Monday , June 5 2023

The Kitchen (2019) Sinhala Subtitles | මේක දැන් ගෑණුන්ගේ වැයික්කිය..!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.0/10. From 29 votes.
Please wait...

බාරගත්ත චිත්‍රපටයක හිතපු නැති වෙලේක නිකුත් වුන වීඩියෝ පිටතක උපසිරැසියක් අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. හරිහමං කොපියක්වත් නැතිව එක සැරේම තමයි මේකෙ බ්ලුරේ පිටපතක් නිකුත් වුණේ. බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණු මේ වගේ චිත්‍රපටයක මේ තරම් ඉක්මණට හොද පිටපත් නිකුත් වෙච්ච එක ඒ හැටි පුදුමත් නෑ ඉතින්. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකෙ නම බැලු බැල්මට කවරෙන් නම් මනින්න යන්න එපා. මොකද “The Kitchen” කියලා තිබුනට මේක ගෑණු තුන්දෙනෙක් කෑම උයන පිහන කතාවක් නම් නෙවෙයි ඈ. එහෙම හිතන කෙනෙක් ඉන්නවනම් පහල තියෙන ට්‍රේලර් බට්න් එක ක්ලික් කරලා සිංහල උපසිරැසි ගැන්වු ට්‍රේලර් එක මුලින්ම බලලා හිටියා නම් හොදයි මේ ලිපිය කියවලා ඉවර උනාට පස්සේ.

ඔයා කොමික් ෆිල්ම් වලට විතරක් සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි නම් හොදාකාරවම දන්නවා ඇති කොමික් කිව්වම ලොකු පරාසයක් පුරාවටම මේක විහිදෙනවා කියලා. මං හෙල්බෝයි චරිතේ ගැන මංසලේ ලිපියක කිව්වා වගේ බොහෝ දෙනා කොමික් කිව්වම දන්නේ නිතරම මරාගන්න සුපිරි වීර ඩිසි හා මාවල් කොමික් චිත්‍රපට ගැන. හැබැයි මේ මං කියන ඒවා සුපිරි වීර වර්ගීකරණය ආවරණය නොවුනත් අමුතුම රසයකට මේ කොමික් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා බලන The Walking Dead කතාමාලාව නිර්මාණය වෙන්න පදනම් වුන Image Comics වගේ. Riverdale කතාමාලාව නිර්මාණය වෙන්න පදනම් වෙච්ච Archie Comics වගේ. තව නම් උදාහරණ දෙන්න යන්නේ නැහැ මොකද කියන්න ගියොත් දඩාර ලිස්ට් එකක් හැදෙනවා. මට කියන්න ඕන වුන කාරණාව තමයි මේවායේ තියෙන විවිධාංගීකරණය වෙච්ච අමුතුම රසවින්දනයයි. ඉතින් අද අරන් ආව චිත්‍රපටයත් මේ වගේම අමුතුම රසයක් තියෙන කොමික් චිත්‍රපටයක් කිව්වොත් පිළිගන්නවාද?

