Saturday , July 31 2021
Breaking News

The Croods: A New Age (2020) Sinhala Subtitles | නව යුගයක් – ලොකු පවුලක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 61 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න බාරගෙන තිබ්බ හසන්ත අයියා, ඒත් එයාට උපසිරැසිය කරන්න විධියක් නැහැ කියල ඊයේ උදේ (18) කතා කරලා කිව්වා, ඇනිමේෂන් පිස්සෙක් හන්දම ඉතිං තිබ්බ වැඩ සේරම පැත්තකට දාල වැඩේ ඉවරයක් කරලා දැම්ම අද (20). අනික කොහොමත් ඉතිං පොඩි උන්ගේ දේවල් කරන්න ඕන පොඩි උන් මිසක වයසක උදවිය නෙමෙයි නොවැ ;P එහෙම නම් ඉතිං වසරේ සුපිරිම ඇනිමේෂන් සිනමාපටයේ විස්තර දිහාවට හැරෙමු. 🙂

කෘඩ්ස් පවුල ගැන මතක ඇතිනේ කට්ටියට ? කෘඩ්ස් පවුල ඇවිල්ලා ගුහාවාසීන්. ඔවුන් ජීවත් වුනේ බොහොම පොඩි ඉඩ කඩක් තුල ඔවුන්ගේ මතයට අනුව අලුත් සියල්ල භයානකයි. ඔවුන්ගේ කිව්වට පවුලේ මූලිකය තමා ඉතින් එහෙම හිතුවේ. ඒ තමයි ග්‍රග් (නිකොලස් කේජ්), අපි හැමෝම බලපු “ගිරිපුර ඇත්තෝ” කාටූන් එකේ “බොරළුගොඩ” වගේමයි. වැඩක් පටන් ගත්තොත් ඇදගෙන නානව. එයාගේ බිරිඳ උග්ගා (කැතරින් කීනර්). මිනිහටත් නැන්දම්ම ග්‍රෑන් (ක්ලෝරිස් ලීච්මන්) සෑහෙන ප්‍රශ්නයක්. ඊප් (එමා ස්ටෝන්) නම් හැම වෙලාවෙම වික්‍රමයන් පස්සෙ ලුහුබඳින්නියක්. නමුත් ඉතින් ලේසි නැහැ නොව ගල් යුගයේ වුනත් පවුලේ ඉහලම තැන එක්ක හැප්පෙන එක. මේ කෙල්ල දවසක් රෑ ජාමෙක පායල තියෙන ඉරක් දකිනව. ඉරක් කිව්වට ඇය රැවටෙන්නෙ ගින්දරට. මොකද එළිය විහිදුවන දෙයකට ඇය දැනගෙන උන්නෙ ඉර විතරයි. එතන ඉදල ඇය අමුතු සත්වයෙක් ඇදින ගන්නව නමින් ඔහු ගයි (රයන් රෙනෝල්ඩ්). මොවුනට වඩා පරිණාමයෙන් ඉහළින් ඉන්න ඉලන්දාරියෙක්. කෙල්ලට ගින්දර ගැන එහෙම කියල දෙනව. නමුත් මිනිහ ඒ එක්කම ලෝක විනාශයක් ගැන කතාවක් කියනව. ඉතින් ඒ රැයෙන් පස්සෙ මෙහෙම ගෙවන ගුහා ජීවිතය අවසාන වෙන්නෙ ගුහාව විශාල ගලක් පෙරලීම හේතුවෙන් විනාශ විම එක්ක. ගයිගේ කතාව සනාත කරමින්.ඒ ලෝක විනාශයේ පෙර ලකුණක්. ඔන්න මේ පවුල ගමන් ආරම්භ කරන්න හදන්නෙ, හදනව කිව්වට යන්නම වෙනව. ඊට පස්සෙ අමුතු සතුන් මැදින්, අමුතු පරිසර පද්ධතීන් අතරින් ඊප්ගෙ සහෝදරයා තන්ක් (ක්ලාක් ඩියුක්) සහ නැගණිය සැන්ඩි (කයිලි ක්‍රෝෆර්ඩ්) යන අයගෙන් සැදුම්ලත් මේ ගුහා පවුල, හෙට දිනය සොයා ආලෝකය දෙසට ඇවිද යන ගයිගේ එකතු වීමත් සමග අලුත් වෙනව. ඉතිං ඔවුන්ගේ වන සවාරිය ගැන මතකය අලුත් වෙන්නයි මේ ටික කිව්වේ මම.

