Home / All / Bates Motel (2013) [ S01 – E01] | අලුත් ආරම්භයක් උදෙසා..[සිංහල උපසිරැසි සමඟ]

Bates Motel (2013) [ S01 – E01] | අලුත් ආරම්භයක් උදෙසා..[සිංහල උපසිරැසි සමඟ]

BATES MOTEL

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාව අගාධයට යන සමයක අන්තර්ජාලය බහුල වීම නිසා බොහෝ දෙනා විදේශීය ටෙලි නාට්‍ය නැරඹීමට පටන් ගත්තා. බයිස්කෝප් ටෙලි නාලිකාවක් ලෙස ඔවුන් පිහිට වීමට 2012 වර්ෂයේ ජූලි මාසෙ 27 වැනිදා අන්තර්ජාල සිංහල උපසිරැසකරණයට තවත් වැදගත් දවසක් උදා කරන්න සමත් වුනා. ඒ ටෙලි කතා මාලාවකට පළමුව උපසිරැස නිකුත් කිරීම ආරම්භ කල දිනය නිසාවෙන් බව අමුතුවෙන් කියන්න ඕනෙ කරන්නෙ නැහැ මම හිතන්නෙ බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට. ත්‍රෝන් වරුන්ගේ ක්‍රීඩාවෙන් ආරම්භය ගත් අපි ඉන්පසු විප්ලවයක් කරා ගමන් කලා. ඒ ගමන අතර මගදී ඇවටාර මුණ ගැසුන මුදු අපට සිරගත වීමට සිදු වුනේ නොසිතූ අයුරින්, සිර ගෙය බිඳගෙන සහෝදරත්වයේ බැදීම වෙනුවෙන් ගමන් කල අපි අලුත් ආරම්භයක් තිලින වාසභූමිය රැකගෙන ඩයිනෝසරයන් පිළිබඳ සෙවීමට ෂර්ලොක් හොම්ස් යොදවා පැසිෆික් වෙත ගමන් කරා. නැවතත් ඇවටාර් තවත් කාණ්ඩයක් සමග රෝමයෙ හෙල්ලූ අපි වයිකිංග් වරුන් සමග ලුහුබැඳ යාම ඇරඹුවා. අවසානයේ දින අටකින් කීතු කරන්නන්ගේ පාරට වැටුන අපගේ අරමුණ අද දින සිට ඔබට නවාතැන්පොළක් ලබාදීමටයි…

Bates Motel මගේ අනුමානය හැටියට නම් මේ නම අපේ ප්‍රේක්ෂකයනට අලුත් නමක් නෙමෙයි. IMDb අනගි 250 තුල 29 වැනි තැන තියන Psycho (1960) චිත්‍රපටයේ ඝාතකයාගේ වාස භූමියයි, ලොව එතෙක් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම සිනමා කරුවන් අතර තමාගේ නම් අමරණීය කීරීමට සමත් වූ ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක් ගේ අධ්‍යක්ෂණයක් වූ එය අදටත් විචාරක කතාබහට පත්වූ සිනමා පටයක්. එහි එන නම් ගම් පදනම් කොටගෙන අද ලෝකයට ගැලපෙන් ආකාරයට විශාල වෙනස් කම් රැසක්ද සමග Bates Motel ටෙලි නාට්‍යක් ලෙස 2013 මාර්තු මස 18 වැනිදා A&E ලොවට ගෙන එන්නෙ Anthony Cipriano නිර්මාණ කාර්‍යයක් ලෙස. මෙහි Vera Farmiga, Freddie Highmore, Nicola Peltz, Jenna Romanin අදී නළු නිළියන් රැසක් තම රංගන දායකත්වය ලබා දෙනවා. විකාශය වූ මුල් දිනයේම මිලියන් 4.6කගේ කාලය සොරාගෙන වාර්තාවක් පිහිටුවන්න තරම් මෙම Mystery | Thriller ටෙලි නාට්‍ය හපන්කම් පාල තියෙනව මේ වෙනකොට IMDb දර්ශකයේ මනාපය 7.8 (කොටස් දෙකක් විකාශය වී අවසාන වන විට).

