You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / All / The Last Song (2010) | පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ….[සිංහල උපසිරසි සමඟ]

The Last Song (2010) | පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ….[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

The Last Song (2010)
“Everybody needs inspiration. Everybody needs a song. A beautiful melody when the night’s so long…. “

ඔන්න එහෙනම් මම ආදර කතා සමුහයකට අත ගැහුවා. මේ කතා සමුහයට මම අතගහන්න ලොකු හේතුවක් තියනවා. ඒ හේතු ඉතින් හොද දවසක හොදම වෙලාවක කියන්නම්කො හරිය. ඒ වගේම අපේ අය ගොඩක් දෙනෙක් අසාවෙයි කියලා හිතනවා මේ කථාවන්ට. මොකද මේ කථාවල අයිතිකාරයා එසේ මෙසේ කෙනෙක් නෙමේ එයා තමයි නිකලස් ස්පාක්ස්. පොතේ ගුරා අයියා “මම කියනවටවත් බලන්න කියලා” ලිපි ශීර්ෂයක් යටතේ A Walk to Remember (2002) කියලා සිනමාපටයක් ඔයාලට දීලා තියනවා. ඔයා ඒ සිනමාපටය නරබුවානම් ඒ කියපු දේ අහලා මේ කෙනා ගැන අනිවාර්යෙන්ම ඔයාලා දැනටමත් හොදට දන්නවා. එයාගේ නවකථා ගැනත් ඊට වඩා දන්නවා. 1965 දෙසැම්බර් මස 31වන දින උපන් නිකලස් චාල්ස් ස්පාක්ස් විසින් දැනට ලියා පළකර ඇති නවකථාවන් ගණන දහ-අටක් වෙනවා. මොහුගේ පළමු නවකතාව උණේ 1996 දී ලියන ලද “The Notebook” යන කෘතියයි. මම පළවෙනියෙන්ම කියවපු ඉංග්‍රීසි නවකතාව තමයි ඒක 🙂 ඉතින් ඒ කෘතියෙන් මොහු ලොව පුරා ජනප්‍රියත්වයට පත් ලේඛකයෙක් උණා. මොහුගේ දැනට පළවී ඇති කෘතීන් වනුයේ..

  • The Notebook (1996)
  • Message in a Bottle (1998)
  • A Walk to Remember (1999)
  • The Rescue (2000)
  • A Bend in the Road (2001)
  • Nights in Rodanthe (2002)
  • The Guardian (2003)
  • The Wedding (2003)
  • Three Weeks with My Brother (2004)
  • True Believer (2005)
  • At First Sight (2005)
  • Dear John (2006)
  • The Choice (2007)
  • The Lucky One (2008)
  • The Last Song (2009)
  • Safe Haven (2010)
  • The Best of Me (2011)
  • The Longest Ride (2013)

මෙම කෘතීන් අතුරින් මේ වනවිට සිනමාවට නැගී ඇති කෘතීන් පහත දැක්වේ

Message in a Bottle (1999)
A Walk to Remember (2002)
The Notebook (2004)
Nights in Rodanthe (2008)
Dear John (2010)
The Last Song (2010)
The Lucky One ( 2012)
Safe Haven (2013)

ඉහත සදහන් කල නවකථා අතුරින් “The Best of Me” යන නවකතාව 2014 ඔක්තොම්බර් මස 17 දිනත්. මේ වසරේදී (2013) පළකළ “The Longest Ride” යන කෘතිය 2015 පෙබරවාරි මසදිත් සිනමා රසිකයින් වෙත එම නම් වලින්ම ප්‍රේක්ෂක සිත් ඇදගන්නා රෝමාන්තික සිනමාපට ලෙසින් නිකුත් කිරීමට සුදානමින් සිටින බවයි සදහන් වෙන්නේ. ඉතින් මම දෙවනියට සදහන් කරලා තියන සිනමාපටවලින් වලින් මේ වෙනකොට Safe Haven (2013), The Lucky One (2012), Dear John (2010), A Walk to Remember (2002), යන සිනමාපටවලට ඔයාලට උපසිරසි ලැබිලා තියනවා. ඉතින් මගේ මේ වෑයම ඉතුරු ටිකත් සම්පුර්ණ කරලා දීලා ඔයාලට ලස්සනම ලස්සන ආදර කතා ටිකක් බලන්න ඉඩ ලබාදෙන්නයි.