මේ තමයි මෙහි අධ්‍යක්ෂක ජොයෙල් ක්‍රෝෆර්ඩ් අධ්‍යක්ෂණය කරපු පළමු සිනමාපටය. අධ්‍යක්ෂණයේ ආධුනිකත්වයක් නොපෙන්වමින් මේ සිනමාපටය පළමු කෘඩ්ස් සිනමාපටය වගේම IMDB 7.1ක ඉහල අගයක් ලබාගන්නව. ඒ විතරක් නෙමෙයි, කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා සීමිත සිනමා ශාලාවන් ප්‍රමාණයක ප්‍රදර්ශනය වෙමින්, වසංගත තත්වය යටතේ මේ වසරේ ප්‍රදර්ශනය වෙච්ච සිනමාපටයන්හි ඉහලම ආරම්භක බොක්ස් ඔෆිස් ආදායමත් වාර්ථා කරමින්, ඩොලර් මිලියන 75ක් උපයාගන්න සමත් වුණ මෙම සිනමාපටය කොහොම හරි තමන්ගේ නිෂ්පාදන වියදම වෙච්ච, ඩොලර් මිලියන 65 ආවරණය කරගන්න සමත් වුණා. ඊට අමතරව මේ වෙනකොට මේ සිනමාපටය ස්ට්‍රිමින් සර්විස් වෙත නිකුත් කරමින් තමන්ගේ ලාභය අත්කරගනිමින් ඉන්නවා. ඇත්තටම ඩ්‍රීම්වර්ක්ස් ඇනිමේෂන්ලා තමන්ගේ සිනමාපටයක දෙවැන්නක් නිකුත් කිරීමට වැඩිම කාලයක් අරගෙන තියෙන සිනමාපටය මේක. මෙහි පළමු සිනමාපටය නිකුත් වෙන්නෙ 2013 වසරේ, ඉන් අනතුරුව 2016 වසරේ දෙවැන්න නිෂ්පාදනය කරන්න පටන් ගන්න සැලසුම් කරගෙන හිටියත් එක එක ප්‍රශ්න නිසා වැඩේ කල් යනවා. ඒ කල් යාම එක අතකින් සිනමාපටයට අවාසනාව ගෙන ආව. මොකද ලෝක ව්‍යාප්ත වසංගත කාලයක තමයි දෙවැන්න නිකුත් කරන්න සැලසුම් සකස් කෙරුනේ.  

