Wednesday , February 1 2023

Spiritwalker (2020) Sinhala Subtitles | ආත්මයක ශරීර හුවමාරුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 21 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම!

ඉතින් මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච Spiritwalker කියන කොරියන් චිත්‍රපටිය. Action, Thriller, Mystery, Supernatural කියන ශානරයන්ට අයත් වෙන මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Yoon Jae Keun විසින්. 2021 නොවැම්බර් 24වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටිය නිකුත් වෙලා සති 2ක් පුරාවට කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා, US$ මිලියන 6.63ක ආදායමක් උපයලා 2021 නිකුත් වුනු සියලු කොරියානු චිත්‍රපටි බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 7වන ස්ථානයේ රැදෙන්නත් Spiritwalker චිත්‍රපටියට පුළුවන් වුනා.

20වන නිව් යෝර්ක් ආසියානු චිත්‍රපට උළලේදී විශිෂ්ටතම ක්‍රියාදාම චිත්‍රපටියට හිමි ඩැනියෙල් ක්‍රාෆ්ට් සම්මානය දිනාගන්නත් මේ චිත්‍රපටියට පුළුවන් වුනා. ඒවගේම මේකේ හොලිවුඩ් රීමේක් එක G.I. Joe සහ Transformers වගේ අතිශය ජනප්‍රිය චිත්‍රපටි නිෂ්පාදනය කළ Lorenzo di Bonaventura විසින් සිදු කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. මිනිත්තු 108ක් පුරාවට දිවයන මේ චිත්‍රපටිය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් නරඹන්න පුළුවන්.

 

CAST – රංගන දායකත්වය –

Yoon Kye Sang – කන්ග් යී අන්
Park Yong Woo – අධ්‍යක්ෂක පාර්ක්
Im Ji Yeon – මුන් ජින් ආ


Plot Synopsis – කතා සාරාංශය –

කාර් ඇක්සිඩන්ට් එකකට මුහුණ දීලා නැගිටලා බලද්දි ඒ ඉන්නේ තමන් නෙවේ, ඒකියන්නේ එයා දැන් ඉන්නේ වෙන කෙනෙක්ගේ ඇගක. ඒත් එයා කවුද කියලා එයාටවත් මතක නෑ, හැබැයි එයාට තේරෙනවා ඒ ඉන්නේ එයා නෙවේ කියලා. ඉතින් එයාට ඕනවෙනවා ඇත්තම තමන් කවුද, ඒවගේම මොකක්ද වුනේ කියලා හොයාගන්න. එහෙම යද්දි මෙන්න එකපාරටම ආයෙමත් ඇග වෙනස් වෙනවා. මෙහෙම පැය 12කට වතාවක්ම ඒකියන්නේ දවල් 12ටයි රෑ12ටයි දවසට දෙපාරක් වෙන ඇගකට එයාගේ ආත්මේ හුවමාරු වෙවී යනවා. එහෙම එයා පැය 12න් 12ට වෙනස් වෙන්න හේතුව ඇත්තටම මොකක්ද? එයාට ඇත්තම එයා කවුද කියලයි, එයාගේ ශරීරයයි හොයාගන්න පුළුවන් වේවිද? ඒක දැනගන්නනම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.

කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිදුර දේවල් කියන්න යන්නේ නෑ. සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා, එහෙනම් හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් හමුවෙමු..

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD සහ BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E08] Sinhala Subtitles | ඇත්ත සහ බොරුව [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. Thanks bro sub ekata

  2. Thanks for the sub!!

  3. පලමුවන උපසිරසියට සුබපැතුම් සහෝ ..!!

  4. Thanks brother

  5. පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් සහෝ.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම සබ් කරමු. 🙂
    ජය! ✌

  6. Bimsara Yashan(ඔලිව)

    පලවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ. දිගටම සබ් දෙමු. ජයවේවා!

  7. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

  8. සුබපැතුම් ලොක්කා

  9. පළවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.
    දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. 🤗

  10. හිරන්ත සිල්වා

    සුබ පැතුම් සහෝ. චිත්‍රපටියකට උපසිරස කරනව කියන්නෙ වෙනම “ඇබ්බැහිවීමක්”. ඒ වගේ දේකට යොමු වෙන එක නියමයි. ඒ වගේම සයිට් එකේ අපේ උපසිරස යනව කියන්නෙ ඒක වෙනමම සතුට්ක්!

  11. Alice in borderland season 2 sub plz

  12. මිනුල

    කොරියන් දෙන එක නවත්වලම තිබුනේ බයිස්කෝප්
    එහෙම කරන්න එපා දිගටම කොරියන් ෆිල්ම් ,සීරීස් දෙන්න
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
    දිගටම කොරියන් කරමු

  13. යුරාන් ධනුක (දනුවා)

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
    දිගටම වැඩේ කරමු

  14. ප්‍රදීප්

    පට්ට ෆිල්ම් එක.තව මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ.

  15. Congratz for your 1st attempt
    Also thanks for this sub
    Keep going

  16. Thanks subata

  17. jayama wewaa

  18. පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ.
    දිගටම කොරියන් ඒවම කරමු.

  19. තෑම්ක්ස් බොම්ක❤

  20. පලමුවන උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  21. Good job ✌ sub ekath hodai film ekath hodai

  22. thanks mcho..digtma sub hadanna..

  23. පළවෙනි වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි නයන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  24. Buddhika laKMal

    පළවෙනි සබට සුබ පැකුම් සහෝ.. ඉස්සරහටත් වෙලාවක් ලැබුනුගමන් තවත් ලස්සන ෆිලුමකට සබ් අරං එන්න පුලුවන්කම ලැබේවා…….
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  25. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  26. පට්ටයි මචෝ
    බයිස්කෝප් එකෙන් කොරියන් එකක් වැටෙනකන් බලන් හිටියේ
    ඉදිරියටත් කොරියන් සබ් දෙමු
    ජය වේවා

  27. Dinushka Udara

    thada thada sahoo

  28. Supirima Film ekak wage. Thanks bro

error: Alert: Content is protected !!