Wednesday , May 25 2022
Breaking News

The King’s Man (2021) Sinhala Subtitles | නිමා නොවන යුද්ධය.. [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 48 votes.
Please wait...


“සිරිත් විරිත්, හොද මිනිහෙක්ව නිර්මාණය කරනවා”

මේ කතාව අහලා නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. මොකද මේ වාක්‍ය කොටස කියූ පමණින්ම මොන චිත්‍රපටයටද අදාල වෙන්නෙ කියලා බහුතරය දන්නවා ඇති.

මාවල් කොමික් යටතේ තියෙන තවත් ආයතනයක් තමයි Icon Comics (අයිකන් කොමික්) කියන්නෙ. ඉතිං මේ යටතේ නිර්මාණය වුන කොමික් පෙලක් තමයි Kingsman කියන්නෙ. Mark Millar යටතේ රචනයත් හා Dave Gibbons යටතේ සිතුවමට නැගීමත් සිදු වෙච්ච මේ කොමික් පෙල ඇසුරින් මුලින්ම සජීවී ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ 2014 වසරේදී. ඒ Kingsman: The Secret Service චිත්‍රපටය නිකුත් කිරීමත් සමග. ඉතිං පළමු චිත්‍රපටය ලබන සාර්ථකත්වය මතම මුල් චිත්‍රපටයෙ කතාවට සම්බන්ධ වන විදිහට දෙවැනි කොටසක්ද නිර්මාණය වෙලා 2017 වාසරේදී Kingsman: The Golden Circle චිත්‍රපටය නිකුත් වෙන්නෙ අඩුත් නැති, වැඩිත් නැති බොක්ස් ඔෆිස් ආදායමක් උපයමින්. මේ චිත්‍රපට දෙකම නිර්මාණය වුනෙ 20th Century Studios ආයතනය තමන්ගෙ කියලා තීන්දු තීරණ තනියම ගත්ත කාලෙක. මේ කාලේ චිත්‍රපටයෙ නිර්මාණකරුවන් වගේම ස්ටුඩියෝව දැඩි තිරණයක ඉන්නවා කිංග්ස්මන් චිත්‍රපටය තවත් දීර්ඝ කරන්න. ඒ මෙතෙක් නිර්මාණය වුන චිත්‍රපට දෙකට පෙර සිදුවීම් පාදක කරගෙන The King’s Man චිත්‍රපටය නිර්මාණය කරමින් වගේම කිංග්ස්මන් සිනමා විශ්වය නිමාවට පත් කරන තවත් එක චිත්‍රපටයක් වගේම කතාමාලාවක්ද නිර්මාණය කරමින්.

කොරෝනා වසංගතය නිසා වගේම ඩිස්නි ආයතනය එයාලා යටතේ තියෙන මාවල් ඇතුළු චිත්‍රපට නිකුත් කරන්න වැඩි ඉඩකඩක් ලබාදෙන්න හිතාගෙන The King’s Man චිත්‍රපටය අට වතාවක්ම කල් ගිහිල්ලා, සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ කලාට පස්සෙ දවස් 45කට සීමා කරලා තමයි නිකුත් වෙලා මේ විදිහට වෙබ් පිටපත් අරගෙන එන්න පුලුවන් මට්ටමට අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නෙ.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ වතාවේ කතාවට පාදක වෙන්නෙ 1902 වසර කාලයෙන්. ප්‍රධාන වශයෙන් කතාවෙන්නෙ ලෝකය පාලනය කරපු ප්‍රධාන පෙලෙහි චරිත එකිනෙකාව කොටවලා, යුද්ධයට තිත තබන එක වලක්වන්න උත්සහ කරපු තවත් දෙපිටිකාට්ටු කණඩායමක් හා ඒ අයව නවත්තන්න ගොඩනැගිලා පෙරමුණ ගත්ත පුංචි කණ්ඩායමක් ගැනයි. මේ පුංචි කණ්ඩායමේ එකතුවෙන් තමයි මුල් චිත්‍රපට දෙක පුරාවටම දැකපු කිංග්ස්මන් රහස් ඔත්තුකරුවන්ගෙ ගමනට මග එහෙමත් පෑදෙන්නෙ.

සුපුරුදු කිංග්ස්මන් සිනමා රචක වගේම අධ්‍යක්ෂක Matthew Vaughn යටතේම නිර්මාණය වුන මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2021 වසරේ දෙසැම්බර් 22’වැනිදා. ප්‍රධාන රංගනයෙන් Ralph Fiennes, Gemma Arterton, Rhys Ifans, Matthew Goode, Tom Hollander, Harris Dickinson, Daniel Brühl, Djimon Hounsou, Charles Dance සම්බන්ධ වෙන මේ චිත්‍රපටයෙ සංගීත රචනයට මුල් කිංග්ස්මන් චිත්‍රපට පුරාවට සංගීත නිර්මාණය කල Matthew Margeson වගේම How to Train Your Dragon, Peter Rabbit වැනි ආදරයට ලක් වෙච්ච සිනමා නිර්මාණ වෙනුවෙන් සංගීත නිර්මාණයෙන් දායකත්වය ලබාදුන් Dominic Lewis පවා මේ වතාවේ සහය සංගීත රචකයෙකු ලෙසින් සම්බන්ධ වෙලා තියෙනවා.

