අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

Rating: 7.8/10. From 28 votes.
Please wait...

 

The Martian (2015)

2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ සුදානම. බොහොම හෙමිහිට ආපු ගමනක් මේක ඉතිං. මේ ගමන එනකොට අතරමගදී අතහිත දුන්නු පිරිස් බොහොමයක් ඉන්නව, අදවගේ දවසකදී ඒ අයව අමතක කරන්න හොඳ නැහැ, මුලින්ම, සොඳුරු මනුසත් කැලකට එක තැනකට එක්කාසුවෙලා ඉන්න ‘බයිස්කෝප්’ කියන සොඳුරු තෝතැන්න අපිට හදල දුන්න ඉසිර ගුණතිලක සහෝදරයා, නිල වශයෙන්ම නඩේ ගුරා වෙච්ච රොයිලි අයිය, උමේෂ් ලීලසේන සහෝදරයා, අඩවිය ආරම්භයේ පටන් මෑතක් වනතුරුම අපිත් එක්ක හිටිය මිස්ටර් ඇඩ්මින් වාසල අයියා, අඩවියේ වැඩකටයුතු වෙනුවෙන් බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන විකියා, හැම වෙලේම මඩ ගහන්න බලං ඉන්න හසන්ත අයිය මාමා 😛 , මේ වෙනකොට අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවේ ඉන්න මගේ මිත්‍රයා සමීර කරුණාරත්න සහෝදරයා. සියවැනි කඩයිම සටහන් කරන්න ෆිල්ම් එකක් නැතුව ඉන්නකොට මචං මෙහෙම ෆිල්ම් එකක් තියනවා මේක ගනින් කියල මේ ෆිල්ම් එක හොයල දුන්නු සමීර චතුරංග සහෝදරයා, මං වෙනුවෙන් ශිල්ඩ් කෝච්චියට බෙල්ල තියාපු යශෝධ ශ්‍රීමාල් කොලුවා.  පනස්වැනි උපසිරසෙදි කිවුව වගේ වයසට ගියත් බැන්දේ නැත්තම් කොල්ල කියල හිතන් ඉන්න ඕනෑම අයුරක උදව් කරන හිතාදර මිතුරා, අලුත් ඇඩ්මින්තුමා.. ආසිරි ප්‍රියන්ත(හේවා) ලොක්කා, ඒ වගේම නව ඇඩ්මින් පත්වීම් ලද අපේ අඩවියේ ඉන්න බොහොම රහට උපසිරසි කරන අයගෙන් කෙනෙක් වෙච්ච ප්‍රණීත් චින්තක මලයා, බයිස්කෝප් මංසල සාර්ථකව කරගහගෙන යන තිසර සහෝදරයා. අපි ලබාදෙන හැම උපසිරසකටම සුපිරි මුවි පෝස්ටර් එකක් නිර්මාණය කරල දෙන නලින් අයියා. ඒ වගේම හිතාදර මිතුරා කැළුම් ගුණසේකර අයියා, නුවරඑළිය පැත්තේ යනකොට මගෙන් බොහොම කරදර විදින දිනිදු අයියා, ලඟදීම ආයේ එනවා 😀 . දැන් හැංගිලා හිටියත් ඒ කාලේ අඩවියට නැතුවම බැරිවෙච්ච පුබුදු සුපුන් සහෝදරයා, (ඔන්න 93 අපෙන් උබයි සමිරයි වගේම මාත් සියය ගැහුවා කොහොමින්හරි :p ) අපේ අඩවියට එකතුවෙච්ච දවසේ ඉඳන්ම මට ඇනිමේෂන් ෆිල්ම් එකක්වත් නොදී කාටුන් අක්කා කියල නමකුත් හදාගත්තු ඕන වෙලාවක උදව්වට එන නිර්මාණි අක්ක. මචං මොකෝ අවුල, බං අර ෆිල්ම් එක මං ගන්නව උබ එහෙම ඒකට කෙල හලන්නෙ නෑ, හම්මේ බන් ගෝතම්, DC තමා හොඳම යකෝ, රියලි රියලි මෑඩ්, කාවද මතක් උනේ, පූසෙක්ව නේද? හෙහ් හේ ඔව්, අඩවියට එකතුවෙච්ච කාලේ ඉඳන්ම වගේ සෙට් වෙච්ච සමන් ප්‍රසාද් සහෝදරයා, ඉක්මනටම කෙල්ලෙක් සෙට් වේවායි පතනවා 😀 . බයිස්කෝප් අඩවියේ අයගෙන් මුලින්ම හමුවෙච්ච කෙනා  දිල්ශාන් කාලිංග සහෝදරයා, එදා කෝච්චියේදී මචං උබ නේද විමා කියල මගෙන් අහපු වෙලේ නෑ කියන්න තිබ්බෙ මට 😛 ඒ වගේම ගයාන් රූකාන්ත කොලුවා, අයියෙ ඔන්න ඔයා කැමති ටයිප් එකේ ටැමිල් ෆිල්ම් එකක් ඇවිත් කියල නිතරම වගේ මාව දැනුවත් කරන අපේ සිරාජ් මලයා, බයිස්කෝප් ඩිරෙක් ලින්ක් ෆේස්බුක් පේජ් එක කරගෙන යන අපේ සඳුන් ධනුෂ්ක සහෝදරයා. බ්ලැක් ලිස්ට් සුරේනි අක්කා, ඒ වගේම ෂෙරින් අක්ක, ඔන්න අක්ක ගෙට්ටුව දවසෙ හොරාට අරගත්තු ෆොටෝ එක එවල කියපු දේවල් උනේ නෑ 🙁 වැඩත් එක්ක හොඳටම හිරවෙලා හිටිය කාලේ වයිකිං කරල දුන්නු ගයේෂා සත්සරණී සහෝදරිය. දසන් බුද්ධික මලයා. නෝට් 3 බෘම් බෘම් කිනා (චලිඳු දේශාන්). ඒ වගේම සබ් එකක් කරන වෙලාවට ඔන්න පටන් ගත්ත ඉතිං කියල පලු යන්න බැන බැන තේ එකයි කෑම එකයි ලගටම ගෙනත් දීලා ඉක්මනට නිදාගන්න යවන්න හදන අම්මටත් බොහොම ස්තුතියි 😀 . මේ වැඩේට උනන්දුව ඇති කරවපු හැම වෙලෙම සහය දුන්නු තව කෙනෙක් හිටියා එයාටත් බොහොම ස්තුතියි.ඒ විතරක් නෙමේ විශේෂ ස්තුතිය හිමිවෙන්න ඕන තව පිරිසක් ඉන්නවා ඒ තමා “බයිස්කෝප් අඩවියට එකතුවෙච්ච කාලේ ඉඳන් මේ වෙනකම්ම අදහස් පලකරල මාව දිරිමත් කරපු ඔබ සියලුදෙනා, බොහෝම ස්තුතියි ඔයාලටත්”, කමෙන්ට් එකක් දාගෙනම උපසිරස අරගන්න සුපුරුදු මුහුණු ටිකක් ඉන්නවා ඒ අය නොවෙන්න මෙ වැඩේ නවත්තල ගොඩක් කල් මම ඇත්තටම, ඒ අයගෙ කමෙන්ට් එක ලොකු සවියක් උනා මෙච්චර දුරක් එන්න, පැය ගණනාවක් වෙහෙසී පරිවර්තනය කර ඔබලාට ලබාදෙන උපසිරසට ඔබලා විසින් වචන දෙක තුනකින් පලකරන අදහස කියවා ලබන තෘප්තිය පමණයි අපට හිමිවන්නෙ අවසනදී, එය අමිලයි. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන පනහ හැට වගේම සද්ද නැතුව උපසිරස අරගෙන ගිය අය දසදහස් ගානක් හිටිය මෙ උපසිරසි සියය අතරේ. පැය හත අටක් සමහර වෙලාවට පැය විසිහතරම එක දිගට මහන්සි වෙලා උපසිරස කරන්න අපිට කාලය සහ ආසාව තිබ්බට කමෙන්ට් එකක් දාල යන්න විනාඩියක්වත් එයාලට නැතුව ඇති මං හිතන්නේ. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන එක මදිකමක් කියල හිතෙනවද දන්නෙත් නෑ 😀 ඉතිං මට නන් අයුරින් උදව්-උපකාර කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. අද මතක් කරන්න බැරුව මගහැරුණු කෙනෙක් ඉන්නවනම් සමාවෙන්න, නැවතත් බොහොම ස්තුතියි ඔය හැම දෙනාටම, අද වෙනකම් මාත් එක්ක හිටියට. ඒ වගේම කැමති නම් ලයික් එකක් ගෙන යන්න ඔන්න ඕකටත් 😀 දැන් හැරෙමු ෆිල්ම් එක පැත්තට.

