Saturday , July 24 2021
Breaking News

The Revenant (2015) with Sinhala Subtitles | නොමැරෙන මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 36 votes.
Please wait...


කොහොමද හැමෝටම මම හිතන්නේ මේ ඔයාල එක්ක මේ විදිහට හමු වෙන්නේ මාස පහකට විතර පස්සෙයි.  හොඳයි එහෙනම් ඔන්න වසරේ හැමෝම සම්මාන ගැන කතා කරන කාලයටත් අපි ඇවිදින්, කාලය ගෙවිලා ගියා දැනුනෙවත් නැහැ නේද ? කොහොමින් කොහොම හරි මම මේ ගේන්නේ හදන්නේ ඔස්කා සම්මාන උළෙල ගැන කතා කරනකොට අන්තර්ජාලයේ වැඩියෙන්ම කතා බහට එහෙමත් නැත්නම් ආන්දෝලනයට ලක්වුණා කාරණාවක් ආයේ මතක් කරන්න.

ලියනාඩෝ ඩි කැප්රියෝ ඔස්කා සම්මානයක් වෙනුවෙන් තවත් මොනවාද කල යුත්තේ ? ඔන්න ඕකයි ප්‍රශ්නය, මෙතෙක් What’s Eating Gilbert Grape (1993)The Aviator (2004)Blood Diamond (2006)The Wolf of Wall Street (2013) චිත්‍රපටි වෙනුවෙන් නිර්දේශ වුනත් එක්වතාවක් වත් සම්මානය ගෙදර ගෙනයන්න ඔහුට නොහැකි වුනා… මෙවර ඔහු මේ වලහෙක් සමඟ සටන් කරනවා, පණ පිටින් වලලෙනවා, සතුන් අමුවෙන් ආහාරයට ගන්නවා, අවසානයේ ද්වන්ද පොරෝ සටනක නිරත වෙනවා… ඉතින් මෙවර ඔහු වාසනාවන්ත වේවි ද?

ලියෝ විතරක් නෙමෙයි මෙහි අපි දන්නා හදුනනා චරිත ඉන්නේ, Tom Hardy, Domhnall Gleeson, Will Poulter, Paul Anderson වගේ අපි දන්නා බොහොම පිරිසක් තිරයේ චරිත මවන්න එක්කාසු වෙනවා. තිරයෙන් පිටුපසට හැරෙනවා නම් Alejandro González Iñárritu තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. ඔහුව නොදැන ඉන්න හැටියක් නැහැ නේ පසුගිය වසරේ Birdman or (The Unexpected Virtue of Ignorance) (2014) එකක් හොඳම චිත්‍රපටය, හොඳම පිටපත වගේම හොඳම අධ්‍යක්ෂණයට සම්මාන වැඩ කාරයා ඔහු තමයි. 

ඉතින් ඔය හැමෝම එකතු වෙලා බොහොම අගේ ඇති සිනමා නිර්මාණයක් අපි වෙත ගෙන එන්න සමත් වෙලා තියනවා, චිත්‍රපටය බලාගෙන යනකොට දැනෙයි මේ සමහර දර්ශන කොහොම කැමරාගත කරා ද කියලා… ඒ හේතුව යොදාගෙන තියන කැමරා කෝණ, ආලෝකය භාවිතයට ගෙන තියෙන ආකාරය ඇති විශිෂ්ට වීම. මේ සියල්ල එක්ක පරිසරය මේ චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් වෙනුවෙන් පණ දෙන බව කිවයුතුමයි. ඒ වගේම මෙය සත්‍ය කතාවක් වීම නිසාවෙන්ම හිතෙනවා මේ මිනිහා ඇත්තටම කොහොම බේරෙන්න ඇතිද කියලත්…

IMDB 8.4 ක් අගයක් දිනාගෙන තියන මෙය මෙ වෙනකොට IMDB 250 අතරින් 180වෙනි තැන දිනගන්නත් සමත්වෙලා තියනව.  රෝටන් ටෝමාටෝ 84% අගයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. ධාවන කාලය මිනිත්තු 156. ඒ වගේම Adventure, Drama, Thriller, Western යන කාණ්ඩයන් තමයි මෙම සලරුව නියෝජනය කරන්නේ. ගොඩක් අනං මනං කියෙව්වා එකේ හැරෙමු කතාව පැත්තට.