මේ හැම සිනමා පටයකටම අපේ රොයිලි අයියා ලස්සන ලිපි ටිකක් ලියලා තියන නිසාවෙන් මට ඒ හැටි මහන්සියක් වෙන්න ඕනා නැහැ ලිපි ලියන්නනම්, එත් අද ලිපියේ රොයිලි අයියා ලියලා තියන එක දෙකට මම පෝ…ඩ්ඩක් විතර විරුද්ධ වෙනවා. මේකේ ප්‍රධාන නිළිය ගැන පොඩි අප්‍රසාදයක් පලකරලා තියනවා. මේකේ ප්‍රධාන නිළිය වෙන්නේ පහුගිය ටිකේ කොණ්ඩේ කොටටම කපාගෙන මියුසික් වීඩියෝවක ලොකු පළිගු බෝලයක් උඩ උපන් ඇදුමින් නිරුපනයේ දීලා ලොකු පෙරළියක් කරපු Miley Cyrus කියන ගායිකවයි. ඉතින් එයා නිසාවෙන් සිනමාපටයට හානියක් වෙලා තියන බවකුයි රොයිලි අයියානම් කියන්නේ, එත් ඉතින් මම කියන්නේ එයාගෙන් වෙච්චි ඒ අඩුපාඩුව අනිත් අය නිසාවෙන් මැකිලා ගිහින් තියනවා කියලයි. කොහොම උණත් එයාගේ රංගනය යම්කිසි අධිතාත්වික බවක් තියනවා කියලා කියන දේට මම රොයිලි අයියා එක්ක එකගවෙනවා සම්පුර්ණයෙන්ම.

ඉතින් මේ කථාවත් නිකලස් ස්පාක්ස් විසින් සුපුරුදු පරිදිම රසිකයා හැගීම්බර කරවන අවසානයක් කරා අරන් ගිහින් තියනවා. ඒ වගේම මේ සිනමාපටයේ තේමා ගීතය ගායනා කරලා තියෙන්නෙත් මේ ගායිකාව විසින්මයි. When I Look At You කියලා හදුන්වන ඒ තේමා ගීතයත් බොහොම ලස්සන එකක්. ඉතින් ඔයාලා ඔය සින්දුව ඇහුවනම් Miley Cyrusට ලස්සනට සින්දු කියන්න නම් පුළුවන් කියලා පිළිගනීවි. ඒ වගේම මේකේ පෙම්වතාගේ චරිතයට පණ දෙන්නේ The Hunger Games සිනේ කතා මාලාවේ වගේම Empire State (2013), The Expendables 2 (2012), Paranoia (2013) වැනි සිනමා පටයන්ගේ රගපෑ Liam Hemsworth විසිනුයි. ඉතින් රොයිලි අයියා මේකට උපසිරසි නොදාපු එකටනම් මම බොහොම අප්‍රසාදය පල කරසිටින අතරතුර ඔයාලට ස්පාක්ස් ගැන වැඩි විස්තර දැනගන්න ඕනානම් සහ ඔයත් මේ ලේඛකයාගේ රසිකයෙක් නම් www.nicholassparks.com යන එයාගේ නිල වෙබ් අඩවියට ගිහින් බලන්න තව ගොඩක් දේවල් එයාගැන දැනගන්න පුළුවන්, එහෙමනම් යාළුවනේ ඉදිරියේදී යළිත් මුණගැහෙමු. කතාව ගැන දැනගන්න ඔහොමම රොයිලි කොලුවාගේ ලිපිය දිහාවට යොමුවෙන්නකෝ 😉

මීට කලින් පලකල ලිපිය.

Nicholas Sparks ගේ නවකතා අනුව නිපදවූ චිත්‍රපට වල අලුතින්ම නිකුත් වූ චිත්‍රපටය අද ගෙනාව.