vima 100

කාල යන්ත්‍රය, අතීතයේ ඉඳන්ම මිනිසාගේ හිතේ තිබ්බ සිතුවිල්ලක් තමා කාල යන්ත්‍රය, හැමෝම හිතන්නේ තවම කාල යන්ත්‍රයක් හොයාගෙන නැහැ කියල, මිනිසා කාල යන්ත්‍රයක් හොයාගෙන බොහෝකල්. හැබැයි ඒ යන්ත්‍රය භාවිතා කරලා කාලය හරහා ගිහින් වෙනස් කරන්න පුළුවන් අනාගතේ විතරයි,  ඒ කාල යන්ත්‍රය හඳුන්වන්නෙ “විද්‍යා ප්‍රබන්ධ” යන නමින්. වර්තමානයේදී කරන්න බැරි ගොඩක් දේවල් ගැන මේ විද්‍යා ප්‍රබන්ධ වලින් කියවෙනව-කෙරෙනව, ඒ කාල යන්ත්‍රය විවිධ ස්වරූප වලින් වත්මනේදී අප ඉදිරියට පැමිණෙනව, අන්න ඒ විදියට අනාගතෙන් ආපු දෙයක් තමා මේ සිනමාපටයත්. මේක එන්නෙ 2030 වසරෙන්. නාසා ආයතනය 2030 වසරෙදි අඟහරු මතට මිනිසුන් යවන්න සැලසුම් සකස් කරමින් ඉන්නකොට, Prometheus (2012) වැනි මෙවැනිම ආකාරයේ සිනමා සිත්තමක් අප හමුවට ගෙන ආ Ridley Scott අධ්‍යක්ෂකතුමා විසින් 2015දීම Mark Watney (Matt Damon) සමගින් අපව අඟහරු මත තනි කරනව, ඔහු විතරක් නෙමේ, මේකට දායක වෙන තවත් ප්‍රසිද්ද නළු නිලියන් පෙළක්ම ඉන්නව. Jessica Chastai, Kristen Wiig, Jeff Daniels, Michael Peña, Sean Bean, Kate Mara, Sebastian Stan. වැනි පිරිසක් තමයි මෙ සඳහා එකතුවෙලා තියෙන්නෙ. තව විස්තර ටිකක් කියනවනම් මේ සුපිරි සිනමා පටයට මේ වෙනකොට IMDB 8.2ක් වැනි ඉහළතම අගයක් ලැබිල තියනව, ඒ වගේම මේක IMDB top 250 අතුරින් 157වෙනි තැන දිනාගන්නත් සමත් වෙලා තියනව මේ වෙනකොට. 

කතාව දිව යන්නේ අඟහරු ගවේෂණය සඳහා මිනිසුන්ව පිටත්කර හරින මෙහෙයුමක් සමගයි. ඉතිං අවසනදී ඔවුන් අඟහරු මතට ගොඩබස්වා ඇති අවස්තාවක ඇතිවන කුනාටු තත්වයක් නිසා තම අජටාකාශගාමින් කණ්ඩායම ආපසු කැඳවීමට නාසා ආයතය තීරණය කරනව, එවෙලේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් අජටාකාශගාමී මාක් වොට්නිව මගහැරෙනවා, අනිත් අය කුණාටුවෙන් බේරිලා පෘථිවිය බලා එනකොට ඔහු හුදකලා නිරුදක ග්‍රහ ලෝකයක තනිවෙලා. ආහාර ජලය සීමිත ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙන්නෙ, ඊටත් වඩා නාසා ආයතනය සම්බන්ධ කරගෙන සන්නිවේදනය කරන්නවත් ක්‍රමයක් නෑ දැන්. ඊටපස්සේ මොකද වෙන්නෙ…?  ඒ ටික දැනගන්න ඔයාලට බාරයි. අහ් ඒ වගේම මෙ සිනමාපටය මුදාහැරෙන දිනයට කලින් දවස වෙච්ච 2015 සැප්තැම්බර් 28 වෙනිදා නාසා ආයතනය නිල වශයෙන් නිවේදනය කරා අඟහරු මත තවමත් ලවණ ජලය ගලාගෙන යන බවට සාධක හමුවුණා කියලත්. එහෙමනම් ඉතිං හැම කෙනෙක්ම වගේ මේක බලන්න කලින් දැනගන්න ඕනවෙයි කියල හිතිල ලියල දාපු පොඩි ලිපි කෑල්ලක් එහෙම තියනව, ඒකත් කියවගෙනම මේක බලන්න ගත්තනම් හරිම අගෙයි. එහෙමනම් හැමදාම කියන්න වගේ අදත් හැම කෙනෙක්ටම ජයෙන් ජයම වේවා. ගිහින් එන්නම් 😀   

“At some point, everything’s gonna go south on you and you’re going to say,
සමහර අවස්ථාවලදී හැම දෙයක්ම නොකෙරෙන තැනට පත්වේගෙන එනකොට ඔයා කියනව,
This is it.
මේක තමයි ඒ.
This is how I end.
මට මෙච්චරයි කරන්න පුළුවන් කියල.
Now you can either accept that, or you can get to work.
ඔයාට පුළුවන් එක්කො ඒක ඒ විදියටම පිලිගන්න එහෙම නැත්නම් ඔයාට පුළුවන් කොහොමහරි ඒ දේ කරන්න දැන්.
That’s all it is.
එච්චරයි”

~ මාක් වොට්නි ~ 

 

Far from the Madding Crowd (2015)on IMDb

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

HD-TS / HDTC/ HD/ BR

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා ලබා දි ඇත

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

186 thoughts on “The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

  • thanks a lot saho sub ekata

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • thanks balanna onama movie ekak

    Reply
  • අන්තිම හරියේ සබ් වැඩ කරන නැනේ, අනික් අයටත් එහෙමද දන්නැ..??

    Reply
  • Apollo 11 2019 sub එක ඕනා

    Reply
  • Thanks for the sub

    Reply
  • Kisima deyak balaporoththuwenne nathiwa apita sub dena oyaalata godak sthuthi.

    Reply
  • එලම අයියෙ. Thanks අපි වෙනුවෙන් කට්ට කාගෙන මේ කරන වැඩේට. තව ෆිලුම් වලට‍‍‍‍‍‍‍‍‍‍‍‍ත් සබ් දෙන්න හැකිවෙන්න කියලා පතනවා
    පතනවා… ඔබට ජය

    Reply
  • පට්ට සහෝ දිගටම කරගෙන යන්න.සුබ පැතුම්

    Reply
  • බොහොම ස්තූතියි ලොක්කා උපසිරැසියට

    Reply
  • මේ ෆිලුම හොයනකොට තමයි දැක්කේ අපේ විමා සහෝගේ 100වෙනි එක කියලා. ආයේ ඉතිං දෙකක් නෑ සුපිරියි ආ…
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

    Reply
  • sub ekata thanks.. aiye jaya wewa!!

