You dont have javascript enabled! Please enable it!
Wednesday , August 12 2020
Breaking News

Street Fighter: The Legend of Chun-Li (2009) | චන්-ලී, වීදි සටන්කාරිය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Street Fighter-The Legend of Chun-Li (2009)

මගේ විසි දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට මේ පාර ගෙනාවෙ 2009 වසරේ ප්‍රදර්ශනය වුණු Action, Fantacy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් ලැබිල තියෙන්නෙ 3.7 ක් වුණාට ඊට වඩා ලැබෙන්න ඕනෙ කියලයි මටනම් හිතෙන්නෙ. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andrzej Bartkowiak නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Kristin Kreuk නම් නිළියක්. ඊට අමතරව American Pie චිත්‍රපට මාලාවෙ රඟපාන Chris Klein නම් නළුවත් මෙහි රඟපානවා.

මේක සටන් කලාවන්ට සම්බන්ධ චිත්‍රපටයක්. Capcom සමාගමේ Street Fighter නම් වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. කතාව පැත්තට හැරුණොත් චන්-ලී (Kristin Kreuk) කියන්නෙ ව්‍යාපාරිකයෙක්ගෙ දුවෙක්. ඇය කුඩා කාලයෙදි එක්තරා කණ්ඩායමක් විසින් ඇගේ පියාව පැහැරගෙන යනවා. ඉන් පසුව ඇගේ අරමුණ වෙන්නෙ සිය පියාව පැහැරගත්තවුන් සොයාගැනීමයි. ඒකට ඇයට විශේෂ පුද්ගලයෙකුගෙ උපකාර ලැබෙනවා. ඇගේ පියාව පැහැරගත්තෙ කවුද? ඇයට පියාව සොයාගන්න පුළුවන් වෙයිද? ඇයට උපකාර කරන කෙනා කවුද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

2009 ජූලි 12 පළවූ ලිපිය.

හ්ම්ම්..මේ දින වල කට්ටිය වැඩියෙන්ම බාන චිත්‍රපටි අතර තියෙන ෆිල්ම් එකක් නිසා තමයි මට මේ ගැන කියන්න හිතුනෙ..සටන් චිත්‍රපටි වලට කැමති අයට විතරක් ගැලපෙන ෆිල්ම් එකක්,අනික් චිත්‍රපටි වර්ග වලට ආස අයට මේක අල්ලල යන එකක් නෑ කියලයි මගෙ අදහස…හැබැයි ජනප්‍රිය නළු නිළියන් රැසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනව..

මෙන්න මෙහෙමයි කතාව..එක්තරා ගැහැණු ළමයෙක් කුඩා කාලයේ සිටම ඇගේ පියා ඇයට සටන් ක්‍රම කියල දෙයනව..මෙහෙම ටික කාලයක් යද්දි එක්තරා කල්ලියක් විසින් මේ ළමයාගෙ පියාව පැහැර ගන්නව..කාලය තවත් ගත වෙනව..මුලින් කී ගැහැණු ළමයා දැන් තරුණියක්..ඇය පියානෝ වාදන ප්‍රසංග පවත්වමින් ජීවත් වෙනව..මේ අතරතුර ඇයට රසිකයන්ගෙන් ලැබෙන තෑගි අතර තියෙනව අමුතුම දෙයක් ලියපු සන්නසක්..ඇය මේක කියවන්න පුලුවන් කෙනෙක් හොයාගෙන යනව..ඇයට හම්බෙන එක්තරා කාන්තාවක් ඒ සන්නසේ ලියල තියෙන දේ පැහැදිලි කරනව..මේ අනුව ඇය තමන්ගෙ ජීවිත ගමන වෙනස් අතකට හරවමින් තෝරගන්නව බොහොම කටුක මගක්..

ආසියානුවන් තමයි අපිට මේ කතාවෙදි වැඩියෙන් දකින්නට ලැබෙන්නෙ..මේකෙ තරුණියගේ චරිතය රගපාන්නෙ Smallville ටෙලිවෘතාන්ත මාලාවේ Lana Lang ගේ චරිතයට පනපෙවූ නිළිය..චිත්‍රපටියේ අතාත්වික තැන් නම් බොහොමයි..ඒත් මේ වගේ කතා වලට ආස අය මේක බලන්න.. සීඩ්ස් ඕන තරම්! 🙂

Street Fighter: The Legend of Chun-Li (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

41ece196683bdb61913476c2314964f90f9821e8
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

  2. බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  5. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  6. නලින්

    එළස්ස් විජිත සහො!

    ජය වේවා!

  7. ස්තුති සහෝ!!!
    නියම ෆිල්ම් එකක්…
    ජය!!!