චිත්‍රපටයේ කතාව වෙන්නෙ Veronica ‘Ronnie’ Miller හා ඇයගේ මල්ලීගේ දෙමව්පියන් දැන් සිටින්නේ වෙන් වෙලා. ඔවුන් දෙදෙනාට එය බොහොම දැනී තිබෙන දෙයක්. මව සමඟ සිටින ඔවුන් දෙදෙනා ග්‍රීෂ්ම නිවාඩුවට පියා හුදකලාව වාසය කරන මුහුදු වෙරළාසන්න නිවසට යනවා. පියා සමඟ රොනී සෑහෙන වෛරයෙන් පසුවුවත් ඇයගේ කුඩා මල්ලී නම් සිටින්නේ අප්‍රමාණ ප්‍රීතියෙන්. ඇය දක්ෂ පියානෝ වාදකයෙක් ව සිටි අතර ඇය ගේ පුහුණු කරු වන්නේ පියායි. එහෙත් පියාගේ වෙන්වීමත් සමඟ ඔහුගෙන් පළිගැනීමට මෙන් ඇය වාදනයෙන් ඈත්වී සිටිනවා. මේ අතර ඔහු එම ප්‍රදේශයේ පල්ලියේ පියානෝ වාදකයාව සිටින අතර ඔහු අතින් පල්ලිය ගිනි ගෙන විනාශ වූ බවට නගරවාසීන් විශ්වාස කරනවා.

Nicholas Sparks කතා වල බොහෝ විට ගැබ්වෙන්නේ ප්‍රේමවන්තයන් අතර ඇතිවෙන ආදරය ගැනනේ. ඒත් මේ කතාවෙ රොනී ගේ යොවුන් ආදරය ගැන කතාවීමට වඩා දෙමාපිය ආදරය ගැන වැඩිපුර කතාවෙනවා කියලා කියන්න පුළුවන්.

හ්ම්ම් ඒත් ඇත්තම කියනවනම් මම මීට වඩා හොද චිත්‍රපටයක් බලාපොරොත්තු වුනාට මේ චිත්‍රපටය මගේ බලාපොරොත්තු බිඳ දැම්මා කියන එකනම් කියන්න ඕනා. මම කලින් ලිපියකත් කිව්වා වගේ Nicholas Sparks ගේ මෙනමින් ඇති නවකතාවත් ඇත්තටම ලස්සන කියවන්න ආස හිතෙන පොතක්. කොටින්ම කියනවනම් මම මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි දාන්න හිතන් උන්නත් ඒ අදහස චිත්‍රපටය බැලුවහම අතාරියා. වැඩිපුරම ඒකට හේතුව කියලා මම හිතන්නෙ රඟපාන නිළියගේ අදක්ෂ කම කියලයි මම හිතන්නෙ. පුදුමවෙන්න දෙයකුත් නෙවෙයි IMDB ශ්‍රේණිගත කිරීම් වලත් එච්චරම හොඳ ඇගයීමක් ලැබිලා නැහැ. ඒත් Nicholas Sparks ගේ කතා වලට ආස කරන අයට බාගෙන බැලුවට පාඩුවෙන්නෙ නැහැ. මේ කතාව මෙහෙම වුනාට A walk to Remember, Message in a bottle, Dear john, Nights In Rodanthe, The Notebook කියන චිත්‍රපටනම් මම ඉහලින්ම නිර්දේශ කරනවා වගේම මගේ පෞද්ගලික චිත්‍රපට එකතුවට ආසාවෙන්ම එකතු කර ගත් ඒවා කියලත් කියන්න කැමතියි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Last Song (2010) on IMDb

 

 

500 MB (BR) කොපිය මෙතනින් බාගන්න

54ae761eb666c06a5f7ccbfedde70d520209efaa

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1B2A9D3610970357811F4FE535E86D7ACAF14A2B

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

6AAD98F7708582DDACE546B21BCB42B575B3585E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

72 comments

  1. බොහොම වටිනවා ස්තුති

  2. නිකලස් ස්පාක්ගේ කතා නොබලා කොහොම්ද… බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. Thanx saho sub ekata,.. Jayawewa,.

  4. beluwa film eka sub eka elaaa

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. ithama sanweedi,lassanama lassana, nonawathwa balanna hithena adara kathawak. kohomath Shan sub karana films lassanai. me mama belu oyage 7 weni film eka. Thanks Shan!

  7. බොහොම ස්තූතියි විමුක්ති සිංහල උපසිරැසියට 🙂 , ලස්සන චිත්‍රපටයක්…….(y)

  8. Manjula Kumara

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට 🙂

  9. “The Judge” film ekata puluwan nam sub eka denawada ?