ඉතිං මේ සිනමාපටයෙන් අපේ කෘඩ්ස් පවුලට අලුත් පවුලක් මුණගැහෙනව. ඒ තමයි බෙටර්මන් පවුල. මිස්ටර් .ෆිල් බෙටර්මන් (පීටර් ඩින්ක්ලේජ්) මිසිස්. හෝප් බෙටර්මන් (ලෙස්ලි මෑන්) සහ ඔවුන් දෙදෙනාගේ දියණිය ඩෝන් බෙටර්මන් (කෙලී මාරි ට්‍රාන්) තිදෙනාගෙන් තමයි අලුත් පවුල සැදුම්ලන්නේ. මොවුන් නියෝජනය කරන්නෙ ජලය. මොකද මොවුන් ජලාශ්‍රිත පිරිසක්. මොවුන්ව වර්ණ ගන්වා තියෙන්නෙත් ජලයේ පැහැය වෙන නීල වර්ණයෙන්. ඔවුන් වඩාත් ලං වෙන්නෙ වර්තමාන මිනිසාට. නමෙන් පවා කියවෙන්නේ වඩා හොඳ මිනිසා කියන තේරුම, බෙටර්-මෑන්. කෘඩ්ස්ල නියෝජනය කරන්නෙ ගින්දර සහ අතීත ගුහා වාසීන්ව. ජලයයි ගින්දරයි ගැටෙනකොට වෙන්නෙ මොනවද කියල කියන්න ඕන නැහැනේ. පලවෙනි එකේ වගේම මේකෙත් අමුතු අමුතු දෙමුහුන් සත්තු ගොඩක් ඉන්නවා. මම නම් ආසම පන්ච් මන්කිලට, එයාලගේ බාශාව එහෙම බලන්නකෝ, හෙහ් හේ. පළමු සිනමාපටය වගේම මේකත් සිනහ සාගරයක්. පවුලේ හැමෝටම වටවෙලා එකට ඉඳගෙන  සිනහ සාගරයේ ගිලෙන්නට ඉඩ හරිමින් සමුගන්නම්, නත්තල් දවසෙදි නැවත හමුවෙමු! 🙂 

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB /Blu-Ray පිටපත්  සඳහා ලබා දි ඇත.

 

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. සාරංග ජේ. ලියනගම

    Thanks

  2. බොහොම ස්තුති උපසිරැසියට

  3. thanks for sub

  4. thanx vima sub ekata

  5. Thanks for sub!

  6. please help me to download this..

  7. thanks for sub

  8. patta niyamai hodatam tinawa jayawewa

  9. thnkx brother

  10. Thank you

  11. Thnks for the Sub

  12. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  13. Thanks …………good luck …………

  14. උපසිරසියට බොහෝම ස්තූතියි

  15. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. thanks ………………………

  17. Thanks !!!

  18. බොහොම ස්තුතිය සහෝ…

  19. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  20. Rusith Dileepa

    Thanks..

  21. Thank you

  22. Naveen Sandamina

    Ayye Auther and merlin : camalot knight fillm ekata sub ekak gennakoo… kisima sit ekakin ekata sit ekak hadala na.. please

  23. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……

  24. බොහොම ස්තූතියි සහෝ

  25. ගන්න දේශීය දේ

    බොහොමත්ම ස්තුතියි

  26. ශලිනි මල්ෂා

    Niyamai ️️

  27. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට ගොඩක් ස්තූතියි මල්ලි.

  28. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  29. Thank you so much

  30. thanks..

  31. thanks bro

  32. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  33. තෑන්ක්ස් සහෝ
    සහෝ

  34. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

    Requests…

    බයිස්කෝප් අඩවියෙන් මින් පෙර ලබාදුන් The Silence of the Lambs – 1991 ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ ඉතිරි චිත්‍රපට කිහිපය.

    Manhunter – 1986
    Hannibal – 2001
    Red Dragon – 2002
    Hannibal Rising – 2007

    සහ මෙම චිත්‍රපට කිහිපය…

    The Lost Boys – 1987
    Vampire’s Kiss – 1987
    Cape Fear – 1991
    Interview With the Vampire: The Vampire Chronicles – 1994
    Vampire in Brooklyn – 1995
    Bringing Out the Dead – 1999
    Dracula 2000 – 2000
    Dracula 3000 – 2004

  35. Sanjaya Lakmal Liyanage

    බොහොම ස්තූතියි.. චිත්‍රපටය බාගත කරන් ටිකක් දවස්..ඒත් උපසිරැසි එනකම් බලාගෙන හිටියෙ…ජය වේවා සහෝදරයා..!!!

  36. නිමේෂ් කාවින්ද

    උපසිරැසිය ලබා දුන්නට ගොඩක් ස්තූතියි සහෝ !!!

  37. Sub ekata thanx

  38. Thanx bro

  39. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි විමෝ

  40. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  41. thank you bro

  42. Thank you very much

error: Alert: Content is protected !!