Monday , September 28 2020
Breaking News

The Blair Witch Project (1999) | මායාකාරියගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Blair Witch Project (1999)‘Blair Witch Project’ කියන නම නම් අපේ Horror බයිස්කෝප් රසිකයින්ට නුහුරු වෙන්න විදියක් නෑ. මොකද ‘Found Footage’ හෙවත් ‘දළ සේයාපට හමුවීම’ කියන බයිස්කෝප් වර්ගීකරණය බොහෝ සෙයින් රසික ජනතාව අතරට ආවේ මෙන්න මේ බයිස්කෝප් එකත් සමඟයි. එනිසාම තමයි මේ සිනමාපටය නරඹන්න මා තුළත් බොහොම කුතුහලයක් ඇති වුණේ. ’Horror’ වර්ගීකරණය කිව්වාම බොහෝ අයට එකවිටම සිහියට නැගෙන්නේ හොල්මන් කියන දේ පමණයි. නමුත් ඒ යටතට අයත් වන්නේ නරඹන්නා තුළ බිය ඇතිකරවන සිනමාපට බව මතක් කරන්න කැමතියි. මෙයත් ඒ ආකාරයේ සුපිරි ගණයේ සිනමාපටයක් විදියට දක්වන්න පුළුවන්. මෙය IMDB දර්ශකයේ රේටින්ග් 6.3 ක් වැනි අගයක් පවා ලබාගන්නට සමත් වෙලා තිබෙනවා.

මෙය කලකට පෙර ‘බර්කිට්ස්විල්’ නම් ප්‍රදේශයේ මහ වනයක ජීවත් වූ ‘බ්ලෙයාර්’ නැමැති මායාකාරියක් පිළිබඳ, වාර්තාමය ව්‍යාපෘතියක් කිරීමට එම ප්‍රදේශයට පැමිණෙන සිසුන් තිදෙනෙකු වටා ගෙතී ඇති සිනමාපටයක්. ඔබ අසා ඇති සමහර දුෂ්ට මායාකාරියන් මියගිය පසුවත් පළිගැනීමට හෝ මිනිසුන්ට දුක් කරදර දීමට ආපසු මෙලොවට පැමිණෙන බව. මේ කතා වෘත්තාන්තයත් හුවා දැක්වීමට උත්සාහ කරන්නේ එවන් සංකල්පයක්. මෙසේ මායාකාරිය පිළිබඳ තොරතුරු රැස් කරමින් ඇය ජීවත්ව සිටි වනාන්තරයට පිවිසෙන මේ මිතුරන් තිදෙනා හට කෙබඳු අත්දැකීම් වලට මුහුණ පාන්නට සිදු වේවිද? මායාකාරිය පිළිබඳ මිනිසුන් දක්වන ආකල්පය හුදෙක් මනඃකල්පිතයක් ද? ඔවුන්ට නැවත වනාන්තරයෙන් පිටතට පැමිණීමට හැකි වේවිද? ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳේවිද?

මෙහි අඩංගු දර්ශන සමහරක් කලු-සුදු වන අතර බොහෝ දර්ශන වර්ණ සහිතයි. එයත් මෙහි විශේෂත්වයක්. අවසාන වශයෙන් කියන්න කැමතියි මේ සිනමාපටයේ අනෙක් විශේෂත්වය ගැබ් වෙලා තිබෙන්නේ මෙහි අවසාන මොහොත තුළයි. ඒ නිසා මුල සහ මැද යන අවස්ථා වලදී කෙරෙන කතා බහ සහ නගරයේ මිනිසුන් මායාකාරිය පිළිබඳ දක්වන ආකල්ප පිළිබඳ හොඳින් අවධානය යොමු කරන්න. නැතිනම් ඔබට මෙහි අන්තර්ගතය තේරුම් ගැනීමට අපහසු වේවි.

එසේනම් නැවතත් හමුවෙන බලාපොරොත්තුවත් සමඟ සමුගන්නම් මිතුරනි. ඔබ සැමට සහ බයිස්කෝප් අඩවියට ජය!

The Blair Witch Project (1999) on IMDb

 

 

c6137a006a9344eaab84efaf761168a8ee25a913
ecd2039ad9f1ed0b7a378f1d4ae568a7f41801fc
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසන්ත චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. Lakshansilva18

    Frailty (2001) movie ekatath sub dennako

  2. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  3. thnks bro……..

  4. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ

  5. me wge parna hda film wlt sub dena 1knm harima watinwa..digtma sub denna..JAYA WEWA!