  10. බොහොමත්ම ස්තූතියි!! ජයවේවා

  11. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  12. [b]thanx saho[/b]

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  15. nicholas sparksge anith films tikath denna.thanks

  16. උපසිරසට ගොඩක් ස්තුතියි විමා. ඔන්න මමත් අරගත්තා එහෙනම් බලන්න. ජය !!!! මගෙත් අදහස මයිලි වයිරස් නැතුව වෙන වයිරස් එකක් මේ පිලුමට ගත්තා නම් හොඳා කියලා තමයි. දැන් නම් ඒ කෙලිව පිස්සු බල්ලෙක් කාලද මන්දා හැම වෙලේම දිව එළියේ 😉

  17. සුමුදු

    මං බලපු ලස්සනම කතාවක්.
    සබ් එකත් එක්ක ආයේ බලනවා.

  18. Saman Prasad ( Black Cobra )

    thanks Vima….

  19. බොහොම ස්තූතියි විමා සහෝ සිංහල උපසිරැසියට. කවදාවත් නැතුව සෑහෙන දිග ලිපියක් ලියලා තියෙන්නේ. මටත් ටිකක් ගතු කියලා වගේ. ඔන්න එහෙනම් සබ් එකත් එක්කම බලන්න සබ් එක බාගන්නවා. ජය෴෴ 😛 😛

  20. Thanks saho…Film aka balala wisthara Kiyannam

  21. “Notebook” ekatai “10 things i hate about you” ekatai sub dennako sinhala sub natiwa baluwata hariyata terum ganna amarui ! 🙁
    mekata sub dunnata dahas warayak stuti!!!! @-}–

  22. kolla idALA IDALA NIYAMA vadakata atha gahalaa…..elazz bnn…mn meka baluvaa…pattamA FILM EKA…..ayeth blnvaa onn oyage sub ekath ekkaaa……thankss sub ekatahh sahooo

  23. දිල්ෂාන් කාලිංග

    පට්ට ෆිල්ම් එකක්…මමත් බලලා තියනවා.ඒත් ඉතින් අපේ වීමා කරපු සබත් එක්ක බැලුවට අවුලක් වෙන්නේ නෑනේ.ඔන්‍න‍ ඒ නිසා සබ ගන්නවා.
    එල එල වීමෝ.

  24. Kulanjana Maduranga

    mmath me film 1 nm baluwa.patta film 1.sub dunnata VIMA sahota thanks.jaya wewa…. Roily Aiyatath thanks. VIMA saho ara kewa hethu manada dn na ne?????

  25. මට ඔයාට ස්තුති කරන්න වචන නෑ ‘විමා’! ‘ස්පාර්ක්ස්’ගේ කතා වලට ඔයා තරම්ම මමත් ආසයි, එයාගේ පොත් ඇසුරින් නිර්මාණය වුන සිනමා කෘති කිහිපයක් සයිට් එකේ පළවුනා, ඒවා බලද්දී අවසානය වෙනකන්ම හරිම ආසාවකින් බලන් හිටියේ. මේ සිනමා කෘතියත් පුදුම ලස්සනක් තියන එකක්. මම බොහොම ආසාවෙන් හිටියේ ‘ message in a bottle’ එකටත් උපසිරසක් දෙනකන්. ඔයාගේ ඊළඟ එක සමහර විට ඒක වෙයිද දන්නේ නෑ! බොහොම ස්තුතියි සහෝ මේ ලබා දුන් උපසිරසියටත්, ඒ වගේම අනිත් ඒවාට දාන්න තීරණය කළාටත්. මේ කරන උත්සාහය සාර්ථක වෙන්න කියලා මම පතනවා!
    ජය! ( අර කියපු ‘ඒ හේතු’ මොනවද දන්නේ නෑ නේද)

    • අමතක වුනානේ, රොයිලි අයියාටත් විශේෂ ස්තුතියක් හිමිවිය යුතුයි!
      මේ ගැන ලස්සන ලිපියක් පල කල රොයිලි සහෝටත් බොහොම ස්තුතියි!

