Thursday , August 5 2021
Breaking News

The Bank Job (2008) with Sinhala Subtitles | බේකර් වීදියේ බැංකු කොල්ලය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 17 votes.
Please wait...

The Bank Job (2008)

එය 1971 වර්ශයේ ඉරිදා දිනයකි. සතියක් පුරා කාර්යබහුල වී තිබූ ලන්ඩන් නගරය මෙදින සාමකාමි මුහුණුවරක් ගනී. සිකුරාදා පස්වරුවේ වසා තැබූ බෝහෝ ආයතන හෙට උදෑසන වනතෙක් විවෘත වන්නේ නැත. වෙහෙසකර වූ සතියකින් පසු, නිවාඩුවක් ගත කිරීමට ලන්ඩනයෙන් බැහැරට ගොස් සිටින් මිනිසුන් මේ වනතෙක්ම ඔවුන්ගේ ගෙවල් දොරවල් කරා පැමිණ තිබුනේ නැත. එලෙස නිවාඩුවක් ගත කිරීමට පිට පළාතකට නොගිය සමහරක් ලන්ඩන් වැසියන්, තම නිවෙස් හි සුව පහසු ආසන වල වාඩි වී දුම් දමන කෝපි කෝප්පයක් පානය කරමින් පිටත රජයන සීතල හා මට්ටු වීමට වෙර දරයි. නමුත් මෙම සාමකාමී බව මධ්‍යේ ලන්ඩනයේ බේකර් වීදියේ ලොයිඩ්ස් බැංකු ශාඛාවේ නීතියට පටහැනි යමක් සිදු වෙමින් පවතී. අනතුරු දායක බව හමුවේ වුවත් තම වාසනාව උරගා බැලීමට තරම් එඩිතර වී සිටින් පිරිමින් පස් දෙනෙකු සහ කාන්තාවක මෙකී ලොයිඩ්ස් බැංකු ශාඛාවේ සේප්පුව බිඳිමින් සිටියි.

ඔවුන්ට සහය වෙමින් තවත් අයෙකු බැංකුව ඉදිරිපස සිටිමින් ඔත්තු බලමින් තම අත රැඳි වෝකි- ටෝකියෙන් ඔවුන් සමග සංවාදය කරයි. සොරකම සිදු වන අතරේ, බැංකුවෙන් මයිල කීපයක් ඔබ්බෙන් සිටින ආධුනික රේඩියෝ ක්‍රියාකරවන්නෙකුට, සොරුන් අතර සිදු වෙන මෙම පණිවිඩ හුවමාරුව අහම්බෙන් මෙන් අසන්නට ලැබෙයි. යහපත් පුරවැසියෙකුගේ වගකීම ඉටු කරන ඔහු පොලීසිය කැඳවයි. නමුත් කොල්ලකෑම සිදු වන්නේ කුමන බැංකුවේද යන වග මොවුන් නිශ්චිතවම නොදනී. මේ සිදුවන බැංකු කොල්ලය පිළිබඳව අවධානය යොමු වී ඇති තවත් පිරිසක් වෙති. කළු පැහැ අඳුමෙන් සැරසුන මොවුන්, බැංකුව පිහිටා ඇති වීදිය ඉදිරිපස සිටිමින් බැංකුව දෙස තම තීක්ශන දෑස් යොමා සිටියි. පැය කීපයක් ඇවෑමෙන් කොල්ලය හමාර වන්නේය. කොල්ලකරුවන්ද නිරුපද්‍රිතව පිටව යන්නේය. පසු දින මුලු ලන්ඩනය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය ප්‍රවෘත්තියකි. ඒ නම් බේකර් වීදියේ පිහිටා ඇති ලොයිඩ්ස් බැංකුවේ සේප්පුව කඩා ඇති බවයි. ඒ සමගම ලන්ඩන් රජය, විශේෂ නියෝගයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ, බැංකු කොල්ලය සම්බන්ධව හෙළිකරන ඕනෑම තොරතුරක් රාජ්‍ය ආරක්ශාවට තර්ජනයක් බැවින්, එවැනි හෙළි කිරීම් වලින් වැලකී සිටින ලෙසයි. එම නිසා තව දුරටත් මෙම බැංකු කොල්ලය ගැන තොරතුරු හෙළි කිරීමට නොහැක. මෙම කොල්ලය සිදු කලේ කවුද? බැංකුව බින්දේ මුදල් පැහැර ගැනීමේ අරමුණට පමණද? නමුත් මේ කිසිවක් හෙළි නොවුනු ඇත…??

