You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

The Green Hornet (2011) Sinhala Subtitles | ද කොල බඹරා [සිංහල උපසිරැසි සමගින්]

Rating: 8.3/10. From 36 votes.
Please wait...

විජිත අසංක සොහොයුරාගේ ලිපිය…

එන්.විජිත අසංක වන මගේ පනස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Action, Comedy, Crime වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 119 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michel Gondry නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Neighbors චිත්‍රපට මාලාවෙ රඟපාන Seth Rogen නම් නළුවයි. ඊට අමතරව Jay Chou සහ සුරූපී නිළි Cameron Diaz ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා.

බ්‍රිට් රීඩ් (Seth Rogen) කියන්නෙ තමන්ගෙ පියාගෙ මරණින් පස්සෙ පත්තර කන්තෝරුවක් අයිති වුන කෙනෙක්. කේටෝ (Jay Chou) කියන්නෙ එයාගෙ සහයකයා. මේ දෙන්නා අහම්බෙන් වගේ පොඩි වැඩක් පටන් ගන්නවා. කොහොම හරි අන්තිමට ඒක අවසන් වෙන්නෙ නගරෙ ඉන්න ලොකුම පාතාල නායකයත් එක්ක ගැටුමක් ආරම්භ කරමින්. ඉතිං අන්තිමේදී බ්‍රිට්ටයි කේටෝටයි මොනවද වෙන්නෙ කියල දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්න වෙනවා. කම්මැලි නැතුව බලන්න පුළුවන් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් හරි Vote එකක් හරි දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්!

උදා සොහොයුරාගේ ලිපිය…

ජේම්ස් රේයිඩ් කියන්නේ අති දැවැන්ත පුවත්පත් සමාගමක් හිමි මහා ධනපතියෙක්. ඔහු තමන්ගේ ව්‍යාපාරය බොහොම නීතිගරුකව පවත්වාගෙන යන කෙනෙක් පමණක් නෙවෙයි; සමාජයට වැඩදායී දේ ඒ හරහා කරන කෙනෙක්. ඒ වගේම සමාජයේ හොඳ මුහුණ පෙන්නාගෙන අයුක්තිකම් අසාධාරණකම් සිදුකරන්න හදන අයට තමන්ගේ බලවන්ත ව්‍යාපාරයේ පිහිටාධාරය ලබා නොදෙන කෙනෙක්.

ඔහුගේ ව්‍යාපාරයට ඇති බලය නිසාවෙන්ම මේ සෘජු ප්‍රතිපත්ති වලට වන්දිගෙවන්න ඔහුට සිදුවෙනවා. නමුත් ඔහුගේ පුතා කිසි බරක්පතළක් නැති; අඥානයෙකුගේ නොසැලකිලිවන්ත ජීවිතයක් ගෙවන, හිතුවක්කාර නැහැදිච්ච පුත්‍ර රත්නයක්. මේ නිසා තම පියාගේ කටයුතු ගැන කිසිවක් ඔහු දන්නේ නෑ. පියාගේ හදිසි මරණයෙන් පසු මේ සියලු දේකම වගකීම භාරගන්න වෙන්නේ ඔහුට. නමුත් ඔහුගේ හිත දුවන්නේම කෙළිලොල් දඩබ්බර වැඩවලට. ඔහු තම මියගිය පියාගෙන් පළිගන්න කරන කිසියම් වැඩක් නිසා කිසිකෙනෙක් නොහිතන විදිහේ පටළැවිල්ලකට මැදිවෙන්න ඔහුටත් ඔහුගේ සහායකයාටත් සිදුවෙනවා. මේ පටළැවිල්ල මුල් කරගනිමින් ඔහු අරඹන වැඩේ බොහොම දුරදිග යනවා.

වාසනාවට ඔහුගේ සහායකයා ඔහු වගේ නෙමෙයි, එයා නියම වැඩකාරයෙක්. ඒ කියන්නේ ආත්මාරක්ෂක සටන් සහ කාර්මික නිර්මාණ සම්බන්ධ විශේෂඥයෙක්. ඉතිං ඔහුගේ මේ දක්ෂතා සහ නිර්මාණශීලීත්වයට පිං සිද්ධවෙන්න තමා ඔවුන්ට මේ හැම හදියකටම මුහුණ දීලා පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ. මේ පටළැවිල්ල මේ නගරයට මහා විනාශයක් කැන්දන දෙයක් බවට පත්වුණත්; අවසානයේදි ඒ හැමදේකටම මුල්වෙච්ච තකතීරු දේශපාලකයෙක්වත් ඔහුගේ අතකොළුව හැටියට ක්‍රියාකරන පතාළ කණ්ඩායමකුත් පරදවන්න විතරක් නෙමේ තමන්ගෙ පියාගෙ ඝාතකයාවත් වනසලා දාන්න මේ අයට හැකිවෙනවා.

මේකත් Marvel Comics, DC Comics වගේ පරණ කොමික් බුක් එකක් පදනම් කරගනිමින් හදපු කතාවක්. අරවා වගේම නොම්මර එකේ කතාවක්. ඉතිං මේ වසරේ මුලදීම නිකුත්වෙච්ච මේ අලුත් ලස්සන කතාව බලන්න; රසවිඳින්න; කියලාහැමෝටම ආරාධනා කරනවා.

 

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන …

Leave a Reply

Your email address will not be published.

83 comments

  1. Saranga J. Liyanagama

    thanks..

  2. Thnkz saho

  3. Chinthakasampath

    Thanx bro..