    Reply
  • thank you very much macho…

    Reply
  • පිලුම නම් බලන්න කලයක් ගියා මචන් සබ් එක ගත්තා බෝම ඉස්තුති……

    Reply
  • thanks bro

    Reply
  • Thada Thada bro.ubala wage ewun nisa thama me sites issarahata yanne.good luck ah.thawa one hoda fims walta sub ! <3

    Reply
  • තවත් මේ වගේම සබක් දෙන්න ශක්නිය ධෛර්්‍ය ලැබේවා

    Reply
  • 100 ට සුභපැතුම් සහෝ. සුපිරිම ෆිල්ම් එකක් තමයි තෝරගෙන තියෙන්නෙත්. Keep it up…

    Reply
  • ada bn film eka gana dana gaththe.onna bagaththa.keep up the good work.good luck

    Reply
  • බොහොම ස්තූතියි! එල

    Reply
  • 100ta subs pethum! Shan, niyama film ekak, hemoma me film eka balathwa! igena ganna padam, jeewitheta ekathu karaganna dewal me film eke pirila. thanks. thwa diga kalayak oyawa me site ekedi hamu wewa!

    Reply
  • sub eka baagaththa bohooma sthuuthayi hamootama mee wenuwen kapauana 🙂

    Reply
  • congrats macho…..pattama wadak……..

    Reply
  • thankz mcn………..niz work

    Reply
  • ඒළම තමා ! ජයෙව්වා !

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ මේ කරන දේට. සුබ පැතුම් මගෙන්!

    Reply
  • Pattai Saho.. Mechchara kaalayak apita sub dunnata bohoma sthuthiy .. Digatama karagena yamu.. Jaya wewaa..!

    Reply
  • ඔබගේ සියවන උපසිරැසියට උණුසුම් සුබ පැතුම්. බාධක හමුවේ අධෛර්යමත් නොවී ඉදිරියටම යන්න. ඔබට ජයෙන් ජය.

    Reply
  • 100 ට ජයවේවා……!!!
    150 ට ඉකමනින් යන්න දිරිය ශක්තිය ලැබේවා…..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සමාවෙන්න ඕනේ මිස්ටර් සිනමැටික් අදහසක් දාන්න බැරි වුණාට.
    පහුගිය ටිකේ සයිට් එක පැත්ත පළාතකවත් ආවේ නැහැ. ඒත් ඉතිං උබ මේ නාසා එක්ක සම්බන්ධ වෙලා කරපු කරතව්‍ය නම් අගය කරන්නම ඕනේ. මොකද උපසිරැසිය ගින්දර වගේ තිබ්බා..
    නාසා එකෙන් මේ ගැන දැනගත්තොත් උබව රතු දත්ත පොතට දාලා නාසා එකට ගනීවි අඩුම ගානේ චන්ද්‍ර කුමාරට ලෙමන් පෆ් යවන්න හරි 😀 :p
    අදහස දාන්න බැරි උනාට මාත් උපසිරැසිය හොරෙන්ම අරන් බැලුවා :p
    :::::::::: සියවැන්නට බොක්කෙන්ම සුභ පැතුම් විමෝ.:::::::::::
    උබ ඉතිං මගේ මාවෙල් කොමික් හතුරා එහෙමත් නැත්තම් සිනමැටික් කම ලොකුවට කියන එකා :p
    එහෙනම් ඉතිං 150 කඩයිමේදී හමුවෙමු…
    දිගින් දිගටම වැඩේ කාගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    ජයෙන් ජය…!!!

    Reply
  • පට්ට…. ෆිල්ම් එක බලලම එන්නම මචෝ… තෑන්ක්සි සබ් එකට <3 <3 😀

    Reply
  • 100 වැනි උපසිරසියට ඔබට ජය

    Reply
  • නියමයි සහෝ,ඔයාගේ වැඩ ගැන ආයේ කියන්න දෙයක් නෑනේ.
    මගෙන් සුභ පැතුම්!!!!!!
    ජය වේවා!!!!

    Reply
  • ස්තුතියි සහෝ ..ඒ වගේම 100 වෙනි sub ට සුබපැතුම්…. ඔගොල්ලො මේ කරන නිහඬ මෙහෙවර ඉතාමත් විශිෂ්ටයි…… පුලුවන්නම් lord of the rings The return of the king extended version 1e sub දෙන්නකො…. ස්තුතියි සහෝ .. 🙂

    Reply
  • ඔන්න අලුත් අවුරුද්දේ බෑව පළමු උපසිරැසිය.
    අප වෙනුවෙන් කරනා මේ සේවයට මාගේ ප්‍රණාමය..!
    බයිස්කෝප් එකට එන යන හැමෝටම සුභ නව වසරක් වේවා..!

    Reply
  • onna suba aluth airuddak wewa kiala me 2016.1.1 balanna yana palaweni salaruwa.
    sub ekata bohoma pin a wagema baiscope lk set ekata suba nawawasarak wewa kiala prarthanana karanawa.

    ehenam set ekatama jaya wewaa….

    Reply
  • මලින්ම කියන්න ඕනේ අද තමයි බන් පොස්ට් එක බලන්න පුළුවන් වුනේ… විමා කීවහම ඉතින් අපි කොයි වෙලාවෙත් හිතන්නේ බෝගම්බර බන්ධානාගාර ගැන, එහෙව් මිනිහෙක් පුනරුත්ථාපනය වෙලා මේ වගේ කඩයිමක් පහු කරා කියන්නේ මිනිස්සු වශයෙන් අපි හැමෝටම බොහොම සතුටු වෙන්න පුළුවන් දෙයක්… ඒ වගේම වෙබ් අඩවියක් වශයෙන් මේ වගේ කෙනෙක් මෙතෙනට ගෙන්න පුළුවන් වුන ඒක ගැන සැකයක් නැතුවම බයිස්කෝප් මාතාව සතුටු විය යුතුයි.. 😛

    මම අතුරුදහන් වෙලා පාඩුවේ ඉන්න කොට ආයේ කෝල් කරලා ඇදලා ගත්තේ මේකා තමයි, ඒ වගේම මම එකතු වෙලා උපසිරැස කල තිදෙනාගෙන් එක ආයෙත්. ඉතාම හොඳ මිත්‍රයෙක්… ඉතින් එහෙනම් විමෝ සුභ පතනවා මුළු හදින්ම 150 වන උපසිරැස එකක් ඉක්මනින් හමු වෙන්න එන්න කියලා… උඹ 150 දෙනකොටවත් ආසිරි බැඳලා ළමයෙක් දෙන්නෙක් ඉදී කියලා අපි හිතමුකෝ….

    Reply
    • ai me sub karapu kena hire hitiyada?

      Reply
  • ගොඩක් ස්තූතියි උපසිරැසියට… 🙂

    Reply
  • 100 වෙනි Subtitle එකට සුභ පැතූම්, තව තවත් ඉක්මනින් Subtitle හැදීමට ශක්තිය ධෛර්ර්ය ලැබේවා!

    Reply
  • HC නොවන කොපියකට සබ් අප්ඩේට් කරන්කෝ……

    Reply
  • සමාවෙන්න විමා අයියා පරක්කු වුණාට.
    හදවතින්ම සුභ පතනවා 100 වෙනි උපසිරසියට.
    ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය කාලය නොඅඩුව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා !
    ජය !

    Reply
  • 100 ට උණුසුම් සුබපැතුම් ….. දිගටම කරගෙන යමු …… ස්තුතියි ……..!

    Reply
  • Thankuuuuuu!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    Congratulations for your work!