  8. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. “චූටී මල්ලි”

    tnx

  10. මල්ලි පුලුවන් නම් BELOW ( 2002) චිත්‍රපටිය සබ් කරලා දෙන්න කෝ කවුරැත් ඒක තාම සබ් කරලා නැනේ පුලුවන් නම් කරලා දෙන්න කෝ

  11. thanks machan

  12. niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. නියමයි නියමයි සහෝ
    සුපිරියි කියලා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  14. banna be ne bn

  15. ko sub eka???

  16. meka mata amathaka welane hitiye….
    thanx…..

  17. සයිලන්ට් හන්ට(ර්)

    බානො. අපෙ ගුරාට වැඩිවැඩියෙන් ෆිල්ම් ලැබෙවා. 🙂 😛 😀 😉

  18. රන්දිල්

    එල ෆිල්ම් එක… මම ආස නිලියෙක් ඉන්නේ…

  19. @උදාන!හ්ම්ම්ම්..මචන් ඒක ලංකාවෙ බුවෙක්ගෙ සයිට් එකක් නේ..

    @chinthaka!ලිපිය කියවල කතාව හොදයි වගේ දැනුන නම් අනිවා බලපන් මචන්.. 🙂

    @මලේකා!අහ් එළ එළ..පීසී අවුල් වෙනව තමයි මෙහෙම දිගට හරහට බානකොට..

    @AL1717!අහ් පික්සුද බන්z..ආර් ඇස් ලින්ක්ස් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි..තෑන්ක්ස් මචෝ.. 🙂

  20. මලේකා

    @ගුරා: ඔව් ගොඩ දවසක‍ට පස්සේ. මගේ පිසි එක අවුලක් වුනා දැන් හරි දැන් ආයේ දිගටම එනවා. 😀

  21. Ela wage!
    Balama balamuko.

  22. මෙක බලපන් මචං.. සෘජු බෑමක් තියෙන්නෙ..
    *********

  23. @chamiya ! ඔව් මචන්,ඒක අපේ කස්ටියට දරාගන්න පුලුවන් වෙයි කියල හිතනව.. 🙂 ෆිල්ම් එක මීට පිලිගන්න පුලුවන් තත්වෙන් හැදුව නම් තවත් එළ!

    @chathurarcrc! මචෝ වෙන බාශා වලින් කතා කරනකොට නම් උපසිරැස වැටෙනව.. 🙂
    මේ කොපි එකේ තැන් දෙකකදි පොඩ්ඩක් රිපීට් වෙනව..ඒ නිසා තාම සම්පූර්ණ උපසිරැස හදල නෑ මේකට.. 🙁

    @උදාන! හික්z..අනිවා උඹ ගොඩ ඇති බය නොවී හිටු! ඔව් ඔව්..එන්න තියෙනව එළ ෆිල්ම් ටිකක්..

  24. අම්ම්මෝ විභගෙ ඉවරයි.. මොකද උනේ කියල අහන්ඩ එපා…
    මට විභගෙ අතරතුර පොතේ ගුරාගෙ ආදරණීය මෑණියන්ව සිහිඋනා..

    දැන් කරන්ඩ දෙයක් නෑ මෙ නිවාඩුවෙ හොඳ ෆිල්ම් ටිකක් දාපියෝ….

  25. උපසිරස හොය ගන්න බෑනේ.පුලුවන්නම් කවුරු හරි දාන්න.පින් 😀

  26. මම මේ චිත්‍රපටිය බලලා ටිකක් කල්. මේක ගොඩක් හොඳ චිත්‍රපටියක්. මරු කතාව. හැබැයි මේ පිටපතේ පොඩි අවුලක් තියනවා, සමහර කෑලි repeat වෙනවා. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ.

  27. @උමේෂ් !එළ මචෝ..මට නම් ගොඩක්ම අල්ලල ගියේ නෑ..අතාත්වික බව වැඩියි වගෙ දැනුන..බලල කියපන්කො කොහොම්ද කියල.. 🙂

    @මලේකා!ගොඩ කාලෙකින් නේද ආවෙ…එළ එළ..

    @kathu! 🙂

  28. එළ එළ….!! Thank u..

  29. මලේකා

    හොද ටොරන්‍ට් එකක් ලැබෙනකන් හිටියේ. ස්තුති පොතේගුරා 🙂

  30. උමේෂ්

    අප්පට උඩු !!! මට මේක release වුනා කියලා සම්පූර්ණයෙන්ම අමතක වෙලානේ තිබ්බේ. බොහෝම ස්තූතියි ගුරෝ, මම බානවෝ…

error: Alert: Content is protected !!