1823 වගේ ඈත කාලයේ ඇමරිකාවේ උතුරු කොටසේ වනාන්තර ගත වුන හම් දඩයම්කරුවන් පිරිසක් ගැන තමයි මුලින් කතාව ඇදිලා යන්නේ, එක්වරම එල්ලවෙන රතු ඉන්දියානු ප්‍රහාරයක් එකක් ඔවුන්ට සිදුවෙනවා පසු බහින්න. ඔවුන්ගේ මග පෙන්වන්නා වෙන්නේ හියුගෝ ග්ලාස් (ලියෝගේ චරිතය), නමුත් එක්තරා අවස්තාවක දී ඔහු විශාල වලසෙකුගේ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබනවා, පසුබැස යන හම් දඩයම්කරුවන්ගේ නායකයා ඔහු ෆිට්ස්ජෙරල්ඩ් සමඟ දමා යන්නේ තමුන්ගේ කණ්ඩායම තරම් වේගයෙන් නොවුනත් ඔහුව රැගෙන එන්න, ෆිට්ස්ජෙරල්ඩ්  බොහොම ලොකු ගණනක එක්ක කැමති වෙනවා වගේම, ග්ලාස්ගේ පුතා හා ජිම් නම් තවත් තරුණයෙක් ඔහු හා රැදෙනවා, නමුත් තන්හාවෙන් හා ඉරිසියාවෙන් පිරීගිය ෆිට්ස්ජෙරල්ඩ් ඔහු දමා යන්නේ ඔහුගේ ජිවිතයේ වටිනාම වස්තුව ඔහුගෙන් උදුරාගෙන…

කිසිසේත් පසුබට නොවනා ග්ලාස් තමුන්ගේ ගමන ආරම්භ කරනවා හිමෙන් වැසුන උතුරු වනයේ ෆිට්ස්ජෙරල්ඩ් ගෙන් පලිගැනීම වෙනුවෙන්, අතරමගදී ඉන්දියානුවන්, ප්‍රංශ දඩයම්කරුවන්, පරිසරය එකක් තමුන්ගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් ඔහු ගෙනයන සටන ඇසට කදුලක් එක්කරනවා වගේම, අපෙගේ සිත් සතන් පවා ධෛර්යමත් කිසිමට සමත් වෙනවා. කලිනුත් කිව්වා වගේ මෙය සත්‍ය කතාවක් ඉතින් බලන්නකෝ මේ අමරණිය මිනිසාට තමුන්ගේ අරමුණ ඉටු කරගැනීමට හැකි වේවි  කියලා ? කවුරු ඔහුට උදව් කරාවි ද? මේ ඔක්කොම කුතුහලය රැදුන මිනිත්තු 156 තුල බලාගන්න හැකි වේවි ඔබට.

මේ වගේ සුපිරි ලිපියක් ලියන්න අපේ සයිට් එකේ වෙන කවුරුත් නැහැ. හැමෝම දන්නවනේ මේ ලිපියත් සමීර කරුණාරත්න මලයාගේ තවත් සුපිරි වැඩක්. එහෙනම් තවත් සුපිරි බටහිර පන්නයේ චිත්‍රපටයක් සමඟ හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!

Jurassic World (2015) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ …

Leave a Reply

Your email address will not be published.

97 comments

  1. Thanks Bro❤️

  2. KaviDU lakshan

    බයිස්කෝප් හින්දා තමා සුපිරි ෆිල්ම් ,subtitles එක්ක බලන්න පුලුවන් වෙන්නේ ,එහෙම නැත්තම් බලන ෆිල්ම් එකෙන් වැඩකුත් නැ ,මෙහෙම උපසිරිසි දෙනවට බොහොම ස්තුතියි ,subtitles එකක් හදනවා කියන්නෙත් බොහොම අමාරු කටයුතක් ඒක හැමෝටම කරන්න බැ

  3. sub ekata thank you brother

  4. Thanks Machan…

  5. Meka nam supiri film eka me wge tiyena anith film monwda

  6. සබට බොහොම ස්තූතියි සහෝ

  7. ┊┊┊┊
    ┊┊┊☆
    ┊┊ *
    ┊┊
    ┊☆ °
    *
    Thanks For The Subtitle !!!!!!!!!

  8. Thanks bro..

  9. The revenant 2 eke sub ekath karanna..

  10. Hasantha nam aye kiyawanna deyak ne. tvank you all

  11. thank you….

  12. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .හසන්ත bro

  13. nalin.kumara0510

    Thanks bro good luck.

  14. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි….

  15. avishka_shamil

    thanks bro

  16. Supiri macho

  17. Hasantha, oya niyama film ekakata sub karala thiyenne. apurui. me mama oya sub kala filmswalin beluwa 14 weni eka. trhanks!