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වැඩේ කියන්නේ බං, උබල ඔයතරම් කිව්වට මමනම් මේ ස්පාක්ස් ගේ එකම නවකතාවක්වත් කියවලත් නැහැ (කියවන්න ඉතින් අන්ගිරිසි දැනගන්න එපයි) බලල තියෙන්නේ වොල්ක් ටු රිමෙම්බර් කියන ෆිල්ම් එක විතරයි..ඒකනම් මැක්සා…
    දැන් ඉතින් මේ ටික උබ දෙන ඒකෙ ඔක්කොම ටික බලන්නයි කල්පනාව..
    බාන්න දාලයි මේ කොමන්ටුව දාන්නේ..ලකී වන් එකනම් මයේ ගාව තිබිලත් බැලුවේ නැහැ, ඩියර් ජෝන් ගන්න හැදුවා රොයිලි අයියා දුන්නු නිසා ඒත් ලින්ක් එකේ අවුලක් නිසා ඒ දවස් වල ඒකත් ගන්න උනේ නැහැ…සේෆ් හෙවන් එකත් ගත්තා වගේ මතකයි, ඒත් හොයන්න ඕනේ..
    එහෙනම් ඒ ටික මම හිමින් සැරේ ගන්නම්, උබ දැනට නොදීපු ටිකට හනිකට දීහන් හොදේ…
    ජය වේවා..

  27. අම්මෝ, වීමා කොල්ලා සම්භාවනීය ෆිල්ම් එකකටනේ සබ දීලා තියෙන්නේ.
    සන්තෝසයි ආහ්. 🙂
    තව දෙයක් කියන්න තියෙනවා, මේ නෝට් බුක් ෆිල්ම් එකට උඹේ සබ් වලින් බලන්න මාර දොළ දුකක් බන් තියෙන්නේ. අනිවා ඒකටත් කොහොමහරි දීපන්..
    තවත් ඔයා වගේ ස්පාර්ක්ගේ කථා වලට සබ් දාහන්. අපි ඉන්නවා බලන්න.
    මෙතනින් නවතිනවා. ජය වේවා!

  28. ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.

  29. “චූටී මල්ලි”

    මේකනම් කලින් බැලුවා විමෝ
    මරු කතාවක්
    සබට තුති
    ඔබට ජය……….

  30. විමා සහෝ.. උපසිරැසියට ස්තූතියි…!

    නියම කථාවක්.. බලමු චිත්‍රපටිය කොහොමද කියලා..

    ජයවේවා..!

  31. thanx….යාලු ..

  32. හර්ෂ ලහිරු

    ෆිල්ම් එකනම් තියනවා
    ජයවේවා විමා කොල්ලා 😀

  33. නියමයි විමා!

  34. නලින්

    නියමයි විමා!

    ආදර කාථාවටත් සුභ පැතුම් කොලුවෝ!

    ජය වේවා!

  35. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  36. mudiya / මුදියා

    නියමයි නියමයි වීමා.
    නියමම කතා ටිකක් තමයි දීල තියෙන්නෙ.
    Safe Haven (2013) ඇර සබ් දීපු ඉතිරි 3ම බලල තියෙනවා.
    අනිව බලන්න පටන් ගන්නව ඉතිරි ටිකත්.
    ඔක්කොටම සබ් දෙමු එහෙනම්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    • “චූටී මල්ලි”

      යකඩෝ තාම බැලුවේ නැද්ද?
      ඒක අනිවා බලන්න පට්ටම කතාව බන්

  37. pattama film akak ene thxzzz

  38. thank u very much… this is a very nice film.. i watched…

  39. මේකත් බලල නෑ.ලව් කතා….

  40. bawollll………..

  41. මන් මේක බැලුවා කලින්…මටනම් වැඩිය මේක ඇල්ලුවෙ නෑ :(..ටිකක් බොලදයි වගේ..කොහොම හරි ස්තූතිය් share කරාට.. :D.

  42. කතාව ලස්සනයි.. Miley Cirus නම් චාටර්..!!

  43. NIyamai Kiyala Hithanawa.
    Denata Dapu Okkoma Tika Hoyagena Bewa.

    Thanks MAchan… Mekatath…..