Vertigo Comics

1993 වසරේදී ප්‍රකාශනය ආරම්භ වෙච්ච DC Comics යටතේම මුද්‍රණය කෙරෙන තවත් කොමික් වර්ගයක් තමයි “Vertigo” කියන්නේ. වර්ටිගෝවල  Karen Berger තමයි ප්‍රාරම්භක විදිහට සැලකෙන්නේ. ඕනම පොඩි ළමයෙක්ට කියවන්න පුලුවන් කොමික් වලින් වෙනස් විදිහට තමයි වර්ටිගෝ නිර්මාණය වෙන්නේ. නිතරම වගේ මේ කොමික් වලින් වුනත් ඉලක්ක කලේ වැඩිහිටි පරම්පරාවයි. මොකද කිව්වොත් මේ කොමික්වල වැඩිපුර ග්‍රැෆික් හෝ වැඩිහිටියන්ට ගැලපෙන විදිහට දේවල් ඇතුලත් වෙනවාමයි. ඒ කිව්වේ ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය, ලිංගිකතාව, නිරුවත පෙන්නීම වගේ හුගාක් දේවල් අන්තර්ගත වෙනවා. හරියට ඔය ගොල්ලෝ R-rated චිත්‍රපට, කතාමාලා වලින් දකින්න ලැබෙන විදිහේ දේවල් තමයි කොමික් කතා වලින් නිකුත් කලේ. මුල් කාලේ හොරර්, ෆැන්ටසි වගේ වර්ගීකරණ යටතේ තමයි නිකුත් කලේ. ඊටපස්සෙ අපරාධ, සමාජ විවරණ, විචාරාත්මක ප්‍රබන්ධ, ජීවීත කතා වගේ වර්ගීකරණ වලටත් ආරම්භයක් ගත්තේ. වර්ටිගෝ කොමික් යටතේ නිර්මාණය වෙච්ච බොහොමයක් උප-මුද්‍රණ වගේම වර්ගීකරණ තියෙනවා. ඒවා තමයි,

  • Vertigo Visions
  • Vertigo Voices
  • Vertigo Vérité
  • V2K
  • Vertigo Pop!
  • Vertigo X Vertigo Crime

ඔය විදිහට නිර්මාණය වුන කොමික් තුලින් පසුකාලීනව Vertigo Comics ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපට විදිහට Constantine (2005), A History of Violence (2005), V for Vendetta (2005), The Fountain (2006), Stardust (2007) හා The Losers (2010) සලකන්න පුලුවන්. ඒවගේම රුපවාහිනී කාතාමාලා විදිහට Constantine, iZombie, Lucifer, හා Preacher වගේ නිර්මාණත් වර්ටිගෝ කොමික් ඇසුරින් නිර්මාණය වෙලා තියෙනවා. 

වර්ටිගෝ කොමික්වල අනාගතය

  • වර්ටිගෝ කොමික් රසිකයන් ලොකු කණගාටුවකට පත්වෙන විදිහේ නිවේදනයක් DC Comics සමාගම විසින් 2019 ජුනි 22’වැනිදා කලා. ඒ DC Vertigo, DC Zoom ගා DC Ink වැනි මුද්‍රණ ඉදිරි වසර තුලදී නවතා දමා නැවත වර්ගීකරණයක් කරන්න හදනවා කියලා. මේ සම්බන්ධ සම්පුර්ණ විස්තරය මෙතැනින්.
  • 2019 ජූලි 01’වැනිදා Netflix සමාගම නිවේදනය කලා වර්ටිගෝ කොමික් ඇසුරින් “Sandman” පදනම් වූ කතාමාලාවක් නිර්මාණය කරනවා කියලා. මේ සම්බන්ධ සම්පුර්ණ විස්තරය මෙතැනින්

The Kitchen –  Vertigo Comics  

මීට වසර හතරකට කලින් වර්ටිගෝ කොමික් යටතේ නිර්මාණය වුන කොමික් පෙළක් තමයි “The Kitchen” කියන්නෙ. 2015 ජනවාරි මාසයේදී Shelly Bond සංස්කාරක විදිහටත්, Becky Cloonan විසින් සිතුවමට නැගීමත් එක්ක The Kitchen පළමු මුද්‍රණය නිකුත් වෙලා තියෙනවා. 1970 කාලයේ හෙල්ස් කිචන් වටා නිර්මාණය වුනු මේ අපූරු කතාවේ මේ වෙද්දී මුද්‍රණ අටක් දක්වා නිකුත් වෙලා තියෙනවා. 

     – 1970 තුලදී නිකුත් වූ මුල්ම “The Kitchen” කොමික් කලාපය –

 

The Kitchen Movie (2019)

2017 වසරේ නිකුත් වූ Sleepless නම් සිනමාපටයෙ චිත්‍රපට රචනයෙන් එක් වූ Andrea Berloff අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය 2019 අගෝස්තු 09’වැනිදා තමයි නිකුත් වෙන්නෙ. ප්‍රධාන චරිත සදහා Melissa McCarthy, Tiffany Haddish, හා Elisabeth Moss යන තිදෙනා රංගනයෙන් එක්ව තිබෙනවා. Action, Crime, Drama  කියන වර්ගීකරණ යටතේ තමයි මේ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නෙ. 