    Reply
  • සුභ පැතූම් 200 ත් කරමු ඉක්මනටම සබ් එක අප්ඩේක් කරානම් සුපිරි තැන්ක් යු

    Reply
  • ෂා. මන් බැලුව ෆිල්ම් එක. පට්ට එකක්

    Reply
  • WEB-DL copy eka awa update karnna bro.. thankx

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි.

    Reply
  • ආ… අමතක වුනා. 100 ට ජයවේවා.

    Reply
  • බලන්න තිබුන හදිස්සියට English සබ් එකෙන්ම බැලුව. දැන් ඔන්න ඔහේ සිංහලත් දාගෙනම බලනවා ආයිත් පාරක්

    Reply
  • සොරි විමෝ,
    කොමෙන්ටුව පරක්කු උනාට.
    දැන් එහෙනම් සීයා කෙනෙක් නේ.
    ඔන්න හදවතින්ම සුබ පතනවා….!!

    Reply
  • 100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව විමා සහෝ…
    තව තවත් ඉදිරියට උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
    ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි,
    ජය 😀

    Reply
  • එල විමෝ, 100වන කඩඉමට මගෙනුත් සුබපැතුම්.

    Reply
  • බොහොම ස්තුතියි…. (Y)

    Reply
  • සමාවෙන්න ඕනේ විමා සහෝ මේ දැන් තමා දැක්කේ… 😀 උණුසුම් සුබ පැතුම් විමා සහෝ සියවැනි උපසිරැසිය. 🙂 මේ කඩඉම විතරක් නෙමෙයි තව තවත් කඩඉම් පසු කරන්න ශක්තිය ලැබේව !! කියලා ප්‍රර්ථනා කාරනව.. ඒ වගේම කරන කියන සෑම කටයුත්තක්ම දිනෙන් දිනම සාර්ථක වේවා !! කියලත් ප්‍රර්ථනා කරනවා ..මේ ෆිල්ම් එකේ හොදම කොපිය එනකම් ඉවසන් ඉන්නවා සහෝ..සබට බොහොම ස්තුතියි. ජය වේවා !!

    Reply
  • සොරි වෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට. සුබ පතනවා 100 වෙනි උපසිරසට වගේම අලුත් තනතුරටත්. තනතුරත් එක්කම උපසිරැසි කරන්න වෙලාවක් ලැබේවා කියල තමා කියන්නේ. මොකද මම ඒ ගැන හොඳින්ම දන්න නිසා 😛 එහෙනම් ඉක්මනටම 150 ට ලංවෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා !!!

    Reply
  • විමා මුලින්ම සමාව ඉල්ලනවා මොකුත් කියන්න පරක්කු වුනාට.
    මම වැඩිය කමෙන්ට් දාන්න නම් වෙන්නේ නැහැ.
    කරන රාජකාරියත් එක්ක සබ් එකක් කරන්න මාසෙකටත් වඩා යනවා.
    ඉතින් උඹ නම් සීයක් ගැහුවා එහෙනම්
    කියන්න බැරි තරම් සතුටුයි මචං.
    සුභ පැතුම් විමෝ.
    මේ වගේ සුපිරි ෆිල්ම් වලට
    උීපසිරැසි යෙදීමට
    අවසි දෛර්ය ශක්තිය ලැබේ වා කියා මා පාර්ථනා කරනවා.

    Reply
  • Ela machan br rip awama aniwa update karapan.

    Reply
  • 100 වෙනි උපසිරස ගැන්වීමට “ශාන් විමුක්ති [විමා]” සොහෝට සුබ පැතුම්….
    උපසිරස 100 ක් කරා කියන්නේ පට්ට කට්ටක් කාලා තියෙනවා පලවෙනි උපසිරස ගැන්වීමෙන් පස්සේ..
    මගේ වගේම බොහෝ චිත්‍රපට ලෝලීන් වෙනුවෙන් මේ කරපු දායකත්වය මෙතෙක් යැයි කියලා කියන්න බෑ…
    ඒ වගේම දීලා තියෙන්නෙත් සුපිරි බයිස්කෝප් එකකට… අනෙක් හැමෝම වගේ…
    කියන්න වචන නෑ… එළකිරි බන්… සුපිරි…

    Reply
  • Hey,congrats on your hundredth sub…. Good luck

    Reply
  • CONGRATULATIONS BROOO…..
    digatama yamu machan ikmanata 150 th gahamu.

    Reply
  • එල මචෝ සුබ පැතුම් 100 වෙනි උපසිරැසියට තව තවත් උපසිරැසි කරන්න ලැබෙවා …!!!!!!
    මචෝ පුලුවන්නම් the 33 Film එකට සබ් දෙන්න 🙂 🙂 🙂

    Reply
  • මෙච්චරකල් දුන්න සබ් වලට ගොඩක් ස්තුතියි….
    මෙකනම් නියම ෆිල්ම් එකක්..මේකෙ වචන හොයාගන්න කොච්චර මහන්සි උනාද කියල හිතාගන්න පුලුවන් මචො… උබෙ මහන්සිය හින්ඩ තමයි අද අපි අපෙ භාශාවෙන් ෆිල්ම් එකක් බලන්නෙ..තෑන්ක්ස් බ්‍රො……

    Reply
  • මෙතෙක් ලබා දුන් හැම සබ් එකක් වෙනුවෙන්ම සියදහස්වාරයක් ස්තුතියි!!!
    ඔක්කොටම නවවසරට සුබපැතුම්!!!

    Reply
  • thanks Bro….1080p WEB-DL will be December 22

    Reply
  • vima 100 gahuwa nee..jaya wewa..ediriyatat superima film tikak denna puluwan wewa kiyala bokkenma patanawa…..

    Reply
  • හම්මේ ඉතින් විමා දැන් සියෙක් නේ සයිට් එකට එකතු උන දවස් වලම අදුන ගත්ත
    අද වෙනකම් හැම දෙකටම ඉන්න හොඳ මිතුරෙක්, “උන්නැහේ ” උඹ දැන්මම 100 කරයි කියලා හිතුවේ නැ මම
    මොකද හිමිට තොර තොර නේ සබ් කරන්නේ,නමුත් ඉතින් එන්නේ හොඳම දේවල්,
    උඹ නිසාම තමා නිකලස් ලොක්කගේ ෆිල්ම් බලන්න පටන් ගත්තේ, උඹේ සබ් 100 න කරපු හැම ෆිල්ම්
    එකක්ම වගේ මම බලලා තියෙනවා, මාවත් මතක් කරගෙනම ඇවිත් තියෙන්නේ,
    හදවතින්ම සුභ පතනවා අශාන් විමුක්ති (මමවත් හරියට නම දාන්න) විමා හරිම සතුටුයි
    එහෙනම් ඉක්මනටම 150 ත් දෙමු…( උන්නැහේ ගේ අනිත් එකෙන්වත් ) මේකේ හොඳ කොපියක් ආපු හැටියේ බලනවා
    ජයම වේවා!!

    Reply
  • aiyo sinhala sub support karanne nane meke…!!

    Reply
  • හම්මේ එහෙනම් විමා උන්නැහෙත් 100 ගැහුවා. වැඩිම කාලයක් අරගෙන ඔය මට්ටමට ආවේ උඹමද මන්දා. මට නම් උඹේ සබ් හිතට වැදුනේ නිකල්ස් ස්පාර්ක්ස්ගේ ෆිල්ම් හොය හොය සබ් දාන හින්දයි. එතන ඉඳන් තව කීයක් නම් බලල ඇතිද? ඉතින් එහෙනම් මෙතනින් නොනැවතී 200 කඩ ඉමත් ඉක්මනින් පනින්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවීතේත් හැම අරමුණක්ම ඉෂ්ඨ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. දැන් ජෙසිකා එක ඉක්මන් කරල දෙන්න ගම්මු එහෙනම්. වෙනද වගේම බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හදවතින්ම සුභ පැතුම්….
    හැබැයි තෝ මගේ නම නම් නිකමටවත් මතක් කරලා නෑනේ…
    ඒකට කමක් නෑ… උඹ ඉතින් මාස ගානක් බලන් හිටියනේ මේ දවස එනකන්
    ෆයිනලි උඹේ ඒ වැඩෙත් කරා ඔන්න අන්තිමට…
    ඉතින් සීය තව දෙගුණ තෙගුණ කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ජයෙන් ජය…!!!!

