You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

Theeb (2014) Sinhala Subtitles | වෘකයා [සිංහල උපසිරැසි]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

ඔන්න යාලුවනේ බයිස්කෝප් වෙබ් අඩවියට මගේ පලවෙනි ෆිලුම එකතු කරන්නයි යන්නෙ.ටික කාලෙක ඉදල හිතේ තිබ්බ අදහසක් try කරල බැලුවා. වැඩේ සුපිරි. මගේ පලවෙනි ෆිල්ම් එක හින්දා ටිකක් වෙනස් භාෂාවක ෆිල්ම් 1ක් ඇඩ් කරන්න හිතුවා. බයිස්කෝප් වෙබ් අඩවියෙත් ගොඩක් තියෙන්නේ South Indian, Hindi, English ෆිල්ම්. හොයලා බලද්දි අරාබි භාෂාවෙන් තියෙන්නේ ෆිල්ම් සුලු ප්‍රමානයක් හින්දා මම හිතුවා අරාබි භාෂාවෙන් තියෙන ෆිල්ම් එකකට සිංහල සබ් ඇඩ් කරන්න.

ෆිල්ම් එක පැත්තට හැරුනොත් මේක සාර්ථක ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. Drama/ Adventure කියන catogory එක යටතේ IMDb Rate එක 7.2ක් වනි ඉහල අගයක් ගන්නා අතර Rotten Tomatoes අගය 97% ක්ද Google users අගය 86% ක්ද වේ. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් පැය 1 විනාඩි 40ක් පුරාවටම මෙහි තීබ් නම් වු ගෝත්‍රික ලමයෙක් වටා ගෙතෙන කතවකි. තීබ් ඔටෝමාන් අදධිරාජ්‍යයේ දුශ්කර ප්‍රදේශයක තම පිරිස සමග ජීවත් වෙයි.දවසක් ඔහුට හා ඔහුගෙ සහෝදරයාට බ්‍රිතාන්‍ය නිලධාරියෙක් කාන්තාරය හරහා ගෙනයාමට සිදුවේ. එසේ යන ගමනේඩදී ඔවුනට සිදුවන සිදුවීම් මෙහි අන්තර්ගත වේ. ඉතින්, වැඩි යමක් කිව්වොත් එහි අගයක් නොමැති නිසා කට්ටියටම ෆිල්ම් එක බලන්ඩ ආරාධනා කරනවා.

මෙම ෆිල්ම් එක සම්මාන හා නිර්ශදේශ කිරීම් කිහිපයකට ලක්වී ඇත.
Orizzonti Award for best director(2014)
BAFTA reward for outstanding Debut by a British Producer
Director or Producer(2016)
Horizons of New Arab Cinema Special Jury Award(2014)
BAFTA Award for Best Foreign Language Film(2016)
Academy Award for Best International Feature Film(2016)
Hellenic Film Academy Award for Best Foreign Language Film(2017).

මෙහි මුල්ම දර්ශනය 2015 මාර්තු 19 දින දීය . මෙහි අධ්‍යක්ෂකවරයාගේ නම ‘Naji Abu Nowar’වේ. අවසාන වශයෙන් මාව බයිස්කෝප් අඩවියට සම්බන්ධ කරගත් “සිසිල” සහෝට ස්තූති වන අතර නන් අයුරින් සහයෝගය දුන් සැමට ස්තූති වන අතර මෙය මගේ පලවෙනි ෆිලුම නිසා මගේ පුලුවන් උපරිමයෙන් සබට සාධාරණයක් කිරීමට උත්සහ කලෙමි. ඉතින් යාලුවනේ ෆිල්ම් එක බලන්න ඔබට ආරාධනා කරමි. ඔබට ජයෙන් ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Check Also

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. රොෂාන් ශමීර

    පළවෙනි උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්…
    ~ ජය වේවා ~

  3. sub eka sinhlanema pennenna wena mokkda

  4. හිරාන් ශාරංග

    පළමු උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්….!
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා….!

  5. thansks bro….

  6. congratulation Nilupul.welcome to our group

  7. isuru srinath sjs

    පලවෙනි සිංහල උපසිරැසි නිර්මාණයටත් හදවතින්ම සුබ පතනවා.. ජය!!

  8. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට !!

  9. Thankzzzzzzzz

  10. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!!

  12. Rusith Dileepa

    Thank you very much for the sub. ❤️️

  13. පලවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්

  14. පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් නිලුපුල්!
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
    දිගටම උපසිරසකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා පතනවා!
    ජය… 😀

error: Alert: Content is protected !!