  18. කසුන් මධුශංඛ

    සබ් එක ස්තූතියි සහෝ

  19. Nandun Palinda

    pahara……….
    nice…………..

  20. thnx! hoy hoya hitiye! ayeth parak thnx!

  21. Thanks Brother. You have done great job.

  22. thanks bro..!!

  23. Dhanushka Lakmal Arandara

    ස්තුතියි සමිර

  24. Thanks sahoo sub 1ta. supiri movie ekak. jaya wewa!!!

  25. බොහොම ස්තූතියි!

  26. thank you macho..
    onna mamath banna damma
    ela ela jaya wewa…!!!

  27. machan thanks for this ,its great,your doing good job Keep it up bro

  28. thx sahoo

  29. උපසිරසියට බොහොම ස්තූතියි..! හසන්ත අයියේ ඉදිරියත් මේ වගේ ඒවාම දෙමු..!
    බයිස්කෝප් උපසිරැසි අංශයේ සියලු දෙනාටමත් විබපොලට ගොඩ වදින සියලුම දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!

  30. ඔන්න දැන් තමයි හසන්ත අයියේ මේක බලන්නේ .. මෙන්න සබ ගත්තා.. බොහොම ස්තුතියි . ජය වේවා !! 😀

  31. Thnakz mcho update akata

  32. update ekata thanks bro!!!

  33. ගොඩක් දවස් බලන් හිටියා br ප්‍රින්ට් එක එනකම්.ස්තූතී

  34. චින්තක

    Blue Ray එකක් එනකල් බලං හිටියා අද බස් එකේ දි දැක්කා, Blue Ray දාලා කියලා…
    රොම්බ තෑන්ක්ස්.

  35. ස්තූතියි හසා මාමි ජය වේවා…!!!

  36. BR rip awoooo!!!! .please update!!!!

  37. br rip eka awilla please update

  38. BR rip eka awilla bro!!! puluwannam YTS.AG file ekata galapenda dennda Bro….

  39. BR rip eka awilla broo..please update…….sab ekata thankzzz…..

  40. ස්තුතියි

  41. අප්ඩෙඩ්ට් එකට බොහොමත්ම තුති

  42. බ්ලුරේ එනකම් ඉන්නද? බලන්නද?.
    ඉන්නද? බලන්නද?.
    ඉන්නද? බලන්නද?.
    ඉන්නද? බලන්නද?.
    ඉන්නද? බලන්නද?.
    කවුරුහරි බලපු කෙනෙක් කියන්නෝ……………..

  43. Thanks Bro !!!

  44. ජය වේවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ…… සහ අපේ හසන්ත සහෝට.
    තවත් සබ් කරන්න ශක්තිය ධෛර්යය වෙලාව වාසනාව ලැබේවා..

  45. Thankx mcn Brrip aka anakanma inna innawa apu gaman update karanna please

  46. 😀 onna hambuna oscar thanks bn

  47. Thank Bro Good work

  48. 1st Thanx all.

    කොහොමද මේක baiscope link (1.37GB copy) කොපිය download කරන්නෙ.? HD Streaming බම්බුවක් එනවනෙ.

  49. බලන්න කලින් ‘කමන්ටුවක්” දැම්ම…නමුත් බැලුවට පස්සේ හිතුන ආයෙත් කමන්ටුවක්”දාන්න.
    මම කැමතිම නළුවෙක් නිසා..බලන්න කලින්ම මුල් කමන්ට් එක දැම්මේ..
    කාලෙකින් බලපු ඇඟට..දැනෙන ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි..
    රගපාණ්ඩ උනත්..නළුවෙකුට..එවැනි රගපෑමක්..කරන්න පුලුවන්ද කියල හිතෙනවා.
    අද ඉරිදා ”දිවයින” පත්තරේ මේක ගැන පොඩි ලිපියක් තියෙනවා, ‘මීවිත.. අතිරේකයේ,,
    මම දැන් ටිකකට කලින් එකත් කියවල ආවේ..
    ඒ ලිපියෙත් තියෙන්නේ.. ”කීපවතාවක්ම..ඔස්කාර් සම්මාන වලට නිර්දේශ උන, ‘ඩිකැප්රියෝ’ ට
    මේ වතාවෙවත් ‘ඔස්කාර්’ සම්මානයක් ලැබෙයි කියල තමයි කියන්නේ…
    ඒ ලිපියේ තිබුන විදිහට නම්..මේ ෆිලුම වෙනුවෙන් ‘ඩිකැප්රියෝ’,, ඔසකාර් සම්මාන උළෙලට පමණක් දෙවැනි වෙන
    ”ගෝල්ඩන් ග්ලෝබ්” සම්මානය දිනාගෙන තියෙනවා…{2016.01.17. දිවයින ..මීවිත අතිරේකය}
    කොහොම උනත් කියන්න තියෙන්නේ මේක නම් පට්ටම ෆිල්ම් එකක්..කියලයි..
    මේකේ තියෙන පරිසර තත්වයන් යටතේ ,,මේ නළුව.. කොහොම රඟපෑමක්ද කලේ කියල හිතා ගන්ඩ වත් බැහැ…
    ඉතින් මේ වගේ පට්ට ෆිලුමකට ..”සබ්” එක කරපු හසන්ත..සහෝව” කොහොමද දෙවැනි තැනකට දාන්නේ…
    හසන්ත ”සහෝ” ඔබට බොහොමත්ම ස්තුතියි..
    මම පුද්ගලිකව දරන මතයක් තමයි..ෆිල්ම් එකේ වටිනාකම වැඩි නම්, ‘සබ්’ එකේ වටිනාකමත් ඒ’ හා සමානවම වැඩි වෙනවා කියන එක.
    මේ වගේ තව වටිනා ෆිල්ම් එකක් ඇරගෙන එන්න..””””””””””””ඔබට ජය වේවා””””””””’