ඇ.ඩො.මි. 100ක පිරිවැයකින් නිර්මාණය වුන මේ චිත්‍රපටයට මේ වෙද්දී ඇ.ඩො.මි. 114.4ක මුදලක් විතරයි උපයාගන්න හැකියාව ලැබිලා තියෙන්නෙ. ඒ මෙතෙක් නිර්මාණය වූ අසාර්ථකම කිංග්ස්මන් චිත්‍රපටය විදිහට සටහන් වෙමින්. මේ වෙද්දී චිත්‍රපටය IMDb දර්ශකයෙ 6.7ක අගයක් වගේම Rotten Tomatoes වල 42%ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා.

රහස් ඔත්තුකරුවන්ගෙ අනාගතය

කලින් කිව්වනෙ තවත් එක චිත්‍රපටයක් වගේම කතාමාලාවක්ද නිර්මාණය වෙනවා කියලා. ඒ ගැනත් පුංචි තොරතුරු ටිකක් දීලම ලිපිය අවසන් කරන්නම්.

— Kingsman 3

මුල් කිංග්ස්මන් චිත්‍රපට දෙකෙහි කතාවට අදාල තුන්වන චිත්‍රපටය විදිහට තමයි ‘Kingsman: The Blue Blood’ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. 2023 වසරේ නිකුත් කිරීම වෙනුවෙන් මේ චිත්‍රපටයට අදාල රූගතකිරීම් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතයි.

— Television

Kingsman: The Golden Circle චිත්‍රපටය හරහා හදුන්වා දුන්න ඇමරිකානු රහස් නියෝජිතවරුන්ගෙ සංවිධානයක් වන ‘ස්ටේට්මන්ලා’ පාදක කරගෙන තමයි මේ කතාමාලාව නිර්මාණය වෙන්නෙ. කොටස් අටකින් සමන්විත වන මේ කතාමාලාව තවමත් තියෙන්නෙ මූලික නිර්මාණ කටයුතුවල නිසා ඉදිරිය කොහොම වෙයිද කියන්න අමාරුයි.

එහෙමනම් ඉතිං චිත්‍රපටය බලපු නැති හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. සුභ සතිඅන්තයක් හැමෝටම.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

හයිකියු!! [S01 : E20] Sinhala Subtitles | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි [සිංහල උපසිරසි]

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. බොහොම ස්තූතියි සහෝ……

  3. Thans sub ekata,. Jayawewa

  4. Thank you

  5. Thanks for Sub!

  6. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

  7. Kavishka Lakmak

    සුපිරියක් සගො.එලම.thanks❤️❤️

  8. jaya wewa…..

  9. WHY THE LINK IN MOVEI IS NOT DOWNLOAD……?

  10. Thanks bro..

  11. මරු ෆිල්ම් එක බන්..
    මට නම් මාර සෙට්..
    සබට තුති ආ..
    ලෙසටම තිබුනා!

    • 11 වසරෙ ලෝකෙ යුද්දෙ පාඩමින් පළවෙනි ලෝක යුද්ධෙ ගැන ඕ ලෙවල් වලට ඇහුවොත් මේක ලියවෙයි ද දන් නැහැ!

      _______________________________________________

      •°•`•දුලක්ෂ සම්පත්•°•°•

  12. thanks ………………………

  13. Tnx bro.Great job.

  14. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  15. we are always with you biscopelk.

  16. Sub ekata thanx

  17. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  18. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  19. Thank you

  20. උපසිරසියට තුති

  21. බොහොම ස්තුතියි සබ් එකට….

  22. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  23. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  24. Thanx bro………..

  25. උපසිරසියට බොහෝම ස්තූතියි

  26. Thanx machn sub ekata

  27. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  28. Thanks, Sub ekata. MANIFEST TV sires ekata sub dennko

  29. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  30. Love and Leashes (2022 ‧ Rom-com) Movie එකට Subtitles දෙන්නකෝ…

  31. සබට තුති, ජය ❤️

  32. ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  33. Thank you bosa

  34. 355
    Nightmare Alley
    Clean

    sub plz

  35. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  36. Ravindu Rukshan

    thanks

  37. Sub akta thanks

  38. යුරාන් ධනුක (දනුවා)

    Thank you very much Bro

  39. ko torrnt link eka nene anith site eke

  40. bohoma sthuthiyi upasiresiyata…

error: Alert: Content is protected !!