    Reply
  • හම්මේ ඉතින්.. මොනා කියන්නද බං.. මේකට කොමෙන්ටුවක් දාන්නමයි අන්තර්ජංජාල ගත වුනේ. උඹ 100 පේන මානේ නැවතිලා කොච්චර කාලයක් හිටියද කියනවා නම් 100 වෙනි සබ දානකන්ම දන්නේ නැහැයි කියහන්කෝ.. 😉 විමා ගැන කීවොත් මුලින්ම ඔළුවට එන දේ තමයි හිතේ එකක් බඩේ තව එකක් නැති අවංකෙන්ම එලකිරිස් කොල්ලෙක් කියන එක තමයි. දුකට සැපට හැමදේටම විශේෂයෙන්ම ‘වලියට’ නැතුවම බැරි බයිස්කෝප් සිංහලෙන් කොඳු නාරටියේ තවත් එක මුල් පුරුකක් විදියට නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්න කැමතියි. බයිස්කෝප් උපසිරැසිකරණයේ 100 වෙනි කඩ ඉම බොහෝම පරක්කු වෙලා හරි, වටිනා කියන විදියට සමරන උඹට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචං. එනකන් බලන් උන්නු ෆිලුම්ක්. ලිපියත් බොහොම වටිනවා. එහෙනම් ඉගෙනගන්න දේවල් ඇතුලු හැම හොඳ වැඩක්ම සාර්ථක වේවා කියලා පතන ගමන් මං කැපෙනවා. වෙනදා වගේම බොහෝම ස්තූතියි උපසිරැසියට. ජයම වේවා..! එලස්ස්ස්…. 😀

    Reply
  • ela ela weemoo…
    seehena kaalekin site eka peththe awe..
    awa gaman 100k deela..
    ela ela..

    Reply
  • උනුසුම් සුබපැතුම් මචන් 100වෙනි උපසිරැසියට ඉක්මනට 150ත් දෙමු

    Reply
  • 100 වෙනි සබට ජය විමා.
    ඒ වගේම තවතවත් ශක්තිය ලැබෙන්න ඕන සබ් කරගෙන ඉදිරියට යන්න.
    ජය ඔබට.
    😀 (Y)

    Reply
  • Thanks & wish you all the best.
    Keep up the good work 🙂

    Reply
  • supiri wedak. thanks bro

    Reply
  • Thank you very much bro. thnx

    Reply
  • Parakku wela hari Wish karanna labeema gana sathutui God luck bro

    Reply
  • congrtz wima jayen jaya

    Reply
  • 100 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පතනවා දිගටම බයිස්කෝප් එකත් එක්ක යමු ජයම වේවා

    Reply
  • ස්තුතියි සහො සබ් එකට…
    100 වෙනි කඩඉම පසු කලාට මගෙන් සුබ පැතුම්
    ජය වෙවා
    150 කඩඉමට ලගා වෙන්න ප්‍රාර්තනා කරනවා

    Reply
  • Thanks your effort best luck

    Reply
  • ගොඩ කාලෙක ඉදන් තටම තටම ඉදලා අන්තිමට විමත් එහෙනම් ශතකේ ගැහුවනේ.එකෙන්ම සුපිරී.පට්ට සතුටුයී.හදවතින්ම සුබපතනවා 1000 ගහන්න පුලුවන් වේවා කියලා….විමා ඉතින් දුන්නොත් පට්ටම ෆිලුමක් නේ.100 වෙනි සබ නිසාත් ,හුගක් මහන්සිවී කල සබ් එකක් නිසත් ,මේක කැම්කොපියක් වුනත් අනිවා බලනවා!!!! ගුඩ් ලක් විමෝ.

    Reply
  • 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්..

    Reply
  • lipiyath supiri vima…. ela keep it up… congratzzzz

    Reply
  • 100 වෙනි උපසිරුසියට මගෙන් සුභ පැතුම් !
    200 ටත් ලගාවෙන්න ඉක්මනින් හැකියාව ලැබේවා !

    BRRIP එකක් ආවම ෆිල්ම් එක බලන්නම්.

    Reply
  • thank you.subapetum diriyen idiriyata yannata

    Reply
  • 100 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් තමන්ගේ වටිනා කාලය වෙනත් අයගේ සතුට වෙනුවෙන් කැප කරනවාට සියලුම දෙනා වෙනුවෙන් ස්තුතියි . දිගටම බයිස්කෝප් එකත් එක්ක යමු . ජයෙන් ජයම වේවා ,!! හොද කොපියක් ආවම ගන්නම්

    Reply
  • 100 වෙනි උපසිරසියට සුභ පැතුම් මචං,
    තවත් දිගට උපසිරැසි කරමු…
    මේ කොපියන්ම් ගන්නේ නැහැ, හොද කොපියක් ආවමම ගන්නවා..
    මාවත් මතක් කලාට ස්තුතියි.
    ජය වේවා!

    Reply
  • හම්මේ නියමයි මචෝ…
    100 වෙනි සබට හදවතින්ම සුබ පතනවා මචන්….
    මචෝ උබේ සබ් නම් ගොඩක් බලලා තියනවා.
    වැඩේ දිගටම කරමු.
    ෆිලුම නම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජයෙන් ජය….

    Reply
  • නියමයි ශාන් අයියේ
    සුබ පැතුම් හොදද 100 වෙනි එකට
    ජයවේවා !!!!!!

    Reply
  • සුබම සුබපැතුම් සහෝ…. 100ට ඔයාගේ සබ් වලින් 90කට එහා නම් බලලා ඇති එත් කොමෙන්ටු නම් අඩුවෙන් දාලා ඇත්තෙ එකට නම් සාමා වෙන්න හොදේ… අපිට 200යත් ඉක්මනට ඔනි හොදේ……

    Reply
  • ela………………….saho……………maxxaaaaaaaaaaaaaaaa

    Reply
  • හම්මේ ටික කාලෙකට පස්සේ 100 ගහපු කෙනෙක්ව දැක්කේ… 🙂
    වීමා සීයා කෙනෙක් උනා ඉතින් එහෙනම් 🙂

    ඔය 100න් 80කටත් වඩා බලල ඇති. ෆ්‍රෝසන් සහ කැප්ටන් ඇමරිකා ෆිල්ම් වගේම රොමැන්ටික් ෆිල්ම් සෙට් එක නිතරම වගේ බැලෙනවා තවමත් :p

    මංසලට දුන්නු ලිපිය දැක්කට පස්සේ තමා මේ ෆිලුම ගැන වහ වැටුනේ… 🙂

    හැබැයි හිතෙන් බැන බැන හිටියේ ජෙසිකා අක්කියා දෙන එන පරක්කු කරාට.. :p
    හැබැයි ඒක පරක්කු කරලා මේ ගෙනාපු ෆිලුම දැක්කම තරහවල් කොහේ ගියාද මන්දා.. :p
    (හැබැයි ජෙසිකා අක්කියව ඉක්මනට ඉවරයක් කරහන් :p )

    මාවත් මතක් කරාට තුති… 🙂

    මොනා උනත් br එනකල් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…..
    රිඩ්ලි අංකල්ගේ ෆිල්ම් ගැන ඉතින් කියල වැඩක් නැහැනේ… පට්ටනේ

    ඉක්මනටම 150 සබ් එකත් දෙන්න සුබ පතනවා… 🙂
    උපසිරැසියට තුති…
    101 උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම තුති සහෝ සබ් එකට.මාර ෆිලුමක් වගේ.කොහොම නමුත් 100 වෙනි සබ් එකට සුබ පැතුම් එක් කරන්න කැමතිය්. සුපිරි විස්තරයකුත් දාලා තියෙන්නේ.අය නොබලා කොහොමෙය්. bs

    Reply
  • welldone…Good Work Friend, Thanks! All the best..