  4. Thank Bro

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Thanks!!!

  7. Thanks bro….thama aluth 2018 films nadda machan…god bless you…

  8. supiri broo

  9. Thanks bro…………..

  10. උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  11. AsithaDilruwan

    balala thiyenawa
    thanks saho

  12. niyama film ekak. thanks me wage films walata sub denawata

  13. sabata thuthi vijitha saho.jaya!

  14. su ekata bohoma stutie

  15. supiriyak. kalin baluwa. ada apahu balanawa……thanks brooh…

  16. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..

  17. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විජිත සහෝ.
    ජයෙන් ජය.

  19. balaaaagena hitiye…,, tnx alot

  20. Udara Damith Dissanayaka

    …………….බොහොම ස්තූතියි ……………

  21. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  22. bohoma sthuthi saho sub ekata. jaya

  23. GREEN HORNET මුලින්ම දැක්කේ ටෙලි කතාවක් හැටියට. එකේ කේටෝ ට හිටියේ සුපිරි සටන්කාරයා බ්රූස් ලී කියලා දන්නවා ඇතිනේ?

  24. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  25. Sub ekta thanks…
    Fattama Filumkin ayema hamu wemu
    Jaya wewa

  26. ස්තුතී

  27. Tharaka Dhananjaya

    ko sub?

  28. mkea wada nahane mahcanla
    error kiyanawa

  29. mkea wada nahane mahcanla
    error

  30. mkea wada nahane mahcanla

  31. SUPEEEEEEEEEEEEEERRRRRRRRRRRRRRRRRRBBBBBBB!!!!!!!!!!!!!

  32. Shashi Fernando

    ane manda, koikatat balama balamuko hodada kiyalaa. savoy eket giya neda?

  33. පට්ට..පට්ට..!!

  34. mokada oya size dehekata tiyenne
    size wadi eke quality wadi nisada..

  35. පට්ට..පට්ට..!!

  36. එලස්……..

  37. අදයි දැක්කේ මේක…. 🙁 දැම්මා බාන්න …. 😀

  38. හැමෝටම ගොඩක් ස්තුතී මෙහෙම යමක් කියලා අපිට තව තවත් දිරි දෙන එක ගැන.

  39. ඔන්න අපිත් බෑවා…..
    ජය වෙවා…

  40. meka Nam mata Echara Elluwe ne.

    Beluwa. Etha kisi gathiyak Ne

    Thanks Machan

    Jaya Wewaaaa

  41. thanks for the torrent bro

  42. aiyyo ane….The Eagle…one….

  43. Ane kauruhari “The Eagle-2011” film eka baaganna honda torrent ekak hoyala dennako,,,english sub ekkama…bohoma pin siddawenwa

  44. hoda ekak enakan hitiye.. thanks saho..

  45. කට හරි පුලුවන්ද මෙය දාන ෆිල්ම් වලට ට්‍රලර් එකක් add karanna ..adminta kiyala wade karaganna balanna..thnxxx

  46. thanks bro

  47. ela elaaaa balamu

  48. maru film aka thanx machan …………… :*

  49. tks a lot….

  50. comment adu unata prahnayk ne balama balamu hodai wage

  51. Heshan A Porage

    maxxa machanz..!!

  52. මොකෝ මේ කමෙන්ට් අඩු? මේක නියම චිත්‍රපටියක් නේ. හැමෝම බාගන්න. ස්තූතියි උදා සහෝ ලිපියට. 😛 😛

  53. ela ela meka hoya hoya hitiye .thanks

  54. maxaaaaaaaaaaaaaaaaaaa

  55. 293 MB copy ekak dunnata godaaaaaaaaaaaaaaak pin… thanks sahoo….!!!!

  56. fatta fatta

  57. mata hamba unooooooooo
    elaaaaaaaaaaaaaaaa
    film ekak baganna baganna

  58. මැක්සා ‍ෆිල්ම් එකක්නෙ.ස්තුති උදා සහො……….

  59. මේක එලම බයස්කෝප් එකක්, මල් හත්ය් ආ……….ඒ වගේද මේකේ හදන තේ එක ………………

  60. මේක මම බාලාතියෙන්නේ තාම බැලුවෙ නෑ. හොදයි වගේ….. 🙂 🙂

  61. meka baluwa sinhala sub ekkama post karala thibuna nam thamai goda…

  62. Bala balannam

  63. math baluva godak isra patta movie eka

  64. Onna mama 3 weniya Thanks !! Thanks !! Thanks !!!!!!

  65. Thank you very much !!!

  66. ඔන්න අපිත් බෑවා…..
    ජය වෙවා…

  67. නියම film 1ක මචන්.මේවාට සින්හල සබ් දාල දෙන්ට බලපන් මොකද film නම් ඕනෙ තරම් හොයා ගන්ට තියනවානෙ බන්.

  68. Udaya සාලින්ද

    maxxa film ekk. mamanam kalinama bewa ela…..

  69. Me tiyanne niyama Film 1k 🙂
    Thankzzzzzzzzzz Film 1a dunnata. Danma banna danawa 😉

  70. thx wewa bro

  71. meka nam balan indala… passe barima thana baala baluwa!!!!

  72. 293mb copiyak dunnata hugak thanks.

  73. හොදයි කියල හිතනවා,බලමු

  74. niyamai machan………

  75. meka baluwa.. patta..

  76. math baluwa..patta comedy.

  77. patta tnx a lot

  78. Meka baluwa…

error: Alert: Content is protected !!