තව සැරයක් බැලුවා කියලා මුකුත් වෙන්නේ නැ. එක නිසා බාගෙන බලන්න. නොබලපු, අත හැරුනු අයත් බාගෙන බලන්න. කියලා ඉල්ලනවා. උපසිරැසි නිර්මාණකරුවන්ට ලැබෙන එකම සතුට නරඹන ඔබගේ වටිනා ප්‍රතිචාරයයි. එක නිසා ඔබගේ ප්‍රතිචාර වැඩියෙන් ලැබෙන තරමටම අපිට ලැබෙන සතුටත් වැඩි කියලා කියන්න ඔනේ.

 ඒ වගේම මේම සිනමා නිර්මාණයේ දෙවන කොටස Silent Hill: Revelation 3D නමින් දැන් තිරගත වෙමින් පවතිනවා. තව ටික දවසකින් අන්තර්ජංජාලයට හොද කොපි නිකුත් වෙන්න පටන් ගනි. එක නිසා මේක බලලා ඉන්න එක වඩා හොදයි. 😀

 “අපි හිතන හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධවෙන්නෙ නැ කියලා විතරක් මතක තියා ගන්න”

එහෙම නම් තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමුවෙමු. සැමටම ජයවේවා.!

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

65 comments

  1. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  2. ස්තූතියි සහෝදරයා ජයවේවා !

  3. THANKS MALLII

  4. Deshan Udeeptha

    Thx සහෝ SUB එක ට මේකෙ Game එකත් පට්ට

  5. ashan alnkanath

    thanks……………………………….

  6. ME WAGE KATHA THAWA HOYAN GENEN.”GRIMM” KIYANA TV SERIES EKATH PATTA.

  7. onna dan balanna patan gannai yanne Nalin saho..godak sthuthii oyata

  8. නියම වැඩක්… බොහෝම ස්තූතියි

  9. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  10. බොහොම ස්තුතියි

  11. tnx vry much flm 2kama dwn karanawa niyama wadak digatama karagena yanna all the best….!!!!!

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  13. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල.ස්තුතියි

  14. නියම කතාවක්නෙ සහෝ! පරණ වුණාට අගේ ඇති එකක් නෙවැ.

    ඕන්න බලමුකො; හරියටම දවස් 6ක් නොකා නොබී හිටපු දරුණු අසනීපෙකින් පස්සෙ දැන් තමයි යන්තම් කෙලිං කටිං හිටගන්නේ. මංසලත් පාළු වෙලා මේ ටිකේ :(. ඔහොම තමයි මනුස්සයින්ටනේ කරදර එන්නෙත්. කමක් නෑ එහෙනම් පමා වෙලා හරි තුති පිදුවා මාත් ඉතිං. තරහක් නැහැනෙ නේ…

  15. කලින් බලලා තියේ වගේ මතකෙකුත් තියෙනවා. කමක්නා සිහල තියෙන නිසා ආයෙමත් බාන්න දැම්මා. ගොඩක් ස්තුතියි.

  16. අම්මෝ Horror….. 🙁 සබ් එක තිබිලත් බලන්න වෙන්නේ නෑ….. 🙁

  17. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  18. කලින් බලලානැහැ.හොදයිවගේ ඒකනිසා බලනවා

  19. බොහොම ස්තුතියි සහෝ…. දිගටම උපසිරසි ලියන්න.. අපේ උපරිම සහයෝගය දෙනවා

  20. Niyamai yaluwa. Obata jaya

  21. මං කාලකෙට ඉස්සෙල්ල බලපු පට්ට හොල්මන් බයිස්කෝප් එකක් තම මේක. සිංහල දුන්නට ස්තුති, මේකේ ෆිල්ම් එක මගේ මැසිමේ තාම තියෙනවා, එක හින්ද සබ් එක විතරක් බැවා.

  22. sub walata thanks….

  23. නලින්

    ස්තුතියි .. මුදියා…!

    බලමු..! 🙂

  24. mudiya / මුදියා

    මරු නලින් වැඩේ.දෙවෙනි එකත් ඔයාම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ…………….ම ස්තූතියි…!

  25. machan six bullets maxxa film eka….mata e welave thx karanna beri una…thx machan.mekath banna demma ehenam

  26. mama laga me film eka THibunaa . dan oyage sab ekath ekkama baluwahaki . thank’s

  27. නියමයි මචො ස්තුතියි සබ් එකට

  28. “චූටී මල්ලි”

    ela machan ela

  29. රාම් රාජ්

    මම බලලා තියෙනවා.සුපිරි ‍හොරර් එකක්.ස්තූතියි සබ් වලට.

  30. 700mb walata wada adu karanda berida

  31. කේ. යූ. ජී. උදාර

    මුල් එකට කමෙන්ට් එකක් දාන්න බැරි වුණ එකේ මේකටවත් දාන්න එපායැ……..
    සිංහල සබට බොහොම ස්තූතියි නලින්.
    මේ වැඩේ දිගට ම කරගෙන යමු…..

  32. thank u very much….
    ela wadak saho…
    BRRip 1tath denna pls..

  33. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඉඩක් ලැබුන ගමන් ම අනිවා අරන් බලනවා.

  34. lasanatha!!!!!!

    supiri wadak

  35. සිංහලයා

    කමෙන්ට් නම් නම් අඩු තමා ඒත් කරනා මෙහය ගැන සිතා වැඩේ දිගටම කරමු..කොහොමත් සබ් එක බාන හැමෝම හිතෙන් හරි ස්තූතී කරනවා නොවැ..කමෙන්ට් නොදැම්මත්..

    ජයම වේවා!!!!!

  36. කැළුම්

    නියමයි සහෝ

    බොහොම ස්තූතියි

  37. නලින්

    ස්තුති වේවා අදහාස් වලින් සහායොගය දුන් ඔබ සැමට ම!

  38. බාන්න දැම්ම 2 වෙනි කතාවකුත් ගහන්නේ පළමු එක සුපිරියටම ගිය නිසානේ අනිවා…තවත් ෆිල්ම්ස් සබ් එක්ක දෙන්න

  39. jaya wewa naleen saho thawath awa sub akka aragena enna

  40. බොහොම ඉස්තරම්

  41. තවත් හොද එකක් ඔන්න ලගදීම ඕනේ යාලුවා 2 වෙනි නිර්මාණයට සුභ පැතුම්

  42. ela ela machan……..

  43. මැක්සා සහෝ මේක සුපිරිම කතාව..ආයේ බලනව..ජය 🙂

  44. rusuru | රුසිරු

    නියම ෆිල්ම් එකක් ජය වේවා

  45. එල එල සහෝ දිගටම සබ් දෙමු

  46. තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා..!

  47. mey maxxa akak deela thiyenne ..

  48. මේක සුපිරි කතාව..ඉස්සර බැලුවා ..ආයේ සබ් එක්කම බලන්න ඕනේ…. 🙂 තුති

  49. පැතුම්

    අලුත් එකට කලින් බලලා ඉන්න ඕනේ මේක 3 වෙනි එකත් ඉක්මනටම දේවි කියලා හිතනවා..ජය

error: Alert: Content is protected !!