    Reply
    • ‘VIMA’ saho….ehenm 100 gahuwa ne….welldone….BRO…..
      VIMA saho ikmanatama 100 kadima 200 dakwa gena enna obata shakthiya labewa…
      VIMA sahoge siyalu wada katauthu sarthaka wenna hadawathinma suba prarthana karnwa……wish u’r great future…..jayen jayama wewa…..

      Reply
  • ස්තුතියි ශාන්.100 වෙනි උපසිරැසිය වෙනුවෙන් හද පිරි සුබ පැතුම්.දිගු ගමනකට ජය වේවා !

    Reply
  • 100 වෙනි උපසිරසියට සුබ පැතුම්.

    Reply
  • ඔන්න එහෙනං එනකං මග බලාගෙන කාරිය හිටපු ෆිලුමක්.
    කාලෙකට පස්සේ තමයි සද්ධ නැතුව හිටපු සයිට් එකේ ලොකු රතිඤ්ඤයක් පත්තු වුනා වගේ තමයි දැනුනේ.
    කාලෙකින් කවුරුවත් මේ වගේ කඩයිමක් පහු කලේ නෑනේ.
    හැබැයි ඉතිං අපිටත් වඩා කලින් සයිට් එකට සබ් දෙන්න පටන් ගත්තු එකේ
    100 ගහන්න තිබුනේ දැනට අවුරුද්දකට විතර කලින්.

    කෝ ඉතිං දැන්වත් විජහට 150, 200… ගහන්න පටන්ගනිමු.

    කොහොමහරි මේක තමයි ලිපියක මාව මතක් කරපු පලවෙනි වතාව. 50, 100…. සැමරුවට පස්සේ
    කෝ ඉතිං මට ඊට පස්සේ ආපු කිසිම එකක් සමරන්න බැරි වුනා නෙව.
    කතාවේ ලිපියත් හොඳට තියෙනවා.
    විමාගේ සබ් නම් ගොඩක් මමත් බලලා තියෙනවා. ඒත් ඉතිං මට තාමත් මතක එකම එක කතාවක් විතරයි.
    ඒ ෆ්රොසන් කතාව.
    උඩින් පූසා නම් ට්‍රයිම් ට්‍රැවල් ගැනත් සඳහන් කරලා තිබුනා.
    ඒ කිව්වාම තමා කට්ටියටම බුකියේ Interstellar එකේ ටයිම් ට්‍රැවල් ගැන මතක් වෙලා තියෙන්නේ. 🙂

    එව්වයින් වැඩක් නෑ. මෙච්චර කාලයක් ගිහිල්ලා හෝ 100 වෙනි කඩයිම පැනපු එක ගැන
    හදවතින්ම ස්තුති කරන්න ඕනේ. දැන් විජහට ජෙසිකා අක්කා දෙන්න පටන්ගනිමු. 🙂
    තවත් ඉදිරියට වැඩි වැඩියෙන් උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව වගේම විශේෂයෙන්ම කාලය
    ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • maru kolllo kiyala wedak patttta thawa karapan matat idea ekak thiyenawa sub denna et ekata A/L exam iwara karala inna oni ……………………….supppppppppaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • 100 ට සුභපැතුම් මුලින්ම…
    ගොඩක් ස්තූතියි අද දීපූ උපසිරැසියට… තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව…

    Reply
  • 100වෙනි උපසිරැසියට සුභ පැතුම් විමෝ!
    උබේ සබ් වල කොලිටිය ගැන ආයේ කියන්න දෙයක් නෑ නොවැ!
    එහෙනම් ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න සුභ පතනවා!

    මේකත් එනකම් බලන් උන්නු ෆිලුමක් තමා, මෙච්චර කල් හිටිය එකේ හොද කොපියක් එනකම් ඉන්නවා!
    ජය!!!!!!!

    Reply
  • අද දීපූ සබ් එකටත් ගොඩාක් ස්තූතියි !
    ජයෙන් ජයම වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Supiri Talk eka. Film ekata wada Poem eka maru

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    Reply
  • මුලින්ම 100 වෙනි උපසිරැසි නිර්මාණයට ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ෆිල්ම් එකනම් ලස්සනම එකක් වගේ. මම ආස වර්ගයේ කතාවක්. ඒ නිසා මම මේකෙ හොඳම කොපියක් ආවම බානවා මචන්. උපසිරැසියට බොහෝම ස්තූතියි. ඔබටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේවා.

    Reply
  • ශාන් විමුක්ති(විමා) නම ෆිල්ම් වල සබ් වල දැකලම පුරුදුයි.ජය වේවා සහෝ!

    Reply
  • ela ela. HDRip 1 enakanma innawa. Kata hari puluwanda I hear your voice korean series 1ta sub denna.

    Reply
  • අැති යන්තම් විමා 100 ගහලා.. බොහොම සතුටුයි මචං. මේ දවස් වල සයිට් එක පැත්තෙවත් එන්න වෙලාවක් නෑ. බුකියෙන් තමයි දැක්කේ.. කොහොම උනත් මගේ සුබපැතුම්!!! ජයවේවා… (අර ඩීවීඩී ටික තාම තැපෑලෙද? )

    Reply
  • 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්….

    Reply
  • ආඩම්බරයි සහෝ…. ජයෙන් ජය.

    Reply
  • ගොඩක්ම ස්තුතියි මල්ලී.. ඔයාලා කරන මේ සේවය… විශිෂ්ටයි.. අපි නිසා ඔයාලා වැය කරන කාලයට, මහන්සියට, … “පිං“ කියනව මිසක් වෙන මොනව දෙන්නද…?

    Reply
  • ගොඩක් ස්තූතියි උපසිරැසියට…
    100ට සුබ පැතුම් …
    තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව…
    ජය වේවා…!!

    Reply
  • එළම❗ හමිමට විමා ශතකේ ගහලා❕ සීය ගැහුවට සුභ පැතුමි මචං✌ තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා❕ සීයට දෙසියක් ආයු බෝ වේවා❕ ඕං සබත් බාගත්තා ඕං✌

    Reply
  • “ශාන් විමුක්ති [විමා]” සොහොයුරා ලබා දී ඇති මෙම සබ් වලට හරියටම ගැලපෙන ~~ 339 MB ~~ තරම් වූ කුඩා මූවී ෆයිලය ටොරන්ට් නැතුව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට.“ශාන් විමුක්ති [විමා]” සොහොයුරාගේ 100 වැනි සබ් නිර්මාණයට සුභපැතුම්…!!!

    Reply
  • සුභපැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • niyami sahoo niyami thawathessarahata me wagema karagena yamo jaya jaya…. 😀

    Reply
  • අම්මෝ සීය නේහ්!
    එළ හොඳේ.
    වැඩිය අල්ලන්නේ නැතත් මරු රොමෑන්ටික් ෆිල්ම් සෙට් එකක් බැලුවේ සහෝගේ සබ් හන්දා.
    150 මොකෝ ගහමු 200 යම එකසැරේ. 😀 (Y)

    Reply
  • 100ට සුබ පැතුම්…
    තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව…
    ජය වේවා!!!