The Bank Job කියන මේ චිත්‍රපටියෙන් හෙළිකරනවා කියන්නේ 1971 සිදු වූ ඒ බැංකු කොල්ලයේ ඇත්තම කතාව. මේ බැංකු කොල්ලය තමයි එංගලන්ත ඉතිහාසයේ මෙතෙක් වාර්ථා වෙලා තියෙන විශාලම බැංකු කොල්ලකෑමේ සිද්ධිය. 2008 නිකුත් උන මේ චිත්‍රපටියේ IMdb අගය 7.3ක්. චිත්‍රපටිය වැටෙන්නේ Crime, Drama, Thriller ඝනයට. චිත්‍රපටිය අධ්‍ය්ක්ශනය කරලා තියෙන්නේ Roger Donaldson. රංගනයෙන් දායක වෙන්නේ Jason Statham, Saffron Burrows, Stephen Campbell Moore ඇතුලු නළු නිළියන්. කාලෙකින් ජේසන් ස්ටැතම්ගේ චිත්‍රපටියක් ආවේ නැති නිසාත්, ස්ටැතම් රඟපාන Mechanic: Resurrection චිත්‍රපටිය එන්න තියෙන්නේ අගෝස්තු වල නිසාත්, එතකන් මේ චිත්‍රපටිය බලමු(නොබලපු අය).

තව දෙයක්, මේ චිත්‍රපටියේ පොඩි අයට බලන්න සුදුසු නැති දර්ශන තියෙනවා. වැඩිහිටියන්ට තමයි වඩාත් සුදුසු.😀

එහෙනම්, තව අලුත් නිර්මාණයකින් නැවත හමු වෙමු. ජය වේවා!!

The Bank Job (2008) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

9F229D364D285CEC1FE5EB7A3622B418D48A03B2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Batman: The Long Halloween Part Two (2021) Sinhala Subtitles | දිගු හැලෝවීනය කෙසේ අවසන් වෙයිද? [සිංහල උපසිරසි]

කොහොමද, යාලුවනේ? මෙන්න එහෙනම් DC ෆෑන්ස්ලා එනකන් බලන් හිටිය චිත්‍රපටය අරගෙන ආවා. DCEU එක කෙසේ …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

  2. thank you very much

  3. Thanks bro

  4. මිලින්ද ප්‍රියලාල්

    @සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි @කල්හාර%%

  5. Thanks

  6. Thnks mchn

  7. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  8. Thanak brother ❤️

  9. sithira lasal kalunayaka

    thank you bro keep it up !!

  10. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  11. superb. thanks lokka

  12. Tnkz eub ekata

  13. Tnx bro 😀

  14. thanx bro………….

  15. Ishan Viduranga

    Jeson Stath ගෙ movies වලිහෙඳම movie එකක්. පට්ටම movie එකබොහොම ස්තුති මචං sub එකට.

  16. Donnir darko’ film ekata sub dennako..

  17. Thank you macho…
    ela ela digatama sub denna
    mage unusum subapathum.
    thawath sub ekakin hamuwemu.
    jaya wewa….!!!

  18. thanks macho

  19. දුලාජ් මංජුල

    bohoma sthuthiy machan

  20. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වෙවා…!

  21. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  22. බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. Thanks bro

  24. thx sahoo

  25. pattai boleeeeeeeee:-P 😀

  26. බලන්න හිතාගෙන ලිපිය කියවාගෙන කියවාගෙන ආවා අන්තිම චේදය දැක දැක කොහොමද ඉතින් බලන්නේ

  27. ස්තුතියි සබ් එකට

  28. බලහන්කො බන් උබ අය අවසානෙටම මගුලක් කියෙව්වනේ.දැන් ඉතින් නොබල කොහොමද? බොහොම තුති මචන් සබ් එකට…

    (තව දෙයක්, මේ චිත්‍රපටියේ පොඩි අයට බලන්න සුදුසු නැති දර්ශන තියෙනවා. වැඩිහිටියන්ට තමයි වඩාත් සුදුසු.)

  29. Lipiya supiri. Thanks a lot for SUB. jayawewa

  30. අයෙ පාරක් බලමුකො බයිස්කෝප් සයිඩ් එකෙන් සබ් දිපු නිස
    ජෙසන් අයියගෙ මුවී අයෙ අහන්න දෙයක් නැ ගින්දර
    ~~~~උපසිරැසියට තුති සහො~~~~

  31. niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. ස්තුතියි සබ් එකට

error: Alert: Content is protected !!