ගොඩක් දේවල් කිව්ව දැන් අපේ කතාව පැත්තට හැරෙමු…….

නෝමන් කියන්නෙ අවුරුදු 17 කොලු ගැටයෙක්. අනතුරකින් නෝමන්ගේ පියා මිය යනව. හදීසි අනතුරක් ද, මිනී මැරුමක්ද? ඒක ඉස්සරහට සැක හැර දැනගන්න හැකිවේවි. නෝමන්ගේ මව නෝමා තමන්ගේ පුතනුවන් එක්ක යනව ටිකක් දුර පලාතකට ගෙයක් නවාතැන්පොළක් එක්කම මිලදීගෙන… මේ නගරෙත් ටිකක් අමුතුයි. බොහොම කුතුහලය දනවනව. ඒක ඔයාලට ඉදිරියේදි පෙනෙයි. නෝමන් ප්‍රදේශයේ පාසලට ඇතුලු වෙනව, ඉතාම වේගයෙන් තරුණ කෙල්ලො ටිකක් නෝමන් එක්ක යහළුවෙනව. ඉතින් දවසක් රෑ නෝමන්ට එයාල අඩගහනව පාඩම් කරන්න යන්න. නෝම එපා කියනව. කොහොම නමුත් කොලුකමට මිනිහ ජනේලෙන් පැනල යනව කෙල්ලො එක්ක. 😀 මොන පාඩම්ද කොල්ල රැවටෙනව…. මේ අතර වාරයෙ කෙනෙක් පොඩි සෙල්ලමක් පෙන්වනව. නෝමන්ගෙ අලුත් ගෙදර නෝමන් වෙලාවට එනව. නමුත් අම්ම ඉස්සර වෙනව. කොහොම නමුත්… නෝමාට කුමක් සිදුවේද? ඇය ඊට පිළිතුරු ලෙස කුමක් කරයි ද? ඒ සියල්ල ඔබට බලාගන්න ඇහැකි. ඉවර නෑ… ඕන් ඒක හංගන්න එපැයි මේ අතරෙ පොලීසියත් එනව… මල ජංජාලයයි කොහොම හරි නෝමන්ට මේ කතාවෙ ඉදිරියේදි ඕනෙ වෙන පොඩි පොතකුත් ලැබෙනව. ඒ ඔක්කොම ඔයාල බලා ගන්න. මම යනව ලබන ඉරිදත් දෙවෙනි කොටස එක්ක හමුවෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් කිව්ව එහෙනම්…!  කමෙන්ට් එකක් දාල යන්න හොඳේ…!

7efd2e12ec4a77d3dac632617200be0ad05e08aa
14814f79b3c82550bea0e534d540b7317403d44f
eed11879cf45d4609327bedfff4a5b3958409fc5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                                                         Next Episode >>

Check Also

Good Kill 2015

Good Kill (2015) With Sinhala Subtitle| ත්‍රස්තවාදී දඩයම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක 2014 ආවත් හරියන eng සබ් එකක් ...

Leave a Reply

90 Comments on "Bates Motel (2013) [ S01 – E01] | අලුත් ආරම්භයක් උදෙසා..[සිංහල උපසිරැසි සමඟ]"


Guest
Utte
8 months 16 days ago

aiya, mama me season eke collection ekak download kara.. enisa mata subtitiles tikath eka sare ganna puluwan link ekak nadda? .. ekin eka download karanna giyama epa wenawa 😀

Guest
dulan manjula
9 months 10 days ago

sub filis wedakarannene kmp player eke 389MB ,188 Mb wala poddak hoyala balanna.thanks

Guest
dinesh rukmal
9 months 19 days ago

niyamai broo jayawewa obeta!

Guest

ඔන්න ගත්ත සමීර සහෝ…. නියමයි නියමයි සහෝ…. පට්ට අහ… උපසිරසියට තුති….

Guest
punsara
1 year 1 month ago

tnx ayya season 2 ekat one elaaa