  50. pattama thama niyama filuma kalekin balapu

  51. බොහොම ස්තූතියි….. නියම වැඩක්…..

  52. Thanks Brother. You have done great job.

  53. Br දෙනකන් ඉන්නව කියල හිතන් හිටියට ඉන්න බෑ සහෝ.ඔන්න එහෙනම් මමත් බාන්න දැම්ම.සබ් වලට බොහොම ස්තුතියි.

  54. බොහොම ස්තුතියි …කාලෙකින් බලපු හොදම සරලුවක්…..ජයෙන් ජය සහෝ…..!!!!!

  55. Thanks……

  56. ෆිලුම බාලා දවස් ගාණක් සබ දානකන් ඉවසන් ඉඳලා, හොරෙන්ම ඉල්ලගෙන ඒ සබ එක්කම බලලා, සෑහෙන දවසකට පස්සේ ආවේ කමෙන්ටුවක් දාලා යන්න. ගිය වසරේ බලපු සිනමා නිර්මාණ වලින් තදින්ම හිත ඇදගත්ත එකම චිත්‍රපටය මේක කියලා තමයි කියන්න තියෙන්නේ. හසාගේ සබක් නොවුනා නම් මේක මඟෑරෙන්න තිබුණා. සමීරගේ ලිපියටත් හසා අයියගේ සබටත් බොහොම ස්තූතියි කියනවා. මේ වසරත් සුපිරි නිර්මාණ වලින් පුරවන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයම වේවා..! එලස්ස්ස්….

  57. බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  58. නිර්මාණි

    බොහොම ස්තූතියි අයියේ උපසිරසියට. ෆිල්ම් එක නම් සුපිරියි කියන්නෙ වචන නෑ කියන්න. බොහොම ස්තූතියි උපසිරසියට. අනිකත් ඉක්මනට ඕන. හෙ හේ

  59. Chanaka Hasitha Naveendra

    patta machan

  60. බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  61. ela Leo ge ekakne aniwa balanawa sub walata tnx

  62. ප්‍රසාද් කන්දමුල්ල

    ”සබ් එකට ” බොහොම ස්තුතියි””සහෝ…..

  63. patta sahoo!!!!!thanks sub ekta

  64. oya denne supiri films.thanks aiya

  65. මේක නම් අනිවා බලන්නම ඕන ෆිල්ම් එකක්,
    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා…!!!

  66. Saman Prasad [පූසා]

    අඩේ මේ වගේ ෆිලුමක් මෙහෙම බලලා වැඩක් නෑ අඩේ…
    ඉවසගෙන ඉඳලා කට්ට කාගෙන ඉඳලා Br ආපු ගමන් බලලා දානවා…
    අර කියන්නා වගේ මේ දවස් වල නෙට් එකේ කතා වෙන්නේ ලියෝගේ ඔස්කා ගැන තමා…
    මේ පාරවත් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…
    මට මේ මතක් වෙන්නෙ එක මහත් මහත්මයෙක් මේ ෆිලුම බලලා බුකියේ ග්රූප් එක්ක දාලා තිබ්බ එක වචනයක්…
    හෙහ්… ඒක දැක්කම ඉතින් මට හිතුනේ ඒ මහත්තයට මොකක් හරි ලෙඩක් ඇති කියලා… 😀
    එහෙනම් සමීරගේ ලිපියටත් තුති කියන ගමන් හසා අයියටත් සබ් එකට තුති පුදනවා…
    ජය වේවා එහෙනම්…
    තවත් සබ් එකකින් හමුවෙමුකො චොකොලට් මාමේ… 😛

  67. තැන්ක්ස්……..

  68. Patta film ekak. Thanx machan.

  69. නිරෝෂ්

    බොහොමත්ම ස්තුතියි හසන්ත සහෝ ! ජයෙන් ජයම වේවා !

  70. ආසිරි ප්‍රියන්ත

    සුපිරිම සුපිරි ෆිල්ම් එකක් කාලෙකින් සුපිරිම සුපිරි උපසර්සසි කරුවෙකුගෙන් කාලෙකින්.
    ෆිල්ම් ඒකනම් කියලම වැඩක් නෑ.
    එකදිගට පැය දෙකහමාරක් ෆිල්ම් එකක් බලනවයි කියන්නේ මටනම් අමාරු දෙයක් නෙවි, කරන්නම බැරි දෙයක්.
    ඒත් මේක ඒක හුස්මට බැලුවා.
    කියෝ ගේ අක්ටින්ග් නම් කියලම වැඩක් නෑ..
    මෙන්න ගති ෆිල්ම්..අනිවා ඔස්කා එකක් සුදුසුයි මේ පාරනම් පොරට.
    හැමෝම බලන්න, සුපිරිම ෆිල්ම් එකක්.
    ජය වේවා!!

  71. maxxa sahooo…sub 1 thnksss..

  72. patta saho…enakan hitiye

  73. ස්තුතියි සමිර

  74. බොහොම තුති සහෝ සබ් එකට.සුපිරි ෆිලුමක්.br රිප් එකක් එනකම් බලන් ඉන්න බැරි නිසාම බාන්න දැම්මා.අනික අපේ හේවා ලුනුවිලගේ අය්යා කිව්වා වීඩියෝ කොලිටියත් අවුලක් නැහැ කියලා.නැවත වතාවක් සබ් එකට තුති සහෝ….බුදුසරණය්!!!

  75. Kulanjana Maduranga

    patta filumak…aniwa bamak thama…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
    SAMEERA sahotath thanks supiri lipiyak dunnata……….

  76. සබට බොහොම ස්තුතියි හසෝ
    සමීර සුපිරි ලිපිය මචං
    උබේ ලිපි සුපිරි කොරයි දැන් නම්
    උබ ඔය කියල තියන කැමරා කෝණ ටික තියන සීන් තියෙන්නෙ පැයක් විතර ගියාට පස්සෙනම් මටත් උබට වගේම ඒ ටික ක්ලික් වෙලා 😀
    කතාවක් නැතුව ඕනෑම කෙනෙක්ට බලන්න ගන්න කියන්න පුළුවන් ෆිල්ම් එකක්
    කොපියත් එළමයි
    ෆිල්ම් බලන කෙනෙක් බැලිය යුතුම ෆිල්ම් එකක්
    ඒ වගේම ලියෝ අයියට ඔස්කා ලැබිය යුතුමයි මෙ පාරනම්
    වැඩකුත් නෑ නැත්නම්

  77. thanks lot saho!!! hateful eight 1kt puluwnm sub 1k denna .. JAYA WEWA!!!

  78. නලින්

    ස්තුතියි සමිර සුපිරි ලිපියටත් සබ වෙනුවෙන් හසන්ත අයියටත්..

    මේවගේ සුපිරිම කථාවක් සුපිරි කොලිටියෙන්ම බලන්න එපැයි..

    ජය වේවා!

  79. රවිඳු තේනබදු

    ආයෙ කතාවක් නෑ… අනිව බෑමක් තමා… ස්තූතියි සබට…

  80. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් හසා අයියා!
    ජය!!!!!!

  81. Tharusha Dinujaya

    Thanxxxx aiya….,,,,,

  82. Nishadi Wickrama

    tnx

  83. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  84. නියමයි සහෝ කාලෙකට පස්සේ සුපිරිම ෆිලුමක් නොවෑ
    ගෙනල්ලා තියෙන්නේ.මේකේ br එනකම්ම ඉන්නවා..
    උපසිරසියට ස්තුතියි ඔබට ජය.

  85. දෙනකම් බලන් හිටියේ… ඉඩක් ලැබුනු හැටියෙම බලනවා

  86. ela ela hasantha ayya. oya denawa nam super ekak thama, , , ehenam onna mama 01. . . jaya wewa

error: Alert: Content is protected !!