Thursday , August 5 2021
Breaking News

Yaara (2020) Sinhala Subtitles | චතුරංග කල්ලිය… [සිංහල උපසිරැසි]

Rating: 7.9/10. From 21 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප්වාසි සියලුම සහෝදර සහෝදරින් හට. ටික කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන එන්නයි මේ සූදානම. මේක ඇවිල්ල හුඟ දවසක් වෙනවා. පිටපත් නිකුත් වෙලා සතියකටත් වැඩියි. නමුත් උපසිරැසි කරලා අරගෙන එන්න මෙච්චර පරක්කු උනාට සමාවෙන්න කියල මුලින්ම ඉල්ලා හිටිනවා. අධ්‍යාපන කටයුතු අල්ලපනල්ලේ මැතිවරණය නිසා ලැබුණු නිවාඩු සමයෙන් තමයි වැඩේ ඉවරයක් කරගත්තේ. ඉතින් එහෙනං මෙසේ ඔබට බාර කරනවා.

Yaara චිත්‍රපටිය Zee5 හරහා ලොවපුරා ප්‍රේක්ෂකයින් හට නැරඹීමට දොරටු විවර වෙන්නේ පහුගිය 30 වෙනිදා පටන්. මේක ගොඩනැගිලා තියෙන්නේ යාළුවො කැලක් එක්ක යන කතාවක් සමගින්. සාමාන්‍යයෙන් ඉන්දිය සිනමාවේ යාළුකම සහ යාළුවො/බොක්කවල් පදනම් කරගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපටි ඉන්දියානු සිනමාවේ ලොකු සන්ධිස්ථානයන් පසු කරන්නට සමත් වූවා. මහත් ප්‍රේක්ෂක ජනාදරයට පත් වුවා. Dil Chatha hai, 3 Idiots, Kai Po Che, Zindigi Na Milega Dobara වැනි චිත්‍රපට ඊට උදාහරණයන්. ඒ හැම එකකම යාළුවො තුන් දෙනෙක් වටා ගෙතුණු කතාවක් තමයි තිබුනේ. නමුත් යාරා චිත්‍රපටය යාළුවො හතර දෙනෙක් මත ගොඩ නැගුනු කතාවක්. ඒ වගේම අර තරම්ම සුපිරි මට්ටමක තියෙනවා කියල මම කියන්නේ නැහැ. ඒවගේ තරම්ම ලොකු ෆෑන් බේස් එකක් හැදුනෙත් නැහැ. මම ඒ චිත්‍රපටිත් සඳහන් කලේ යාළුකම් තියෙන පරිසරය සමග තැනුණු චිත්‍රපටි වලට උදාහරණ විදිහට.

Yaara චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Tigmanshu Dhulia විසින්. රංගනයේ යෙදෙන්නේ ඔබ කවුරුත් දන්න කමාන්ඩෝ චිත්‍රපටයේ රංගනයේ දායක වූ අතිදක්ෂ නළු විද්‍යුත් ජම්වාල් ( Vidyut Jammwal) සහ සුරුපී සෘති හසන් විසින්. සෘති යලි සිනමාවට ආගමනය වෙන්නේ පොඩි නිහැඬියාවකට පසුව මෙම චිත්‍රපටයෙන් වීම විශේෂත්වයක්. එමෙන්ම විද්‍යුත්ට අමතරව Amit Sadh, Vijay Varma, Kenny Basumatary, ඇතුළු නළු නිළියන් කීපදෙනෙක්ම මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය A Gang Story (2011) කියන ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහටයි සඳහන් වෙලා තියෙන්නේ. India–Nepal දේශ සීමාවේ හතරදෙනෙකුගේ කල්ලියක නැගී සිටීමක් සහ කඩා වැටීමක් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ.

එහෙනං චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා. උපසිරැසි ගෙනෙන්න ප්‍රමාද උනාට යලිත් සමාව ඉල්ලා සිටින ගමන්ම යලිත් ඉක්මණින්ම මෙවන් චිත්‍රපටයක් සමග ඔබ හමුවන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. එතෙක් දිගටම අප සමග රැඳී සිටින්න. ජයෙන් ජය!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Hindi True Web DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Batman: The Long Halloween Part Two (2021) Sinhala Subtitles | දිගු හැලෝවීනය කෙසේ අවසන් වෙයිද? [සිංහල උපසිරසි]

කොහොමද, යාලුවනේ? මෙන්න එහෙනම් DC ෆෑන්ස්ලා එනකන් බලන් හිටිය චිත්‍රපටය අරගෙන ආවා. DCEU එක කෙසේ …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Thank you.. keep it up good work.. 🙂

  2. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තාරක සහෝදරයාට මේ ෆිලිම් 1ට උපසිරැසි නිර්මාණය කළාට..ජයවේවා !!

  3. ස්තුතියි

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Shane de Silva

    Thanks a lot for the subtitle. Keep it up the good work.

  6. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  7. thanks bro

  8. Thiwanka witharana

    Thanks bokka

  9. Thank You …

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Sub ekata thanx

  12. සබට තුති වේවා…
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

  13. Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

  14. Good work friend, Thanks for the sub!

  15. thanks..

  16. සබට තෑන්ක්ස් සහෝ…හැබැයි trailer එක බලල බලාපොරොත්තු උන තරම් කතාවක් නම් නෙමේ බලන්න උනේ ගොබ්බ කතාවක්.3 idiots වගේ එකක් ළඟින්වත් තියන්න බෑ මේ මගුලට.වෙලාවයි ඩේටා ටිකයි දෙකම අපතෙ…

  17. thanks bro

  18. isuru srinath sjs

    උපසිරැසියට ස්තුතියි මචෝ!

  19. Podi udawwak widihata me sub ekt galapena film eka download krganna puluwn link ekakuth site ekt ekathu kranna puluwanda ?

  20. Thanks jayawewa…..!

  21. සබට බොහොම ස්තූතියි සහෝ…
    විද්‍යුත් ජම්වාල් නම් අනිවා බලනවා..
    එළම…

  22. bohoma sthuthi …

  23. chamindu lakshitha

    Thanks bro…❤❤❤..#SHAKUNTALADEVI #RAAT_AKELI_HAI ෆිල්ම් වලටත් සබ් දෙන්නකො ඉක්මනින්..

error: Alert: Content is protected !!