    Reply
  • ගොඩාක් හැපී මචන්
    100 ගහන්න කියාපු ෆිලුම
    ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙමු
    මම නම් බීඅර් එනකම් ඉන්නවා මේකෙ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • gud luck for ur 100 milestone that u hv achieved… v hope v vil c more movies in the future…

    Reply
  • congratz broooo
    200th gahamu hodeeeeee 🙂

    Reply
  • සුපිරිනෙ සුබ පැතුම් සහො දිගටම කරමු හොද කොපියක් ආවම බලමු

    Reply
  • කොහොම හරි 100 ගැහුවා නේ? මගෙන් උණුසුම් සුභපැතුම් විමා. මං ඒත් කල්පනා කරා වෝකින් ඩෙඩ් කරන් යද්දි 100ට මොනවගේ එකක් දෙයි ද කියලා. මේ තියෙන්නේ සුපිරි එකක්. හොද කොපියක් එනකන් ම ඉන්නවා. බොහොම ස්තුතියි උපසිරැසියට. මේ අවුරුද්දේ නැතත් ලබන අවුරුද්දේ වත් ඔය බොට්ටුවේ පිංතූරේ වගේ එකක් අපිටත් බලන්න ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා. 😀

    Reply
  • ගොඩක් ස්තූතියි අයියෙ උපසිරැසියට…
    ඒවගේම 100ට සුබ පැතුම්…
    තවත් දිගටම සබ් දෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව…
    ජය වේවා!!!

    Reply
  • 100 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පතනවා! දිගටම සබ් කරන්න කාලය ශ්‍රමය ශක්තිය ලැබේවා

    Reply
  • jaya wewa..
    api wenuwen mehema mahansi wela sub karala denawata thank you..
    nattam itin film ekakwat balala iwarai..

    Reply
  • ඇත්තටම ගොඩක් සතුටුයි විමා අයියේ…
    “100 වෙනි උපසිරස නම් කවද ගහන්න වෙයිද දන්නෙ නැහැ මලයෝ” කියල කිය කිය හිටියට ඉක්මනින්ම ඔය ගෙනල්ලා තියෙන්නේ 100…
    හදවතින්ම සුභ පතනවා 100 වෙනි උපසිරස කඩඉම පසු කිරීම ගැන…
    කමෙන්ට් ගැන කියනවනම් ඔයාගේ සබ් එකක් ගත්තානම් අනිවාරෙන්ම කමෙන්ට් එකක් දීලා ඇති, අපි මහන්සියෙන් හදන සබ්වලට කමෙන්ට් නොදාන අය ගැනනම් ඉතින් මටත් කියන්න තියෙන්නේ පූසා කියලා තිබුණු ටිකම තමයි. සබ් කරන්න වෙන වෙහෙසිල්ල අපිනෙ දන්නේ 🙁 …
    ඔයාගේ උපසිරසි ගැන කතා කරද්දිනම් කියන්න කිසිම අඩුපාඩුවක් නෑ, නියමම, සම්පූර්ණ උපසිරස… අදහසට හානි නොවී ලස්සනටම උපසිරස කරන කෙනෙක් තමයි විමා කියන්නේ…
    ඔන්න එහෙනම් 100 විතරක් නෙමෙයි 150, 200,… 500,… 1000 විදිහට ඒ ඒ කඩඉම් පහු කරන්න පුළුවන් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ඔන්න…
    ඒ වගේම මේ ගෙනල්ල තියෙන උපසිරසටත් ස්තුතියි…
    ජයෙන් ජය 🙂 …

    Reply
  • සුභ පතනවා තවත් ඉදිරියටම යමු කියලා.. විමා අය්යේ ..කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකත් අරගෙන ආවට බොහොම පින් !!!

    Reply
  • 100 වෙනි උපසිරැසියට සුබ පතනවා විමා අයියේ.150 ත් ගහමු මේ වගේම.br ආවාම උපසිරැසිය ගන්නම්.සබට තැන්කූ.ජය වේවා.

    Reply
  • උබට වැඩි වැඩියෙන් sub කරන්නත්..කරන කියන හැමදේම සර්වාප්‍රකයෙන් සාර්ථක වෙන්නත් කියලා ප්‍රර්ථනා කරනවා

    Reply
  • ඔන්න කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න ලැබුනෙ… කැම්පස් වැඩ කටයුතු වලට හිර වෙලා මාස 2,3 ක් මේ පැත්තට එන්න බැරි උනා… දැන් ඇවිත් බලද්දි අපේ විමා සහෝ 100 කණුව පහුකරලනේ…. බොහොම සතුටුයි… බොහොම ආඩම්බරයි…මූණු පොතේ මේ ෆිල්ම් එක ගැන ලිපියක් හීනියට වගේ දැක්කා උනාට විමා ඒක කොරන්න බාර ගත්තු බවක් නම් දැන ගෙන හිටියෙ නැහැ. මොනවා උනත් ලයින් බර ගානක් තියෙන ෆිල්ම් එකක් කියද්දි මම නම් ඇත්තටම ටිකක් අදිමදි කරනවා ඉක්මනින් දෙන්න බැරි වෙන නිසා.. ඒකට අපේ විමා කොළුවා… කොටියා බදාගෙනම වල්ගෙ පාග ගෙනම 😀 කට්ට කාගෙන සබ් එක හදපු බවක් තමයි පූසා මල්ලි කියපු කතාවෙන් තේරුණේ… මට හිතෙන්නෙ PhD එක එක්කම නාසා එකේ ජොබ් එකකුත් ෂුවර් කොළුවො… එහෙනම් ඉතින් දැන් ෆිල්ම් එක බාන්න ඕනේ… මම ඔයාට හදවතින්ම සුභ පතනවා තව දුරටත් කොටි වල්ගය සහ කොටියා සමඟ 😛 සතුටින් දිවි ගෙවන්න වාසනාව ලැබේවා කියලා….

    ප. ලි.

    ලිපියේ මගේ නම සඳහන් කොරලා පොටෝ කෑල්ලක් ගැන කතාවක් කියපු එක අමතක උනානේ… ඒ පොටෝ එකේ වැඩේ එතැනින් එහාට ඇද ගෙන නොගියේ අනෙක් පාර්ෂවයට මඩ ගැසීමට කිසිඳු අභිප්‍රායක් නැති බැවින් බව කරුණාවෙන් සලකන්න… හැබැයි ඉතින් විමාට මඩක් ගහන්න නම් ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ… 😛

    Reply
  • GooD LuCk Bro =D Thanks For Subtitles

    Reply
  • හෙ හේ. PhD එක complete කරලා.
    මේක කරන්න මහන්සි වුන මහන්සිය අපි දැක්කානේ.
    ඇත්තටම මේ උපසිරසිය ගොඩක් වටින එකක් වෙයි අපි හැමෝටම. මොකද උපසිරසි නැතුව තේරුම් ගන්න පුළුවන් දෙබස් නෙවෙයිනෙ තියෙන්නෙ.
    ඉතින් 100 වෙනුවෙන් ගෙනත් තියෙන්නෙ ගොඩක් වටින උපසිරසියක්.
    බොහොම ස්තූතියි සෑහෙන දවසක් තිස්සෙ උපරිම කට්ටක් කාගෙන උපසිරසිය අරන් ආවට.
    ඒ වගේම 100 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්. 100 තව 200ක්ම ඉක්මනටම ගේන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔව් ඔව් ඇනිමේෂන් එකක් දෙන්නෙ නෑ. හෙ හේ. මාවත් මතක් කරාට බොහොම තුති හොදේ.
    ජය වේවා……..

    Reply
  • Thanks machan digatama karagena yanna ela.