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. thanks bro.

  8. machan Will Smith inna “Wild Wild West (1999)” patta movie ekak… comedy sin tiyanawa,,, puluwan nam oke sub eka denna,,, godak watinawa,,,,

  9. බොහොම ස්තුතියි

  10. ස්තුතියි සහෝ උපසිරසියට,
    ජයවේවා…!

  11. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    හොල්මන් නම් ඉතින් අනිවා බලනවා ස්තුතියි සහෝ සබ් එකට ..

  12. බොහොම ස්තූතියි යසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. #ChalinduDeshan (කිනා)

    ඕං බලාකො ඉතිං.
    ආපහු ගෙනත් තියෙන්නේ
    භය හිතෙන එකක් නොවැ. කමක් නෑ
    ඉතිං අප්පා..
    බයවෙන්න හරි බලමුකෝ ඒනං.
    ස්තූතියි.
    ජයවේවා!

  14. mudiya / මුදියා

    හොල්මනුත් නෙවෙයිනෙ.ඒ වුනාට බය වෙන ෆිල්ම් එකක්නෙ.අනිව බලන්න ඕනි.නියමයි යසන්තයෝ.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

  15. යසන්ත චාමර

    බොහොම ස්තූතියි සහෝලා අදහස් වලට…:D

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  17. “චූටී මල්ලි”

    අද අපිව දෙවෙනි පාරටත් භය කොරන්නයි යන්නෙ නෙ
    සබට තුති
    ඔබට ජය………….

  18. හර්ෂ ලහිරු

    ටිකක් පරණවුනාට රජ බඩුවක් වගේ
    අනිවා ඉතින් බෑමක් තමයි
    ජයවේවා සහො

  19. niyamai saho 😀 maxxa

  20. මමත් මේ චිත්‍රපටය බලලා තියෙනවා. ඇත්තෙන්ම ඒ දවස්වලනම් සිනමාව ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඔහේ බැලුවා. මදිවට ඒ කාලේ මෙච්චරවත් ඉංගුරිස් දන්නෙත් නෑ. ඉතින් සහෝ කීවා වගේ ඔහේ බලන්නන් වාලේ තමා බැලුවේනම්! 😀

    ඉතින් මම මේ තේමාව යටතේ තැණුනු චිත්‍රපටිවලින් මුලින්ම බැලුවෙත් මේකම තමා. අම්මෝ ඒ කාලේනම් බයවුණාට වඩා වුණේ නිකම් විකාර වෙන එක. මේ මොකද්ද යකෝ කියලා. මොන විකාරයද්ද මේ? කැමරාවක් උස්සගෙන යන හැත්තක්නෙ, කියවනවා, ඔහේ යනවා, මේ මොන මළමගුලද්ද මේ කියලා තමා හිතුණේ! :O

    නමුත් පස්සෙ කාලෙක ආපහු බලන්න ලැබුණා, එතකොටනම් වැඩේ ටිකක් දන්නා නිසා තේරුණා. මෙහෙම එකක් කරන්න මම නොගිය එක ගැන සන්තෝෂ වුණා එතකොටනම්, වෙන අද්භූත දේවල් දැක්කම. ඒ වුණත් ආපහු බලන්නම වෙනවා දැන් මේක ළග නැති නිසා. මොකද සිනමා කලාවම වෙනසකට ලක් කරපු මේ වගේ එකක් ළග නෑ කියන්නේ ලැජ්ජයි වගේ නිකම් 😀

    එහෙනම් තැන්කූ වේවා මේ වගේ අමුතු එකක් ගෙනාවට. හොරර් විතරක් නෙවෙයි මුළු සිනමා ලෝකයටම දැන් කොතෙකුත් තැනෙනෙ; සරල, සැහැල්ලු සහ අඩුවැය චිත්‍රපටි නිපදවීමේ එක රහසක් කියාදුන්නේ මේ චිත්‍රපටය තමා. නේද?

  21. තැන්ක්ස් වේවා!!!

  22. බොහොම තුති 🙂

  23. godak thanks

  24. Horror ewanam aniwa balanawa puthe…macho puluwannam Shutter kiyana movie ekata sub danna puluwanda? thai version ekanam godak hodai…

  25. ජය වේවා මචෝ තවත් හොද ඒවා දෙමු

  26. good films

  27. bohoma thuthi saho 😀 balanna one

  28. thxxxxxxxxxxxxx

  29. patta akak wage balanan one 😀

  30. notisamanalaya

    niyamai.. patta..

error: Alert: Content is protected !!