  44. Hmmm….Thankx for uploading,
    Bt den ethi kiyala nam hithenawa thamaa…:)

  45. Lovestory dana eka hodai…action digatama baluwane

  46. බාලා බලලම හොද නරක කියන්නම්… 🙂 හැබැයි දැන් බෑවට බලන්න තමා වෙලාවක් නැත්තේ ….. 🙁

  47. miley sirus dan chaa wela..naththam hannah montana eke lassanata act kala
    bala balanna ona hodada kiyala 😉

  48. bagena balmu……

  49. අනේ මන්ද එක වගේ ඒව ගොඩක් එකපාර ආවම ගතියක් නෑනේ… ඒ වුණාට බාල තියාගෙන පස්සෙ බලනව. තැංකූ රොයිලියෝ 😀

  50. aiyooooo,

    love story nethuwa wena mukuth nedda?????

  51. Thanks for film
    But dan ati wage ne…………

  52. Thanks for film
    But dan ati wage ne…………

  53. ඉදුනිල්

    ane manda ban danawada nedda??

  54. ela category ekata ayath film ekak balaporotthu wenawa
    bawe nathi unath thnx Roily

  55. මෙ film එක download කලා දවස් 3කට කලින්.. තාමත් වෙලාවක් ලැබුනෙ නෑ බලන්න.. ස්තුතියි Royli අයියා..

  56. machan action film 1k dipankoooo

  57. සිහින කුමරිය..!!!! මළ මගුල..!! මට නම් දිරවන්නෙම නැති බඩ්ඩක් Miley Cyrus ..!

  58. මමත් මේක බාලයි තිබුනෙ
    රොයිලි සහොදරයට නම් පෙම් සුවද දෑනිල වගෙයි නේ

  59. apita denna ko ela ඇක්ෂන් films tikk saho.
    me love story bala epa wela. gindara film tikka dannako.

  60. රොයිලිට love sick ද? 😀
    thanks anyway

  61. ෂෙලින්ක - කටාර්

    ඒල ඒල….
    ඔන්න ඒෙහනන් මාත් බාන්න දැම්මා….
    ස්තූතියි…

  62. ~RaසිකYa~

    අප්පෝ රොයිලි සහෝ…දැන්නම් ඇති වගේ..2010 අළුත් එකක් හින්දා නොබලත් බැ. ආදර කථා eclipse එනකන් නොබල ඉන්න තීරණය කරා. ඇක්ෂන් එකක් ‍ඕනෙ…

  63. චිත්‍රපටියේ මූලිකම චරිතයට පණපොවන්නෙ දැනට හොලිවුඩය තුල සිහින කුමරිය ලෙස හඳුන්වන ” Miley Cyrus”…..

    කොහේද මෙහෙම කියලා තියෙන්නේ… 😀

    එතකොට සිහින කුමරියොන්ට මොකද වෙන්නේ..?

    ඔයිට වඩා සිහින කුමරියෝ ඉන්නවා නේද..?

  64. twilight saga eclips දෙන්නෙ කවද්ද? සිංහල sub එක්ක දුන්නොත් හොඳයි.

  65. ඇත්තම කියනවනම් මම මීට වඩා හොද චිත්‍රපටයක් බලාපොරොත්තු වුනා මේ චිත්‍රපටය මගේ බලාපොරොත්තු බිඳ දැම්මා කියන එකනම් කියන්න ඕනා…. 🙁

  66. මේ රෝයිලියට අමු කෑවිලද බන්,,දන් දවස් තුනක්ම බදාගෙන ඉන්න චිත්‍රපටි දුන්නා!

  67. මෙන්න මේ ෆිල්ම් එකටම රොකියා සහෝත් ලිපියක් එවලා තිබුනා.

    මෙන්න මේකත් අර රොයිලි දුන්න “Nicholas Sparks ” ගේ චිත්‍රපටි ගොන්නට එකතුවෙන අලුත්ම චිත්‍රපටියක්. චිත්‍රපටිය නිකුත්වෙලා වැඩි දවසක් නැති නිසා උනු උනුවෙම ඔන්න එහෙනම් මේ ආදර චිත්‍රපටියත් ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නෙ.

    චිත්‍රපටියේ මූලිකම චරිතයට පණපොවන්නෙ දැනට හොලිවුඩය තුල සිහින කුමරිය ලෙස හඳුන්වන ” Miley Cyrus”…..

error: Alert: Content is protected !!