    Reply
  • අඩෝ මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ.
    හදවතින්ම සතුටුයි බං උඹ අද 100 ගහපු එකට.
    උඹ සබ් දුන්න හුඟක් ෆිල්ම් මම බලලා තියෙනවා. කැපා, ෆ්‍රොසන්, නව් යූ සී මී, හචී, ද බෙස්ට් ඔෆ් මී ඔය වගේ උඹ දුන්න හුඟක් ඒවා මං බලලා තියෙනවා. තව කීපයක්ම බලන්න ඕන ලැයිස්තුවෙත් තියෙනවා ඔන්න. 😀
    අපි දන්නවා උඹ ඔය සබ් එක කරන්න පහුගිය දවස් ටිකේ කාපු කට්ට කොච්චරද කියලා.
    ෆිල්ම් එකේ එන සමහර වචන වල තේරුම් හොයන්න නාසා එකේ වෙබ් අඩවියේ පවා උඹට පැය ගණන් ගතකරන්න වුණා කියලා දන්නවා. මම හිතනවා උඹ මේ සබ් එක ඉවර වෙනවත් එක්කම උඹේ PhD එකත් ඉවරකරගන්න ඇති කියලා. 😀 😛 :3
    එහෙනම් ඉතින් ඔච්චර දවස් ගාණක් කට්ට කාපු ඒ සබ් එකෙනුත් නිදහස් වුණානේ.
    හෙ හේ… ලිපියෙදි මාව මතක් කළාටත් ගොඩක් තුති උඹට. 😀
    උඹ කියන්නවා වගේ මේ වගේ ෆිල්ම් එක්කට සබ් එකක් කරන්න කන කට්ට දන්නෙ සබ් කරන උන් විතරයි. ඉතින් කට්ටිය ඔහේ ඇවිත් සබ් එක බාගෙන යනවා. පොඩ්ඩක් අදහසක් දක්වලා ගියානම් සබ් එක කරපු කෙනාට දැනෙන සතුට කියාගන්න බෑ. මොනා කරන්නද බං, මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ වෙනකම් ඔය කිසිදෙයක් අපි කිවුවට වැඩක් නෑ. :/
    එහෙනම් උඹගේ 100 වෙනි කඩ ඉමට පූසා වෙන මම මුළු හදවතින්ම සුභ පතනවා.
    තවත් ඉස්සරහට සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!!
    ටයිම් මැෂීන් ගැන නම් මම මුකුත් කියන්න යන්නෙ නෑ නෑ නෑමයි… :3
    හිටහං තව මාසයක් යද්දි මාත් 50 ගහනවා යකෝ… 😛
    ජය වේවා…!!!
    Br ආවම සබ් එක ගන්නවා එහෙනම්…
    ජය…!!!

    Reply
    • අඩෝ තෝ මේ දාලා තියෙන්නෙ අර මල් වත්තේ ෆොටෝ එක නේද… :v :v
      මේක හසන්ත මාමාට නෝට් වෙයි කියලා හිතනවා… 😀 :3

      Reply
      • හෙ හේ. ටයිම් මැෂින්. ෂා……

        Reply
    • මෙතන ටයිම් මැශින් ඇදලා ගන්න එපා.
      මම මෙතන තනිකරම රචනාවක් කරන්න කලින්.

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • 100 ට සුභපැතුම් මුලින්ම…

    මෙච්චර දවසක් බලාගෙන හිටපු එකේ තව ටිකක් ඉවසලා HDRip එක ආවම වත් බානව. මේව cam බලල වැඩක් නෑ නොවැ…

    සබ් එකට බොහොම ස්තූතියි කිව්වා… 😀

    Reply
  • හම්මේ , මෙන්න මෙයා සියය ගහලා නේ
    එලස් ශාන් අයියේ
    කියන්න වචන නෑ
    සුපිරියි අප්පා
    ඔයාගේ සබ් වලින් නම් ගොඩාක් ෆිල්ම් බලලා තියෙනවා
    කමෙන්ට් එකක් දාන්න මග හැරිලා තිබ්බ නම් සමා වෙන්ඩෝ
    මාවත් මතක් කරලා නොවෑ
    මං ඉතින් එහෙම මතක් කරන්නේ ඔයාගේ නව වෙනස් වීම හින්දා නේ
    ගොඩ දෙනෙක්ට ඒක පේන්න ලැබෙනවා වගේ

    මෙච්චර කාලයක් අපගේ රස වින්දනය උදෙසා, දිවා රෑ කියලා වෙන්සක් නොබලා අප වෙනුවෙන් කට්ට කාලා උපසිරැසි නිර්මාණය කරනවාට, මේ 100 වෙනි කඩයිමේදී හදවතින්ම ගෞරවනීය ප්‍රණාමය හා ස්තූතියි ආචාරය පුද කරමී ශාන් අයියේ
    (අපත් ඉතින් වේලාසනින් නිදා ගන්ඩෝ කියන අම්මගේ ආදරනීය වගේම ටිකක් කෝපයෙන් කියන වචන අහනවා තමා )

    100 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා අයියේ
    තවත් දිගින් දිගටම හැකි උපරිම ලෙසින් උපසිරැසි කරන්නට අවැසි ශක්තිය හා කාලය ලැබේවා ශාන් අයියේ !!!

    අද දීපූ සබ් එකටත් ගොඩාක් ස්තූතියි !

    ජයෙන් ජයම වේවා අයියේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!

    Reply
  • දැන් මාස කීපෙක ඉඳන් මාත් බලාගෙනයි උන්නෙ උඹ කවද්ද සීය ගහන්නෙ කියල… ඔන්න එහෙනම් දැන් ඒකත් හරි.
    උපසි‍රැසිකරණයේ නවමු ශතකලාභී උඹට මං හදවතින් ම සුබ පතනවා…..
    එහෙම නම් තව චිරාත් කාලයක් මේ වැඩේ කරගෙන යාමේ හැකියාව ලැබේවායි පතන ගමන් ඉක්මනට ම 150 ත් ගහමු කියලත් මතක් කරන්න කැමතියි.
    සිංහල සබට බොහොම ස්තූතියි ශාන්…………

    Reply
  • එහෙනම් 100 ගහන්න තමා ජෙසිකා ජෝන්ස් සබ් එක පරක්කු කලේ 🙂 .මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලපු දවසේ ඉදන් ෆිල්ම් එක බලන්න ලොකු ආසාවකින් හිටියේ.ඒක නිසා කැම් කොපියක් බලන එක හිතට හරි මදි වගේ.හොද කොපියක් එනකන් ඉන්නව.

    🙂 🙂 100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් 🙂 🙂

    Reply
  • ආ විමා සහෝත් එහෙනම් සියා කෙනෙක් වුනා..
    හම්මේ සහෝ හෙමින් හෙමින් හරි නොසැලී
    සියවෙනි උපසිරැසිය දක්වාම ආපු එකට සුබ පතනවා.
    වසර 2ක් මේකේ ඉන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් ඈ..
    ඒවගේම දිගටම ඔහොම 150,200 දක්වා යන්න ලැබෙන්න කියලා පතනවා.
    අපිට අඩුපාඩු නැති උපසිරසි ලබාදෙනවාට ස්තුතියි.දිගටම උපසිරසිකරණයේ
    යෙදෙන්න අවශ්‍ය කාලය හා ශක්තිය ලැබේවා..
    එහෙනම් සහෝට ජයෙන් ජය..

    Reply
  • නුඹ වැනි පුතෙකු බිහි කල අම්මටයි තාත්ත‍ටයි මගේ ප්‍රණාමය…

    100ක් සබ් කරනවා කියන්නේ ඇත්තෙන්ම ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙන දෙයක්. බලන අය ලෙසියෙන් බැලුවට කරන්න ගියාම තමයි රගේ තේරෙන්නෙ… ඇත්තෙන්ම සන්තෝසයි. තවත් මේ වගේම නොනැවති ඉදිරි කඩඉම් ටිකත් පන්නමු කොල්ලෝ!

    ජය වේවා!.

    Reply
  • 2nd download thank for the sub bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *