Friday , May 29 2020
Breaking News

The X Files [S04 : E05] Sinhala Subtitles | පෙර භවයේ අපි කවුරුන්ද..? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 15 votes.
Please wait...

කොහොමද කට්ටියට ඉතින්..අදත් ඔන්න X Files කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා..අද ගෙනාවේ හතරවෙනි කතා සමයේ පස් වෙනි කොටස. අද කතාවට IMDB දර්ශකය විසින් 7 ක අගයක් ලබා දීලා තියෙනවා. මේක තමා මම අරගෙන එන අවසාන එක්ස් ෆයිල්ස් කතාංගය.

කතාව ගැන ටිකක් කියනවානම්,දැඩි ආගම් භක්තිකයෙක් පාලනය කරන දේවස්ථානයක් ගැන තමයි අද කතාවේ තියෙන්නේ.මෙයා ඔහුගේ දේවස්ථානයේ සාමජිකයින්ව, සිය මතවාද වලට දැඩි ලෙස නම්මගෙනයි ඉන්නේ. ඉතින් දවසක් මේ දේවස්ථානයේ හිටපු කෙනෙක්, ජාතික මත්ද්‍රව්‍ය, දුම්කොල සහ ගිනිඅවි නිවාරණ ඒකකයට දුරකතන ඇමතුමක් අරගෙන කියනවා, එම දේවස්ථානය තුළ ගිනිඅවි විශාල තොගයක් සඟවලා තියෙනවා කියලා සහ දේවස්ථානය තුළ ළමයින්ට හිරිහැර සිදුවෙනවා කියලා..ඉතින් එෆ්.බී.අයි එක මේකට මැදිහත් වෙලා ඒ දේවස්ථානය වැටලීම සිදුකරනවා..නමුත් ඔවුන්ට ආයුධ හොයාගන්න බැරි වෙනවා..නමුත් මෝල්ඩර් ඒ දේවස්ථාන භූමියේ තිබෙන බංකරයක් හොයාගන්නවා. ඒ බංකරය ඇතුලේ, අර දේවස්ථානයේ ප්‍රධානිය සහා එයාගේ බිරින්දෑවරු වස පානය කිරීමට සැරසෙමින් ඉන්න කොට මෝල්ඩර් එයාලව නවත්තනවා..එම එක් බිරිඳක් බහු පෞරුෂත්ව රෝගයෙන් පෙලෙන කෙනෙක් .( Identity,Split වගේ ෆිල්ම් බලල තියෙන අය මේ ගැන දන්නවා ඇති ) ඉතින් මෙයාගේ එක් පෞරුෂයක් තමයි අර කෝල් එක අරන් තියෙන්නේ..ඉතින් මෝල්ඩර් සහ ස්කලී මෙයාලා අවි හංගලා තියෙන තැන ගැන හරියටම දැනගන්න ඒ කාන්තාවව මෝහනය කරනවා… එතකොට එයාලා දැනගන්නවා. මෙයාගේ පසුගිය ආත්ම වල, මේ කාන්තාව, මෝල්ඩර් සහ ස්කලී, එකිනෙකට ලඟින් සම්බන්ධ කට්ටිය කියලා.. හරි මෙතනින් මම කතාව නවත්තන්නම්. ඊලඟට මොකද වෙන්නේ කියලා දැනගන්න කථාව බලන්නම වෙනවා.

එහෙමනම් කට්ටියට කථාව බලන්න කියලා ආරාධනා කරනවා.. වරුණ විනෝද් සහෝ ඉතුරු ටික අරගෙන ඒවි!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Better Call Saul [S03 : E09] Sinhala Subtitles | මොළෙන් ගහන ගැටයක්! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ නමවෙනි කොටස. තව එක කොටසකින් …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. tnx sahoo

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Thank’s for Sub…!

  4. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතී .

  5. බොහොම ස්තූතියි

  6. ravin rishmantha

    elmaaaaaaaaa bokka adarei

  7. Udara Damith Dissanayaka

    නියමයි
    ඊලග කොටහෙන් හම්බවෙමු

  8. Prime One Million

    x files download karanna site 1k dennako.plz

  9. sandamal rajapaksha

    tnq sub 1 broo..

  10. Digtma krgna ynddd

  11. Elllm brooo

  12. Gayani_Prasadika

    The X-files download karanna puluwan site 1k hari link 1k hari dennako plz.

  13. thanxx bro ohoma yamu…… jayawewaa……..

  14. thanks bro!!! keep it up

  15. thanks bro…….

  16. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

error: Alert: Content is protected !!