Wednesday , September 23 2020
Breaking News

The Last Lions (2011) with Sinhala Subtitles | පෘථිවියේ සිටින අවසාන සිංහයින් [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

The Last Lions (2011)

කාලෙකින් බලපු පට්ටම Documentary එකක්. සිංහයින්ගේ කතාවක්. ලෝකයේ ජීවත් වන අවසාන සිංහයින්ගේ කතාව. කතා නායිකාව වෙන්නේ  Madi Tau(මඩි ටාවු) කියන සිංහ ධේනුව. බොට්ස්වානාවේ තියෙන ඩුබා කියන දූපතේ (Duba Island) වාසය කරන ඇයට හා ඇගේ සහකරුවාට වෙනත් භූමියකින් පැමිණ තවත් සිංහ රැලක් පහර දෙනවා. මේ ආක්‍රමණයෙන්  Madi Tau ට හා ඇගේ දරුවන් තිදෙනාට බේරීමට හැකි වුවත් ඇයගේ පිරිමි සිංහයාට බේරෙන්නට පුලුවන් වෙන්නේ නෑ. ඇයට ඉන්‍ෙදිවි ගලවා ගැනීමට හැකි වුවත් තමා හා දරු තිදෙනා හොයා මරා දමන තුරු විජයග්‍රාහී සිංහයන් නවතින්නේ නෑ කියලා ඇය දන්නවා. ඉතින් ඇය ඩුබාදූපතේ ඈතින් ඈතට තම පැටවුන් සමඟ ගමන් කරනවා. මේ යන ගමනේදී ඉදිරියට හමුවන දැවැන්ත කිඹුලන් ගෙන් හා රංචු පිටින් සැරි සරන අති විශාල ගවයන් ගෙන් මොවුන්ට බේරීමට හැකි වේවිද? සිංහ පැටවුන් තිදෙනාම දිවි ගලවා ගනීවිද? තම භූමිය අල්ලා ගත් සිංහයන් නැවතත් තමා පසු පස නොඒවි යැයි සහතිකයක් තිබේද?

2011 නිපදවපු National Geographic’s wildlife Adventure Movie එකක්. මොනව උනත් ගොඩක් මහන්සි වෙලා දිවා රෑනොබලා රූගත කරපු දර්ශන පෙලක් තමා තියෙන්නේ. ඒ මහන්සියේ වටිනාකමට හරියන්න දැනට IMDB දර්ශකයේ 8.4 ක් වගේ ඉහල අගයකටත්, Rotten Tomatoesදර්ශකයේ 87%ක ප්‍රතිශතයකටත්  හිමිකම් කියන මේ වාර්තාමය චිත්‍රපටය Dereck Joubert ගේ අධ්‍යක්ෂණයක්. මිනිත්තු 108ක් පුරා දිග හැරෙන සුපිරිම වාර්තාමය චිත්‍රපටියක්. බැලුවෙ නැත්නම් වැඩක් නෑ. අති හරින්නේ නැතුව අනිවා බලන්නම කියලා යෝජනා කරනවා. ජය වේවා!

සිංහයින් ගැන පූර්විකාවක් –
අවුරුදු 50කට කලින් අප්‍රිකාවේ සිංහයින් 450,000 ක් පමණ ජීවත් වුනා. නමුත් අද වෙද්දී ඒ ගණන 20,000කටත් අඩුයි. ඒ විසි දහසෙන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ බොට්ස්වානාවේ ඔකවැන්ගෝ ඩෙල්ටාවේ (In the middle of the Okavango delta) මැදට වෙන්නට පිහිටා ඇති ඩුබා (Duba Island)නම් වූ හුදකලා පාඵකරයේ. ඉතින් මේ අප්‍රිකාවේ දුර ඈත අඳුරු අහු මුඵ කියන්නේ විවිධාකාරයේ අපූරු නාට්‍ය රඟ දැක්වෙන රංග භූමියක්. තව වසර 15 කින් ලෝකයේ ජනගහණය බිලියන 8ක් වේවි. අපේ ලෝකයේ වගේ අපිරිසිදු තැනක් බවට මිනිසුන් විසින් මේ නොඉඳුල් වනාන්තරයත් පත්කලොත් මොකද වෙන්නේ. ඉතින් මේ අවසාන සිංහයින් විසි දහස නොමැරී ඉඳී කියලා කොහොමද කියන්නේ? සිංහයෝ කියන්නේ පෘථිවියේ තියෙන එක්තරා මුද්‍රාවක් (Iconic Animals). ඔවුන් නැති ලෝකයක් ගැන හිතන්න පුලුවන්ද? මේ තමයි පෘථිවියේ ඉන්න අවසන් සිංහයන්ගේ කතාව. දත් සහ නිය වලින් ජීවිත අරගලය ගෙනියන සිංහයින්ගේ වෘතාන්තයයි මේ.

The Last Lions (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Last.Lions.2011.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Thank u Damith brother & Baiscope team for the sub,love it very much. all the besst to baiscope team……

  2. thnks,jayenjaya & elapin browwwwwww

  3. mona tharam udara widiyata hitiyath, raja karagena hitiyath, dawasaka onema kenekuta asarana wenna wenawa. lionsla kiyala wenas wenne nehe. lassana document ekak! hemotama balanna watinwa! thanks Damith!

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. බොහොමත්ම ස්තුතියි සබ් ඒකට… මේක නියම චිත්‍රපටියක්…

  6. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  7. niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith B/K

    …..මිනිස්සුන්ගේ වැඩ නිසා නෙ මෙහෙම වෙන්නේ මිනිස්සු හිතන්නේ එයාල විතරයි ජීවත්වෙන්ඩ ඕනි කියලා
    එනිසනේ කැලෑ කපන්නේ සත්තු මැරෙන්නේ
    මෙහෙම ගියොත් සත්තු ඔක්කොම වදවෙලම යයි
    ZOO ටීවී සීරියස් එකේ වගේ උනානම් තමයි මිනිස්සුන්ට කෙලවිලා යන්නේ

  9. The rundown 2003
    මෙකට සබ් එකක් දාන්නකො සහෝ ඇයි දන් නෑ මෙච්චර ෆිල්ම් දෙනව මෙවගෙ සුපිරි ෆිල්ම් වලට සබ් නැත්තෙ උපසිරැසි ගන්වල නෑ කවුරුත් me ganat balanna saho

  10. සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  12. Thanks for the Subtitle…!
    අනේ Please i am Bolt එකට Subtitle කරන්ඩකෝ

error: Alert: Content is protected !!