කොමික් ගැන කියද්දී සදහන් කලා වගේම 1970 කාලේ හෙල්ස්කිචන්වල හිටිය අයර්ලන්ත අපරාධකරුවන් තුන්දෙනෙක්ට දවසක්දා මේ අය කරපු මුදල් මංකොල්ලයක් වරදිනවා FBI එකේ මැදිහත් වීමක් නිසා. අත්අඩංගුවට පත්වෙන මේ අපරාධකරුවන් තුන්දෙනාට උසාවි නියෝගය මත වසර තුනක සිර දණ්ඩනය නියම වෙනවා. තමන්ගේ මහත්තුරු ටික හිරේ ගියාට පස්සෙ මේ තුන්දෙනාගේ බිරින්දෑවරුන්ට සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්දවෙනවා තවදුරටත් තමන්ට යැපෙන්න කෙනෙක් නැති නිසා. ගෙවල් කුලී ගෙවාගන්න බැහැ, හරියට කන්න බොන්න නැහැ, ඒ මදිවට එක් කෙනෙක්ට ළමයි දෙන්නෙක් ඉන්නවා. කොටින්ම මේ තුන්දෙනාට රස්සාවක් අරගන්නවත් බැරි තත්වයක් තියෙන්නෙ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකුත් එක්ක මේ අය හරිම අපූරු තීරණයක් ගන්නවා. ඒ මොකක්ද කියලා පැයකුත් විනාඩි 42 කුත් පුරාවට මේ චිත්‍රපටය නරඹලාම රසවිදින්න පුලුවන්කම තියෙද්දී මම කියන්න යන්නේ නැහැ ඒ මොකක්ද කියලා නම්.   

එහෙනම් ඉතින් කැමති අයට නරඹලා රස විදින්න කියන ගමන් මම අදට සමුගන්නවා. ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Review Overview

0

User Rating: 4.61 ( 86 votes)

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

39 comments

  1. රිශාන්ත

    Thanx chamara bro

  2. malithmadhushan45

    චාමර අයියේ බොහොම ස්තුතියි සබ් එකට

  3. Watchmen එකෙන් සෙට් උනේ..තව ටිකෙන් මිස් වෙනව..සබට බොහොම ස්තූතියි සහෝ

  4. thanks..

  5. Farmchemie_Roshan

    Sub ekata thanks bro.jaya wewa!!!

  6. Thanks ……………good luck …………..

  7. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  8. muchas grasias por subtitulo……

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Thanxx broooo……………..

  11. ස්තූතියි සහෝ

  12. Thank you….!

  13. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  14. thank you for the subtitle.

  15. Good work friend, Thanks for sub.!

  16. Thnks bro sub ekata

  17. Udara Damith Dissanayaka

    elaaaaaaaaa…………………………

  18. Pattaaaaaaaaaaaaa

  19. Thanks for the sub!!!!!!!!!!

  20. බොහොම ස්තූතියි සහෝ

  21. Thanks bro….

  22. chinthaka_priyadrshana

    Thank u very much

  23. Thanks for Sub!

  24. Thanks jayawewa…..!

  25. Good letter about comic..very useful.Thanks Chamara,,,,

  26. Thanks for sub

  27. පට්ට බං සහෝ…..ස්තුතියි මචෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….

  28. arawindasunimal

    thanks sub ekata – jayawewa……………

  29. thanks bro

  30. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    Download කරලා තිබ්බේ සබ් එක දෙනකම්…
    ඉක්මනටම සබ් එක දීලා…

  31. Ravindu Rukshan

    තැන්ක්ස්

  32. bohoma sthuthi sahoo

  33. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට 🙂

  34. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

error: Alert: Content is protected !!